අංජනමට පෙනුණු හාමුදුරුවන්ගේ වෙස් ගත් බහිරවයා

අංජනම කියන්නෙ හරි අපූරු දෙයක්.පියවි ඇසට නොපෙනෙ දේ ඒ තුලින් දකින්න පුලුවන්.රජ කාලේ නිදානයක් තැන්පත් කරන කොට අනිවාර්යෙන් ඒ තුල අදුනකුත් බෙහෙත් තෙල් බෝතලයකුත් තියෙනවාමයි.ඒ වගේම බෙහෙත් අබරපු ගලත් ඒ අසලම තියෙනවා..ඈත අතීතයේ අදුන ට පුදුම තැනක් තිබුනෙ.එය රාවනා යුගය දක්වා පවතිනවා..

හදිස්සියෙම වගේ ගෙදරට ආවෙ තරුනයො කිහිපදෙනෙක්..ඔහුන්ට
වුවමනා වෙලා තිබුනෙ අදුනක් බලා ගන්න.පාතාල අදුනක්.එතන යකදුරෙකුත් ඉන්න බව මට ඉවෙන්ම වැටහුනා.

මම මල් පහන් පූජා කරල අදුන ලගින් වාඩි වුනා විතරයි අට දෙනාම අදුන බලන්න වාඩි වුනා..
දෙන්නෙක් ඉදල අනිත් අය එලියට යන්න

මම කිව්වා..
මම විෂ්නු දෙවියන්ගෙන් අවසර ගෙන හනුමන්තාට ආරාධනා කලා..හනුමන්තා ගිනි පන්දමත් අරගෙන විශාල කැලයක් ලග නතර වුනා..එතන තිබුනේ පොඩි වලක්..මම පොලව යටට බලන විට විශාල ආලෝකයක් විහිදිලා ගියා....කාරනාව පෙන්නුම් කලා
නිදානයක් බලන්න නේද ආවෙ..

එහෙමයි.
දඩම්බර පෙනුම තියෙන කොල්ලො හරිම විනීතව උත්තර දුන්නා.

විස්තර කියන්න මෑනියනි
එතන හිටිය වැඩිහිටියා මට කිව්වෙ හරිම හෙමින්.
මෙතන නිදානයක් තියෙනවා..ඔයාල එතන හාරල ඇවිත් තියෙන්නෙ.ඒත් හරිම තැන නෙවෙයි..
මොනවද තියෙන්නෙ එතන
රත්තරං..බුදු පිලිම..මුතු මැනික් .අදුන් 2ක්.තව තියෙනවා.
මෑනියනි අපි සලකුනක් තියල ආවා ඒක කියන්න පුලුවන්ද.

රතු පාට සොපින් කවරයක් කොහොඹ අතු කෑල්ලක ගැට ගහල එතන හිටවල තියෙනවා..මම කිව්වා.
හරි ඒක හරි.එතනද තියෙන්නෙ
නෑ..ඊට ඉස්සරහින් ටිකක්
එහෙමද...අපිට උරුමය තියෙනවද

නෑ..

ඒත් කලින් තැනින් කිව්වා උරුමය තියෙනවා කියලා

මටනම් එහෙම පේන්නෙ නෑ..මම කිව්වා.

මම ඔවුන්ට අවශ්‍ය සියල්ල බලා නිමා කලා.එතනට ඇවිත් හරියටම තැන පෙන්නල උදව් කරන්න කියල එයාල මට බැගෑපත් වුනා.ඒ වනවිටත් එම තරුනයින්ගේ විශාල මුදලක් මේ සදහා වියදම් වෙලා තිබුනා..ඔවුන්ට ඕන වුනේ ඉක්මනින් පොහොසත් වෙන්න.විශාල ධනයෙන් භාගයක්ම දනට පිනට දෙන්න ඔවුන්ගේ කැමැත්ත වුනා.

තියෙන දේ මහ පොලවට පස් වෙලා යනවා..නැතිනම් කාටවත්ම නැති වෙලා යනවා.ඉදිරියෙදි පිට ජාතීන්ට අයිති වේවි..දැනටත් ඒක වෙනවා..ඒ ඔවුන්ගේ අදහස්.
මට ඒ සදහා කැමැත්තක් දෙන්න බැරි වුනා.ඒ වගේම අහම්බෙන් අදුනක් බලල දුන්නට මම මෑනි කෙනෙක් නෙවෙයි .කවුද ඔයාලට මම ගැන කිව්වෙ .මම ඇහුවම මගේ සැමියාගේ අදුනන කෙනෙකුගෙන් දැනගෙන තමයි ඔවුන් පැමිණ සිටියේ.

