මහසෝනාට දොල දී නිමලාව බේරා ගත් ගුරුන්නාන්සේ

ඔන්න බෙරගල පැත්තෙ පොඩි ගමක් තිබිල තියනව අක්කරසීය කියල.
ඒ ගම මිනිස්වාසය අඩු නගරයෙන් වෙන් උනු අමුතුම ගමක්. ඒ ගමේ
එහාට්ට වෙන්න තමයි මේ සිද්දිය වෙන්න. ඒහරියට කියන්නෙ හාල්කන්න කියල
හරිම සුන්දර පරිසරයක් තියෙන්නෙ දැනටත්. මහ පාරේ ඉදන්
කිලෝමීටර පහකට හයකට කිට්ටුවෙන්න පයින් තමයි යන්න ඔනේ
දැනටත් . ඉතින් මේ ගමේ ඉදල තියනව හරියටම කිව්වොත් ගමටම මහ වදයක් උනු යාලුවො දෙන්නෙක් නිමලුයි සිරිපාලයි කියල දෙන්නම රැකියාවට කලේ
ගොවිතැන් උනත් රැදෙගොඩහරි ජාමෙ වෙනකන් කලේ කටගොන්නක් බීගෙන
දඩයමේ ගිහින් ඌරු නාම්බෙක් එලාගෙන එන එක තමයි. ඉතින් දෙන්න ඔය වැඩේ හරි

හරියට කරගෙන ගිහින් තියනව . ඉතින් දවසක් මුන් දෙන්න බැදපු බදින තුවක්කුව පැටලැවිල ගමේ ඉන්න අහින්සක මනුස්සයෙක් බෙහෙත් පැලවගයක් හොයන්න යනකොට කකුල එහෙම් පිටින්ම දනිහෙන් පල්ලෙහා කුඩු පට්ටම් වෙල තියනව.ඉතින් කොහොම හරි මේ මනුස්සය එක්ක තව කෙනෙක් ගිහින් තියනව කැලේට ඉතිම් මිනිහ හොද හයිය හත්තිය ඇති එකෙක් මිනිහ කෝමහරි අර මනුස්සයව වත්තම් කරගෙන සමන්දෙයියන්ට කිය කිය .

වෙද ගෙදරට ඇන්න ඇවිල්ල තියනව ඉතින් වෙද උන්දැත් බෝම පරිස්ස්‍රමයක් දරල මිනිහට වෙදකම් කරල මිනියගෙ ජීවිතේ යන්තම් බේරගෙන තියනව.ඉතින් ඔය උවක්කුව බැන්දෙ නිමල් උන්දැයි සිරිපාලයයි කියල ගමේ ලොකු කතාවක් ගියත් ඔවා මූනට අහන්න ගිහිල්ල නම් නෑ. ඉතින් ඔය අස්සේ ලෙඩා කෙමෙන් කෙමෙන් සුව අතට හැරිල තියනව.ඉතින් ලෙඩාගෙ පව්ලේ උදවිය හරිම තරහකින් තමා ඉදල තියෙන්නෙ .
ඉතින් ඔය පැත්තෙ තිබිල තියනව පුරාන දේවාලයක් ඕක හරි බලගතු තැනක් කියලයි ගම්මුන්ගෙ විශ්වාසය. ඔහොම එකදවසක් ලෙඩාගෙ ගෙදර අය ඔය දේවාලෙට යනව අහින්සක මනුස්සයට උනු අවනඩුව කිසිම හව්හරනක් නොමැති තැන දෙයියන්ට වත් කියන්න ඔය දේවාලෙට ගිහින් අවනඩුව කපුතැනට කියනව කපු උන්නැහේ වස්පූජාවක් හෙම ලක ලැහැස්තිකොරගෙන ගම්බාර සිද්ධසූනියම් දෙයියන්ට අවනඩුව කියනව.කපු උන්නැහේ කියනව මේ වින්නැහිය කොරපු එකා ගම්බාර සූනියම් දෙවිහාමුදුරුවො මහ එකාට බාරකොලා අච්චු දෙන්න ආය දෙකක් නෑ ලගදිම මේකට අචිචු ලැබේවි කියල .

