ගල් බංගලාවෙන් මතු වූ මරණ මංචකය























රිසිට් පත් කිහිපයක් රැගත් අප දෙදෙනා බංගලාව තුළට ගියෙමු.පාළු මුළුතැන්ගෙට එන තෙක් අබේ සිටියේ නිහඩවය.

"දැන් වෙලාව කීයද?'අබේ විමසීය.
"තාම අටයි.."
"අපි දැන් මොකක්ද කරන්නේ?.එහෙනම් නුග ගහ ගාව ඉමු "යැයි අබේගුණරත්න පවසද්දීම නිහඩ බංගලාව
තුලින් ඇසෙන්නට වූයේ තරුණියකගේ හඩා වැලපීමකි.සිටි තැන උඩගොස් බිම වැටුණු අබේ මා දෙස බැලුවේ මහත් භියෙනි.

"ඔය නම් විජේ හොල්මනක්..අපි ඉක්මනට පැනගමු..."

මම ඔහුට කිසිවක් නොපවසා ඒ හඩට කන් දීගෙන සිටියෙමි.
"අබේ,හොල්මන් කියන්නේ කෙනෙක් මැරුණම පස්සේ ඇතිවෙන ඔහුගේ මනසයි.ඉතින් අපි ඒකට බයවෙන්නේ ඇයි.අපෙන් කරදරයක් නැත්නම් උන්ගෙනුත් අපට කරදරයක් වෙන්නෑ.මම දැන් හොල්මන් එක්ක කතා කරන හැටි හොදට දන්නවා.."යැයි අබේට පුරසාරම් දෙඩුවද මමත් සිටියේද යම් චකිතයකිනි.

අප දෙදෙනා ඒ හඩ ඔස්සේ ගමන් කෙරුවෙමු.එය අපව පහළ මාළයේ කාමර සංකීර්ණයක් පසුකර ගෙන ගියේ බංගලාවේ වූ පැරණි කාමරයක් අසලටය.මෙය වසර ගණනාවක්ම භාවිතා කර නැති බව එහි මකුණුදැල් පිරුණු දිරාගිය දොර දුටු මට වටහාගත් හැකිවිය.

"උඹ දොර ඇරපං "මට පිටුපසින් සිටි අබේ කියාසිටියේය.

දොරට කුඩා බලයක් යෙදූ වහාම එය විවෘත වූයේ "ක්‍රීං" යනුවෙන් මූසල හඩක් නංවමිනි.කාමරය තුළ වූ දැඩි අන්ධකාරය නිසා මට කිසිවක් නොපෙණින.විදුලි පන්දම් එළිය සෑම අතකටම එල්ල කළ මට මෙය පැරණි නාන කාමරයක් බව දැකගත හැකි විය.එතුල තරමක් විශාල වීදුරු කණ්නාඩි කිහිපයක් වූ අතර ඇතැම් ඒවා පලුදුවී තිබිණ.මේ සියල්ල පරීක්ෂා කරමින් සිටි මම තිගැස්සී ගියේ විදුලි පන්දම් එළිය හමුවේ කළු දිග සේද සායක් හා කළු හැට්ටයකින් සැරසී සිටි තරුණියක් දුටු විටයි.නාන කාමරයේ පලුදු වූ කණ්නාඩියක් අසල අපට පිටුපාගෙන සිටි ඇය ගල් පිළිමයක් සේ නොසෙලී සිටියාය.

"කවුද ඔය..?"මම විමසුවෙමි.
එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නොවීය.ඇය තවමත් ඉකි ගසමින් හඩාවැලපෙමින් සිටියාය.මම අබේ දෙසට නෙත් යොමුකලෙමි.අබේ සිටියේත් නෙත් අදහාගත් නොහැකි විලාසයෙනි.

මම ඈ දෙසට පියමැන්නෙමි.අබේ මා පසුපස පැමිණියේය.ඈ අසලටම ගොස් විදුලිපන්දම් එළිය යොමුකළ මට දැකගත හැකිවූයේ ඇගේ ගෙලෙහි පිටුපස හා දෙපස සැපුම් පහරවල් ඇති බවයි.

"ඔබ කවුද?"යි ඇගේ උරසට අත තැබූ මම විමසුවෙමි.ඒත් සමගම ඇය නිහඩ විය.අබේගුණරත්න පසෙකට වී මට ඉගි කළේය.මම වහා අත ඉවතට ගත්තෙමි.

