ගොම්මනේ තනි වු අද්භූත ගැහැනිය























මේ සිද්ධිය සිදුවූ ගමේ ගොඩාක් දුරට විහිදී ගිය ගල් තලාවක් තියෙනවා ... ඒ ගල්තලාව තියෙන්නේ ගම අවසනයට තියන කැලෑව ලග ...මේ ගමේ ගම් වැසියෝ හේන් වගාවන් කරලා ජිවත් වෙන්න තමා හුරු වෙලා හිටියේ.... ඒ අර තිබුණ කැලෑවේ ...එත් එයලා අර ගල් තලාව ලග වගා කරන්න ටිකක් බයෙන් හිටියේ.... මොකද ඒ ගල් තලාවේ නිදානයක් තියෙනවා කියලා ජනප්‍රවාදක් තිබ්බා ...ඒ වගේම ඒ නිදානය අරක්ගත් හොල්මන් ගැහැනිට තිබ්බ බය නිසා ....ඒ ගල්තලාව උඩ ඒ හොල්මන් ගැහැනිය දැකලා තියන ගම්වාසීන් දෙතුන් දෙනෙකුත් හිටියා .. ඒත් ඒ මිනිසුන් මේ කතාව කාටවත් කියන්න නම් ගියේ නෑ ..මොකටද හේන් වගාකරන මිනිස්සු ගොඩක් වතුර ගන්න වැවට යනවා..ඒ වැව තියෙන්නේත් ඔය ගල්තලාව ලග හින්දා .වගා කරන මිනිස්සු බය වෙයි කියලා ..ඒත් මිනිසුන් කීපදෙනෙක්ම බය වේලා හිටිය හින්දා ... මේ හොල්මන, මිනිසුන් අතරට එන්නේ මිනිසුන් තනි උනාම කියලත් මිනිස්සු දැනන් හිටියා ... ඒ හින්දා වතුර ගන්න කට්ටියක් යන්න මේ මිනිසුන් පුරුදු වෙලා හිටියා....

ඔය අතර තමා මේ සිද්ධිය වෙන්නෙ ...මේ ගමේ හිටියා මුරුගන් කියලා දෙමළ මිනිහෙක් ..මෙයට ගමේ මිනිස්සු නම් කිව්වේ මුරුගා කියලා .... ඒ මිනිහා නම් මේ කතා විෂ්වාස කරේ නෑ.... මොනා උනත් මේ මිනිහා කාටවත් බය නැති.. කාටවත් කරදරයක් නැති .. පාඩුවේ ඉන්න කෙනෙක් ...
මේ මුරුගාටත් හිතුනා ගමේ මිනිස්සු එක්ක එකතු වෙලා කැලෑයක් කොටලා හේනක් කරන්න...මේ මුරුගා ගමේ මිනිස්සුන්ට උදව් කර කර තමා මෙච්චරකල් ඉදලා තියෙන්නේ ... ඉතින් ටික දවසක් හේනක් කරන විදිහ බලන් ඉදලා මුරුගාත් හේනක් කොටන්න පටන් ගත්තා ...ඒත් මොහු හේන කොටලා තියෙන්නේ අර ගල්තලාව ලග ...මොකද වතුර ගන්න ලේසියට..
මොනා උනත් මේ ගමේ මිනිස්සු මුරුගාට මේ හොල්මනගේ විස්තරය නම් කියලා තිබුණේ නම් නෑ...ඒ හින්දා ...මුරුගා දිගටම හේන කරගෙන ගියා...දවසක් ඔන්න මුරුගා ...හේන් වගවේ පැල් රකින්න කියලා ....ගෙදරන් ආවේ පැල් කවි කියන්න තිබ්බ ආසාවත් හිතේ හංගෙන නෙවෙයි ...මොනා උනත් මුරුගාගේ හීන ටිකක් බොද උනේ...කුඩු පොද වැස්සට තෙමෙන්න...වුනාම නිසාමයි..
ඉත්න් මේ පොද වැස්සේ පැලට දුව ගියේ ගොම්මන... මුලු ගම්මානයම වෙලා ගද්දීය... කෙසේ වෙතත් මුරුගා පැලට නැග්ගේ මුලු පලාතම එකම විදුලි කොටන හඩට නිහඩ කරමින්..... ගල්තලාව එකම එලියකට පෙනෙන තරමට අකුණු සැර බව දැනගත් මුරුගා...හිතේ ගස්මත් සමගම පැල් කවිය කියන්න පටන් ගත්තා.
ටික වෙලාවකින් වැස්ස නම් ටික ටික අඩු උනේ ගෙම්බන්ගේ "බක බක" සද්දේ නම් වැඩි වෙමින්.... මොන උනත් ඒ සිතාලේ මුරුගා පැල් කවි කිව්වේ තිබ්බ සීතලත් එක්කමයි... ටික වෙලාවකින් ඔහුගේ දෙසවන් පින්වා යන්නතරම් මිහිරි දරු නැලිවිලී ගියාක් ඇසුනේ.. මුරුගගේ සිතේ කුතුහලයක් ඇති කරමින්....

``කවුද මේ රෑ මේ කැලේ දරුවෙක් නලවන්නේ ? ´´

කියන දේ මුරුගාගේ හිතේ කුතුහලයක් වුනේ... අර ගල්තලවේ උඩ ඉදන් දරුවෙක් නලවන ගැහැනිය , අකුණු ගසන එලියට පෙනී නොපෙනී යනවත් සමගය...
කෙසේ වෙතත් මුරුගගේ සිතේ යම් තැති ගැන්මක් ඇති වුවත් කවුද? ඒ කියල එතනට ගිහින් හොයා නොබැලුවේ , හිතේ ධෛරයක් නොතිබුන හින්දා නොවේ... මුරුගා දිගින් දිගටම පැල් කවි කියන්න ගත්තේ අර කාන්තාවගේ දරු නැලිවිලි ගී නොඇසුනා මෙනි... එත් ඒ කන්තවගේ නැලිවිලි ගී නම් අඩුවක් නොවුනේ මුරුගව වශියක් කරලා අල්ලාගන්න කරන උපක්‍රමයක් මෙනි....
ඒත් මුරුගා නම් ඒ ගී නොඇසුනා මෙන් හිටියත් හිතේ කොනක වද දෙන්න ගත්ත ලොකුම ප්‍රශ්නය උනේ මේ "මොහිණි වත් ද?" කියන එකයි.....

ඔයාලා මොකද්ද හිතන්නේ මේ ''මොහිණි''ද? ..




No comments:

Powered by Blogger.