මහ එකා කිව්වෙ(මහසොහොන් උන්නාන්සෙට)ඉතින් දින සති ගනන් කාලය ගෙවිල ගිහින් තියනව නිමලුයි සිරිපලයයි ජයටම වැඩේ කරගෙන ගිහින් තියනව.ඔන්න දැන් තමයි හරියටම කතාවට එන්නෙ අදට දවස් විසි එකකට ආසන්නයි මයෙ හිතේ සිකුරාදා දවසක් සෙනසුරාදට එලිවෙන්න .ඔන්න ඉතින් අර කාල කන්නි දෙන්න ගිහින් ඌරුදන්ඩට බැන්ද තුවක්කුව පත්තුවෙනකම් කැලේට වෙල සුරුට්ටුවක් උර උර බලන් ඉන්නව ඉතින් එකපාරටම කැලේම දෙදරුම් කමින් බැන්ද තුවක්කුව පත්තුවෙනව .

වෙඩිල්ල වැදුනු දිහාවට මුන් දෙන්න දුවගෙන යනව ඉතින් දෙන්න වෙඩිල්ල වැදුනු තැන ඉදන් ලේ පාරදිගේ ඉස්සරහට යනකොට ඌරු තඩිය ඔන්න වැටිල ඉන්නවලු දෙන්න ඌරුතඩියව කපාන කරගෙන උස්සගෙන යනවලු .ඉස්සර දඩයමේ ගියාම සිරිතක් තියනව එලා ගත්තු සතාව එතනම කපල ඉදුල් නොකර උගේ බොටුව ගලක් උඩ කැපකරලයි එන්නේ කන්දේ යකාට එතකොට ඔය දඩයමේ යන උන්ට කරදරයක් නැහැයි කියලයි කියන්නෙ.මුන් දෙන්න නම් එහෙම එකක් කොරල නැ ඌරු ගාතදෙක උස්සන් ඇවිල්ල කැලේ මැද්දාහෙන්
ඔහොම ඇවිල්ල කාරිය පැල් කොටේට ඌරු ගාතා කෑල්ලක් පුච්චාගෙන හොදහැටි කට ගොන්නක් බීගෙන දෙන්න ගෙදර යන්න කාලය එලඹුනාලු මුන් දෙන්න ඌරු කොටහ බෙදාගෙන දෙන්න ගෙවල් බලා ගියාලු ඉතින් මුන්දෙන්න හෙන නහර කාරයො මෙලෝ යකෙක්ට බය උන් නම් නෙවෙයි ඇත්තටම . ඔන්න ඉතින් සිරිපාලය ඌ යන පැත්තට හැරිල යන්නවලු .නිමල ඌ යන පැත්තට යනවලු .ඉතින් නිමලට යන්න තියෙන්නෙ පොඩි සොහොන් පිටියක් අයිනෙන් වෙන්න තමයි ඉතින් සුපුරුදු පරිදි නිමල යන්වලු එහෙත්
වෙනදාට වඩා පරිසරයේ වෙනස් බවක් නිහඩ බවක් මහා නස්පැත්තියක මුලහැගෙන බවක්
නිමලට දැනෙන්න අරන් තියනව ඉතින් ඔහොම සොහොන් පිටිය අයිනෙන් යනකොට පස්සෙන් කව්දෝ එනවගක් මෙකට දැනිල තියනව ඉතින් මෙකත් පය ඉක්මන් කොරල එහෙම ගනන් නොගෙන එනවලු ඉතින් එන මග දැන් කව්දෝ බරට පය තියන හඩ ලග ලගම එනවලු නිමලට මොකක්දෝ අමුතු බයක් එක්ක පපුව වේගෙන් ගැහෙනවලු

