දික්කැලෙන් එලියට ආපු කාන්තාව මෝහිණියද?

කොහොමද යාලුවනේ.ඉතින් මම අදත් කියන්න යන්නෙ කතාවක්.මේක අපේ පැත්තෙ උන ඇත්තම කතාවක්.අපේ පැත්තෙ තියෙනවා දික්කැලේ කියල කැලයක්..ගොඩක් මිනිස්සු මරල ඕකට ගිහින් දානව..මිනී මැරුම් ගොඩක් වෙලා තියෙනවා කියල තමයි කියන්නෙ..බය හිතෙනවා ඒ කැලේ පහු කරගෙන යද්දි.

ඉතින් මම කතාවට එන්නන්කො.මේ හරියේ තියෙනව කර්මාන්ත
පුරයක්.ඉතින් රාත්‍රි වැඩ මුර ඉවර වෙලා එන අයට ඒ ආයතන වලින් transport දාල තියෙන්නෙ.ඉතින් එක ආයතනයක හිටිය රියදුරු විදියට අපේ පැත්තෙ අයිය කෙනෙක්.එයා තමයි මේක කියල තියෙන්නෙ.මා එක්ක කිව්වෙ නෑ.ඒත් මටත් දැන ගන්න ලැබුණ.මම ඇහුව විදියට කතාව කියන්නන්කෝ.

එදා වැඩ ඉවර වෙලා තියෙන්නෙ රාත්‍රි 10 ට.ඉතින් අයියා එයාගෙ ගෝලයාත් එක්ක bus එකට වෙලා උන්නලු කට්ටිය එනකල්.කොහොම හරි ඔක්කොම නැගල ඉවර වෙද්දි 10.30 විතර උනාලු.ඊට පස්සෙ එයා ගමන පටන් ගත්තලු.ඔහොම ඔක්කොම ළමයි දාල එයාල ආපහු එන්න පිටත් වෙද්දි 12 ටත් කිට්ටුලු.දැන් අයියා ගෝලය එක්ක කතාවකුත් දාගෙන එනව.එයාල එන්න ඕන අර කැලේ පහු කර ගෙනලු.ඔහොම එද්දී ටිකක් ඉස්සරහ ඉඳල වාහනේට අත දැම්මලු ගෑණු කෙනෙක් පොඩි ළමයෙකුත් අතේ හිටියලු.

මෙයාලා ඉතින් bus එක හිටවල අහල අක්කෙ මොකද කොහෙද යන්න ඕන කියල.ඊට පස්සෙ එයා කියල මල්ලි මාව පොඩ්ඩක් ඉස්සරහ පොලිසිය ළඟට දානවද කියල.පස්සෙ එයාල හා කියල නගින්න දොර ඇරල දීල ඉඳ ගන්න කිව්වලු.ඒත් එයා කතාවක් නැතුව bus එකේ පිටි පස්සෙම sheet එකෙන් ඉඳ ගත්තලු.ඊට පස්සෙ අයියා ගෝලය එක්ක කතා කර කර ටික දුරක් ආවලු.ටිකකින් ගෝලයට ඇහෙනවලු අර බල්ලො මොනව හරි කෑමක් කද්දී සද්දයක් ඇහෙන්නෙ චව් චව් ගාල අන්න ඒ සද්දෙ.bus එකේ පිටි පස්සෙන්ලු ඇහෙන්නෙ.මෙයා එක පාරට පිටි පස්ස හැරිල බලද්දී දෙලෝ රත් උනාලු.කතා කර ගන්නත් බැරී උනාලු.අර ගෑණු කෙනා අර පොඩි ළමයව ඉරා ගෙන කෑල්ල කෑල්ල කනවලු.එතන ලේ විලක් වගේලු.

එයා එක පාරට අයියාට කෑ ගැහුවලු අයියෙ ඕක ඉක්මනට පොලිසියට අල්ලපන් යකෝ කියල.අයියා අහනවලු මොකද බන් උඹට උනේ කියල.ගෝලය කිව්වලු ඔහොම පිටි පස්ස බලපන් කියල අයියාත් හැරිල බලද්දී අරය දැකපු දේම දැකල.ඊට පස්සෙ එයාට bus එක පාලනය කර ගන්න බැරී වෙලා ඒ හරියේ තියෙන්නෙ වෙල් යායක්.bus එක පාරෙන් පැනල වෙල දිගේ ගිහින්.bus එක නතර වෙලා.මෙයාලා දෙන්නට මොකුත් වෙලා නෑ.එයාල bus ඒකෙන් බැහැල දුවල පාරට ගොඩ වෙලා.ඒ වෙලාවෙ පොලිස් ජිප් එක ඇවිත් .පොලිසිය කිට්ටුව මේක වෙලා තියෙන්නෙ.එයාල අහල මොකද උනේ කියල.අයියලාට විස්තර කිව්වම පොලිසියේ අයත් ගිහින් බැලුවම මොකුත් නෑලු.අර දෙන්න හොඳටම බය වෙලා.

ඊට පස්සෙ පොලිසියෙනුත් හොයල බලල bus එක එහෙම තියෙද්දි අර දෙන්නා ගෙදරට බස්සල.ගෙදර අය විස්තර අහල දෙන්න අරන් එදා මුළු දවසම දේවාල කපු මහත්තය ළඟලු.සැරෙන් සැරේ බය වෙලා ලතෝනි දෙනවලු දෙන්න.කොහොම හරි මාස 2ක් විතර යනකං එයාලට දේවාල ගානේ යන්න උනාලු.ඒත් හොඳටම හොඳයි කියන්න බැරිලු.එයාල කියන්නෙ ජීවිත කාලෙම ගියත් ඒ සිද්ධිය අමතක කරන්න බෑ කියලලු




No comments:

Powered by Blogger.