නැවත උපන් කුරිරු ගැහැණිය





























කලකට ඉහත දුර ඈත ගමක තමන්ගේ පාඩුවේ ඒකම පුතුද හදාවඩාගෙන උස්මහත් කල ඇය කරුණාවතී නම්විය.
ඒකම දරුවා කුඩාකලදීම තම ස්වාමියා ඇයව හැරදා සදහටම වෙන්වීමත් සමග ඇය අසරණ බවට පත්වුවත් හිතේ දහිරිය හා කැපවීම දැඩිව තිබුනු ඇය කාගෙන්වත් වචනයක් නොඅසා අනුන්ට අතපාන්නේද නැතිව තම ඒකම දරුවා ඇති දැඩි කලාය.

තම නිවසේ වත්ත පිටියේ සරුවට වගා කටයුතු කල ඇය ඒලවලු පලතුරු කෙසෙල් බුලත් ආදිය වගාකර අස්වනු නෙලා නගරයේ පොලට ගෙනගොස් විකුනා මුදලක් අතටගත් හෙයින් ලොකුවට සල්ලිබාගෙ නැතත් අගහිගයක් නැතුව කාල ඇදල ඒකම දරුවාගේ ඉගෙනීම කටයුතුද නොපිරිහෙලා ඉටුකලේය.
අලස කමින් තොරව අව්වැසි නොබලා වගාවෙහි යෙදුනු ඇය දවස තිස්සෙම මහන්සි නොබලා වැඩපල කරන ඇය නියම වෙලාවට උයාපිහා දරුවාටද කන්න දුන්නාය.
ගමක ජීවත්වු ගැමි කාන්තාවක වූ ඇය ඉගෙනුමක් නොව්නද උගත්කමේ වටිනාකම නිතරම තම පුතුට කියාදුන්නාය.
පොතක් පතක් කියවන්නටවත් අකුරු නොදත් ඇය අද්යාපනයේ ඇති වටිනාකම තම පුතුට වටහාදීම ඇතැම්විට ඇය සහාජයෙන් ලද දැනුම නිසාම වන්නටද බැරිකමක් නැත.
තම ඒකම දරුවාට පනසේ ආදරයකල ඇය දිවා රෑ නොබලා වෙහෙස මහන්සිවී දරුවාට කිසිම අඩුවක් නොදැනෙන්නට සියල්ල සපයාදුන් අතර නිතර ඇය දුන් අවවාදය බවට පත්ව තිබුනේ """ හොදට ඉගෙන ගනින් මයෙ පුතේ..... ඉගෙන ගත්තොත් විතරයි කවදහරි සැපවිදින්න ලැබෙන්නේ..... මන් මේ හැම දහරියක්ම කරන්නෙ උඹට හොද කලක් හදා දෙන්නයි මයෙ පුතේ """" යනුවෙන් අනුසාසනා කල ඇය හැම විටම තම පුතුව දිරිගැන්වුවාය.
උදෑසනින්ම පිබිදෙන ඇය උයා පිහා දරුවාටද කවා පොවා පාසලවෙත ඇරලවන ඇයගේ ඊලග කාරිය වනුයේ තම අස්වනු පොලට රැගෙන යාමය. බුලත් පුවක් පොල් කෙසෙල්කැන් පලතුරු ආදි සියල්ල ගමේ අයෙකුගේ අත් ට්‍රැක්ටරයට පටවාගන්නා ඇය සියල්ල විකුනා අරපරිස්සමෙන් යුතුව ගෙදරට උවමනා දේ රැගෙන කඩිනමින් නිවසවෙත ලගාවී තම දරුවා පාසල් ගොස් නිවසට පැමිනීමට පෙර කෑම බීමද සකසා තබා වත්තේ පිටියේ වැඩකද නිරතවෙයි.
කෙමෙන් කාලය ගතවිය ඇයගේ බලා පොරොත්තුව පරිදි තම ඒකම පුතු සියලු කඩඉම් පසුකර අද්යාපනයෙන් සැලකිය යුතු දියුනුවක් ලගාකර ගත්තේය.
ඉගෙනුම අවසන්කල පුතු දැනුම් තෙරුම් මට්ටමක සිටි අතර නොබෝ දිනකින්ම රජයේ කාර්යාලයක සැලකිය යුතු තත්වයේ රැකියාවක්ද ලබාගන්නට හැකිවීම වාසනාවක්ම විය.
ඒම රැකියාවද වසර දෙක තුනක් කරගෙන ගිය ඔහුට අහම්බෙන් මෙන් පුවත්පත් ආයතනයක පුරප්පාඩු ඇතිබව සටහන්වු දැන්වීමක් දැක ඒයටද නිකමටමෙන් අයදුම් පතක් යොමුකල අතර විශාල පිරිසක් අතරින් ඔහුව තෝරා ගැනුනේද ඔහුගේ වාසනාවටම සිදුවුවක් ලෙසින්ය.
විශාල මාසික පඩියක් සහිත ඒම රැකියාව ඔහුසිත්ගත් අතර ඔහුගේ කැපවීම නිසාවෙන්ම ආයතනයද දියුනුවට පත්ව තිබුනේය.
සතිපතා නිකුත්වන විශේෂාන්ග පුවත් පත්වල ඔහුගේ ලිපි නිතිපතා පලවීමත් සමග පුවත්පත් අලෙවියද දිනෙන් දින ඉහල ගිය අතර ඒය ඔහුගේ අතමිට සරුවීමටද බලපෑවේ නිතැතිනි.
ඔහුගේ විශේෂාන්ග ලිපි කියවා රසික රසිකාවින් අති විෂාල පිරිසක් ඔහුගේ කාර්යාලයට දිනපතා ලිපියොමු කරන්නට වීමද ඔහුට විෂාල සතුටක් ගෙනදුන් කරුනක්ම විය.
මේලෙස කලක් ගතව යද්දී ඔහුවෙත ලැබෙන ලිපි අතරින් ඒක් තැනැත්තියකගේ ලිපි පමනක් ඔහුට ඉතා වැදගත් වු අතර දිනපතා පෙරමග බලා උන්නේ ඇගේ අත් අකුරින් යුත් ලිපිය ලැබෙනා තුරාය.
දින සති නොව වසරක්ම යනතුරා දෙදෙනා ලිපි හුවමාරු කරගත් අතර ඔහුට මෙන්ම ඇයටද ඔහුගේ ලිපියක් අතට පත්වනතෙක් ඉවසුමක් නොවිය.
දෙදෙනාගේ ලිපි හුවමාරුව කොලයක් දෙකක් නොව පිටු ගනන් දක්වා වැඩිදියුනු වු අතරතුර මෙතෙක් දෙදෙනා හමු නොවුනද ඒ හැම හසුන් පතකම ප්‍රේමය උතුරා පිටාර ගලන්නටවිය.
නොදුටුව දෙදෙනෙකු වුවද දෙදෙනාගේ හදවත් ඒකට පෑහී තිබුනේ පෙර සසර පුරුද්දක් විලසින්මය.
අදමෙන් දුර කතන නොතිබු යුගයක්ව තිබී ඇති ඒකල්හි ලිපිහුව මාරුව වර්ධනය වුයේ ඔහුගේ කාර්යාලයේ දුරකතනයට ඇය අමතන්නට පටන් ගැනීමත් සමගය.නමුත් ඒය මසකට වරක් සීමාවුයේ දුර කතනයක් වෙත යාමට ඇයට ඉමහත් වෙහෙසක් දරන්නටවූ නිසාවෙනි. කෙසේවුවද ලිපිහුවමාරුව නොකඩවා සිදුවිය.

