පොල්ටර්ගයිස්ට් සහ හොල්මන

ඔයාලා හොල්මන් ෆිල්ම් එහෙම බලනවානම් අහලා ඇති poltergeist ( පොල්ටර්ගයිස්ට් ) කියලා වචනයක් අද මන් කියලා දෙන්න යන්නේ ඒ වචනේ එන තේරුමයි

ලංකාවේ හොල්මන් කියන්නේ නම් සෙලවෙන මනස කියලනේ හුගක් අය කියන්නේ එකට හේතු වන මගේ පුද්ගලික අදහස තමයි සමහරක් මෙන්න  මේ වගේ වචන වලට හරි තේරුමක් අපි දන්නේ නැහැ උදාහරණයක් වශයෙන් poltergeist යන වගේ වචන තේරුම් තියනවද අපි දන්නේ නැද්ද
දන්නේ නැහැ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න

poltergeist කියන වචන හැදිලා තියෙන්නේ 19 වන ශතවර්ෂය මැද භාගය පමණ වෙද්දී මේක ජර්මානු වචනයක්

Poltergeist, from poltern ‘create a disturbance’ + Geist ‘ghost’ ( poltern - බාධා කරන Geist - අවතාර ) යන ආකාරයෙන් අපිට හදුන්වන්න පිළුවන් . දැන් එතකොට පොඩි හරි වැටහීමක් එන්න ඕනි ඔයාලට මොකක්ද මේකේ තේරුම කියලා

තේරුම තමයි අවතාරයක් හෝ යම්කිසි බලයකින් සෘජු බලපෑමකින් ශරීරයට හානි පැනවීම හෝ ශබ්ධ ඇතිකිරීම හා

භාණ්ඩ එහා මෙහා විසිකිරීම් වශයෙන් කෙටියෙන් අපිට හදුන්වන්න පුළුවන්
අපි දැන් බලමු Ghost vs Poltergeist කියන්නේ මොකද්ද කියලා
ඇත්තටම මේ දෙක අතර ගොඩක් වෙනස්කම් තියනවා අවතාරයක් කියන්නේ ඇත්තටම අපිව දඩයම් කිරීමක් නමුත් Poltergeist කියන්නේ බධකිරීමක්
ඇත්ත වශයෙන්ම අවතාර කියන්නේ මියගිය ආත්මයක්, අවතාරයක් අපට පෙනෙන්නේ සමහරක් විට විනිවිද පෙනෙන ශරීරයකින් වෙන්න පුළුවන් ඒ වගේම දුමක් වැනි දෙයක් වෙන්න පුළුවන්
නමුත් Poltergeist අවස්ථාවේදී පුළුවන් ජිවත් ව සිටින අයෙක් ඔහුට නොදැනෙන ආකාරයට හසුරුවන්න

අවතාරයක් කියන්නේ අපිට පෙනිලා නැතිවෙලා යන දෙයක් නමුත් Poltergeist කියන දේ එහෙම නොවෙයි

සමහර න්‍යායන් වල කියවෙනවා අවතාර කියන්නේ ජීවමාන දෙයක් වගේම Poltergeist කියන්නේ බිහිසුණු මරණයක සෘණ ශක්තියක ප්‍රකාශනයක් කියලා ( දැන් එක එකා කියන්න එපා අවතාර කොහෙද ජීවමාන කියල මන් පුලුවන් තරම් පැහැදිලි කරන්නයි සරල භාෂාවෙන් කියන්නේ ) ඒ වගේම කියවෙනවා අවතාර කියන්නේ නිෂ්ක්‍රිය ආත්ම සහ Poltergeist කියන්නේ ආක්‍රමණශීලි ආත්ම කියලා

ඒවගේම තවත් විශේෂ දෙයක් තමයි අවතාර කියන්නේ යම්කිසි ස්ථානයක බැදී පවතින දෙයක් කෙනෙක් මරපු ස්ථානයක් ඒවගේම දිගු කාලයක් ජීවත්ව සිටි ස්ථානය යනාදියයි නමුත් Poltergeist කියන්නේ එහෙම නෙමෙයි යම්කිසි ස්ථානයක මෙය බැදී නොපවතින අතර යම්කිසි විශේෂ වස්තුවක් හෝ විශේෂ පුද්ගලයෙක් පසුපස හබයයි නමුත් මෙහි භයානක කරුණ වන්නේ මෙය වෙලාවක පුද්ගලයන් කීපදෙනෙක් හෝ වස්තුන් කිහිපයකට බලපෑම් ඇතිකළ හැකියි

අවසාන වශයෙන් අවතාර වල බලය සමහ‍ර කාලයක් පමණක් ඇතිවිය හැකි අතර Poltergeist අවස්ථාවේදී බලය අවස්ථාවෙන් අවස්ථාවට වැඩිවේ

මෙම ලිපියෙන් ඔබට පොඩි හෝ දැනුමක් ලැබුණානම් එයයි සතුට

ස්තුතියි
ෆොක්ස්


No comments:

Powered by Blogger.