ලොකු මහත්තයාගේ අවතාරය

පියල් දුප්පත් කරුණයකි ඔහුගේ බිරිඳ වූ නිලූ අතර ඔහු එක් දරු පියෙකි .තමාටම කියා ඉහට වහලක් නැති පියල් ජීවත් වූයේ කුලියාපිටියේ පිහිටි තම ලොකු අයියලගෙ ගෙදර ය .නමුත් ලොකු අයියා පියල්ට සහ බිරිඳට සැලකුුවේ කුඩඅම්මාගේ සැලකිලිය.එන්න එන්න ම ප්‍රශ්නය වැඩි විය .නිලු කියා සිටියේ පියල්ට අයියලාගෙ ගෙදරින් ගොස් කුලියට හෝ ගෙයක් රැගෙන ජීවත් වෙමු කියාය.
එදා සෙනසුරාදා වකි කුලියාපිටිය ටවුන් එකේ රැකියාවක් කරපු පියල් එදා හවස ගෙදර පැමිණියේ ඉරිදා ලංකාදීප පත්තරය රැගෙන ය. එ් තම බිරිද සහ දරුවා සමඟ නිදහසේ ජීවත්වීමට ස්ථානයක් සොයා ගැනීමට ය .පැයක පමණ කාලයක් පත්තරේ කිය වූ පියල්ට අවසානයේ නෙත ගැටුණේ මෙවැනි දැන්වීමකි. ""ජා ඇල ඒකල ප්‍රදේශයේ පොල් වත්තක් බලා ගැනීමට පවුලක් අවශ්‍යය කර තිබෙි.අමතන්න 077*******."" පියල්ට ඕනේ උනේ පුළුවන් තරම් ඉක්මනට නිලූ සහ දරුවා කැටිව අයියලා ගෙදරින් පිටත්ව යෑමට ය .අයියාගේ ගෙදර සිටිනවාට වඩා මිෙම පොල්වත්ත බලාගෙන සිටීම හිතට සහනයක් බව පියාට වැටහී ගියේය .එදා සදුදා දිනයකි තවත් ප්‍රමාද නොවී පියල් දැන්වීමේ තිබූ දුරකථන අංකයට ඇමතුමක් ගත්තාය .සුළු මොහොතකින් කෙනෙක් කතා කළාය .පියල් මෙසේ ඇසුවේය .පත්තරේ දැන්වීමක් දාලා තිබුණා වත්තක් බලා ගැනීමට පවුලක් අවශ්‍යයි කියා ඒ ගැන බලන්න ඈයි කතා කලේ පියල් අහිංසක විදියට කීවේය .දුරකථනයෙන් සම්බන්ධ සිටි පුද්ගලයා පියල්ගේන් මෙසේ ඇසුවේය. ඔව් ඔයාගේ නම .මම පියල් සර් පියල් කියා සිටියාය .මම තමයි වත්ත අයිති කාරයා .හොඳයි පියල් ඔයා ජා ඇලට ඇවිත් මට කෝල් එකක් දෙන්න .මම එන්නම් ඔයාලව ගන්න එසේ කියා ඔහු දුරකතන ඇමතුම විසන්ධි කළේය .තව සුළු මොහොතක් අප්‍රමාද නොවූ පියල් ඒදින උදෙන්ම කුලියාපිටියේ සිට ජා ඇල දක්වා බස් රථයෙන් ගමන් ආරම්භ කළේ ය .හවස් භාගය වන විට ජා-ඇල බස් හෝල්ට් එකට පැමිණීමට පියල්ට හැකිවිණි .පොල්වත්තේ හිමිකරැ පැවසූ පරිදි කෝල් එකක් ගත්තාය .හෙලෝ සර් අපි ජාඇල බස් හෝල්ට් එකේ ඉන්නේ පියල් පැවසීය .ඔ කේ පියල් ඔයලා ඔතනම ඉන්න මම එන්නම් ඔයලාව ගන්න ⁣පොල්වත්තේ හිමිකාර පැවසුවා ය .මද වේලාවකින් පියල් ඉදිරියේ සිටියේ නවීන පන්නයේ කැබ් රථයකින් පැමිණි පිරිපුන් ශරීරයකින් යුත් පුද්ගලයෙකි.ඔහු තමාට කතා කළ වත්තේ අයිතිකරු යන්න වටහාගන්න පියල්ට වැඩි වෙලා නොගියේය .අහ් මේ පියල් වෙන්න ඇති පොල්වත්තේ හිමිකර පැවසුවාය ඔව් සර් මම තමයි යැයි පැවසුවා ය .ඔහු හොඳ පුද්ගලයෙකි පියල්ට වැටහී ගියා ය. හොඳයි පියල් අපි යමු වත්තට හිමිකරු පැවසුවා ය .කැබ් රථයට ගොඩ වූ පියල් සහ බිරිඳ තම දරුවා සමග ගමන් ආරම්භ කළා ය .පියල් පොල්වත්ත තියෙන්නෙ ඒකල ප්‍රදේශයේ වත්තෙ හිමිකරු පැවසුවාය .ගමන් ගන්නා අතතුර පියල් ගැන විස්තර ඇසූ පසු පියල් ගැන හිමිකරුට පැහැදීමක් ඇති විය .රථය නොනවත්වා දිගටම කතා කළේ ය .පියල්ගේ සිතට අමුත්තක් දැනුන ද ඒ කුමක්ද තේරුම් ගැනීමට හැකියාවක් තිබුණේ නැත.