කොහොම වුනත් ඔවුන්ට උදව් කරන්න මම එකග වුනේ නෑ..පස්සෙ මිතුරෙකු මාර්ගයෙන් නැවතත් උදව් කරන මෙන් ඉල්ලා සිටියා.අසරන වෙලා හිටිය තරුනයො ගැන අනුකම්පා හිතුනත් මම එවරත් අකමැති වුනා..පසුව මගේ සැමියා හමුවී ඔහුගෙන් උදව් ඉල්ලා තිබුනා..එයට ඔවු දන්නා කිහිප දෙනෙක් සම්බන්ධ බව දැන ගත්තට පස්සෙ මග හැර යන්න බැරි බව තේරුම් ගත්තා.මොකද හදිස්සියක් වුනාම උදව්වකට වුනත් එන්නෙ ට්‍රයි කෝඩ් දාගත්තු මහත්තුරු නෙවෙයි රස්තියාදුකාරයො කියා කවුරුත් කියන කොල්ලො ටික කියල අපි දන්න දෙයක්.ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි නිදානයට අදුන බලල දෙන්න මටත් සිද්ධ වුනා..අනුරාධ පුරයට ආසන්න ගමකට තමයි යන්න සිද්ද වුනේ.කොහොඹ ගස් කටු පදුරු අස්සෙන් විශාල භූමියක තමයි එය තිබුනෙ.අදුන බලන්න තව පිරිමි කෙනෙකුත් හිටියා.කන්ඩායම් දෙකක් වගේ තමයි මට දැනුනෙ ..යකදුරු දෙන්නෙකුත් හිටියා.කැලෑව මැද පුංචි මඩුවක් හදල තිබුන.අදුන බලන්නෙ එතන ඉදල.

ඒ ලගම අපත් සමග පැමිණි අයෙකුගේ නිවස පිහිටා තිබුනෙ.දවස් කිහිපයක් එතන කාලය ගෙවන්න අපට සිදු වුනා.මම නිවැරුදි තැන පෙන්නුම් කලාට පස්සෙ ඔවුන් එය හාරන්න ගත්තා.කැලෑව මැද්දට ඒ සදහා අවශ්‍ය කරන ආයුධ යකඩ යන්ත්‍ර වගේ දේවල් ගෙනැත් තිබුනා.හැමදාම වගේ පොලිසියෙන් එනවද කියලත් අදුනෙන්මයි බැලුවෙ..මාස ගනනක් තිස්සෙ හැමෝම පේ වෙලා ඉදල තිබුනෙ.හැමෝටම ආරක්ෂා යන්ත්‍ර දාල තිබුනෙ.මුලින්ම අපට හමුවුනේ විශාල ගලක්.එය බොහොම අපහසුවෙන් අයින් කලා.කට්ටඩි දෙන්නෙක් නිසා එකෙකුට එකෙක් දෙවනි වෙන්න කැමති වුනේ නෑ.අදුන බලන පිරිමියත් එහෙමයි..වයසින් අඩු මම කියන දේ ඔහු ගනන් ගත්තෙ නෑ.නිතරම කැපිල්ල.ඒත් මට ආරාධනා කල තරුනයො හැම විටම මා කියන දේ පිලි ගත්තා.
අනිත් අදුන බලන කෙනා කිව්වෙ මම කියපු පාර නෙවෙයි.ඒ දෙසට හාරන විට මර උගුලකට අසුවුනු තරුනයකු තම ජීවිතය බේරා ගත්තෙ අනූනවයෙන්.පසුව මම කියන ආකාරයට ඔවුන් වල හාරන්න ගත්තා.අපිට ගල් ලෑලි තුනක් හමුවුනු අතර ඊලගට තිබුනේ තව එක් ගල් ලෑල්ලකුත් නිදන් පෙට්ටියත් පමනයි.එදා පූජාවන් තබා බහිරව දොස් සම්පූර්නයෙන්ම ඉවත්කොට නිදානයට ආරක්ෂාව මහසෝනට බාර කලා.අදුන බල බලා ඉන්න මට පෙනුනෙ ඊලග දවසෙ වැඩ කලොත් පොලිසියට හසුවෙන බව.මම එය කීවත් වැඩි තන්හාවෙන් සිටි අනිත් පිරිස එය පිලි ගත්තේ නෑ..අදිරිය දාමු පොලිසියට නොපෙනෙන්න.අනිත් යකදුරා කිව්වා..

