සමාජවාදියාගේ පලිගැනීම

 "කියපං යකෝ අනිත් උගේ නම්"
මෙතන සිදුවන්නේ කිසිවෙකුට දෑසින් දැකීමට සුදුසු කටයුතක් නොවේ..
මේ 1988 අගෝස්තු මාසයේ අඳුරු දිනයක් ය..
මෙතන කකුල් දෙකෙන් එල්ලා දස වධ දෙන්නේ,
විඵ්ලවකාමි දේශප්රමි පක්ෂයේ,
දිස්ත්රක් ලේකම්වරයෙකු ලෙස සිටිය,
ජපුර සරසවියේ අවසාන වසර සිටි,
කසුන් අමරසිංහ නමැති සහෝදරයා ය.. මෙම තිප්පොල රජයේ නිලනොලත් හමුදා කාඩයක් විසින් පවත්වාගෙන යන අමානුෂික ගාථක ස්ථානයක්ය..

කසුන් මධ්යම පන්තියේ පවුලක එකම දරුවාය..
පක්ෂයේ සිටිය දක්ෂ සහොදරයන් අතර කසුන්ට
මූලික ස්ථානයක් හිමි විය..
ඔවුට යම් වැඩක් පැවරුවෝත් ඒක නිවරදිව සහ අවංකව නිම කිරීමට හැකි සහෝදරකු බව බොහෝ දෙනාම දැන සිටියෙය.
මෙ හේතුවෙන් ආරක්ෂක අංශය කසුන් පිලිබඳව උගුසු ඇස් යොමු කර සිටිය බව ඔවු මූන දුන්න යම් අවස්ථාවලන් පැහැදිලිය..
ඒ සියලු අවස්ථාවලින් කසුන් මිදියාමට තරම් එඩිතර විය..
ඒත් මෙවස්ථාවේ දී කසුන් සහෝදරයාව පවා දුන්නේ ඔවුගේ ලඟම සිටිය හිතවත් සහෝදරයෙකු විසින් ය..
දැන් දින තුනක් තිස්සේ කසුන්ට මේ වෘකයන් වධ දිදි අහන්නේ පක්ෂයේ ප්රධාන සහෝදරයන්ගේ තොරතුරුය..
"මේ බැල්ලිගේ පුතාට කොච්චර ගැවුවත් කියන්නෑ සර්,
මුව ඉවරයක් කරමු ද?"
ටික වෙලාවක් කසුන්ගේ මූණ දෙස බලන් සිටිය රත්නායක තම ඉහල නිලධාරියාගේන් අහන්නට විය
"උබ විසින් ම උබගේ මාරය කැඳවා ගන්නවා කොල්ලා,
අනිත් උන් වගේ අපි අහන දෙවල් වලට හරියට කිවුවෝත් මං උබව මරන්නෑ"
ඉහල නිලධාරින් රුතිනර් ජයවීර කසුන්ගේ කොණ්ඩේන් අල්ලා අහන්නට විය..
" මං මොනවක්කත් දන්නේ නැහැ"
කසුන් අමාරුවෙන් පවසන්නට විය..
" හරි රත්නායක මෙ බබාට කරට් එකෙන් නිදහසක් දෙන්න" රුතිනර් ජයවීර අවසාන නියෝගය දුන්නෙය..
රත්නායක කරට් එක තිබුනු කෙබල් එකක් කසුන්ගේ ඇඟට සම්බන්ද කරන ලදි..
ටික වෙලාවක් සිටිය කසුන් එක පාරට ගැයෙන්නට ගත්තේය..
ඒ මොහොතේ කසුන් පිට කර විලාපය අසල කාමරවල සිටිය සිරකරුවන්ට ද මර බියක් ගෙන ආවේය..
නමුත් කසුන් මරනය ආසන්න දී,"මං මැරුනට උබලාට බෙරෙන්න බැහැ ව්ල් බල්ලෝ, මං උබලාගෙන්
පලිගන්නවා "

ඒ මොහොත කසුන් නැමති වටිනා තරුණ ජිවිතයේ අවසානය විය..
එම ගාතනයත් රුතිනර් ජයවීරට මෙන් ම රත්නායකටත් ඔවුන් කර අපරාධත් එකගත් විට සුලු දෙයක් ය..
නමුත කසුන්ගේ අවසාන වචන වල යතාර්තය එම ගාතනයෙන් මාස6 යන පෙර
සැබැවිය..