වේලාව සවස 4.00ට පමණ ඇත.මහ පාර දිගේ පැමිණි කැබ් රථය ගුරු පාරක් දිගේ ගමන් කළා ය .දෙපැත්තෙන්ම වෙල් යායකි.සුළු මොහොතකින් කැබ් රථය නතර කෙරුවේ අම්බලන් වූ ගේට්ටුවක් ඉස්සරහ ය.හිමිකරු කැබ් රථයෙන් බැස ගේට්ටුව විවෘත කලාය .ගේට්ටුව විවෘත වූයේ අවට තිබූ පරිසරය පාලු මකමින් ය.ඉතාමත් මූසල හඬකින් ගේට්ටු විවෘත එනවාත් සමගම හමා ගිය සීතල සුළඟ ඔවුන්ගේ ඇඟ හිරි කොට පවා මතු කළා .නිලු වත්තට ඇතුළු වීමටත් පෙර ඉතාමත් භය වී තිබුණි කැබ් රථය ගේට්ටු අසල නතරකර වත්තේ හිමි කරු ඔවුන් සමඟ පයින්ම අඩි පාරක් දිගේ ඉස්සරහට පියමැන්නාය මඳ වේලාවකින් පියල්ට ඇස ගැටුණේ තරමක් විශාල අබලන් වූ පාළුවට ගොස් තිබූ නිවසකය.බැලූ බැල්මට බියකරු වු නිවස පියල් ගේ බිරිඳ ට සිතුනේ එම නිවස පලු සුසාන භූමියක් ලෙස ය .වත්තේ අයිතිකරු ගේ හැසිරීම වෙනසක් විය .පියල් ද එය හොඳින් වැටහී ගියේය .නිවසේ යතුර පියල් ගේ අතේ තිබු වත්තේ හිමිකරු පියාට මෙසේ පැවසුවාය මන් ඔයාට රෑට කන්න පාන් ගෙනත් ඇති අද ඔහොම ඉන්න හෙට ටවුමට ගිහින් අවශ්‍ය දේවල් අරගන්න පවසා පියල්ගේ අතේ රැපියල 5000ක් තබා ඔහු තම කැබ් රථයේ නැගී විදුලි වෙිගයෙන් යන්නට ගියා ය .දිග සුසුමක් හෙලූ පියල් නිවසෙහි යතුර රැගෙන දොර විවෘත කළාය.බියකරු වූ හඬක් නංවමින් දොර විවෘත වුණි.පියල් රැගෙන ආපු බඩු මුට්ටු ටික අසළ තිබූ මේසයක් උඩ උඩ තැබුවාය .ගමන් මහන්සිය හැමෝටම තිබුණි පොඩ්ඩක් අස්කර ගත්තේ හැකිතාක් ඉක්මනින් නිදා ගැනීමට ය .වත්තෙ හිමිකරු රැගෙන ආපු පාන් ආහාරය ගැනීමට සඳහා නිල සූදානම් වූවාය .පන් සමග පරිප්පු වෑංජනයක් ද මස් ව්‍යංජනයක් ද වූයේ ය .පුදුමයකි පරිප්පු වෑංජන සහ පාන් වලට මුකුත් වෙලා තිබුණේ නැත .නමුත් මස් වෑංජනය නරක් වී තිබුණි නිවස පුරා ඉතා අප්‍රසන්න දුගදක් හමා ගියා ය .ඒ පිළිබඳව වැඩි ය නොසිතූ නිලු මස් ව්‍යංජනය විසිකර පරිප්පු සමඟ පාන් අහාරයට ගත්තාය .ගමන් මහන්සිය වැඩි නිසා ඔවුන් නින්දට වැටුනි නොදැනීම ය .

