ඌරු මසට ගිජු වූ ඔහුගෙ ඉරණම

ඔහු නමින් ගුණපාල විය.ගැමියකු වූ මොහුව බොහෝ දෙනා හැදින්වූයේ ගුණේ යන නමින්.මත් වතුරටත් මසවලටත් දැඩි ප්රියතාවක් දැක් වූ මොහු දෛනික වැඩ කටයුතු වලින් පසු දෙකක් තුනක් නොව මත්පැන් කලයක් උවද බීමට හැකි අයකු විය.මේ නිවසෙහිද රාත්රි ආහාරයට බත නැතත් මස් හැලියක් තැම්බීමට මොහු වග බලාගත් අතර ඒවා බොහෝදුරට දඩයම් කිරීමෙන් අල්ලාගත් සතකුගේ විය.(එසේම මත් පැන් යන
ගෞරාවාන්විත නම යෙදුවද ඔහු පානය කලේ වල් පැන්ටා බවද මෙතනදි සිහියේ තබාගැනීම වග බලාගත යුතුය.)

මොහු වාසය කරන ගමෙහි එක් පසෙක අබන් ගඟ ගලා ගියේ මේ සෑම දෙයක් පිලිබදවම අවධානයෙන් විය යුතුය.ගුණේද නිතර ගඟෙහි එගොඩ මෙගොඩ වූයේ ඔහුගෙ ගොවිතැන් කටයුතු ගගෙන් එගොඩ ඉමෙහි සිදුකල බැවිනි.ඒ අනුව ඔහු දෙගොඩ තලා යන දිය කදක වුවද පහසුවෙන් තරනය කරන අයෙකු බව ඒ ගමෙහි වසන්නන් මා හට පැවසා ඇත.ඉතින් මේ සිදු වීම වන දිනයේද ගග දෙගොඩ තලා යමින් පැවතුනි.වර්ෂාව අධික වූ දිනයක් බැවින් ගැමියන් බොහෝ දෙනකු නිවසෙහි රැදුන අතර ගුණෙ නමැත්තාට එසේ සිටීමට නොහැකි වූයේ ගොවිතැන් කටයුතු පාඩු කරගත නොහැකි වූ නිසා මෙන්ම එගොඩ ඉමෙහි බැදදැමු ගවයන්ට නරකක් සිදු වේය යන බියත් හේතුවෙනි.

දඩ මස් කෑවත් ගවයන්ට පණ මෙන් ආදරය කල මොහු එදිනද අලුයම පිබිද අර මහ ජල කද තරණය කොට ගවයිනුත් වගා කටයුතුත් නිසි ලෙස සකසා ආපසු නිවසට පැමිණෙන්නෙ නිදහස් වූ මනසකිනි.මත් වතුරත් මස් පිණිස යමකදු නොමැති වූ බැවින් එදින ඔහුට කරුම දවසක්ම විය.එහෙත් හවස් වන විට ඔහුට මෙගොඩම හේන් කරන වූවකුගෙන් පණිවුඩයක් ලැබෙන්නෙ හැකිනම් ඔහුගේ වාඩියට පැමිණෙන ලෙසයි.කඩිමුඩියේ නිවසින් නික්මෙන මොහුට ඉහත කී වාඩියට යෑමට ඒදණ්ඩක් තරණය කල යුතුය.නිතර එයින් එතෙර මෙතෙර වන මොහුට එය කජ්ජක් තරම්වත් නොවූ බැවින් එය තරණය කොට මොහු මිතුරාගෙ වාඩියට පැමිණෙන විටත් ඔහුගෙ මිතුරා තව පිරිසක් සමග කසියා පාරක් අදිමින් සිටියේය.විගස ඇතුල් වී ඔවුනට එක් වූ ගුණේද පිනා ගිය මනසකින් යුතුව පදම් වීමට පටන්ගත් අතර කට ගැස්මට තිබුණ ඌරු මස් ව්යාංජනය ඔහුව සුරලොවින් ඔසවා තැබුවාක් වැන්න.