මෙ 1989 පෙබරවාරි මාසයේ දවසක්,
මාර්ගයේ වේගයෙන් ගමන් කරන කලු වැන් රථයක්,
මේ යන්නේ රාත්රී මිනිස් දඩයමකට බව ඒ තුළ සිටින රජයේ නිලනොලත් රහසිගත කණ්ඩායමක තිදෙනෙක් ය..
වැන් රථය කිසිවෙකු නැති පාලු පාර තරමක් අඳුරු ස්ථානයක
විශාල හඬක් නගමින් නතර විය..
"මොකෝ රත්නායක වහනය නතර කලේ"
වැන් රථයේ ඉදිරි අසුනේ නිදි කිරා සිටිය රුතිනර් ජයවීර ඇස් හැර අහන්නට විය..
"ඒකතමයි සර් මේක තෙල් ඉවරද දන්නෑ"
"නැහැ රත්නාය අයියා මං හවස තෙල් ගහගත්තා නේ"
වැන් රථයේ රියදුරු වූ ගාමීනි වැන් එකෙන් බසින ගමන් කිවුවෙය..
ගාමිනි වැන් රථය හදනගල් වැන් රථයේ නිදි කිරා සිටිය රුතිනර් ජයවීර,
එතනට මදක් අසලින් තිබුනු ගහක් ලගට ගියේ ශරීරයේ බරක් නිදහස් කර ගැනීමට ය.
ඔවු ඒ වැඩය අවසන් කරන විටම මදක් ඇතින් බල්ලෙක් උඩ බුරන්න ගත්ත අතර,
ජයවීරට කවුරුන් හෝ තමන් දෙස බලනවා වගේ දැනුනත් හොඳින් වට පිට බැලුවත් කිසිවෙකුවත් පෙනෙන්නට නොවිය..
ඉක්මනට වැන් රථය අසලට ගිය ඔවු,
"මොකෝ ගාමීනියෝ වැන් එක හදාගන්න බැයි ද?"
ගාමීනිත් පුදුමයෙන් වගේ,
" එකතමයි සර් මේ මාත් කල්පනා කලේ,
මේකේ කිසිම ලෙඩක් පෙන නැහැ"
නැවත් වතාවක් තමන්ගේ අසල කවුරුන් හෝ සිටින බව ජයවීරට දැනි ගිය අතර,
තම අවියට අතගෙන ගිය ඔවු හොඳින් වට පිට සොදිසි කලේය..
"රත්නායක නැගිටලා වරෙන් වැන් එකේන් එලියට"
මදක් පදම් ව සිටි රත්නායක වැන් රථයේ බිටු පස නිදා ඇතැයි ජයවීර සිතා කිහිප වතාවක් කතා කරාට රත්නායකගෙන් කිසි සබ්දයක් නැත..
නමුත් ඇත්තනම් එවන විටත් රත්නායක මරු තුරුලට ගිහින් අවසන් ය...
"ගාමීනියෝ අන අර හරකාව නැගිටපං,
මේකා හොඳට බිලා නිදි"
පිටි පස දොර ඇරිය ගාමීනි පුදුම වී,
"සර් සර් කෝ රත්නායක අයියා නැහැනේ වැන් එකේ"
ජයවීරත් වැන් එකට නැග හොඳින් බැලුවත් කිසිවෙකුවත් ඒ තුළ නැත..
තරමක් වෙලා කල්පන කරමින් සිටිය ජයවීර,