පියල් අවදි වන්න නිලූ කතා කළේ පසුදා උදෑසන අට පසුවී තිබුණි නිසා ය .මිදුල අතුගාන්න ඉදලක් නැහැ .මකුළු දැල් කඩා ගන්න ඕනි කියා නිලු පැවසුවා ය .වත්ත පල්ලෙහා ඇති ලිදේන් මූණ කට සෝදා ගත් පියල් .ටවුමට බලා පිටත් වුනේ නිවසට ඕනේ බඩු බාහිර දෑ රැගෙන ඒමට ය.ටවුමට පැමිණි පියල් තමාට අවශ්‍ය දේවල් රැගෙන .ගුරු පාර දිගේ වත්ත දෙසට එන පියල් අසලින් බයික් ඒකක් නතර කළේය .මැදිවියේ පුද්ගලයෙකු විය ඔහු මෙසේ පැවසුවා ය. ඔයාලා නේද වත්තට ආපු මුර පවුල ඕකෙ ඉන්න එක නම් එච්චර ලේසි නැහැ ඕකට දැන් පවුල් කීයක් කියලා ආවද කාටවත් ඉන්න බැරි වුණා .මාසයයි දෙකයි ඔක්කොම යනවා ඕක හොල්මන් ගුහාවක ඕකෙ ඉන්න බැ තියෙන මුසල පාට .ඔයාලත් ජීවිතේ බේර ගෙන ඕකෙන් දැන්ම ගියොත් හොඳයි කියා ඔහු බයික් එක පණගන්වා ඔහු ගේ ගමන ගියාය ..පියල්ට මුකුත් හිතාගන්න බැරි වුණි .ඒ මනුස්සයා මොකක්ද කිව්වේ මොකක්ද ඒකෙ තේරුම කිසිවක් සිතාගැනීමට පියල් ට නො හැකි විය .කල්පනා කරමින් නිවස බලා පිටත් වුණි .පියල් ලොකු කල්පනාවක ඉන්නවා දුටු නිලූ මෙසේ ඇසුවාය මොකද පියල් කල්පනා කරන්නේ මොකක්ද ප්‍රශ්නේ බයික් එකේ පැමිණි තැනැත්තා පැවසූ දේවල් නිලූගෙන් සඟවා සිටීමට පියල් සිතුවාය .එයට හේතුව නම් නිලූ පොඩි දේටත් බියට පත්වන නිසාය .ටිකින් ටික නිවස සම්පූර්ණයෙන්ම අස්පස් කර ගත්තාය .පොල් වත්තේ දකුණු පසට වෙන්න කුඩා නිවාස 2කි.එම නිවාස 2ක ඇරෙන්නේ වත්ත අහලක වත් තවත් මිනිස් පුළුටක් දැකගන්න නොවීය .සතියක පමණකාලයක් ගෙවී ගොස් හමාර ය .පියල් ගේ ළමයාගේ කට හඬ නිසා ගෙදර පාළුව මැකී ගියේය .පියල් පියල් ඉක්මනට මෙහාට එන්න නිලූ කෑගැහුවේ මහ හයියෙන් .වත්ත පල්ලෙහා සිටි පියල් දුවගෙන ආවේ නිලූගේ කෑගැහිල්ල නිසා ම ය .ඇයි මොකද වුනේ නිලූ කුමක් හෝ දෙයක් කීමට උත්සහ කළ ද හොඳටෝම බය වී තිබූ හෙයින් වචන පිට නො වී ය .පියල්ට කිසිවක් සිතාගත නොහැකි .මඳ වේලාවකින් නිලූ දරුවා යන වචනය කිහිප වරක් පැවසුවා ය .ඉතින් මොකද .ළමයා කාත් එක්ක හරි සෙල්ලම් කරන බව නිලූ පියල්ට පවසා සිටියේ ඉතාමත් අමාරුවේනි.එහෙත් පියල්ට කිසිවක් දැක ගැනීමට නො හැකි විය .පැය බාගයකට පමණ පසු ව .නිලූගේ බය බව පහව ගොස් තිබුණි .පියල් ද බය වී තිබූ අතර ය ඒ බව සඟවා සිටියාය .මොන පිස්සුද විකාර ළමයා කාත් එක්ක සෙල්ලං කරන්න ද නිකන් ඔයා බය වෙලා .රාත්‍රී ආහාරය සඳහා නිලූ විසින් හාල්මැස්සන් සහ වූ වම් බටු වෑංජනය සාදා තිබුණි .රාත්‍රී හතට පමන ආහාර ගත් ඔවුන් නින්දට වැටුනි .