රබර් කැලේ හමු වූ රෝගියා

ඔයාල යක්ෂ භූත පෙරේත පිසාචයො ගැන දන්නවා.මනුස්ස ඇසට නොපෙනෙන සියුම් ශරීර මෙයාලට තිබුනත් කලාතුරකින් කෙනෙකුගේ ඇසට දකින්න ලැබෙනවා.ඉතිහාසය පුරා මෙවැනි කතා අසන්නටද ලැබෙනවා..ඒත් ඔයාල දන්නවද අසුරයො ගැන.පේත අසුරයො ගැනනම් අහල ඇති.
ඒත් අසුරයොත් කොටස් කිහිපයක් ඉන්නවා..මම අද ඔයාලට කියන්න යන්නේ අවුරැදු 60 විතර ඈතට දිවයන කතාවක්.මේ කතාව ඒ දවස්වල පත්තර වල පවා ගියා..මම දැක්ක මේ කතාව බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරැවන්ගෙ පොතකත් තියෙනවා..හැබැයි මේක මට කිව්වෙ ආච්ච් කෙනෙක්.

මේ කතාව සිදු වුනේ කොලඹට ආසන්න නගරයක.ඒ දවස්වලනම් රබර් කැලෑවල් තමයි තිබිල තියෙන්නේ.

මම කියන කතාව සිදු වුයේ ඒ දවස්වල ලංකාවෙ ප්‍රශිද්ද වෛද්‍යවරයෙකුට.මේ වෛද්‍යවරයා රෝහලේ වැඩ ඉවර වෙලා තමන්ගෙ පෞද්ගලික බෙහෙත් දෙන ස්ථානයෙත් වැඩ ඉවරවෙලා ගෙදර යන කොට ගොඩක් රෑ වෙලා.ඉතින් ඔන්න රබර් කටිටි එහෙම පහුකරගෙන යන කොට එක පාරටම මිනිහෙක් පාරට පැනලා වාහනේට අත දාලා.වෛද්‍යවරයා වාහනේ නැවත්තුවම කියලා.

" අනේ මහත්තයො මගේ ගෑනිට හොදටම අමාරැයි ලමය හම්බ වෙන්න.අනේ ඇවිත් බේර ගන්න" කියලා

ඉතින් දොස්තරත් අනුකම්පා කරල තමන්ගෙ වෛද්‍ය උපකරණ පෙට්ටියත් අරගෙන අර මනුස්සයත් එක්ක යනවලු.පොඩ්ඩක් ඉතින් කන්දක් නගින්නත් ඕනෙලු මේ ගෙදරට යන්න.
කාරණාව ඇත්ත. ලමෙක් හම්බ වෙන්න අම්ම කෙනෙක් අමාරැ වෙලා කෑගහනවලු. ඒ ලග ආච්ච් කෙනෙකුත් ඉන්නවලු.ඉතින් වෛද්‍යවරයා ඉක්මන් කරල ආච්චිගෙත් උදව් අරගෙන අම්මට දරැවා බිහිකරන්න උදව් කලාලු.අවශ්‍ය කරන බෙහෙතුත් දීල ඉතින් දැන් වෛද්‍යවරයා ආපහු ආවලු. කාරයට නැගල යතුරත් දාල වාහනේ පදවන්න හැදුවට එය දැන් යන්නෙ නෑලු. කිසි ලෙඩක් තිබුනෙත් නෑලු.වෛද්‍යවරයා කල්පනා කරන කොට මොකද කරන්නෙ කියල ඈතින් මිනිහෙක් එනව පේනවලු.ඒ වෙලාවෙ තමයි වෛද්‍යවරයට මතක් වෙලා තියෙන්නෙ තමන්ගෙ වෛද්‍ය උපකරන පෙට්ටිය අර ගෙදර අමතක වුනා නේද කියල.ඉතින් අර මිනිහ වෛද්‍යවරය දැකල පොඩ්ඩක් නැවතිලා බලල හදුනාගෙන ඇයි ඇහුවලු.ඉතින් වෛද්‍යවරයා විස්තරේ කිව්වම මේ මනුස්සය කියනවලු

" කොහෙද මහත්තයො ඔය ගෙදර මිනිස්සු.දවල්ටවත් යන්න පුලුවන් තැනක්ද ඕක කියලා.ඒත් වෛද්‍යවරය එය පිලිනොගෙන කියල තියෙනවා එතුමාගෙ උපකරන පෙට්ටිය ගෙනත් දෙන්න කියලා."

"අනේ මහත්තයො මටනම් එහේ යන්න බෑ..රෑට මේ පාරෙන්වත් යන්නෙ නෑ පයින් කවුරැත්.මාත් මේ දුර ගමනක් ගිය නිසා ආවෙ"කියලා යන්න ගියාලු.

ඉතින් වෛද්‍යවරයාම දැන් ඉතින් මේ නිවස දෙසට යනවලු.කතා කලාට සද්දෙකුත් නෑලු.පස්සෙ ගෙට ඇතුල් වෙලා බැලුවම කවුරැත් ඉදල නෑ.හැබැයි අර ඇදත් තියෙනවලු..එතන උපකරන පෙට්ටියත් තියෙවලු.වෛද්‍යවරයා ඉක්මනින් ඒකත් අරන් එතනින් පිට වුනාලු.දැන් කාර් එකත් හරි ගිහින්.වෛද්‍යවරයා පහුවදාම මේ කතාව අනිත් දොස්තරවරැන්ටත් කියලා.වෛද්‍යවරයට උනත් හැදිලා.මේ කතාව ඒ දවස්වල හුගක් ප්‍රශිද්ද වුනාලු.ඉතින් ඒ ඉදල තියෙන්නෙ අසුර පවුලක්.එයාලට හරි ඉක්මනට නොපෙනී යන්න පුලුවන්.

මනුස්සයො වගේම කනවා බොනවා දරැවො ලබනවා.ඒත් අමනුස්ස කොට්ටාසයක්.ඒ කාලෙ මනුස්ස දු වරැත් නොදැන මේ අයත් එක්ක ජීවත් වෙලා තියෙනවලු.ඉස්සර හරියට ඔය දුර පලාත් වලින් මිනිස්සු එනවනෙ රැකියාවල් හොයාගෙන වගේ.ඒ ඇවිල්ල දියුනු වෙලා විවාහ වෙලා හිටියත් තමන්ගෙ කියල නෑයො එහෙම පෙන්නන්නෙ නෑ...කොහොමත් මේ අසුරයො ඉන්නව කියන්නෙ කුහරවලින් පොලව යටට යන්න තියෙන ස්ථානයක.එය පෘතුවිතලයේ කෙහේ හරි තැනක ඇති.වෙනත් ලෝකයක් වගේ ඇති.?

No comments:

Powered by Blogger.