පිහියයි ලිං පතුලයි කාටත් පේනවා (මිනීමැරුම)

මම වෘත්තියෙන් ලොයර් කෙනෙක්. පසුදා මට භාර වූ නඩුවක් නිසා එදා මා ඉතාමත් කාර්යයබහුලව වී සිට දිනයක් වුණා. මම සවහ 7.00ට පමණ නඩුවෙහි ලිපි ලේඛන සකස් කරමින් එහි වැඩවල නිරතව සිටිය බැවින් මට කාලය පිලිබද හරි හැටි කුඩා හෝ අවබෝධයක් තිබුනේ නැහැ. කෙසේ හෝ හවස පරිසරය වෙලා හුන් මන්දාරමට සාදාරණයක් ඉටු කරමින් අනෝරා වැස්සක් ඇද හැලෙන්නට වූ බැවින් මාගේ මානසික ඒකාග්‍රතාවය බිද වැටීමට එය හේතු වුනා. කුමන හේතුවක් නිසාදෝ මට නැවත මට රාජකාරිය කෙරේ සිත යොමන්නට සිත ඉඩ නොදුන්නා. මා මදකට කාම⁣රයෙන් නැගිට සාලය දෙසට පිය මැන්නේ මානසේ වූ චන්චල ස්භාවය පහ කර ගැනීමේ අරමුණින්.

"ටොක්... ටොක්...ටොක්...."
දොර මත පතිත වුන සිහින් සන්වර අත්ල පහරින් ඒ තරුණයක් මැයි හදුනා ගැනීමට තරම් මාගේ වෘත්තිය මා ප්‍රවීණයකු කර තිබුණා. මා කාමරයෙන් නික්ම සාලය දෙසට නොපැමිණීයේ නම් මට මාගේ මෙ⁣ම ආගන්තුකයා මගහැරෙනවා නොඅනුමානයි.
මා දොර වෙත ගොස් දොර විවර කල අතර මාගෙ අමුත්තාව පිලිගැනීමට පෙර අනවසරයෙන්ම වැහි හිරිකඩ ගෙට කඩා වැදීමට තරම් වර්ශාව දරදඬු වී තිබුනා. මා අනුමාන කල පරිදිම ඇය රූමත් තරුණියක් වූවාය. ඇය ගෙට ආ විගස දොර වසා දැමීම නොගැලපෙන කටයුත්තක් වුවද වැහි බිදු වේගයෙන් නිවස තුලට පතිත වීමට පටන් ගත් බැවින් මට එසේ නොකර සිටීමට නොහැකි වුණා.
ඇයගෙ රුව වර්ණනා කිරීමට තරම් මා දක්ෂයෙකු නොවන බව මා කිව යුතුය. නමුත් ඈ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා රූමත් තරුණියක් විය.මා ඉදිරියේ අසුනක් ඇයට පනවා ඇගේ ඇදුම දෙස මාගේ අවධානය යොමු කලේය. එයට හේතුව වුයෙ ඇය ඇද සිටි කුණුලේ පැහැති වංශවත් බවක් විදහා පාන දිගු ගවුම හැද උන් නිසාම නොවේ. මෙතරම් දරුණු වර්ශාවක් මැද පැමිණියද ඇගේ ඇදුම තෙමා ලීමට එක ජල බිදු පහරක් හෝ සමත් නොවුන නිසාවෙනි.
"සමාවෙන්න මහත්මයා ඔබට කරදර කරානම්.... මම මේරි බ්ලැක්හුඩ්"
ඇය කට හඩ අවදි කල අතර ඒම වදන් පෙළ මගේ දෙසවන් හරහා මා පසු කර මුලු නිවස පුරා පැතිර යන ආකාරය මට දැණින. කුමක්ද මේ මාගේ සිතට දැනෙ වියවුල් බව. මට සිතා ගත නොහැකි විය. මා තවමත් නිහඩය. ඇය නැවත කතා කරයි.
"මම දන්නවා ඔබතුමා සාධාරණ පුද්ගලයෙක් ඉතිං මට ලොකු අසාධාරණයක් සිද්ද වුනා. මට සාධාරනණයක් ඉටු කරන්න පුලුවන් ඔබ තුමාට විතරයි. කරුණාකර මට උදව් කරන්න"
මාගෙ මුව ගොලුව පැවතුන අතර කිහිප වාරයක් උත්සහ කර මා වචන කිහිපයක් පිට කලේය.
"ඔව් මම කැමති ඔබට උදව් කරන්න ඒත් කොහොමද?"
ඇය කුඩා කොළ කැබැල්ලක් ගෙන මේසය මත තැබුවාය.
