හොල්මන් ගේ ලග මිත්‍ර ද්‍රෝහියා ලද භීතිය























යකෝ තෝ මගේ ගෙදර මගේ ගෑනි එක්ක..
.
තොපි දෙන්නම පලයන් මරනව තොපි දෙන්නම ...

මගේ කටේ ශබ්දෙට අකිලය ජනේලෙන් පැනල දිවුවා.. දිනූශිව ලගට අරන් කන පැලෙන්න ගහල ඒකිව ගෙදරින් එලෙවුවේ හිතේ තියෙන දුකටමයි...

කරුමක්කාර දවසක තරම පෙන්වමින් මෙතෙක් වේලා පැවති වැස්ස පහව ගියේ කෙසේ හෝ මට නිවසට
යාමට තිබූ අවසාන බස් රතයද මග හරවමිනි.. අපේ ගමට ඇත්තේ එකම එක බස් රථයක් වන අතර එය ගම්පහ නගරයෙන් රාත්‍රී 6.50ට අවසන් වාරය ගමන් ගනී...

මෙදින් තිබූ වැසි ගතිය නිසා කුඩයක් නැති බැවින් මට බසය වෙත ගමන් කිරීමට ක්‍රමයක් නැතිව කඩේකට වී සිට.. වැස්ස පැයූ පසු හනික දිව ගියද මා පෙනි පෙනිම බසය නොපෙනී යන්නට විය...

නිවසට ඇති 5km පමණ දුර මට යාමට වන්නේ පාද යාත්‍රාවේ බව වටහාගත්තෙන් හනික පිට වූයේ ඉක්මන් ගමනින් නිවසට ලගා වීමටය... මෙම නිවසට පැමින තවම සතියක් හෝ ගතවී නැති බැවින් රාත්‍රියෙ පර සොයාගත හැකිවේදැයි යන සැකයද මට උපදින්නට විය...

නිවසට යන පාර දිගේ 2KM පමන ගියද මා පසු කර ගියේ වාහන කිහිපයක් පමනි...

කෙමෙන් වැහි පොද වැටීමක්ද ඇරබී ඇති අතර ඇගට දැනුන සීතලද සුලුපටු නොවීය...

මෙතෙක් වේලා මා වෙලා ගත් තනිකම නැතිකරමින් මා දුටුවේ පොල් වතු දෙක මැද්දේ තනා ඇති අම්බලම තුලට වී වැස්සෙන් ආරක්ශා වන පුදගලයෙකි.. ඉතා ප්‍රියමනාප තැනැත්තෙක් වූ ඔහු මා හා හිනා විය...

වැස්ස වැඩි බැවින් මමද ඔහු අස්ලට ගොස් එහි සිට ගත්තේ වැස්සෙන් ආරක්ශා වීමට වඩා මගේ බෑගයේ ඇති DOCUMENTS ටික ආරක්ශා කරගැනීමටය...

කතාවකට මුල පුරමින් ආගන්තුකයෙකු දෙස බලනා ලෙසින් මා දෙස බැලූ ඔහු සිනා සී විමසූයේ..

මල්ලි කොහෙද යන්නේ මේ මහ රෑ.. උබ මෙහේ එකෙක්නම් වෙන්න බෑ මොකද මේ ගම්ම මන් දන්නව..

ආහ් ඔව් අයියේ මම මේ ගිය සතියේ මේ ගමට ආවේ.. ඇයි අයියේ මේ පැත්ත මෙච්චර පාලු ..

ආහ් දන්නෙ නැද්ද මල්ලි මේ මේ පාරෙ හොල්මනක් ඉන්නව කියල බන් .. ගිඩක් දෙනෙක් දැකල තියෙනවලු...

හප්පට එහෙමද...

ඔව් බන් හුගක් උන් කියන්නේ උන්ගේ බෙල්ල මිරිකන්න ආව කියල බන් මුන්ගේ බොරු බ්න් මුන් මේ කියන හොල්මන කියන එකාව මම අදුරනව බන්..

එහෙමද ඌ මොනාවෙලා මැරුන කෙනෙක්ද ...

ආහ් උබලත් හොල්මන් කතා අහනව වගේ නේ..

ඔව් ඉතින් දන්නෙ නැද්ද..

හරි හරි යමන්කෝ උබ යන්නේ උඩහටනේ .. මමත් එහෙට යන්නේ වැස්ස පායපු වෙලේ ඉක්ම්නට යමු මම මගදි උබට කියන්නම...

මමත් ඌ එක්කම වගේ පාරට වැස්සේ තනියට එකෙක් ලැබුන එකත් ලොකු දෙයක් කියල හිතාගෙනමයි. .. මම ඉතින් කයියක් ගගහ ආව ඌ එක්ක...

මල්ලි උබ ඇහුව නේද විස්තරේ.. උබ රෑට බය වෙන්න එහෙම එපා මේක අහල..

ආ හරි හරි අයියේ ඕව මොනාද..