"මේ යකා කොහේ ද ගාමීනි ගියේ"
එඛ තමයි සර් මමත් මෙ කල්පනා කලේ"
ඒ සමග අසල කැලා මණ්ඩියෙන් කවුරුන් හෝ ඇවිදින අඩි හඬක් ඇසෙන්නට විය..
" සර් කවුරු හරි කැලා මණ්ඩියේ පැතේ ඇවිදිනවා වගේ,
රත්නායක අයියා ද දන්නෑ"
තරමක් වෙලා එයට ඇවුන් කන් දුන් ජයවීර රත්නායකගේ t56 අවිය ගාමීනිගේ අතට දී
" යමං ගාමීනි බලන්න"
ඔවුන් දෙදෙනා කැලා මණ්ඩියේ සබ්ද ඇසුන පැතට ගමන් කලේය..
නමුත් අර ඇසුන අඩි හඬ දැම් නොවැසේ,
ගාමීනි ගියේ තරමං බයෙන් ඉදිරියට ගමන් කර ද?
ජයවීරට නම් බියකට වඩා රත්නායක නැතිවීම පිලිබඳව ගැටලුවක් පමණක් ඇත..
" සර් කෝ කවුරුවක් නැහැ නේ"
නමුත් ජයවීරට තමන් සිටිය තැනට මදක් දුරින් චායාවක් ගමන් කරන බව පෙනි නොපිනි ගියේය..
"සබ්ද කරන්න එපා මිනියෝ,
කවුරු හරි අර පැතේ ඉන්නවා"
ජයවීර ගාමීනිට ;අනක් කරමින් චායාව පෙනුනු පැත්ත අතින් පෙන්නන්ට විය...
දෙදෙනා ටිකවෙලාවක් තමන් සිටිය තැනම නිහඬව සිටිය අතර,
එකවිටම ජයවීර දුටුව චායාව පෙනි අතුරු දාන් විය..
ඒ මොහොතේ ජයවීර ඒ චායාව හඳුනා ගත් අතර,
ඔවුට දාඩිය දාන්න පටන් ගත්තහ ..
තමන් එදා කර අපරාධය ජයවීරට මතකයට ආවේය..
කසුන අමරසිංහ නැමති තරුණයා තිරිසෙනුකු ලෙස මරා දැම්ම මොහොත ඔවුට මැවි පෙනෙන්නට විය..
බියට පත් ව සිටි ජයවීර ගාමීනි කොතන ඇත්දෑහි වට පිට බලන්නට විය..
ඔවුට මදක් දුරින් විශාල ගහක් යට ඔවු සිටිනවා දැක එතනට ගමන් කලේය..
ගාමීනි කවරක් දෙස බලන් ඉන්නවා ද යන තෙරුම් ගියේ ජයවීරට ටිකක් ගාමීනි අසලට ලං වන විට ය..
එයනම් ඉතා බයානක දර්ෂණයක් ය..
ජයවීරගේ මර බිය වේගයෙන් වැඩිවිය..
එතන ගහක කකුල් දෙකෙන් එල්ලා හිස කඩා දමා තිබුනේ රත්නායකගේ මලකඳය..
ගාමිනි මදක් වෙලා එ දර්ෂණ දෙස බලා සිට,
තම ඉයල නිලධාරියාගේ දෙස හැරි බැලුවේය..
ඒ මොහොතේ ගාමීනි දුටුව දෙයට,
ඔවුගේ කකුල් දෙක අතරින් මුත්රා පිට විය..
"සර් සර් ඕ "
ඔන්න