නිදානයට ලං වෙන්න ලංවෙන්න කන්ඩායම් දෙක අතර නිතර නිතර හිත් රිදවීම් වුනා.සමහර අය පිස්සො වගේ හැසිරුනේ.එයට හේතුව බලවේග බව මම දැන හිටියෙ.
හෙට කොහොම හරි වැඩේ අවසන් කරන්න .ඉතිරි ටික අදම හාරමු.යකදුරු මහතා කිව්වා.අපිට ආපහු යන්නත් බෑ..අනිත් කන්ඩායම මොන තරම් දෙයක් කරාවිද..මට බයක් දැනුනා..මම එදා රෑ අදුන බලන්න වාඩි වෙලා හිටියෙ මඩුවෙ.මම දැක්කා අදුනෙන් හාමුදුරුවො කෙනෙක් ඈතින් වඩිනවා.මම එය ඒ තරමි හොදින් බැලුවෙ නෑ..මගේ මහත්තය ඊට ටිකක් එහායින් තිබුනු ගසක් මුල වාඩිවෙලා හිටියෙ.මට දැනුනා කවුරු හරි මගේ ලගට ආවා වගේ.මම බලන කොට හාමුදුරුවො..වයස හාමුදුරැවො කෙනෙක්.මාව උඩ ගියා.කරකියා ගන්න දෙයක් නැතිවුනා.මම ඉබේමයි නැගිට්ටෙ..කලින් දැනගෙන හිටියා ඒ අසල පන්සලක එක හාමුදුරුවො කෙනෙක් ඉන්න බව.ඒත් උන් වහන්සේ මෙතනට ආපු විදිහ හිතා ගන්න බැරිව ගියා.

මාව ගොලුවුනා..හාමුදුරුවො කතා කලා.
ඔය දරුවො නිදන් හාරනවා නේද..දන්නවද ඔය වැරදි වැඩක් කියල..මම හිස සැලුවා..
අනුන්ගෙ දේවල් ගන්න එක හරිම වැරදි දෙයක්..ඔය දරුවා තවත් මෙතන අදුන් නොබලා මෙහෙන් යන්න.
මම හිස සැලුවා..හාමුදුරුවො ලගින් දෝ සමන් පිච්ච වැනි මල් සුවදකුත් ආවා..මම හාමුදුරුවන්ට වැන්දා..උන් වහන්සේ ආපසු වඩින සැටියෙන්ම මොකක් හරි දෙයක් වේවි කියල මට හිතුනා..මම මහත්තයා ලගටම දුවල ගියා..

හාමුදුරුවො දැන ගෙන ආවා..අපිව පොලිසියට අල්ලල දෙයි අපි යමු..මම කිව්වා.අපි බලන කොට හාමුදුරුවො නෑ..කෝ හාමුදුරුවො..නෑනෙ..මගේ මහත්තයත් ටිකක් හාමුදුරුවො හෙව්වට හම්බ වුනේ නෑ..ඒත් එක්කම තමයි කෑලේ හිටිය තරුනයො තුන් හතර දෙනෙක් ආපහු ආවෙ.

හාමුදුරුවො ආවා
මම කිව්වා..හාමුදුරුවො මේ වෙලාවෙ..වෙන්න බෑ නංගි..අදුනෙන් බලන්න..

මම බැලුවා හාමුරුවො වඩින ආකාරය දැකපු නිසා මම එතනින් නැවැත්තුවා...ඒ වෙන කොටත් අන්තිම ගල් ලෑල්ල අයින් කරලත් ඉවරයි ගන්න විතරයි තිබුනෙ.එය හෙට ගමු කියල අපි කතා කර ගත්තත් අනිත් කන්ඩායම එයට අකමැති වුනා.පස්සෙ එක එක මත ගැටුම් ඇති වුනා.අවසානයේ අපිව එක්ක ගිය කට්ටඩි මාමට හොදටම කේන්ති ගියා..ඒ කට්ටඩි දෙන්න රන්ඩු වුනා..

