නකල්ස් අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව

මම පෞද්ගලිකව මේ හොල්මන් කතා විස්වාස කරන කෙනෙක් නෙවෙයි. මම කතෝලික නමුත් බුදු දහම ගැන යම් අවබෝදයක් තියෙනවා මොකද බෞද්ද පොත පත පරිශීලනය කරන නිසාම මම හැම වෙලේම උත්සහ කරන්නේ අපේ රටේ හෝ වෙන රටක ඉතිහාසය හා බැදුණු අත්බූත සිදුවීම් හෝ අපේ රටේ බෞද්ද දර්ශනය හා සම්බන්ද සිදුවීම් ඔබට ගෙන එන්න. මොකද බෞද්ද දර්ශනය තුලින් අපිට අපේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් ලැබෙන නිසා, ඒ දේවල් වලට ගොඩක් හොද ප්‍රතිචාර මට ලැබෙනවා....

ඒකාකාරී නොවී පොඩි වෙනසකටත් එක්ක හොල්මන් කතාවක් ගෙන්න හිතුව. මේක උපුටා ගැනීමක්. හැබැයි කියවන යද්දී ආස හිතෙන කතාවක්...

අපි කවදත් ලංකාව වටේ ඇවිදලා රව්මක් දාන්න කැමති අයනේ. ඇත්තටම නොවුනත් යාළුවො අතර කටින් හරි ට්‍රිප් එකක් යන එක සාමාන්‍ය දෙයක්. මොකද ට්‍රිප් එකක් ලැස්ති කරන කෙනා සහා ඒ දවසේ එතන ඉන්න කට්ටිය අපි එනවා අපි යමු කිව්වට ට්‍රිප් එක යන දාට ඉන්නේ ට්‍රිප් එක ලැස්ති කරපු කෙනා විතරනේ. අනිත් සෙට් එකම එක එක බොරු කියල අන්තිමට එන්නේ නෑ... ඔහොම ට්‍රිප් නම් මමත් ලෑස්ති කරලා තියෙනවා.

අපි කවදත් කැමති පොඩ්ඩක් ලස්සන තැනකට ගිහින් සින්දුවක් කියල, පොඩ්ඩක් සෙට් වෙලා ,යාලුවෝ එක්ක බොරු ටිකක් කියල එන්න.
කලින්

මම කිව්වා කතාවක් රිවෙර්ස්ටන් පැත්තේ උන පොඩි සිදුවීමක්. අද කියන්න යන්නේ නකල්ස් පැත්තේ උන සිදුවීමක්. සත්‍ය අසත්‍යතාවය ඔයාල තීරණය කරන්න. ඒ උනාට නකල්ස් වල මේ වගේ දේවලුත් වෙලා තියෙනවා, මේ වගේ ස්ථාන ත් තියෙනවා කියල හිතා ගෙන ට්‍රිප් ලැස්ති කර ගන්න එක නම් හොදයි .....

සර් , මම මේ කතාකලේ අර හොයන්න කිව්ව විදියේ වත්තක් එක්ක බංගලාවක් තියෙනවා රිවස්ටන් පැත්තට වෙන්න. අයිති අය ඉන්නේ කැනඩා වල . සර් කැමති නම් මේ සතියේ දවසක් වෙන්කරන්නම් බලන්න යන්න .

මෙසේ කීවේ මම ගනුදෙනු කරන ඉඩම් තැරව්කාරසමගමේ නියෝජිතයා මට දුරකථන ඇමතුමක් හරහා ය .

හරි එහෙනම් සිකුරාදා අපි වෙනුවෙන් වෙන්කරන්න.

සර් සිකුරාදා කියන්නේ හෙටනේ.

ඔව් , අමාරුනම් ඊලග සතියේ යමු.

නෑ මම අදම කියන්නම්. මට විනාඩි 10 දෙන්න . පැය හාගයකට පමණ පසුව මට ඔහුගෙන් නැවත දුරකථන ඇමතුමක් ලැබිණි.