දරුවා හොදටම නිදි .පියල් ගේ පපුවට තුරුලු වු නිලු පැවසූවෙි.අනේ පියල් මට බයයි මොකක්දෝ අමුත්තක් දැනෙනවා පියාල් ..අනේ ඔයා ට විකාර එහෙම මුකුත් නැහැ ඔව්වා ගැන හිතන්න එපා .මං ඉන්නවා නේ පියල් පැවසුවේ ඉතාමත් ආදරයෙන්ය.සුළු මොහොතකින් දෙදෙනා ම නින්දට පැමිණියාය .පියාල් එක පාරටම අවදි වූයේ ය .ඒ කුස්සිය පැත්තෙන් මොනවා හෝ පෙරළෙන හඬක් ඇසී මෙනි වේලාව පන්දර 1.00පසු වි ඇත.බිරිද සහ දරුවා තද නින්දට වැටි ඇත.කුස්සිය දෙසින් ඇසුනු ශබ්ද කුමක්ද .පියල් හිමින් සීරුවේ ඇඳෙන් බිමට බැස කුස්සිය දෙසට පියමන් කළා ය .සිතා ගත නොහැකි විය කිසිදු දෙයක් පෙරලි නොමැත .තමන් සිහින දකින්න ඇති සිතා පියල් නැවතත් ඇඳට පැමිණ නිදා ගන්නට සූදානම් විය .පියල්ට නින්ද ආවා පමණි .නැවතත් අර ශබ්දය ඇසුනි .පියල් මේ පාරනම් හොඳටම බිය වුණි .පියල් නැවතත් කුස්සිය දෙසට පියමන් කලාය.එහෙත් කිසිවක් දැක ගැනීමට නොහැකියි විය .පියල්ට නැවත නින්ද ගියේ නැත. දහසක් දේවල් කල්පනා විය .ඇත්තටම මේ ගෙදරම හොල්මන් තියනවද බයික් කාරයා කියපු කතාව ඇත්ත ද .කිසිවක් සිතා ගැනීමට නොහැකි විය .පාන්දර පහට පමණ පියල්ට නින්ද ගියේ ය ..

පියල් ...... නිලූ කතා කෙරුවේ තරමක් ගැඹුරු හඩින් ය .කුස්සියේ සිටි කතා කරපු නිලූ දෙසට පියල් පිය මැන්නේය .පියල් ඔයා ඊයේ රෑ බත් කෑවද මේ බලන්න හාල් මැස්සන් බැදුම පොඩ්ඩක්වත් නෑ ලෙව කාලා වගේ .පියල්ට හීන් දාඩිය දැම්මේය තමා බත් කෑවේ නැති බවත් රැ වුන සිද්ධිය මතක් වූයේ ය .නිලූට පැවසුවේ . මට බඩගින්නක් ඇවිත් මම ඊයෙ රෑ බත් කෑවා කියා පියල් පැවසුවාය .ඒත් තමා ඇත්තටම බත් කෑවේ නැති බවත් රැ සිද්ධියත් කිසිවක් නිලූට පැවසුවේ නැත .දැන් නම් මේ ගෙදර කුමක් හෝ අද්භූත බලවේගයක් පවතින බවට පියල්ට විශ්වාසයයි .පියල් දැන් මේ පොල් ඉඩමට පැමිණ මාසයක් පමණ වී ඇත වත්තේ අයිතිකරු වත්තට පැමිණියේ නැත .පියල්ට පඩි ගැනීම සඳහා ඔහුගේ නිවසට පැමිණෙන ලෙස පියල්ට කියා සිටියා ය .තම පඩි දිනය ආ බැවින් .පඩි ගැනීම සඳහා පියල් ජඇල බලා පිටත් වූයේ ය .ඒ දිනය සුපුරුදු පරිදි නිලූ නා ගැනීම සඳහා වත්ත පල්ලෙ හා ඇති ළිඳට පියමන් කළාය දිය නා අවසන් වෙලා නිලූ නැවතත් නිවස දෙසට ආවේ ය නිලූ දුටු දෙයින් හොඳටෝම බය වී ගියේ ය පිළිකන්නේ ඉදගෙන තමා දෙස බලන් ඉන්න ඉතාමත් බියකරු වූ මුහුණකින් යුත් විරූපී මිනිහෙක් දුටුවේය .නිලුට මතක එච්චරයි ..සිහිය නැතුව ඇදගෙන වැටුණි සිහිය එනවිට නිලූ සිටියේ නිවසේ ඇඳ මත ය .