බීවාටත් වඩා හොදහැටි ඌරු මස් සප්පායම් වූ ගුණේ නැවත නිවස බලා පැමිණීමට සැරසෙන විට නිවසෙහි මසට යමක් නොවූ බව මතක් විය.එය මිතුරනට පැවසුවත් මහා මූසල කලුවරක මූකලානක් මැදින් උයන ලද මස් රැගෙන යාමෙහි ආදිනව දත් මිතුරන් එය ප්රතික්ෂේප කලේ මහ විපත්තියක් සිදුවේය යන බියෙනි.ඌරු මසට පෙරේත වූ නිසාම බොහෝ සෙයින් කන්නලව් කොට අමු මස් ගාතයක් උරයක දමාගත් ගුණේ නිවස බලා පිටත් විය.එය ඔහුගේ අවසාන ගමන බව නොදත් ගුණේ ඒ දණ්ඩ තරණය කිරීමට මත්තෙන් ජීවිතයෙන් සමුගෙන සිටියේ ගම්මුන් මවිත කරවමිනි.මෙතරම් දැඩි ජල කදක තරණය කරන මොහුට ඒ දණ්ඩ තරණය කිරීම ඉතාම පහසු දෙයක් ලෙස දුටු ගම්මුන් මෙන්ම නිවැසියන්ද මෙම මරණය සැක කලේ එබැවිනි.නමුත් සදිනක් යෑමට මත්තෙන් බිරිදගේ ශරීරයට ඇතුලු වූ ඔහු සිදු වූ සිදු වීම සැලකර සිටියේ සියලු දෙනා තත්බීරි කරවමිනි.


"මම එදා වාඩියේ සිට ආපසු එමින් සිටියා.ඒදණ්ඩට නුදුරු දුරකින් මට ඌරු මස් උරය බරවන බව දැනුනා.ඒ ගැන තැකීමක් නොකර මා හනිකට ඒ දණ්ඩ අසලට පැමිණෙන විට යමෙකු තලුමරන හඩක් ඒ දණ්ඩ අසල මාර ගස උඩින් ඇසෙන්නට උනා.මා ඒ දෙස බලන විට මා දැක්කෙ ඌරකුට සමාන මුහුණක් ඇති දැවින්තයකු දත් විලිස්සා මා දෙස බලා සිටන ආකාරයයි.කුණු හරුප කිය කියා සරම උස්සා ගත් මා ඒ දණ්ඩ අසලට පැමණියේ ඉක්මනින් නිවසට යාමටයි නමුත් ඒ වන විට මහා වතුරකින් ඒ දණ්ඩ වැසී යාමට ආසන්නයි. මා ඌරු මස් උරය ගස දෙසට විසි කර ඒ දණ්ඩෙහි ටික දුරක් ගොස් හැරී බැලුවේ සිදු වූ දෙය කුමක්දැයි නොතේරුන බැවින් එහෙත් මා දුටුවේ මා පිටුපසින් සිටි අර තැනැත්තායි.ඌරු මස්වල තිබුන ලේ කොටස් සේදු ජලය සමග මගේ කමිසය පුරාම තැවරිලා.ඒ දිහා බලන් සිටි ඔහු මා ඇද සිටි කමිසය ඉරෙන ලෙස ඇද්දා.පසුව ඒ මා ගගට තල්ලු කර දැමුවා."

සැබවින්ම මැදියම් රැයෙහි මේ ඉරනමට ගොදුරු වූ ගණේගෙ දේහය සොයාගත්තෙ පසු දින දහවලයේදි. නිරුවත් වූ ඔහුගේ මල සිරුර ඉතා බිහිසුනු ලෙස ඉදීමි ගද ගසමින් තිබුන බව මිනිය දුටු අයෙක් පැවසනවා.එසේම ඔහුගේ පාවහන් යුගලත් ඉරුනු කමිස කැබැල්ලකුත් ඒ දණ්ඩ අසලින් පොලිසිය සොයාගන තිබූ අතර එලවලු අසුරන රතු පැහැ දැල් බෑගයක් මාර සෙහි අත්තක තිබෙනු ඒ ගමේ බොහෝ දෙනා දැක තිබුනා.කෙසේ නමුත් පොලීසියට දියේ ගිලී මියැදුනු ගුණේ තවත් අත්භූත කතාවක් ගම්මුන්ට ඉතිරි කොට ජීවිතයෙන් නික්ම ගොසින්.




No comments:

Powered by Blogger.