මැරිලාත් නිර්මලාට බැල්ම දැමූ අප්පුහාමි
දාන, ශීල, භාවනා යනුවෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා හැඳින්වේ. මෙහිදී දානය පමණක්ම සාම්ප්‍රදායිකව ඒකාකාරීව සිදුකිරීමෙන් පමණක් කිසි කලෙක නිවන් දැකිය නොහැකිය. ශීල, භාවනා දෙකද වර්ධනය කළ යුතුය. දානයද නුවණින් සිදු කළ යුතුය. දන් දීමේදී ලෝභ, ද්වේෂ, මෝහ යන ත්‍රිහේතුක අකුසල් සිත් ගොඩනැඟෙන්නට ඉඩ නොතබා දන් දීම නුවණින් දන් දීමයි. අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල හේතු ත්‍රිත්වය නිසා ඒ දානය මහත්ඵල මහානිශංස වේ. මහානිශංස ලැබීමට නම් දාන වස්තූන් කෙරෙහි ආශාව අත්හැරීම හා ලබන්නාගේ හිතසුව පිණිසම දීමයි. ලෝකයට පෙනෙන්නට නම්බුවට දන්දීම තුළ ලෝභය, මානය ගැබ්වී ඇත. ධර්ම දානය සියලු දානයන්ට වඩා උතුම් බවද කියැවේ.
එසේම වේලාම සූත්‍රයේ සඳහන් වන පරිදි 84,000ක් දාන වස්තූන්, එනම් රන්, රිදී, මුතු, මැණික්, පලංගම, ආහාර, පාන, වස්ත්‍ර, අලි ඇතුන්, අශ්වයන් ආදී 84,000 බැගින් වූ මහා දාන වස්තූන් 84,000 දෙනකුට පරිත්‍යාග කරන ලද අසදෘශ මහා දානයටත් වඩා මොහොතක් ලෝක සත්ත්වයාට මෛත්‍රි කරන්නේ නම් එය මහත් වූ ආනිශංස ඇති දානය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. එසේ නමුත් දෙන දානයට විපාක ආනිශංස හිමි වෙයි. එහෙත් එය මහත්ඵල වන්නේ සසර දුකින් එතෙර වන්නට හේතු වාසනා වන්නේ කරුණා, මෛත්‍රි සහගතව දෙන දානයයි. සියල්ල සමබරව නොසිතා මස්, මාළුවලට වඩාත් මුල් තැනක් දෙන්නේ නම් ඒ ගැනද දෙවරක් සිතා බැලිය යුතුය. අප එසේ සඳහන් කරන්නේ දානය ලබන්නා කෙසේ වෙතත් අපේ පියවි ඇසට නොපෙනෙන දුගතිගාමී බොහෝ සත්ත්වයන් මස්, මාළු කරවල බැදුම්වලට ප්‍රිය කරන නිසාය.
අඹේපුස්සේ පදිංචි නිර්මලා පනස් හැවිරිදි ගුරුවරියකි. ඇගේ සැමියා සමන්ත ද ගුරුවරයෙකි. නිර්මලා නිතර අසනීප වන්නට වූවාය. ඇඟපත දරුණු රුදාව, හිසරදය ඇයට පීඩා ගෙන දුන්නේය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොස් පරීක්ෂණවලට යොමුවීමෙන් ඇගේ ශරීරයට විසබීජයක් ඇතුළු වී ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කොට ඇත. ඊට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවීය. ඊට අමතරව මේ අඹු සැමි දෙදෙනාත් දූ දරුවෝත් රාත්‍රියට සිහිනෙන් බියට පත්ව කෑ ගසාගෙන අවදි වන්නට වූහ. නිවෙස පුරා හිටිහැටියේ මහත් දුර්ගන්ධයක් පැතිරෙන්නට විය. දොර ජනෙල්වලට තට්ටු කරන ශබ්ද ඇසෙන්නට විය. රාත්‍රියට නිවෙස තුළ කවුදෝ එහා මෙහා ඇවිදින ඡායාවක් සමන්තට නිතර පෙනෙන්නට විය.