ඉති නිමල නිකමට වත් හිතන්නෙ නැතුව ඇති මේ එන්නෙ මගේ මාරය කියල නිකමටවත් . එකපාරටම සොහොන් පිටිය පහුවෙනවත් එක්කම ඌරු ගාතය මහා බරක් මෙන් දැනෙන්න අරන් තියනව ඌරු ගාතෙ කවෘහරි වෙරෙන් පස්සට අදිනව වගේ තත්පර ගානයි ගත වෙන්නෙ නිමලය පස්ස හැරෙනව ඒ එක්කම දුටු දෙයින් නිමලයට කර කියා ගන්න දෙයක් නැතුව යනව .මහා බයක් කවදාවත්ම නොදැනුන බීපුවගෙ වෙරි බින්දුවටම බහිනව අවට කිසිම සද්දයක් ඇහෙන්නෙ නැතුව යනව දැනෙන එකම දේමරන බය පමනයි . අඩි දහයක් දොලක් පමන උසම උස ඇගපුරාම මවිල් ගන්ට වැවුනු මනුශ්ය කයකට සමාන එහෙත් මනුශ්යයෙක් නොවන වලහෙකුට සමාන හිසක් හිමි මහා එකෙක් ඌරු ගාතය අදිමින් සිටිනව ඒ එක්කම නිමලයට මුලුඇස් දෙකම ගන අන්දකාරයෙන් වැහෙන්නාක් මෙන් දැනෙනව එපමනයි මිනිහට මතක . ඔන්න දිය ගෙවිල යනව
ඉර උදාවෙලා සිරිපාලය යනව හේන පැත්තෙ එහෙත් නිමලය නම් හේන අහකට වත් ඇවිල්ල නෑ ඔන්න ඉතින් සිරිපාලය යනව නිමලය හොයන්න උන්දැගෙ ගෙවල් පැත්තට උන්දැගෙ වාහේගෙන් අහනව කෝ බන් නන්ගියේ නිමල කියල උන්දැකියනව ඉයේ ගිය ගමන් තාම ආවෙ නෑ අයියට හදි ගැහුනේ නැතෙයි කියල
ඔන්න ඒපාර සිරිපාලය පොඩ්ඩක් බයවෙනව මූව ඉයේ රාත්තිරියෙ සර්පයෙක් කාලවත් ද කියල ඔන්න ඔහේ කට ගොන්නක් බීල කොහේ හරි වැටිල ඇටි කියල උන්දැ කියනවඉතින් සිරිපාලය කියනව නෑ නන්ගියේ මයෙත් එක්කමයි ආවෙ ඉයේ රාත්තිරියෙ එලාගත්තු ඌරු ගතෙත් උස්සගෙන මන් මේ ආවෙ මොකෑ හේනට නාවෙ බලන්න කියලඑහෙම කියල සිරිපාලය යනව කැලේ පැත්තට තව හතර පස් දෙනෙක් එක්ක නිමලය
හොයන්න රෑවෙනකම් නිමලයව හොයයනව මුන් දැන් කැලේ පීර පීර එහෙත් නිමලය ගැන නිනව්වක් නෑ බැරිම තැන මුන් ටික ඇවිල්ල ගමේ ඉන්න උනට කියනව නිමලය අතුරුදහන් වෙලා හොයන්න යමල්ල කියල ඉතින් ගමම එකතු වෙලා දවස් දෙකක් පුරාවට නිමලයව හොයනව කිසිම දෙයක් නැති තැන ගම්මු එනව හිස් අතින් ඔන්න නිමලයගෙ වාහේ වැලහින්නක් වගේ අඩ අඩා ඉන්නව ගමේ උන්දල ඉතින් තනියට එ ගෙදරට වෙලා තනිමකමකා ඉන්නව .

ඔන්න ඔහොම යන කොට රාත්‍රියේ නිමලයව හොයන්න ගිය උන් වගයක් ඔය සොහොන ලගින් එනකොට චර බර ගාලා සද්දයක් එනව ඌරෙක් කනව වගෙ ඉතින් මුන් ටික පොඩ්ඩක් හෝදිසි කරල බලනව බැලින්නම් දුරට පේනව කව්දෝ එකෙක් මිනී වලක් උඩට වෙලා මොනවදෝ අත් දෙකෙම්ම කනව . ඉතින් මුන් ටික කතා වෙලා සද්ද නැතුව පොඩ්ඩ පොඩ්ඩ ඌ ලගට ලන් වෙනව .දුටු දෙයින් සියල්ලම පුදුමයට හා බීතියට පත් වෙනව නිමල්ය ඔහු මිනීවල උඩ හිද අලුත වලදමාපු මිනිවලක් හාර එහි උඩහිදම මිනියේහි කෑල්ලක් චර බර ගා කන්නේය කරකියා ගන්න දෙයක් නොමැතිව අප්‍රසන්නව ගමේ එව්වන් බලහිද නිමලයව අල්ල ගැනීමට කල්පනා කරනව නමුත් වයසින් මුහුපුරා ගිය ඇත්තෙක් කියනව වැඩේ ලේසි නෑ ගතින් නිමල් උවත් ඇතුලත නම් නිමල් නොවන බවය