සර් හෙට පුළුවන් . හරි එහෙනම් . මට යන විදිය විස්තර එහෙම email එකක් එවන්න . හරි සර් මම දැන්ම එවන්නම් .

බිරිද සහ මම පාන්දරින් සුදානම් වුයේ නකල්ස් කදු අතර ඇතැයි කියන මේ සුන්දර පැරණි බංගලාව සහ වත්ත බලන්නට යාමට ය . පාන්දර ම කොලබින් පිටත් උන අප මාතලේ ට ලගා වන විට උදේ 6 ට පමණ වෙන්නට ඇත . බිරිදගේ නිවසක් මහනුවර මාතලේ A9 මාර්ගය අසලම ඇති නිසා අප එහි ටික වෙලාවක් නතර වී යන්නට තීරණය කළෙමු . ඔය අතර උදේ 7 ට පමණ මම ගනුදෙනු කරන ඉඩම් තැරව්කාරසමගමේ නියෝජිතයා මට දුරකථන ඇමතුමක් හරහා නැවත අමතනවා ය

සර් කොලබින් පිට උනාද ?

ඔව් මම දැන් ඉන්නේ මාතලේ .

සර් ඔය ඇත්තම ද ?

ඔව් , මොකක්හරි ප්‍රශ්නයක් ද ?

නෑ …. සර් .. මේ මේ .. මම කියන්න ගියේ …

මොනවද කියන්න

සර් කාර් එකේ නම් ඔය පාරේ යන්න බෑ . පාර හොදටම සවුත්තුයි .තව මුළු දවස පුරා මිදුම තියෙනවා . මොකද කරන්නේ කියල කල්පනා කරේ මම .

ආ . එකට මොකද , අපි අවේ ජීප් එකේ .

සර් අපි කිව්වේ …

මමයි මගේ වයිෆ් එච්චරයි .

හොදයි සර් එහෙනම් කමක් නෑ .

සර් එහෙට ගිහින් මට කෝල් එකක් දෙන්නකෝ .

හරි .

තැනක්යු සර් .

උදේ කෑමත් සුදානම් කරගෙනම මමත් බිරිදත් නකල්ස් කදු අතර ඇතැයි කියන මේ සුන්දර පැරණි බංගලාව සහ වත්ත බලන්නට පිටත් උනෙමු. ගමන් මග දැක්වෙන සිතියමේ පරිදි ගමන් කර අප , මිනිස් වාසස්ථාන වලින් එන්න එන්නම ඈත් වන බවක් මට හැගුණි . හිටපුගමන් තේ දළු පටවාගත් ලොරියක් අප ඉදිරියේ මුණගැසුන අතර මිනිසුන් අතරමග අල්ප විය .

මේ අතර පරිසරයේ සුන්දරත්වය අපුර්වව විදිමින් අප සෙමෙන් ඉදිරියට ගමන් කර අතර උදේ 8 පසු වන විටත් ඇගට දැනුනු සිතල ඉවසා ගැනීමට වෑයම් කල යුතුව තිබුණි .

ටික දුරක් ඉදිරියට යන අපට හමුවුයේ අවුරුදු ගණනකට පෙර අතහැර දැමු තේ වත්තකි . මාර්ගය වැටී තිබුනේ මේ තේ වත්ත හරහා ය . සිතියමේ පරිදි ඉදිරි කිලෝමීටර 2 පසුවන විට පැරණි බංගලාව හමු විය යුතු ය . වැස්සට තාර කුට්ටි පිටින් හොදා ගොස් යට ගල් මතුව තිබෙන , දිය සිරාවක් සහිත සීග්‍ර බවුමක් සහිත මාර්ගයක යන්නා වූ මේ ගමන සුන්දර එහෙත් ත්‍රාසය ගෙනදෙන්නක් විය .

අවට එන්න එන්නම අමුතු මුසල පාලු ස්වාභාවයක් ඉසිලු අතර අප ජීප් රථය භාදා මැදින් ඉදිරියටම යන්නට විය .