හරි මෙහෙමයි මල්ලි කතාව...

මේ පැත්තේ බස් අයිතිකාරයෙක් ඉන්නව බන් අකිල කියල .. උට බැදල ලමයිනුත් ඉන්නව.. උගේ තමයි මේ පාරෙ දුවන බස් එක.. .. ඌ ගාව වැඩ කරා බන් පට්ට හොද කොල්ලෙක් දිනේශ් කියල .. ඌත් බැදල ලමයෙක් ඉන්න කොල්ලෙක් .. මුන් දෙන්න පට්ට යාලුවො බන්..

ජොබ් එක පටන් අරන් මුල්ම කාලේ දිනේශ් බස් එකේ DRIVER අකිල බස් එකේ කොන්දට හිටිය .. පස්සෙ කාලෙක .. අකිලයට තව බස් එකක් ගන්න පුලුවන් වුනා වූ ඒක දුර දුවන්න දාලා ඒකට වෙනම DRIVER කෙනෙක් ගත්තා... මේ රූට් එකේ බස් එකෙ කොන්දොස්තර කමින් අයින් වෙලා.. හොද හයිබ්‍රිඩ් එක්ක් බැස්සුව ගමම හෙල්ලෙන්න...

අකිලයගෙ අම්ම රට .. රට ඉදන් එනව යනව .. උතුරන්න සල්ලි බන්...
අකිලය ඔහොම හිටියට හෙන කුකුල කියල ගමම දන්නව.. ඔහොම කාලෙ යද්දි .. අකිලය දිනේශ්ව දුර යන බස් එකට මාරු කලා.. ඒ නිසා ඌ ගෙදර එන්නේ දව්ස් දෙක තුනකට සැරයයි..

ඔහොම වෙද්දි දිනේශ්ගේ ගෑනිගෙ බඩට ලමයෙක් සෙට් වුනා.. මුටත් ශුවර් නෑ ඒ උගෙද කියල.. ඒත් ඉතින් මොකුත් කියලත් බෑ ඌත් ඉන්නවනෙ ගෙදර..

කොහොමහරි එක දව්සක් දිනේශ්ගෙ බස් එක මග කැඩිල.. ඒත් පනිවිඩේ මෙහෙට දීගන්න බැරි වෙලා බැරිම තැන නිට්ටබුවේ කැඩුන බස් එක දාලා මූ මහ රෑම ගෙදර ඇවිත් ...

මූ ගෙදරට එද්දි වෙලාව රෑ අටට විතර ඇතිලු කාමරයේ මොකක් හරි ශබ්දයක් ඇහිලා හිමීට ජනේලෙ පැත්තට ගිහින් අහන් ඉද්දි දෙන්නෙක් කතාවෙනවලු..කාමරේ එකෙක් දිනූශි කියල පැහැදිලි උනාට.. අනිත් කටහඩ පැහැදිලි වෙලා නෑ බන් .. ඌ හිමීට අහන් ඉන්නකොට ඇතුලෙන් ඇහෙනවලු...

පිස්සුද දිනූශි ඕක අද එන්නෙත් නෑ මම ඕකව දුර හයර් එකකට යැවුවේ .. අදම එන්නෙ නෑ කොහොමත් .නිකං පලවෙනි පාර වගේ බය නොවී ඉන්නව ..

අකිල උබ... කාමරේ ඇතුලෙ වෙන එක තේරුන නිසාම හිමීට ගෙයි දොර ඇරන් කාමරේට දිනේශ් ගිහින්...

අඩෝ අකිල උබ මගේ ගෙදර මගේ ගැනි එක්ක.

දිනේශ්ගේ ශබ්දෙට බය වෙලා අකිලය ජනේලෙන් පැනල දුවල බේරිල තියෙන්නේ නැත්නම් ඌ එතනම ඉවරයි... එවෙලෙම දිනූශිගෙ කන පලල එලියට දාල තියෙන්නෙ යන මගුලක පල කියලා.. ඒකි කෙලින්ම ඒකිගෙ ගමේ ගිහින්...

පහුවෙනිදා උදේ හන්දියෙදි ... අකිලයයි දිනේශුයු වලියක් දාගෙන දිනේශ්ගෙ පාරකට අරූගෙ නහය කැඩිල...

අඩෝ දිනේශ් උබේ අවසානෙ ලගයි මතක තියාගනින් ...

දවස් කිහිපයකට පස්සේ දිනේශ් තනියම වෙන රැකියාවක් කරන් බයික් එකකුත් ගත්ත ඒකෙ තමයි යමින් එමින් ඉදල තියෙන්නේ..

දවසක් උදේම පාරෙ කිරි කාරය යද්දි දැකල තියෙනව ඔලුවෙ පිටිපස්ස කුඩු වෙන්න යට වෙලා මැරුන කෙනෙක් පාර මැද ... පොලීසියට කියල ඇවිත් බලද්දි මැරිල.තියෙන්නේ දිනේශ් .. ඔය අපි හිටිය අම්බලමට ටිකක් එහයින් බන් මැරිල තියෙන්නේ දිනේශ්ව..