කෙසේ හෝ නිමල් අල්ල ගෙන යන බව කියමින් ගම්මු හතර පස්දෙනා නිමල් සිටිනා හරියෙන් හිමින් හිමින් වට කරල කිට්ටු කරනව ඔය අස්සෙ නිමලට දැනෙන්න ඇති කවෘන් හෝ තමා හා වටයන බව (නිමල් කිව්වට නිමල් ම නොවේ) එකපාරටම ගමේ උන් ටික නිමල් වෙතට පැන අල්ලා ගන්නට තැත් කරනව අමු ලේ පෙරාගෙන මිනීමස් කමින් සිටි නිමල් සියල්ලට වේගවත් වී පහර දී මිනී කැබැල්ලත් ඩැහැගෙන කැලයට පැනයනවා ගම්මුන්ට කරන්නට කිසිවන් නොමැත හොද හැටි ගුටි කා උන් ටික බොහොම අමාරුවෙන් වෙද ගෙදරට යන්ව වෙද උන්දැට බිදක් නෑර සන්තෑසිය ගම්මු කියන්ව .වෙද උන්දැත් මන්ත්‍ර ශාස්ත්‍රය පරතරයකට නොව්වත් යම් තාක් දුර්ට දන්නා අයෙකි .

උන්දෑ මෙහෙම කියනව නිමලයට වෙලා තියන දේට මට නම් ප්‍රතිකර්මයක් කොරන්න අමාරුයිමොකද නිමලට බොහොම බලගතු මහසොහොන් දිශ්ටිය වැහිලා වගේයි කියල වෙද උන්දැ කියනව ඒකනිසා මේකට හොදට ශාස්ත්‍රය දන්න කියන යකැදුරෙක් හොයන්න වෙයි කියල. ඉතින් පන්සලේ හාමුදුරුවොයි ගම්මුයි වෙද උන්දැයි එකතුවෙල හොද යකැදුරෙක් හොයන්න තීරනය කරනව, ඉතින් ඔය අස්සෙ මුලු ගමේමයි හතර වටේමයි නිමලට මහසොනා වැහිල කියන කතාව පැතිරිලා යනව ලැව් ගින්නක් වගේ . ඒ අස්සේ නිමල නම් නිදැල්ලෙය නිමල් අල්ලන්නට ගිය උනදල ආයේ නිමල් අල්ලන්නට නම් සිතන්නේ වත් නැත. ඒ අතර දේවාලෙ ගිය ඇත්තෝ නම් තුවක්කුව බැන්දේ නිමල් බව හොදින් වටහාගෙන තිබිනි. ඔන්න ඔය අල්ලෙපනල්ලෙම හාමුදුරුවන්ගේත් අවවාද අනුශාසනා ඇතුව වෙද උන්දයි තව වැඩිහිටියෙකුයි පිටත් උනේය යකැදුරෙක් කැදවාගෙන ඒමටය . ඉතින් වෙදමහතාගෙ පරන හිතවතෙක් උනු සේදිරිස් ගුරුන්නාන්සේ හොද වැඩකාරයෙකි නම් දරාපු කෙසේ හෝ වෙදමහතා සහ අනෙකා දුශ්කර ගමනකින් පසුව සෙදිරිස් ගුරුන්නාන්සේ හමුවිය