“අපි දැන් මේ පැය ගානක් කන්දක් නගිනවා නේද ” බිරිද මෙසේ විමසිය .

“ඔව් දැන් කොච්චර වෙලාවක් නම් අවද ” මම කීමි .

“මේක අරගෙන මාස දෙකක් වත් නෑ , වාහනේ ඉවරයි මේ පාරේ ගිහිල්ල ” දැන් ඇසෙන්නේ බිරිදගේ දෝෂාරෝපණය ය ය .

සත්‍ය වශයෙන් ම ඇය මෙම ජීප් රියට තදින් අසා කර අතර මෙය මිලදී ගැනීම අගේ තීරණයක් විය .

” නෑ , මේවා හදල තියෙන්නේ කොහොමත් ඕනම පීඩනයකට ඔරොතු දෙන්න ” එසේ කියා මම බිරිදව අස්වැසුවෙමි .

ඇය නිහඩ වූ අතර , බඩගිනි දැනුන බැවින් පාරේ ඉඩ ඇති තැනක් බලා වහනය නතර කලෙමි . වාහනයෙන් බැස උදේට කන්නට ගෙනා පාන් පෙට්ටිය සහ තේ සහිත උණුවතුර බෝතලය එලියට ගත ගත් අප පරිසරයේ සුන්දරත්වය විදිමින් උදේ ආහාරය රස විදිමි වාහනයෙන් එලියට වී රස විදිමින් සිටියෙමු .

ඔය අතර ඉතා ගණ මිදුමකින් අප අවට වැසි ගිය අතර ඈත ෆයිනස් වනය අපට යන්න කියන්නාක් මෙන් කියනු මට දැනුනි . ඇත්තෙන්ම මේ පරිසරය අතිශය ගුප්ත බවක් පෙන්නුම් කර අතර අප එය වැඩිය හිතන්නට නොගියෙමු .

ඉදිරියෙන් අපට පෙන්නේනට වුයේ දර මිටි හිස තබා ගෙන එන වයස 60 ඉක්මවූ පිරිමියෙක් සහ අවුරුදු 10 පමණ වයස පුංචි පුතෙක් ය .
අප අසල ට පැමිණි ඔවුන් වරෙක අප දෙසත් වරෙක වහනය දෙසත් මාරුවෙන් මාරුවට බැලු අතර , ඔහු මාගේ ඇස දෙස නොබලා බිම බලාගෙන මෙන් ඇසුවේ

” නෝනා මහත්තයල මේ උඩහ යනවා ද කියා ය ”

මම කරුණාවන්ත සිනාවකින් “ඔව්” කියා කීවෙමි .

මගේ අවධානය තිබුනේ තමාට උසුලා ගැන්මට අපහසු දර මිටිය වත්තම් කරගෙන සිටි පුංචි දරුවා දෙස ය . මගේ බිරිදත් එසේ ම විය .

“ලොකු උන්නැහේ එන්න පුතත් එක්ක , පාන් කැල්ලක් කලා යන්න , මේ තේ ත් තියෙනව ” කියා මම ඔහුට ආරාධනා කරේමි .

”අනේ …… මහත්තයටයි ,නොනටයි කන්න තියෙන දේ අපි කාල හරියනවද ” කියා බයාදු ස්වරයෙන් ඔහු ඇසු අතර මම පිළිතුරු දුන්නේ , ” මෙතන කිප දෙනෙක්ට සැහෙන කෑම තියෙනවා ” කියායි

අර පුංචි දරුවා ව මගේ බිරිද අතින් අල්ල ගෙන ඔහුට අපගේ පාන් පෙට්ටිය දිගු කලා ය . පාන් පෙත්තක් අතට ගන්නට පෙර මගේ බිරිදගේ ඇස් දෙස බලු කුඩා දරුවා ලජ්ජාවෙන් මෙන් සිනා සි බිම බල ගනිමින් පාන් පෙත්තක් අතට ගත් අතර මම පුංචි දරුවා දේ පියා ට පාන් පෙට්ටිය පැවෙමි .