"හෙට හරියටම 11.48 a.m මේ වාක්‍ය හඩනගා කියවන්න. එපමණයි මා ඔබ ගෙන් බලාපොරොත්තු වෙන්නෙ. ඔබ මෙය ඉටුකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා"
මම කොළය දිග හැර එය දෙස බැලුවෙමි. නැවත වරක් කියවුවෙමි. තව වරක්.....
"පිහියයි ලිං පතුලයි කාටත් පේනවා.."
එපමනකි. එහි තිබුනේ එපමනකි. "මොකක්ද මේ.... කොහොමද මේක උදව්වක් වෙන්නෙ... ඇයි මම මේක කියවන්නේ....."
අවසනාවකි! මගේ හිතේ නැගුනු කිසිදු පැනයකට පිලිතුරු ලබා ගැනීමට ඇය මා ඉදිරියේ නොමැත.
මා දුටුවේ සිහිනයක්ද? එය විය නොහැක. එම කඩදාසිය තවමත් මාගේ අත්ල මත තිබේ.දොර තවම වසා තිබේ.පෙර සේම වර්ශාවද පතිතවේ.මට නැවත දුක්මුසු සිනහවක් රැදි ඇගේ පියකරු මුහුන මැවී පෙනෙන්නට විය.මගේ ගත හිරිවැටී ඇති සේ ම⁣ට හැගේ. මා පසු වන මානසික ආතතිය ඔබට සිතා ගත හැකිදැයි මා නොදනිමි. මාගේ සිත එකම පෙරලියකි. ඒ සමගම මා ගැස්සි ආපසු හැරුනේ ඔරලෝවේ 12 කනිසම වැදීමත් සමගය. මා තවත් වික්ෂිප්ත විය. මෙපමණ වෙලාවක් ගති වීද.මේ රෑ ආ තරුණය කාගෙ කවුද? මම එම කඩදාසිය නමා කබා සාක්කුවට දා ගත්⁣ අතර අර වාක්‍ය සෙමින් මුමුණන්නට පටන් ගතිමි.
"පිහියයි ලිං පතුලයි කාටත් පේනවා"
එය කියවිමත් සමග මගේ ගත නැවත හිරිවැටී ගියේය. මහ අමුතු වාක්‍යයක්. මා නැවත සිදුවු සංසිද්ධිය එකිනෙක ගැලපුව අතර එය හුදෙක් සාමාන්‍ය සිදුවීමක් යැයි මගේ සිත සනසා ගැනීමට පවා අපහසු වන තරම් අසාමාන්‍ය සිදුවීමක් විය.
පසුදා උදැසන අවදි වි උසාවි භූමිය කරා ගිය මම එහි උදෑසන දික්කසාද නඩුවක් විභාග වෙමින් පැවතියේය. එන් පසු ඇත්තේ මාගෙ නඩුවයි. මා සිතුවාට වඩා හොරා ගණන් නඩුව දික්ගැස්සුනේ නඩුවට අදාල යුවලගෙන් තරුණ මහත්මිය නඩුවට පැමිණ නොසිටි නිසාවෙනි.
"රිචඩ් බ්ලැක්හුඩ් මහත්තයා විත්ති කූඩුවට පැමිණෙන්න"
විත්ති කූඩුව දෙසින් ඇසුන හඩින් මාගෙ සිත පෙරදා රාත්‍රිය කරා දිව ගියේය. එසේ නම් ඊයෙ පැමිණියේ මොහුගේ බිරිද නොවේද....ඇය දැන් කොහිද.....මම මාගෙන්ම ප්‍රශ්න ඇසිමට පටන් ගත්තෙමි.
ඔහු පවසන ආකාරයට ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාමත් කෙටි කාලයකි. ⁣එය යෝජිත ව්වාහයක් වූ අතර ඇයට වෙනත් අනියම් ඇසුරක් තුබු බැවින් ඇය තමන්ට සොරා ඇගේ අනියම් පෙම්වතා හා පැන ගොස් ඇත. ඇය මේ වන විටත් උසාවියට නොපැමිණ ඇති බැවින් තීන්දුව ඔහුට පක්ෂව ලැබීමට ආසන්නය.
උසාවි පරිස්රයේ සිදුවන කිසිදෙයක් නොඇසෙන සේ
එකවරම මා මොහොතකට බිහිරි විය. මුලු ඇගම තද සීතලකින් වෙලා ගත්තේය. කටේ කෙල සිදී ගිය අතර ඇයගෙ සොදුරු මුහුණ මා ඉදිරියේ මැවී පෙනේනට විය.