අල්පමාත්‍රයක් වත් නොසගවා සියල්ල දිගහැරුනි .එ අතර ගමේ උන්ට නිමලාගෙ ගෙවත්ත හොදින් සුද්ද බුදදකර මඩුවක් ගසා තියන්නට වෙද උන්දා කියා තිබුනි ඉතින් ගමේ උන් නිමල කෙසේ එකෙක් උවත් කරදරේක වැටී ඇති නිසා වැඩේ බැහැලම කරමින් සිටියේය ගමෙ උන් කිසිවෙක් දැන් හැන්දෑ වරුවේ එලි බහින්නෙ නැත.කොටසක් නොමලගෙ නිවසේය .ඔන්න දින දෙකකට පසුව වෙදමහතා සේදිරිස් ගුරුන්නාන්සේ හා තවත් හතර පස්දෙනෙක් සමග පැමිනියේය .කල් වේලා නොගොස් වැඩේට බැස්ස ගුරුන්නාන්සේ හා පිරිවරයි අවස්ය කලමනා ගෙන එන්න නියම කලේය ගමෙ උන හනි හනිකට අඩුම කුඩුම රැගෙන එන්නෙය .ගුරුන්නාන්සේ හා පිරිස යහන් පිදවිනි හදමින් බරටම වැඩය තවත් පිරිසක් කන්න බොන්න ඉහුම් පිහුම් කරන්නේය ගමෙන් කොටහක්ම තොවිල් ගෙදරය රාත්‍රිය කෙමෙක් කෙමෙන් එලබෙන්නේය නිමලගෙන් ගුටි කෑ උන් නිමලගෙ ආවේසයෙ තරම දන්නේය එහෙව් උන් ගස් උඩට නැග තොවිලය බලන්නට සූදානම් වී සිටියේය පන්සලෙ හාමුදුරුවොත් පැමිනියාය වෙද උන්දත් බරටම වැඩය තොවිලය පටන් ගත්තේය

ගම්මු ආසාවට වඩා බයෙන් තැති ගැම්මෙන් හා ගුරුන්නාන්සෙ ගැන විශවාසයෙන් බල උන්නෙමි .දෙවියන්ට කවි කියන්න පටන්න ගත්තේ යක් බෙර වාදනය සමගය පලාතම අමුතුය නාතදෙවියන්ට කවිකියන්නේය යකදුරා මඩලට බැස්සේ වැඩකාරයකුසේය ඔව් හැබැවින්ම ඔහු වැඩකාරයෙකි

බීත තෙද පුව තට
පාත කැලනියට වැඩ සිට
දෝත මුදුනත් කොට
නාත සුරපති වදින් මුල් කොට.......
ගන්ඩ අවසර මට
යන්ඩ යක්සෙන් දුරුකොට
එන්ඩ දිව පුර සිට 
දෙන්ඩ දලු මුර නාත දෙවින්දුට .........
ඔන්න ඔහොම දැන් තොවිලේ වැඩ කෙරීගෙන යනව දැන් දෙවියන් යැදල
අහවරයි මද්යම රාත්‍රිය ලගාවෙමින් පවතී. දැන් යකුන්ට අඩගහන වෙලාව
ආවේය

සෙදිරිස් ගුරුන්නාන්සේ පන්දම අතට ගෙන දුම්මල කීල ගසමින් මතුරන්නේය
ඔන් අර්සි වාරේ ඊශ්වර වාරේ ගුරු වාරේ ආකාස වාරේ පාතාල වාරේ
යක්ශ රාක්ශ වාරේ ගොපලු ශ්‍රි මුද්‍රාවෙන මහසොහොන් දේවතාවා දිශ්ටිලා 
වර වර එස්වාහක් -- කියා ගුරුන්නාන්සේ මතුරන්නේය 
තොවිල් මඩුවේ උන් බයවී ගල් ගැසී බල සිටින්නේ නිමල එන තුරුය
තවත් ඇදුරන් පිරිසක් බෙර තාලයට
කකා මිනී කද අතින් ගෙනෙන්නා
විකාරයෙන් මිනියක ලේ බොන්නා
වලකුලේ සිට හඩක් ගසන්නා
මහසෝනා එන ලකුනු දැනෙන්නා

යකදුරන් මෙසේ කියන්නේය එක නිමේශයකි හූතුනක විතර දුරින් මහ මූසල හූ හඩක් ආවේය
තවත් එක් හූ හඩක් ඊට හූදෙකක් පමන දුරින් ආවේය මිනිසුන් නොයිවසිල්ලෙන් සිටින්නේ නිමල් එන තුරුය යකදුරන් තව හඉයෙන් මතුරමින් බෙර ගසමින් කවි කියමින් අඩගසන්නේය අන්තිම හූවත් හූවක පමන දුරින් ඇසුනේය දැන් කිසිදු හූහඩක් නැත