මේ කරදර වේදනාවලින් මිදෙන්නට විවිධ වත් පිළිවෙත් ඉටු කළත් සහනයක් නම් නොවීය. අන්තිමට ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා සමන්ත නිර්මලා කැටුව පැමිණියේය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා සමඟ සාකච්ඡා කළේය.
සමන්තගේ පියා මිය ගොස් වසරක් ගත වුණු දිනට දුන් දානයෙන් පසු නිවෙසේ අමුත්තක් සිදුවූ බවත් ක්‍රමයෙන් දුක් කරදර බහුල වූ බවත් සාස්තර අහන්නට ගිය තැන්වලින් තමන්ගේ නිවෙසට හූනියමක් සිදුකර ඇති බව කියැවුණු බවත් සමන්ත කීවේය. ගවේෂකවරයා ඔවුන් දෙදෙනාට ශක්ති කිරණ එල්ල කරන විට දෙදෙනාම වරින්වර වෙව්ලන්නට විය. ඉන් එහා දෙයක් සිදු නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවැත එන්නැයි උපදෙස් දුන්නේය. බෝධි පූජා අවසන් කොට නැවැත පැමිණි දිනයේ නිර්මලා ආවිෂ්ට වූවාය. ඇයට ආවිෂ්ට වූ භූතාත්මය සමඟ ගවේෂකවරයා සාකච්ඡා කරන්නට විය.
"කවුද මේ ශරීරයට රිංගාගෙන ඉන්නේ?"
"මම මේ නිර්මලාගෙ ගෙදරට අල්ලපු ගෙදර හිටපු අප්පුහාමි"
"අප්පුහාමි... නිර්මලාගෙ කවුද?"
"මම නිර්මලාගෙ නෑදෑයෙක් නෙවෙයි. මේ කෙල්ල පොඩි කාලෙ ඉඳලා ලස්සනයි. හුරුබුහුටියි. මමත් තනිකඩ ජීවිතයක් ගත කළේ. මේ කෙල්ල දිහා බලලා සතුටක් ලැබුවා. මේ කෙල්ලට මම ආසයි"
"ඉතින් ඇයි කරදර කරන්නේ?"
"මහත්තයා මේ සමන්තගෙ තාත්තාගේ මරණයෙන් පස්සෙ මුන්ගෙ ගෙදර දානයක් දුන්නා. එදා මේ ගේ අවට අහල පහළ හිටපු මම වගේ අය බොහොම දෙනෙක් ආවා පින් ගන්න. පින්කමෙන් පස්සෙ ඒ ආපු අය ගියා. මම නතර වුණා"
"ඉතින් පින් ලැබුණද?"
"පිස්සුද මහත්තයෝ උන් පින් දුන්නෙ උන්ගෙ පවුල්වල මැරිච්ච අයව සිහිපත් කරලා. අපිව මතක් කළේ නෑ. ඉතින් පින් ලැබෙනවයැ. පින් ලැබෙයි කියලා බලාගෙන ඉඳල ආපු අය හිස් අතින්ම යන්න ගියා. මම මේකිට ආස නිසා නතර වුණා."
"ඉතින් කරදර කරන්නෙ මොකද?"
"මුන් මාව දුම්මල ගහලා පුච්චලා පන්නන්න හැදුවා ඇදුරෝ ගෙනැල්ලා. එදා ඉඳලා මම මුන්ට කරදර කරනවා. ලෙඩ කරනවා. බය කරනවා"
මේ කතාව ඇත්තදැයි ගවේෂකවරයා සමන්තගෙන් ඇසීය. "ඔව් මහත්තයා සාස්තර අහන්න ගිය තැනින් කිව්වා අපට හූනියමක් කරලා අමනුස්සයෙක් බන්ධනය කරලා කියලා. ඒ දේවාලෙ කපුවා ඇවිත් තොවිලයක් කළා. අමනුෂ්‍යයාව අල්ලලා බෝතලයකට දාලා මුහුදට දානවැයි කියලා අරගෙන ගියා. ඒ තොවිලෙට රුපියල් 65,000ක් වියදම් වුණා. ඒ වුණත් තොවිලෙන් දවස් තුනකට පස්සෙ ඉඳලා ලෙඩ දුක් කරදර දෙගුණ තෙගුණ වුණා" යි සමන්ත කීවේය.