ඔවුන් කන අතර මම ද බිරිද ද ඔවුන් සමග කෑවේමු . පසුව “තව කන්න කන්න ” කියා බිරිද ඔවුන් දෙදෙනා ටම නැවත පාන් පෙට්ටිය පෑවා ය. මෙවිට අර දරුවා පාන් පෙති දෙකක් අරගෙන තම සාක්කුවට දමාගත් අතර “බිරිද දෙස කුළුපග සිනාවක් සහිතව සුරතල් හඩින් කිවේ “නංගි ටයි අම්මටයි” කියා ය .

මේ අතර මගේ බිරිදගේ ඇස් කදුලින් පිරී ගිය අතර මගේ හිතටත් මහත් වේදනාවක් දෙන්නට විය .බිරිද අර පුංචි පුතාව ආදරයෙන් වැළද ගත් අතර කියා සිටියේ ” පුතා ඔක්කොම ගෙනියන්න ” කියා ය . පසුව ඇය ජීප් රථය වෙත ගොස් වාහනයේ කුඩා ශීතකරණය විවර කර එහි වූ ඇගේ ප්‍රියෙතම toblerone chocolate බාර් දෙකම ද , යන අතරමග කන්නට ගත් පලතුරු ද දරුවට පැවා ය . දරුවා සතුටෙන් ඉපිල ගිය අතර අප දෙදෙනා ඔහු දෙස ආදරයෙන් බලන්නට වීමු .

පසුව අප තේ බොන්නට පෙර අර දරුවට සහ දරුවාගේ පියා ට තේ වත්කර දුන් අතර , අර පුංචි පුතා ගේ ඇහැ තිබුනේ වාහනයේ විවර කර දොර තුලින් පෙනෙන සුක්කානම සහිත රියදුරු අසුන වෙත ය . ඔහු බයෙන් මෙන් ඒ ලගට ගොස් තම කුඩා ඇගිල්ල සෙමෙන් අත ගානවා මම දුටු වෙමි .

මම ඔහුව පුදුම කරවන්නට මෙන් පිටුපසින් ගොසි කුඩා දරුවා උස්ස ගෙන විවර කර ඇති රියදුරු ආසනය වෙත ඔහුව උස්සා ඉන්දවූ වෙමි . හැමෝටම සිනා ගිය අතර මම අනෙක් පසෙන් නැග වහනය පන පනගන්වා තැබුවෙමි . දරුවා ගේ ඇස් සතුටෙන් ඉපිල ගිය අතර අප දෙදෙනා ද සතුටු සිතුනි . අර දරුවාගේ පියා මේ වෙන දෙය දෙස කට අරගෙන බලාගෙන සිටි අතර ඔහු කට හඩ අවදි කර කියා සිටියේ “උබේ ඔය කලිසමේ මඩ මහත්තයා ගේ වාහනේ ගැවෙයි කියා ය”

මම පෙරලා කිවේ “එකට මොකද ලොකු උන්නැහේ මඩ නම් පිහදලා දන්න පුළුවන් නේ , එත් අපිට පුළුවන් ද මේ පුතාගේ හිතට සතුට ගෙන්න ” අවසානයේ දෙදෙනාම තේ බී , අපද තේ බී පසුව අර දරුවාගේ පියා මගෙන් විමසන්නේ “අපේ මහත්තයා මේ උදාහ යනවා කිව්වට කිව්වේ නෑ නේ කොහෙද කියල ”

“අපි හුලන්කපොල්ලේ බංගලාව වත්ත ගන්න කියල ” මම කීවෙමි

අර පුද්ගලයා එකවරම ගල් ගැසී ගිය අතර ගත් කටටම කිවේ , ” අනේ මහත්තය , ඕක නම් ගන්න එපා . ඔතනට දේව සාපයක් වැදිලා තියෙන්නේ . මහත්තය නෝනා අපිට කන්න තමන්ගේ පංගුව දීල තව තව දේවලුත් දුන්න . දෙයියෝ පොලවට අව වගේ ළමය වාහනේ තියා ගත්ත . ඉතින් මේ දේ නොකිය බෑ එකයි කිව්වේ . ” ඔයඉස්සරහ වංගුව හැරුනම බංගලා වත්ත මහත්තය ” වාහනේ ටික දුරයි යන්න තියෙන්නේ” එසේ කියාගෙන ගිය අතර මම සහ බිරිද මුහුනට මුහුණ බලා ගතිමු .