යකදුරන්න නොනවත්වාම මතුරන්නේය එකවරම නිමලා නොව ඌනම් අමු යක්ශයෙක්මය සිතෙන්නට ඇත අමූ මිනි ගාතයක් කටින් ඩැහැගෙන ලේ පෙරාගේන ඇදුරන් මැදට පැන්නෙ කිසිදු බයක් හැකක් නොමැතිවය .කොපමන වැඩ කරුවකු උවත් ඌ දැකීමෙන් සේදිරිස් ගුරුන්නාන්සෙත් බය විය . නිමල මිනී ගතයත් ඩැහැගෙන යකදුරන්ට පහර දෙන්න විය .මිනිසුන් හතර අත දුවන්නට විය යකදුරන් ඒ අස්සේ දිවි බේරාගත්තෙ බොහොම අමාරුවෙන්ය බෙර කරුවා සොයාගන්නට වත් නැත සෙදිරිස් ගුරුන්නාන්සෙත් නැත
යක්ශාවෙස ඌ නිමලා පහරදි කැලයට පැන්නේය . ඔන්න ඔයවගේ තොවිල් ගනනාවක් ම විය කිසිදු පලක් නොවිය ගම්මුන්ටත් එපාවි සිට්යෙය එහෙත් කාටත් මේ යකා මහා වදයක් නිසා කෙසේ හෝ අවසාන වතාවට යකදුරෙක් ගෙන්නවීමට තීරනය කලෙමි.

ඒ අස්සේ දේවාලේ ගිහින් පලි ගැසූ අයටත් මෙය ගැන මහත් දුක හිතී දේවාලයටගොස් පූජවක් කර ගම්බාර දෙවියන්ගෙන් මෙය අහවර කරදෙන ලෙස ඉල්ලුවෙය.එය එසේ වන අතරතුර නිවිතිගල පැත්තෙ සිටින වයසක ගුරුන්නාන්සෙ කෙන්ක් ගැන හාමුදුරුවන්ට කනවැටුනි ඉතින් හාමුදුරුවන් හා වෙදමහතා ලහිලහියේ නිවිතිගල බලා පිටත් උනේය.ගුරු ගෙදරට සේන්දු උනෙමි පෙනුමෙන් කෙසග සිරුරක් හිමි ඔහු බෙහෙවින් වයස පුදගලයෙකි ප්‍රියමනාප මෙන්ම ගුනයහපත් පුද්ගලයෙක් බව හිමියන්ට වැටහුනි ඔහු නමින් සයිමන් ගුරුන්නාන්සේය ඔහු ලග දැවටි දැවටි ආවතේව කලෙ පොඩි එකෙක් මෙන් අවෘදු 30ක පමන අයෙක් ඔහු හරි ලාමක පුද්ගලයෙකි .ඔහු නමින් චන්දරේ විය එහෙම නැත්නම් පොඩිගුරුන්නාන්සේය .හිමියන්ට හා වෙදමහතාට සන්ග්‍රහ කරන අතරේ හිමියන් කතාව කියන්නට විය .කතාව සාවදානව ඇසූ සයිමන් ගුරුන්නාන්සේ බයවෙනට කාරිනෑ අපෙ හමුදුරුවනෙ අපි යමු කීවේය ඉතින් සයිමන් ගුරුන්නාන්සෙට මෙක කොරන්ට පුලුවන්ද යන්න වෙද මහතාට මහා ප්‍රශ්නයකි කිමද ඔහු වයසින් අවෘදු 70වක පමන කුඩා කෙසග මිනිසෙක් නිසා වන්නට ඇත නමුත් හිමියන්ට දැඩි විශ්වාසයක් ඇතිබව හැගෙ ඔන්න ගමනට තවත් කෙනෙකු එක්ක්වන්නෙය ඔහු ගුරුන්නාන්සේට හිතවත් බෙරවායෙකිසයිමන් ගුරුන්නාන්සෙ චන්දරේ හා බෙර වායා වෙදමහතා හා හිමියන් සමග ගමට පැමිනියේය .

