පොඩි මාමාගේ බෙල්ල කඩපු ලමිස්සිගේ අවතාරය

පොඩ්ඩෙ මාමා කියන්නෙ ගමේ හැමෝම දන්න කියන ඩයල් එකක් මාමගෙ රස්සාව උනේ කිතුල් හකුරැ හදලා විකුණන එක ආහ් ඒක එක රස්සාවක් විතරයි ඊට අමතරව ගමේ පිරිමි අය විතරක් නෙමෙයි ගැණු අයටත් මෙයාව හරියට මතක් උනා මොකද ඉතිං ගමේ හොර අරක්කු ව්‍යාපාරය කෙරැනෙ මෙයාගෙ අතිං ( ගෑනු අයටනම් තමන්ගෙ මහත්තයා බීගෙන ගෙදර එනකොට පොඩ්ඩෙ මාමගෙ පරම්පරාවම මතක් වෙනවලු)
ඒ විතරක් නෙමෙයි සත්තු දඩයම් කරන්නත් පොඩ්ඩෙ මාමා පුරැදු වෙලා හිටියා

දවල් කාලෙට වඩා මේ මනුස්සයට රෑට තමයි ගමන් බිමන් තිබුනෙ දවසක් තමන්ගෙ වැඩ ටික ඉවර කරලා මහ රෑ 11.30ට විතර මුව මස් වගේකුත් අරගෙන පොඩ්ඩෙ මාමා ගෙදර යනවලු දැන් වගේ නෙමෙයිනෙ ඉස්සර ගම්වල ගෙවල් වලට වැඩිය තිබ්බෙ කැලෑවනෙ ඔහොම යනකොට තියෙනවලු ඔයක් මේ ඔයෙන් නාලා කරලා තමයි මාමා හැමදාම යන්නෙ එදත් ඉතිං වෙනදා වගේම මුව මස් ටික ගලක් උඩිං තියලා මාමා නානවලු
ටික වෙලාවකින් මාමට ඇහෙනවලු කෙල්ලො ටිකක් හිනා වෙනවා මාමත් පැනියනෙ පොඩ්ඩක් ඉතිං හැරිලා බැලුවලු බලනකොට ගෑනු ලමයි තුන් දෙනෙක් දිය රෙදිත් ඇදන් නාන්න එනවලු මාමට එතනිං යන්න හිත දීලත් නෑ ඒ උනත් ඉතිං මේ මහ රෑ ගෑනු නාන දිහා බලන් ඉන්නයැ කියලා හිතලා මාම ගොඩට ඇවිත් යන්න ලෑස්ති උනාලු ආයෙමත් ඉතිං අර මුව මස් ටිකත් උස්සගෙන අඩි පාර දිගේ යනවලු ඔහොම යනකොට අර ගෑනු ලමයි තුන් දෙනාගෙන් එක්කෙනෙක් මාමට කතා කරනවලු ඩයල් එක හැරිලා බලනකොට එක ගෑනු ලමයෙක් පිටි පස්සෙන් එනවලු මාමට වැඩේ තේරැනාලු

අතේ තියෙන්නෙ මුව මස් ඊටත් දැන් මහ රෑ මාමා එතන බිම තිබිලා අහුලගත්තලු දිග කෝට්ටක් දැන් ඉතිං ඒකත් වන වන අර ගෑනු ලමයත් එක්ක කතාවකුත් දාගෙන පොඩ්ඩෙ මාමා යනවලු ( කෝට්ටක් වන වන යනකොට අර ගෑනු කෙනාට ඉස්සර වෙන්න බෑළු බැරි වෙලා හරි ඉස්සර උනොත් ඉවරම තමයිලු) ගේ ගාවට ගිය මාමා " හාමිනේ ඉලපතත් අරං වරෙන්කෝ " කියලා කෑ ගැහුවලු කෝට්ට වන වන ඉන්න මාමවයි අතේ තිබ්බ මස් උරෙයි දැක්ක ගමං නැන්දට වැඩේ තේරිලා  ඉලපතත් අරං කුණු හරැප දෙක තුනකුත් කියාගෙනම නැන්දා එලියට බැස්සලු එතකොටම මාමා දැක්කලු අර ගෑනු කෙනා කොස් ගහ ගාවින් නොපෙනී යනවා  ඔය වගේ දවස් දෙක තුනක්ම උනාලු..

ඒත් ඉතිං වාසනාව උනත් හැමදාම පස්සෙන් එන්නෑනෙ දවසක් නැන්දා ඉලපතත් අරං කුනු හරැප කියං එලියට බහිනකොට මාමට ඇහුනළු උබ ඊලග දවසෙනම් ඉවරයි කියලා අර ගෑනු කෙනා කියනවා මාමා ඒක එච්චර ගනන් අරං නෑ

දවසක් රෑ මාමා ගෙදර ආවෙ නෑලු නැන්දත් ඉතිං උදේ වෙනකන් බලං හිටියලු ගිය මගුලකිං උදේට එයිනෙ කියලා ඒත් උදේ ඇවිල්ලත් නෑ බැරිම තැන නැන්දා ලෑස්ති උනාලු මාමව හොයන්න යන්න ඒත් ඉතිං ගෙදරිං එලියට එක අඩියක් තියන්න උනේ නෑලු පොඩි එකෙක් කෑ ගහගෙන දුවගෙන
එනවලු " නැන්දෙ නැන්දෙ පොඩ්ඩෙ මාමා පහල ඇල ගාව බෙල්ල කැඩිලා වැටිලා ඉන්නවා.."




No comments:

Powered by Blogger.