භූතාත්මය සිනාසෙන්නට විය. "හී--... හී-- හී..."
"ඇයි මේ හිනාවෙන්නේ" යි ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.
"මහත්තයා මුන්ගෙ ගෙදරට හූනියමක් තිබුණෙ නෑ. අර කපුවා බොරු කියලා මුන්ව රවටලා තොවිලයක් කළා. ඌ ගාණක් කපාගෙන ගියා. බෝතලයට දාපු භූතයෙක් නෑ. ඌ කපටියා. මුන් රැවටුණා. මුන්ට බන්දපු භූතයෙක් නෑ. මම දානෙ දවසෙ ඇවිත් නතර වුණා. ඉතින් මාව පන්නන්න තොවිල් කරපු නිසා මම පළිගන්නවා" යි භූතයා කීවේය.
"තමුන් ආවේ පින් ගන්න... දැන් පව් කරගන්නවා නේද?"
"ම්... ම්... ඇත්ත තමයි"
"ඔබ දැන් අප්පුහාමි නෙවෙයි. අප්පුහාමි මැරිලා. ඔබ දැන් ප්‍රේතයෙක්. පින් නැති නිසා දුක් විඳිනවා. පින් බලාපොරොත්තුව ආපු තැනින් පින් ලැබුණෙ නෑ. එතැන අතහැර නොගිහින් ආසාවන්ට වහල් වෙලා නතර වුණා. දැන් ඒ අයට වෛර කරනවා. කරදර කරනවා. තවත් පව් සිද්ධ කර ගන්නවා. ඔය දුගතියේ දුක් විඳින කාලය තවත් දික් කරගන්නවා. නරකද ඔය දුගතියෙන් මිදී ඉහළ තලයකට ගිහින් දිව්‍ය සැප විඳින්න හිතුවොත්. දිව්‍ය ආහාර, දිව්‍ය සළු පිළි, දිව්‍යාංගනාවෝ බණ කියන දෙවිවරු, බණ අහන දෙවිවරු"
"අනේ... හොඳයි... හොඳයි මහත්මයා මම කැමැතියි ඒ වගේ තැනකට යන්න. මම කොහොමද එහෙට යන්නෙ?"
"හොඳයි මම උදවු කරන්නම්. හැබැයි මේ නිර්මලාත් එයාගෙ පවුලෙ අයත් අතහැර ඒ අයට කරදර නොකර යන්න ඕනෑ"
"හොඳයි හොඳයි මහත්මයා මම පොරොන්දු වෙනවා"
"මම මේ අයට තවත් බෝධි පූජා දහහතරක් නියම කරනවා. තමනුත් මේ අයත් එක්ක ගිහින් ඒ බෝ මළුවෙ නතර වෙන්න ඕනෑ. එතැන සිද්ධ කරන බෝධි පූජාවලට අත හිත යොමු කරලා දුගතියෙන් මිදෙන්න අධිෂ්ඨාන කරගන්න ඕනෑ. බෝධි පූජා දහ හතර අවසන් වෙලා මේ නිර්මලාත් සමන්තත් ඒ පන්සලට හීල් දානයක් දීලා අප්පුහාමිට පින් දෙයි. ඒ පින් අනුමෝදන් වෙලා සිත පාපයෙන් මුදා ගන්න. ආයෙත් මම කතා කළාම එන්නැයි භූතාත්මයට අවවාද කළේය. ඒ උපදෙස් පරිදි නිර්මලාත් සමන්තත් බෝධි පූජා අවසන් කොට පන්සලට දන් වේලක් පිරිනමා නැවත පැමිණියහ. එදින අප්පුහාමිගේ භූතාත්මය ගෙන්වා පලතුරු වට්ටියකට සම්බන්ධ කොට ඔවුන් සමඟ අනුරාධපුරයට යැවීය.
මතුගම මහින්ද විජේතිලක
මව්බිම

හරිම ආදර්ශවත් කතාවක්. බොහොම ස්තූතියි.
ReplyDelete