ඈ එකවරම මහ හඩින් සිනාසෙන්නට විය.අබේගුණරත්න විදුලි පන්දම් එළිය ඇය වෙතට එල්ල කරමින් පසුපසට පැන්නේය.මමද පසෙකට වුණෙමි.ඇගේ හිස එකවරම සම්පූර්ණයෙන්ම මා දෙසට හැරවිණ.කඩා හැලෙන තද කළු කෙස් කලඹට යන්තමින් වැසී තිබුණු ඇගේ දෑස්වලින් ගලා එමින් පැවතුණේ කදුලු නොව අමු ලේය.දිගු දෙනෙත්වල වූ අදුරු වර්ණය නිසා ඇයට හිමිවූයේ ඉතා භයංකර ස්වභාවයකි.ඇගේ දීප්තිමත් රතොට පුරා තැනින් තැන ලේ ගලමින් තිබිණ.ඇගේ හිස මා දෙසට හැරී තිබුණද ඇගේ කද ඇත්තේ තවමත් ඉදිරිය බලාය.

"මෙහෙන් පලයං..මට පාඩුවේ ඉන්න දීපං........"ඈ විලාප දුන්නේ මහා දුකක් හිත තුල සගවාගෙන සිටින අයෙකු විලසිනි.මා ඉදිරිපිට සිටින මේ යක්ෂ තරුණිය දුටු මට එකවරම ඇතිවූයේ භියක් නොව දුකකි.මෙය වෙනත් අයෙකුටනම් විහිලුවක් වනු ඇත.හොල්මනක් දුටු ඕනෑම අයෙකු පළමුව භියට පත්වෙනවා නියතය.නමුත් ඇගේ ඒ කුරිරු දෙනෙත් අතරින් මා දුටුවේ අසරණ තරුණියකි.

"විජේ ....යමං...."පිස්තෝලය අතට ගත් අබේගුණරත්න කෑගැසුවේය.මම ඔහුට කතා නොකරන ලෙස අතින් ඉගි කෙරුවෙමි.මෙවර ඇය සිය කදද මා දෙසට හරවා ගත්තාය.

"උඹ හදන්නේ මට අභියෝග කරන්නද....??"වියරු සිනහවක් පෑ ඇය මගෙන් විමසුවාය.

මට එකවරම සිනහවක් නැගුණේ ඉබේටමය.
"විජේ...උඹට පිස්සුද?"අබේ නොසන්සුන්ව මා අමතන්නට විය.

ඒ සමගම ඇය මා වෙත කඩා පැන ඇගේ උල් නිය සහිත සුරතින් මගේ ගෙල සිරකරගෙන කාමරයේ බිත්තියට හේත්තු කළාය.ඇගේ ඒ තදබල ස්පර්ශය හමුවේ මගේ උගුරු දණ්ඩ සිරවෙන්නට විය.මම අබේ සිටි ඉසව්වට නෙත් යොමුකලෙමි.එහෙත් ඔහු එතැන සිටියේ නැත.

"මම උඹව මරණවා......"යැයි කෑගැසූ ඇය මාව වෙනත් බිත්තියකට විසිකළාය.ඇයට ඇත්තේ යෝධ ශක්තියකි.මම ඒ බිත්තියේ ගැටුණු වහා ඉන් නෙරා පැමිණි ලේ තැවරුණු දෑත් යුගලක් මගේ ගෙල සිර කර ගත්තේය.මගේ අතෙහි වූ විදුලිපන්දම ද බිම අත හැරිණ.

"මේක උඹේ අවසානේ...අන්තිම වතාවට මොනවා හරි කියන්න තියෙනවද?"

"ඔව්.මම දන්නවා තමුන් මාව මරන්නේ නෑ කියලා..."

මගේ ඒ වදන් සමගින් ඇගේ වියරු ස්වභාවය වේගයෙන් වෙනස්වී අහිංසක තරුණියක් අඩ අදුර තුළින් මතුවිය.මගේ ගෙල සිර කරගෙන සිටි දෑත්ද එකවරම අතුරුදහන්ව ගියේය.

"ඔබ කවුද?..මම මීට පෙර ඔබ වගේ අයෙක් දැකලා නැහැ..."ඇය මගෙන් විමසුවේ පුදුමයට පත්වය.

"මම බදුල්ල පොලීසියේ සාජන්ට් විජේතුංග.මම මේ බංගලාවට ඇවිත් හොල්මන් ගැන බොහෝ දේවල දැන ගත්තා.ඔබ හොල්මනක් වුණත් හිතේ හිරකරගෙන ඉන්න ඒ අමිහිරි මතකයන් පිටතට නිරාවරණය වෙනවා...ඉතින් මේ අහිංසක තරුණිය කවුද?"



3 comments:

  1. දැන් දාන හොල්මන් කතා ඉවරයක් කරන්නේ නැත්තේ ඇයි. අන්තිමට දාපු ගොඩක් කතා බාගෙට upload කරලා තිබ්බේ.

    ReplyDelete
  2. Ou. Eka atta. Epa wenawa meka.

    ReplyDelete
  3. Mokakda me magula katha okkoma bageta dala thiyenne

    ReplyDelete

Powered by Blogger.