වැල ගහ හොයාගෙන ආ වතු හිමියාගේ අවතාරය

මේකයී කතාව.අපි කලින් ඉදපු ගේ විකුනලා අලුත් වෙන්දේසී කරපු ඉඩම් කට්ටියකින් ඉඩමක් අරන් ගෙයක් හදාගෙන පදින්චියට ආවා.අපේ ගෙදර උඩ තට්ටුව බාගෙට හදලා තිබුනේ පාලුයි ඒනිසා මන් පොඩි කලේ ඉදන්ම තනියම මේ ගෙදර ඉදියේ රෑ වෙනකම්.මුලු වත්තටම ගෙවල් 3ක් වගේ තිබුනේ. ඒකත් සෑහෙන්න දුරින්. එහා පැත්තෙ රබර් කැළේ.හරිම පාලුයී හවසට.මනුස්ස කට හඩක් නෑ.මන් ඒ කලේ ඉදන්ම වඩේ කන්න
සැර බයිට් කන්න හරී ආසයී.හැමදාම හවසට උඩ කාමරෙට වෙලා තනියම ඕව කනවා.

ඒ වෙලේට මට හරී අමුත්තක් දැනෙන්න ගත්තාත් මට ගානක් උනේ නෑ.කවුරු හරි ලගට එනවා වගෙ දැනෙනව.ලග තියෙන පුටු වල වාඩි වෙන සද්ද ඇහෙනවා.පිටි පස්සෙන් ඇවිදන් කව්ද එනවා වගේ අහෙනවා. මන් ගෙදර අයට කිව්වම අම්මා තත්තා මට කියනව මගේ හිත ඔය කියලා.ඊට පස්සෙ මට රෑ 12 පහු වෙනකම් නින්ද යන්නෙ නැතුව ගියා.මේ වෙනකම් මන් කාවවත් දැකලා තිබ්බෙ නෑ.දවසක් රෑ 12යී ඔන්න මතක් වෙනකොටත් අයේ බයයී ටිකක්. මන් අපෙ උඩ තට්ටුවෙ බැල්කනි එකට වෙල හාන්සි පුටුවක වාඩි වෙලා ඉදිය නින්ද යන්නෙ නැති නිසා.මට කලුවරෙ අඩි සද්දයක් ඇහිලා මන් පාරට එබිලා බලනකොට මන් දැක්කා කොටම කොට මනූස්සයෙක් හිමිට පාරෙන් අපෙ ගේ ලගට එනවා කලුවරට මට රූපේ පෙන්නෙ නෑ හරියටම 😱😱අපේ ගේ ඉස්සරහ නැවතිලා ගේ පැත්තම බලන් ඉදියා.මන් සැපට බය උනා එදා.

ඊට පස්සෙ ඊලග දවසේ මන් උඩ කාමරේ නිදා ගෙන ඉදියා යාලුවනේ මේක තමයී මගේ ජීවිතෙ අදටත් මතක් වෙද්දී ඇග හිරිපොලන දවස. මන් නිදා ගෙන ඉන්න කොට මට පන්දර 2ට ගැස්සිලා ඇහැරුනා.මන් ඔලුව උස්සලා බලද්දී මට අඩි 10ක් විතර දුරින් එදා රෑ දැක්ක මිනිහා හිටන් ඉදිය දෙයියනෙ ඌ මගෙ දනහිසට පොඩ්ඩක් උසයී.පුදුම මහතයී බඩ බිමට වැටෙන්න තරම් විසාලයී ඉස්සරහා තට්ටෙ අපෙ කොන්ඩෙ පාට ඒකගෙ හම.ඉන වටෙ ලොකු ගෙජ්ජි වැලක් තිබුනා.හුගාක් මහත අයට දුවන්න අමරුයිනේ මූත් මහ ජරා විදියට අමාරුවෙන් දුවන් ඇවිල්ලා මගෙ බෙල්ල ලගට පැන්නා.මන් කෑගැහුවා කට හඩ පිට උනේ නෑ.පස්සෙ මට සිහි නැති උනා.ඊලග දවසෙ මන් ඇහැරෙන කොට වෙලාව දවල් 12.30

මන් එ උන සේරම අම්මට කිව්වම අපි පොඩි දෙයක් කලා.පස්සෙයී දැන ගත්තේ ඒ රෑට අවිදින්නෙ මේ ඉඩමෙ මුල් අයිතිකාරයා කියලා.අපේ වත්තෙ වැල ගහක් තිබ්බ පොර ඒ කලේ හරියට වැල කාලා ඒකේ.අපි ඒක ගේ හදන්න කැපුවා.ඒක හොයන් මූ එනවා කියන්නේ.මන් මහ රෑට වඩේ බයිට් කන නිසා තනියම ඉදපු නිසාත් මූ ඒ සුවදට කෑදර කමට තම ඇවිල්ලා තියෙන්නෙ.

ඕක තම සත්‍ය කතාව




No comments:

Powered by Blogger.