පසුව ටික දුරක් යන්නට වූ තැන අප අර පාළු බංගලාවට පැමිණි අතර බංගලාව දුටු දෙයින් විශ්මයට පත් විය . “හුලන්කපොල්ලේ බංගලාව ” බොහෝ කාලයකට පෙර ගරා වැටී ඇති බව ය . අප දෙදෙනාම එකිනෙකට වචනයක් වත් නොදේඩු අතර අවට අමුතු සීතලක් දැනුනි . අප වටා ගුප්ත බලවේගයක් සිටිනු මට දැනුන අතර වහනය නොපෙනෙන තරමටම අමුතුම ආකාරයේ මිදුම් ගුලියක් වහනය වටා තිබෙනු අප දුටුවෙමු . අප දෙදෙනාම බොහෝ කලබල උන අතර කරකියාගන්නට දෙයක් නැතුව මෙන් වහනය දෙසට දිවගියෙමු . මම වහනය ට මොහොතින් ගොඩවූ අතර බිරිද ද එසේම විය .

අර මිදුම තවමත් අප අවට වූ අතර ගස් උගුල්ලන තරමේ හුලගක් අප අවට විය . මම රථය පණගන්වන්නට උත්සහ කර අතර රථය පණ නොගන්විණි .අප තව තවත් බිය විය. ඇත්ත වශයෙන් ම ඒ මරණ බිය වන්නට ද අතැයි මට සිතුනි . විනාඩි 10 පමණ රථය තුල වූ අප වාහනයේන් බිමට බැස අතර බිරිද කිවේ අපි පල්ලෙහට දුවමු කියා ය . අපි දෙදෙනාම පහලට දිව්ව අතර ඉදිරියෙන් සුදු ජාතික ඇදුම ඇදගත් කෙනෙක් යන්තමින් පෙනෙන්නට විය .

ඉදිරියට යද්දී එකවරම අප දෙදෙනා හිටි තැනම නැවතුනේ අප ඉදිරියෙන් සිටියේ මිට සුළු වෙලාවකට පෙර කඩමලු ඇදුමින් සැරසුන වයස 60 ඉක්මවූ පිරිමියා ය . ඔහු සෙමෙන් අප දෙසට පාවෙමින් මෙන් පැමිණි අතර පසෙකින් දරුවා ද විශාල නම නොදත් ගස යට සුදු ඇදුමින් සරසි සිට ගසට මල් පුජාවක් කරන්නට සැරසෙනවා ය . ඔහු මා දෙස සුජුවම බලා අර දරුවා සිටි ගස දෙසට අත දිගු කරා ය . මම සහ බිරිද ඒ දෙසට යද්දී දරුවා අපට මල් පොකුරු දෙකක් දිගු කර අතර එක මල් පොකුරක් ඔහු ගසට පුජා කරන්නට විය .

ඒ අනුව අපි ද අපේ මල් පොකුරු මහා රුක්ෂයට පුජාකර අතර පසුව ගස මුල ඇති මල් වගයක් ගෙන දරුවා අපට ඉදිරියෙන් වහනය දෙසට පාවී ගියේ ය . ඒ අනුව මම ද මගේ අත තදින් මිරිකා බිරිදද ඉදිරියටම යන්නට විය . දරුවා අත වූ මල් වහනය ඉදිරිපස බොනට්ටුවට විසි කර අතර පසුව දරුවා නැවත අර ගස දෙසට යන්නට විය . අප ට කටින් වචන පිට උවද හඩ පිට නොවී ය . දරුවා නැවත වේගෙන් වාහනයේ බොනට්ටුව වෙත නැග හුණු වලට සමාන කුඩු වලින් ස්වස්තිකය ලකුණ සහ තවත් තිත් 4 තබන්නට විය . පසුව දරුවා සහ සුදු ඇදගත් පිරිමියා අප අසලින් අතුරුදහන් වූ අතර මම නැවත වහනය පනගන්වන්නට විය .රථය මුර්දු හඩින් පන ගැන්විය .

