ගිනියම් වූ අනියම් පෙම නිසා මැරුනු මනුස්සයගෙ සැරිසැරූ ආත්මෙ


























ඉතින් එහෙනම් පටන් ගම්මු...මේ සිද්ධිය උනේ දැනට වසර 3කට වගේ නුදුරු කාලෙදි...ප්‍රදේශය ගල්කිස්ස...එක පවුලක් ජීවත් උනා...දුවයි අම්මයි තාත්තයි...තමා මේ පොඩි පවුලෙ හිටියෙ....ගෙදර ආර්තික ප්‍රශ්න නිසා දුවව මහත්තයගෙ අම්මලට භාර දීල තිබුනා...ඒ කියන්නෙ දූගෙ තාත්තගෙ අම්ම ලග...මේ ගෙදර තාත්තා වැඩ කලේ හමුදාවෙ...එතකොට අම්මනම් ගෙදරමයි...ඔහොම කාලෙ ගෙවිල ගියා...මහත්තයා ගෙදර එන්නෙ මාස ගානකට සැරයක් වෙද්දි මේ නෝනට අනියම් සම්බන්දයක් ඇති උනා...ඒ මහත්තය්ගෙම යාලුවෙක් එක්ක...පුදුමෙ කියන්නෙ මහත්තය දැනන් හිටිය මේ ගැන...මහත්තය නිවාඩු ආවට පස්සෙ ඔහු යාලුවගෙ බිරිද එක්ක අනියම් සම්බන්දයක් පටන් ගත්තා...හරියටම කිව්වොත් සහජීනවනෙන් පවිල් කෑවා අනියම් පෙමත් එක්ක මේ පවුල් දෙක......

මිනිහ ගෙදර ඉද්දි වෙන මිනිස්සු ගෙදර එන්න ගත්තා..මේව ටික ටික සාමාන්‍ය දේවල් වගේ උනා...ඒත් තත්වෙ දරුනු උනා ප්‍රශ්නත් එක්ක මේ ගෙදර සැමිය බොන්න පුරුදු උනා..ඒ වගේම බීමත්ව ගෙදර ඇවිත් බිරිදට තඩිබාන්නත් අමතක කලේ නෑ...(සම්ප්‍රදායට ඒම වෙනාලුනෙ)දවසක් මෙහෙම රන්ඩු කරද්දි බිරිදගෙ අනියම් සැමියා ගෙදරට ආවා...තවත් සගයො 4-5ක් එක්ක...ගෝරිය නවත්තපු යාලුවො ටික මහත්තයව පාරට ඇදන් ආවෙ "මචන්,ප්‍රශ්න දාගන්න එපා බන් යමන් තව අඩියක් ගහල එමු ඕව හරි යයි කියල"...ඒත් උනේ වෙන දෙයක්...කොහිල වලක් ලගදි යාලුවන්ගෙ අතින් මේ මහත්තය්ගෙ ඔලු කටු කුඩු උනා...පොලු වලින් ගහලා මරපු මේ මනුස්සයගෙ මිනිය යාලුවො ටික කොහිල වලේ අස්සක හන්ගල යන්න ගියා....

දැනුයි සිද්ධිය පටන් ගන්නෙ...මේක උනේ රෑ 11.30ට් විතර...හරියටම 12.10ට මහත්තයගෙ අම්මගෙ ගෙදර ගේට්ටුව කවුදෝ තදින් හොල්ලමින් කෑ ගහනව අම්ම්ගේ අම්මේ කියලා...අම්ම නැගිටලා එලියට ගිහින් බලනව කවුරුත් පේන්න නෑ...ගේට්ටුව ලග යමක් දිලිසෙමින් තිබ්බත් අම්මට ඒ ගැන අවදානයක් තිබ්බෙ නැ. අම්ම් නිදිමරගාතෙ ගෙට යනවා...ගිහින් නානකාමරේට යන්නෙ ශරීරි කෘත්‍යක් කරන්න.එක පාරට වහලෙ දිගේ මොකෙක්ද දුවනව...ඈත ඉදන් දුවගෙන ඇවිත් නානකාමරේ ශීට් වහලෙට ඩහ් ගාලා පයින ඌ ලොකු සතෙක්ම වෙන්න ඕනෙ...අම්ම බලන් ඉන්නව වහලෙ දිහා දෙගිඩියාවෙන්...එක පාරටම වෙන්නෙ හිතපු නැති දෙයක්...වා කවුලුවෙන් ලේ පාරක් පහලට ගලාගෙන එනව...අම්ම සිහි නැතුව වැටෙනව එතනින් ඒ කොටස ඉවරයි....දැන් උදේ දූ ස්කෝලෙ යන්න ලෑස්ති වෙලා සුදු ඇදුම හොයද්දි ගව්ම ඉරල දාලා හරි මැදින්...එක පලුවක් විතරක් කාමරේ තිබිල හම්බෙනව....කොහොම හරි කෙල්ලට ස්කෝලෙ යන්නත් බෑ...උදේ ගේට්ටුව ලග බලද්දි එතනත් තිබුනෙ පස් වලට උරපු ලේ පාරක්....දවස් දෙක තුනක් ගෙවිල යනවා...කොහිල වල ලගින් යන මිනිහෙක්ට කුනු ගද දැනිල බලද්දි මිනිය හම්බෙනව...දැනුයි තහවුරු වෙන්නෙ හැමදේම...සිද්ධිය විමර්ශනය කරන්නෙ ගල්කිස්ස පොලිසියෙන්...මිනිය ලග සුදු රෙදි කෑල්ලක් තියෙනව...තහවුරු වෙනව ඒ දූගෙ ගව්මෙ අනිත් පලුව....ඒ වගේම නාන කාමරේ තිබුනු ලේ සහ මිනියෙ ලේ අතර සම්බන්දයක් තිබේද බලන්න පරීක්ශා කරන්න යවනව...

පුදුමයකි....ලේ සමානයි....මේ සිද්ධිය පොලිසියටත් පුදුමයක්...මරනෙට අදාල යාලුවො අහු වෙනව ඒ වගේම නෝනත් සිය කැමැත්තෙන්ම භාර වෙනව පොලිසියට....හොර මිනිහත් එක්කම....ඉතින් මේ සිද්දිය තහවුරු වෙනව මැරුනු මනුස්සයගෙ ආත්මෙ හෝ මොනයම් දෙයක් සැරිසැරූ බව....




No comments:

Powered by Blogger.