නිලුගේ කෑ ගැසිල්ල ඈ ඇසුණු වත්ත අසල නිවසේ කාන්තාව සහ ඔහු ගේ සැමියා ඇය නිවසට එක්ක ගොසින් වතුර පොදක් ඉසුවාය .ඇයට සුළු මොහොතකින් සිහිය ආවේය .ඒත් එක්කම පියල් පැමිණියේය.විස්තර ඇසූ පියල් ට කුමක් කරන්නද කියා සිතාගන්නට නොහැකි විය .මේ නන්නාදුනන පළාතේ කාගේ පිහිටක් ද .මේ හොල්මන් වත්තේ ඉන්න බැහැ හිටියොත් තව මොන මොනවා වෙයිද දන් නෑ .දැන් නම් තත්වය එන්න එන්නම භයානකයි .පියල්ට පිහිට හිටියේ අල්ලපු වැටේ අයියා විතරයි .එම අයියට සියලු විස්තර පියල් කියා සිටියාය .නමුත් අයියගෙ පිළිතුර වූයේ පියල් නොසිතු දෙයක්ය.මල්ලි ඔයාලා විතරක් නෙමෙයි මේ වත්තට එන හැමෝටම මේක තමයි වෙන්නේ ලොකු මහත්තයත් එක්ක මේ වත්තේ ඉන්න බෑ මන් ඔයාට විස්තරේ කියන්නම් මල්ලි මෙි වත්ත අයිතිකාර මහත්තයා මැරුණා පස්සේ මේ දේපළ එයාගේ දරුවන්ට ලියල දුන්නා ඊට පස්සේ තමයි එයා මැරුණෙ හරි හොඳ මහත්තයා අපිටත් සලකලා තියෙනවා මල්ලි අපේ ළමයට ගොඩාක් ආදරෙයි වැඩේ කියන්නෙ මල්ලි ලොකු මහත්තයා මැරුනට පස්සෙ දරුවෝ මේ වත්ත ගැන බැලුවේ නෑ මේක පාළුවට ගියා කැලේ වැවුණා .කොල්ලෝ කුරුට්ටෝ හොරෙන් මේකේ් පොල් කඩා ගත්තා මේ වත්ත බලන්න ඒ දරුවෝ මාසෙකට පාරක්වත් ආවේ නෑ .දවසක් හොරෙන් පොල් කරපු මිනිහෙක් ගහෙන් වැටිලා මැරිලා තිබුනා හැබැයි එ මනුස්සයාගේ මුහුණ පුරාම අත් පාරවල් තිබිලා .යකෙක් ගහලා වගේ එදා ඉඳන් මේ වත්තට කවුරුතවත් අතක් තියන්නැ.දරුවොත් හරියට හොයල බලන්නේ නැති නිසා .ලොකු මහත්තයගෙ හොල්මන් මේ වත්තෙ සැරිසරනවා කාටවත් මෙිවත්තේ ඉන්න දෙන්න නැ .ඔයාලා බේරිලා තියෙන්නේ ඔය පොඩි ළමයා නිසා මොකද ලොකු මහත්තයා පොඩි ළමයින්ට ආස නිසා .ඔයාල පුළුවන් තරම් ඉක්මණට මෙහෙන් යන්න .පියල් අසරණ වී ඇත මා කොහේ යන්නද යන්න තැනක් නැත මොනවා කරන්න ද මේ හොල්මන් වත්තේ තව දුරටත් ඉන්න බෑ .පියල්ට කිසිවක් කර ගත නොහැකි විය .අසරණ බිරිඳ දෙස බැලූ ඔහු දිග සුසුමක් හෙළුවේ ය .දෙවියෙක් වගේ අල්ලපු නිවසේ අයියා පියල්ට පිහිට විය .මල්ලි මම දන්න වත්තක් තියෙනවා වෙන තැනක් ඒක හොඳයි ඔයාලා කැමති නම් මං ඔයාව එක්කන් යන්නම් .පියල් එක පයින් යෝජනාවට කැමැති විය . ලක ලැහැස්ති වූ පියල් එදින ම වත්ත කරා පිටත්විය.පියල් දැනටත් ද තමාට උදව් කරපු අයියා බලන්නට පැමිණෙයි .තමා කලින් සිටි වත්ත එසේමය පාළු ගතිය මඟහැරී ගොස් නැත .මිනිසුන් පවසන්නේ තවමත් එම වත්තේ ලොකු මහත්තයා සැරිසරණ බවයි ....









නිමි

No comments:

Powered by Blogger.