මේ ලෙස සියල්ල සිදුවෙමින් පවතින අතරේ කරුනාවතී නම් පෙරකී මවගේ ඊලග අභිප්‍රාය තම ඒකම පුත්‍රයාට හොද තැනකින් සොයාබලා සහකාරියක් කැන්දා ගෙනවිත් දීමය.
තම පුතුට නොකීවද ඒවන විටත් කපුවන් හමුවී ඒගැන කටයුතු සකසමින් තිබුනේය.
තම පුතු ගැන ඉමහත් ආඩම්බරයකින් සිටි ඇය ඔහු කරනු ලබන රැකියාවද ඉතා උසස් බවද දැන සිටියේය.
මේ අතරේ පැමිනි යෝ්ජනා කිහිපයක් තෝරාගෙන මනාලියන් බලන්නට ගියද ඒ කිසිවකටත් තමපුතු කැමති නොවිම මවගේ කලකිරිමටද හේතුවී තිබු අතර නිතරම ඇය කනස්සල්ලෙන් පසුවිය.

ඇතැම් දිනවල කේන්තිගෙන තමපුතුට බැන වදින කරුනාවතී...''' ඇයි මයෙ පුතේ.... උඹ මේ අම්මට සැනසිල්ලෙ ඇස් දෙක පියා ගන්න ඉඩ දෙන්නෙ නැද්ද මගෙ පුතේ...' කියා වැල පෙන්නට වු අතර ඇයට අවශ්යව තිබුනේ හැකි විගසින් ලේලියක නිවසට කැන්දාගෙන ඒමටය.
මව කේන්තිවෙන් කෑගසනා අවස්තාවල කුමක් හෝ කියා මවගේ සිත නොරිදා මගහැර යන ඔහු හැම මොහොතෙම සිතන්නටවුයේ ඔහුගේ සිත සොරාගත් දුර ඈත සිටිනා සිහින කුමාරිය ගැනමය.
මව විසින් ගෙනෙන හැම යෝජනාවක් බැහැර කරන පුතු ඇමතු ඇය කියා සිටියේ...'''' උඹට අපි හොයන ඒව හොද නැත්තන් උඹට හොදයි කියල හිතෙන කෙල්ලෙක්වත් තෝරගෙන මට කියහන් පුතේ....' මේව ඒකලාසයක් කොරල හිට නිවිහැනහිල්ලෙ ඇස්දෙක පියාගන්ට...'''' මොකැයි මමයි කියල තව අව්රුදු හැට හැත්තෑවක් ඉනටෙයි කියාලයැ...'''' හුස්හ ඩිංග යන්ට කලියෙන් මෙව්ව ඒක ලාසයක් වෙන්ට ඔනෙ..''' ඔන් මන් නොකිව කියනෙවි පුතේ..."""
කියමින් පුතුට ගෝරනාඩුකල කරුනාවතී දිවා රෑ දෙක්හි කල්පනාකලේ හැකි විගසින්ම තම පුතුට සහකාරියක් කැන්දාගෙන ඒමටය.
ඒකම පුතුට දසදුක් විද උගන්වා උසස් රැකියාවක්ද ලබා ගන්නට සියල්ප සලසා දුන්නද ඇයට සහනයක් තවමත් උදාවී නොමැත.

1 comment:

Powered by Blogger.