බියෙන් සිටිය ජයවීර ගාමීනි අතෙන් පෙන්නන පැත්ත බැලුවෙය..
එය දුටුව රුතිනර් ජයවීරගේ ඇස් දෙක උඩ ගියේය..
ඔවු අසල කෝපයෙන් බලාගෙන සිටියේ..
කසුන් ය..
බියෙන් ගැයෙමින් සිටිය ජයවීර තම අවියෙන් කසුන්ට වෙඩි කිහිපයක් එල්ල කල ද,
කසුන් වියරුවෙන් සිනා සෙන්නට විය..
ටිකෙන්ටික ජයවීර අසලට ආ කසුන්,
"මං වගේ තරුණයන්ට කරපු අපරාධ වලට
වන්දි ගෙවන්නට සුදානම් වෙයන්"
ගාමිනි සිදු වන දෙ පිලිබඳව කිසිවක් සිතාගැනීමට බැරිව
බලාගෙන සිටියෙය..
කසුන් ජයවීරව බෙල්ලෙන්
අල්ලා ඉහලට විසි කලේය..
ඉහලට ගිය ජයවීර බිමට වැටුනේ නැත..
ඔවුගේ කකුල් මාන්චු වැනි වැලක පැටලෙන්නට විය..
එවිට ජයවීරත් ඉට මාස 6 කට පෙර කසුන්ව වධකාගාරේ
එල්ලා තිබුන අණ්ධමට කකුල් වලින් එල්ලෙනට විය..
"අනේ මාව මරන්නට නම් එපා"
ජයවීර කසුන් ඉදිරියේ බැගා පත් වෙන්නට ගත්තෙය..
කසුන් කෝපයෙන් ජයවීර දෙස බලා සිටියේය..
ටික මොහොතක් ගත විය..
ජයවීර එල්ලි සිටින වැල් ගාර චලනයක් වෙන්නට පටන් ගැනිනි..
වැලේ ඉයල සිට පහලට යම් කලු පැහැය ගත් දෙයක් ..
ගමන් කලේය..
ඒ සමගම ජයවීර මරාන්තික ව කෑගසන්නට විය..
ටිකෙන් ටික ජයවිරගේ කැගැසිම අඩු විය..
තව ටිකක් පෙලා ගත වෙන විට ජයවීර බයානක මරනයක් හිමි කර ගත්තෙය..
කිසිවක් සිතා ගැනීමට බැරිව සිටිය ගාමීනි දෑක්කේ
ජයවීරගේ එල්ලෙන බෙල්ලේ වටේ එතිගෙන සිටිය විශාල සර්පයෙකුය..
බියෙන් සිටිය ගාමීනි දෙස කසුන් හැරි මොහොතක් වෙලා බලා සිටියේය..
"අනේ බුදු සර් මං ඔය වැඩවලට නෑ"
කියමින් ගාමීනි තම අතේ තිබුනු t56 අවිය බිම දමා දුවන්නට විය..
දිව ගිය ගාමිනි බිම වැටි වැටි වැන් රථය අසලට දිව ගියේය..
එයට ගොඩ උන ඔවු වැන් රථය ඉෂ්ටාන් කරන්නට උත්සා කර අතර,
ගාමිනිට විස්වාස කිරීමට නොහැකි දෙයක් සිදුවිය..
එකවරම වැන් රථය ඉෂ්ටාට් වනට විය..

පසු දා උදේ පොලිස්සිය ජයවීරගේ මිනිය සහ රත්නායකගේ මිනිය සොයා ගන්නවිටත් ඔවුන්ගේ මලකඳන් කකුල් දෙකෙන් එලලා තිබුනේය.
පොලිස්සිය සැක කරේ
මෙ වැඩය විප්ලවකරුවන්ගේ වැඩක් බව
නමුත් මියගිය අයගේ අවි ආවුධ
එතනම තිබිම පිලිබඳව යම් නිගමනයකට එමට නොහැකී විය..
ගාමීනිත් කිසිම දෙයක් මතක නැති බව දිගෙන් දිගටම කියන්නට විය..
නිමි..

No comments:

Powered by Blogger.