අපි යමු යන්න..අදුන ගන්න..අදුන අරන් යමු යන්න..
ඔහු හිටියෙ කෝපයෙන්.
අදුන බලපු තැන හිස් වුනාට නිදානය තිබුන තැන තිබුනෙ කැලෑවෙන් වට වෙලා..විටින් විට ඇවිත් තමයි අදුනෙන් විස්තර අරන් එතනට ගියේ..අපි එදා රෑම එතනින් ආවෙ..මොනවගේ දේ කට මුහුන දෙන්න වේවිද කියලත් බයෙන්..අපි හතර දෙනෙක් විතරයි වැඩෙන් ඉවත් වුනේ..අර දන්න ගෙදරම තමයි රෑ නතර වුනේ.කොහොම හරි උදේ පන්සලට ගිහින් විපරම් කලාට එහි හිටියෙ වයසක හාමුදුරුවො කෙනෙක් නෙවෙයි.අවු 29 විතර තරුන හිමි නමක්..

එවැනි හාමුදුරුවො කෙනෙක් ගැන කවුරුත් දන්නෙ නෑ කිව්වා..එදාම කට්ටිය නැවත මිතුරු වුනත් මම නැවත අදුන බලන්න එකග වුනේ නෑ..මට ඕන වුනේ ඉක්මනට ගෙදර එන්න.ඒ තරම් බය වෙලා හිටියෙ.ඇස් දෙකෙන්ම දැක්කා නිදන් පෙට්ටිය..ඒත් දැන් බයයි..දෙන දේ කොහොමත් දෙනවනෙ.ඒක නිසා එදා මම ගියේ නෑ..

රෑ දැක්ක විදිහටම පොලිසියෙන් පැනලා..කට්ටිය දුවලා..යකදුරු මාමෙකුයි..තව කොල්ලො හතර දෙනෙකුයි අහු වුනා.එයාලව අවුරුද්දකට හිරේ ගියා..ආපහු ගත්තෙ ඇප දීලා.එතන නිදානය වහල දාලා. අපිව එක්ක ගිය කට්ටඩි මාමා ඇතුලු හැමෝටම ඒ පැත්ත පලාතෙ එන්න එපා කියලා පොලිසියෙන් තහනම් කලා..ගෙනිච්ච ආයුධ උපකරන තවත් ඒ කැලේ හංගපු තැන් වලමයි..ආපහු යන්න බෑනෙ ගන්න.
මාව අහුවුනේ නැත්තෙ අර හාමුදුවො නිසා.පස්සෙ ආරංචි වුනා පොලිසියටම ගිහින් හාමුදුරුවො ඔත්තුව දීලා එක පාරටම ගිහින්..ඒ කියන්නෙ විනාඩි දෙක තුනක් ඇතුලත හාමුරුදුවො අතුරුදහන්.ඒ ඇත්තටම හාමුදුරුවො කෙනෙක් නෙවෙයි අර නිදානය ආරක්ෂා කරපු බහිරවයෙක්..අදුනට දැක්කත් ඇත්තටම ලගට ආපු නිසා බහිරවයෙක් කියල සැක හිතුනෙ නෑ..පස්සෙ තමයි දැක්කෙ.

උරුමක්කාරට අයිති දෙයක් උරුමයක් නැතුව ගන්න යද්දි මෙවැනි දේ වෙනවා.එදා කොහොම හරි එක කොල්ලෙක් නොදැන ඌරු මසුත් කාලයි නිදන් වලට බැහැල තිබුනෙ.අන්තිම මොහොතෙ සේරොම ඉවර වුනේ ඒ කොල්ල නිසා කියල කට්ටිය තාමත් බනිනවා...එයට සම්බන්ද වුනු ගොඩක් අය ලෙඩ වුනා..ඒ අයට තාමත් කරදර තියෙනවා..
අනිත් අයනම් තාමත් නිදන් පස්සෙ දුවනවා..කවද හරිම දෙයක් ලැබෙයි කියල බලාපොරොත්තුවෙන්..ගින්දර කියා දැන දැන ම අත පුලුස්සා ගැනීමක් තමයි නිදන් පස්සෙ යෑම....අන්තිමට ලැබුනු දේත් නෑ...වියදම් කරපු මුදලත් නෑ..නාස්ති වෙලා ගියා කාලයත් ආපහු එන්නෙ ත් නෑ...

No comments:

Powered by Blogger.