අප පුළුවන්තරම් ඉක්මනින් නැවත පැමිණි අතර පසුව ආසන්නම ජනාවාසයේ ඇති පුල්ලෙයාර් (ගණ දෙවි) කෝවිල වෙත වහනය නැවත්වූ අතර එහි වූ අය බියපත් වූ අප දෙස කන්නට මෙන් බලන් සිටි අතර කුරුක්කල් තුමා පැමිණ ඇසුවේ ,

“මහත්තයා ලා දෙයියෝ තමයි බේරලා තියෙනවා”

“බය වෙන්න දෙයක් නෑ පරිස්සමෙන් පල්ලම් බහින්න” කියා ය .

ඉන් පසුව අපට හමු වූ පන්සල ට නැවතත් වහනය හැරවූ මම වහනයෙන් බහිදී ම වැඩිහිටි හාමුදුරුවන් වහන්සේ නමක් පන්සල් මිදුලේ සිට අප දෙස බලා සිටි අතර , මමත් බිරිදත් ලගට ගොස් හාමුදුරුවන්ට වන්දනා කර න ලදී .

මම , ” අපේ හාමුදුරුවනේ …….. මේ අපිට …… ” කියනවත් එක්කම ” මම හැමදෙයක් ම දන්නවා මහත්තය …. වෙච්චි දේ ”

“එංගලන්තේ ඉදන් උපන් රටට අවේ මාරයාගේ ඕනකමට මහත්තයෝ … මහත්තය විතරක් නෙවෙයි නෝනත් ” හාමුදුරුවෝ කටහඩ පාදමින් කතාකරන්නට විය .

” මහත්තයා ගේ , නෝනගේ කරුණාව දැකල ඔයගොල්ලෝ ගෙනියන්න ආපු මාරයා අඩාගෙන ගියා ”

“මට මේ මුකුත් තේරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ ”

යනකො අවාසගේ පැත්තට . පිරිත් නුල් බැදලා තෙල් ටිකක් ගාන්න .

හාමුදුරුවන්ගේ ආශීර්වාදය සමගින් රාත්‍රී 8 ට පමණ මාතලේ නගරය වෙත පැමිණි අප කෙලින් ම ගියේ බිරිදගේ මාතලේ නිවසට ය . ඒ රාත්‍රියේ එහි ගත කිරීමට වන අතර ක්‍රියා විරහිත වූ දුරකථන නැවත යත්තාතත්වයට පත්ව තිබුනේ අපගේ කිසිදු උපකාරයකින් තොරව ය .

පසුව මම ගනුදෙනු කරන ඉඩම් තැරව්කාරසමගමේ නියෝජිතයාට ඇමතු අතර ආයතනයේ සේවිකාවක් කියා සිටියේ “සර් ගේ එකවුන්ට් එක හැඩල් කරන ජයසංක මිට දවස් දෙකකට කලින් බයිසිකලේ හැප්පිලා මැරුණා ” කියා ය .

මෙය යමෙකු හාස්‍යයෙන් බැහැර කරන ආකාරයේ කතාවක් නිසා පහුගිය කාලය පුරාවටම ලියන්නට නොගියෙමි . එහෙත් මේ සියල්ල මා හා බිරිද පුද්ගලිකව වින්ද අත්දැකීමක් නිසා මෙසේ ලිය තබන්නට තීරණය කරනවා ය .

No comments:

Powered by Blogger.