අදුරේ දුටු අත්භූත රුව

මීට පෙර සිද්ධි දෙකම මට සිද්ද උනා වගේම මීට අවුරුදු ගානකට කලින් මගේ සීයාට (මගේ අම්මගේ තාත්තාට) සිද්ද වුණ කතාවක් මං අද ඕගොල්ලෝන්ට කියන්න කියලා හිතුවා.

සාමාන්‍යයෙන් පොඩි ළමයි කැමති සුරංගනා කථා අහන්න උනාට මං පොඩි කාලේ ඉදන් ආස කරේ හොල්මන් බය හිතෙන කථා අහන්නයි. ඉතින් මං පොඩි කාලේ මගේ සීයා එයාට උන භයානක සිද්දියක් මට කතාවක් විදියට මේ විදියට කියුවා.
මගේ සීයට අවුරුදු විසිගණන් විතර කාලේ තමයි මේ සිද්දියට මුණ දෙන්න වෙලා තිබ්බේ. සීයා තරුණ කාලේ ගමේ තියන උත්සව, පිරිත් ගෙවල් එහෙම සාමාන්‍යයෙන් මග අරින්නේ නෑ. එදා පෝය දවසක්. සීයාගේ ගමෙන් ට්කක් ඈත උනත් පිරිත් ගෙදරක් නිසා සියා එහෙ ගිහින් තිබ්බ. එන්න එන්නම රෑ වෙන නිසා සියා කට්ටියට එහෙම කියලා ගෙදර එන්න පිටත් වෙලා. ඒ කාලේ දැන් වගේ පාරවල් හදලා තිබිලා නෑ. ටෝච් එකකුත් අරන් අදුරේම පාර දිගේ ටිකක් දුර යද්දී එක පාරටම වැස්සක් පටන් අරන්. වැස්සෙන් බේරෙන්න කියලා ළග තිබ්බ ටකරන් වහලයක් තිබ්බ ගෙදරක් ගාව නතර වෙලා. ගෙදර ජනේලෙන් පාරට එළියක් වැටිලා තිබ්බ නිසයි එතන නතර වෙලා තිබ්බේ. එන්න එන්නම වැස්ස තද කරන්න ගත්ත නිසා සියා ගෙදරින් උදව්වක් ගන්න කියලා ගෙදර දොරට තට්ටු කරලා. දොර අගුලු දාල තිබිලා නෑ. නිකන්ම දොර ඇරිලා තියනවා. සියා ගෙදර කවුද කියලා අහලා දොර ළග ඉදලා ගේ ඇතුලට ටෝච් එක අල්ලලා. ගේ එතුලෙන් සීයා දිහා ඇස් එලියට පැනපු මහා විරූපී කෙනෙක් බලන් ඉන්නවා සීයා දෙකලා තියනවා. බය උණපාර සීයා වැස්සෙම සීයාගේ ගෙදර ගිහින් එහෙම්ම නිදාගෙන. පාන්දර ජාමේ සීයාට එකපාරටම කාමරෙන් සද්දයක් ඇවිත් ගැස්සීලා නැගිටලා. හරියටම සීයාගේ කාමරේ ජනෙලෙන් අර විරූපී කෙනා සීයා දිහා බලන් ඉදලා තියනවා. සීයාට මහා හයියෙන් කෑගැහිලා එහෙම්මම කලන්තේ දාල වැටිලා තියනවා. කොහොම හරි සීයාගේ ගෙදර අයට අන්තිමට තෝවිලයක් කරන්න වෙලා තියනවා සීයාගේ හොද සිහිය ගන්න. මේ කථාව කියලා සීයා මට කියුව අනිවාර්යෙන් නිදියද්දී දෙවියන් සිහි කරලා නිදා ගන්න කියලා.

මේ සිද්දියේ සත්‍යය අසත්‍ය තාවය නම් ඔප්පු කරන්න බෑ. හේතුව මං පොඩි කාලෙදිම මගේ ආදරණිය සීයා අපිව දාල මේ ලෝකෙන් යන්න ගිය නිසා.... නමුත් මට මගේ සීයාව එකම එක පාරක් හීනෙන් දකින්න වාසනාවක් උදාවුණා. ඒක නම් හොල්මන් කථාවක් නෙමෙයි. සාමාන්‍ය සිදුවීමක්....

1 comment:

Powered by Blogger.