"පිහියයි ලිං පතුලයි කාටත් පේනවා"
නිරායාසයෙන් මගේ තොල් මැතිරිණි.එය මා හඩ නගා පැවසුවෙද? මා නොදනිමි. නමුත් මා අසුනෙන් නැගි සිට තිබේ. මම ඔරලොසුව දෙස නෙත් හෙලු අතර වෙලාව 11.48 විය. කිසිවෙකුට මා කියු දෙය ඇසුන බවක් පෙනීමට නොමැත. නමුත් එක් අයෙකුට එය ඇසුන බව පැහැදිලිය. ඒ බ්ලැක්හුඩ් මහතාය. ඔහු උන්මන්තකයෙකු සේ මා දෙස බලා සිටී.... එක වරම ඔහුගේ නාසයෙන් රුධිරය වෑහෙන්නට විය.
"මට සමාවෙන්න.... මට සමාවෙන්න මේරි.... මම දන්නවා මම මේ කරපු දේට මට දෙවියන්වත් සමාව දෙන එකක් නැ.... "
ඔහු මර හඩ ⁣දෙන්නට විය.
"මම එයාව මැරුවා...මම එයාව මැරුවා දෙවියනේ"
ඔහු සියල්ල පාපොච්චාරණය කරන්නට පටන් ගත්තේය....
බ්ලැක්හුඩ් මහතා සල්ලාල ජීවිතයක් ගත කර ඇති අතර වෙර මතින් නිතර තම බිරිඳට වද හිංසා පමුණවා තිබුනි. අධික දුක් ගැහැට විදි ඇය දිනක් මොහු නැති අවස්ථාවක නිවසින් පලායාමට උත්සහ කර ඇති බව දැනගත් බ්ලැක්හුඩ් මහතා කෝපාවිෂ්ඨ වී ඇයට පහර දී ඇති අතර එම දබරය කෙලවර වූයේ බ්ලැක්හුඩ් මහත්මියගේ පපුවට එල්ල වූ පිහි පාරකිනි. අවසානයේ ඇයව ඇදගෙන ගොස් වත්තෙහි අතහැර දමා තිබු පාලු ලිදකට දමා පොලිසිය වෙත පැමිනිලි කරනු ලැබුවේ තම බිරිද වෙන අයෙක් හා පලා ගිය බවයි.
සියලුම දෙනා මිනිය සැගවු තැනට යාමට ඉක්මන් වුයේ මිනීමැරුම සිදුවී දින කිහිපයක්ම ගතවී තිබුණ හෙයිනි. එම ස්ථානයට යන විටත් මධ්‍යාහ්න 12.30 පමණ වි තිබුණි. අපහසුවෙන් වුවත් වත්ත කෙලවර ලදු කැළෑවකින් වට වුන ලිද සොයා ගැනීමට හැකි වුණ අතර හොදින් සූර්යයාලෝකය වැටි තිබූ බැවින් උඩ සිට බැලූ බැල්මටම ඇගේ සිරුරට කිදා බැස තිබු පිහියෙහි මිට ජලය තුල දිදුලන අයුරු කාටත් හොදින් දර්ශනය විය.
" පිහියයි ලිං පතුලයි කාටත් පේනවා"
මම නැවත සෙමින් මිමිනුවේය.
මරණ පරීක්ෂණයට අනුව ඇය මිය ගොස් තිබුනේ මීට දින 3-4 පෙරය. එසේනම් ඊයේ රාත්‍රියේ පැමිණියේ තමාට වූ අසාධාරණයට සාධාරණයක් පැතු ඇගේ ආත්මයද...මාගේ වෘත්තීය අනුව කෙසේ නම් එය පිලිගන්නද. නමුත් මා මේ මොහොතේ සිටින්නේ පියවි සිහියෙන්නම් මෙම සිදුවීමද සත්‍යකි.
අවසන් තීන්දුව ලෙස මිනීමැරුම් චොදනා යටතේ බ්ලැක්හුඩ් මහතා⁣ට මරණ දඩුවම නියම වු අතර මගේ සිත දැඩි බරකින් නිදහස් වු බවක් දැනුණි.මා සෙමින් මාගේ කබා සාක්කුවට අත දමා ඇය පෙරදා රාත්‍රියේ මට දුන් කොල කැබැල්ල අතට ගත්තේ යටත් පත් වීමට ගිය දරුණු අපරාධයක් හෙලිදරව් කර ගැනීමට හැකි වු අර අත්භුත වාක්‍ය අවසන් වරට දැක ගැනිමටය. එහි වු වදන් පෙල කිය වීමත් සමග මාගේ හිස බමන්නාක් මෙන් දැනුණේය. දෙපා මට වාරු නැතිව ගොස් උසාවි භූමියේ මා ඇද වැටුණි.මෙවර පෙර දින මා කියවු වාක්‍ය වෙනුවට එහි සදහන් වූයේ.....
"ඔබට ස්තූති!"

No comments:

Powered by Blogger.