මොනාද වෙලා තියෙන්නෙ කියල දන්නෙ නැද්ද අයියෙ හරියට ඉතින්...

පොලීසිය සැකපිට අකිලය අත් අඩංගුවට ගත්තම ඌ ඔක්කොම කියල..

මම දිනේශ් එක්ක තරහෙන් හිටිය ඌ උගේ ගෑනි නිසා මට ගැහුව.. ඉතින් මම එදා රෑ එද්දි ඌ බයික් එකේ යනව දැක්ක .. මම පස්සෙන් ගිහින් හැප්පුව.. ඌ වැටුනම මම රිවස් කරල කාර් එකේ රෝද දෙකක් උගේ ඔලුව උඩින් දෙපාරක් තුන්පාරක් යවලා ගෙදර ගියා...

හම්මට සිරි එතකොට අකිලය මාර බුවෙක්නෙ අයියේ..

ඔව් බන් මල්ලි මිත්‍ර්ද්‍රෝහියො කියන්නේ උන්ට තමා..

තවම නමක් ගමක්වත් දන්නෙ නැති මේ අයිය මගේ යාලුවෙක් වුනේ හිතුවටත් වඩා ඉක්මනට. අයිය නිතරම මගේ ටිකක් පිටිපස්සෙන් තමයි ආවෙ .. මට ඉස්සර උනේම නෑ.

අයියේ මොකෝ ඉතින් දැන් අකිලයට වෙලා තියෙන්නේ...

ආහ් ඌද ඌටත් කලකම් පලදුන්නා බන් මල්ලී ඌ පොලීසියෙන් බේරෙන්න පොලිස් වාහනෙන් පැනල බන් .. ඒ වාහනේටයි පිටිපස්සෙන් ආපු බස් එකටයි යට වෙලා එතනම ඔලුව කුඩු වෙලා මැරිලා.. බන්

හොදම වැඩේ පවි පඩිසන් දෙනව කියන්නේ ඕකට තමයි අයියේ..

අපේ ගෙදරට තව ඇත්තේ මීටර් පන්සීයක් වගේ දුරක් මෙච්චර දුර ආපි අයිය ..

මල්ලි ඊලග වංගුවේ වම් පැත්තේ ගෙදර තමා බන් දිනේශ් හිටියේ උබල ඉන්නෙත් ඊට ටිකක් එහානේද..

ආහ් ඔව් අයියේ..

කතාවෙන් කතාව මාත් එක්ක ඉස්සරහට ආපු අයිය ඊලග වංගුව හරියෙදි...

හරි මල්ලි එහෙනම් මම යනව පරිස්සමින් ඉදපන් දුර ඉන්න හතුරට වඩා ලග ඉන්න මිතුරා ගැන බලපන් මොකද ඔවුන් ශුවර් නෑ..

එහෙම කියාගෙනම් වංගුවේ ගේ පැත්තට හැරුන...

අයියේ ඔයාගෙ නම මොකක්ද මට අහන්නත් බැරි වුනානේ...

ආහ් මමද මම දිනේශ්...

එහෙම කියාගෙනම අනිත් පැත්ත හැරුනම තමයි මම දැක්කේ .. ඒ අයියගේ ඔලුවේ පිටිපස්සේ තියෙන තැලීම... ලේ පෙරිල ගල් වෙච්ච එහෙම්මම තියෙන ඔලුවෙන් පනුවො වැක්කෙරෙනව... මම බලන් ඉද්දිම පිටි පස්ස හැරුන දිනේශ් ආයිත් මට සුපුරුදු හිනාව දැන්මා...

මට නිකම් මුලු ලෝකෙම පෙරලෙනව වගේ වෙලා සිහි නැති වුනා..

පහුවදා මාව රෝහලකට ගිහින් දාලා තියෙන්නේ ගමේ කිරිකාරය.. හොල්මන් ගේ ලග ඉද්දි ඉදල අරන් ආව කියල තමයි රෝහලට කියල තියෙන්නේත්..

ඒත් දෙවියනේ මම කොහොම විශ්වාස කරන්නද අච්චර හොද ගතිගුන තියෙන මිනිහ .. මනුස්සයෙක නෙමේ හොල්මනක් කියලා.. හොල්මනක් එක්ක නේද මම මෙච්චර වෙලා කතා කරල තිබුනේ කියල මතක් වෙද්දි මට ආයිත් කැරකිල්ල වගේ දැනුන.. අන්තිමට මගේ කන ඇතුලෙන් ඇහෙන්න ගත්තේ එකම එක දෙයයි...

දුර ඉන්න හතුරා විශ්වාස කලත් ලග ඉන්න මිතුරා විශ්වාස කරන්න එපා...

ඒත් එක්කම මට සිහිනැතිවුනා...


1 comment:

Powered by Blogger.