ගමේ උන් ගුරුන්නාන්සේ දැක මෙ වයසක් උන්දැට ඇහැකිද අර යක මෙල්ල කොරන්න කියා උසුලු විසුලු කරන්නට විය .කෙසේහෝ ගුන්නාන්සේ ඇතුලු පිරිස නිමල්ගෙ ගෙදරට ගොඩවී අවස්ය අඩුම කුඩුන ගෙනෙන්නට අනකලේය .සියල්ල ගෙනවිත් පොඩි ගුරුන්නාන්සේ හා බෙරවාය තටු සකසන්නට විය සයිමන් ගුරුන්නාන්සේ මෙසේ කීවේය නෑබුල් ලිදක් කපා එහි ජලය ගෙන එන ලෙසද විසාල හබරල කොල දෙකක් ගෙන එනලෙස ද කියවිනි නෑබුල් ලිදක් කිව්වට මහා ලොකු ලිදක් නෙවේ ඔය පැත්තෙ උදලු පාරක් ගැහුවත් වතුර එනව ඉතින් ඔන්න ඔය දෙකම සයිමන් ගුරුන්නාන්සේට ලැබුනි හබරල කොලයෙන් ගොට්ටක් ගසා එයට ජලය දමා මැටිබදුනක් මත තබා මල්බුලත් තට්ටුව උඩ තියගෙන් සයිමන් ගුරුන්නාන්සේ වත්ත මැදට වී මතුරන්නෙ මහා බලගතු ආගෝර බන්දනයයි කිරිමට උවමනා සියල්ල පොඩි ගුරුන්නාන්සේට හා බෙරවායට උපදෙස් දී තිබුනි

මිනිසුන් වෙනදාමෙන් ගස් උඩය මෙක මේ මොනවද කරන්නෙ අද අම්බානක කන්න වනවග ගම්මු කතා වෙන්නෙය තොවිල ඇරබුනි .හිමියන් පසෙක අසුන් ගෙන සිටින්නේයවෙදමහතා ද බලසිටින්නේය. පොඩි ගුරුන්නාන්සේට ලොකු උන්නැහේ මෙසේ කිය තිබිනි මොන මගුල උනත් බයවෙන්න එපා මම නැගිටින්නෙ මේ පුටුවෙන් මෙක අහවර උනාම එකනිස ආතුරයා ආවිගස බෙරගැසිල්ල නවත් වනලෙස අනදී තිබුනි .
පොඩි ගුරුන්නාන්සේ සියල්ල අකුරට පිලිපැද්දේය .මල් පහන් පුදකොට දෙවියන් නමැද යකුන්ට අඩගසන්න පොඩි ගුරුන්නාන්සේ විය බෙරවාය බෙරේ ගම දෙක වෙන්න ගසන්නේය පොඩිගුරුන්නාන්සේ දුම්මල කීල ගසමින් මහසෝනාට එන්ට මතුරන්නේය නමුත් සයිමන් ගුරුන්නාන්සේ මැද සිට කුමක් මතුරනවාද කිසිවෙකුට ඇසෙන්නේ නැත් නමුදු ආගෝර බන්දනය මතුරන බව පොඩි ගුරුන්නාන්සේ දනී .ඔන්න වෙනදා මෙන් හූහඩ ඇසෙන්නට විය ලග ලග ඇසෙන්නට විය අදනම් කන්න වෙන්නෙ යයි සමහරු ගස් උඩ සිට කියන්නේය සයිමන් ගුරුන්නාන්සේ හිමින් මතුරන්නෙය

ඔන් නමක්සිවාය ගොරාය බහන්දු හර හර විශ්නු ගුරු නීලප්‍රකාර පන්චාක්සර බහන්දු........

ගුරුන්නාන්සේ මතුරන්නට විය
පොඩිගුරුන්නාන්සේද මතුර මතුර දුම්මල ගසමින් මහසෝනාට අඩගසන්නේය
අවසන් හූවත් වෙනදා මෙන් ඇසුනී එකපාරටම නිමලා මිනීකුනත් කටින්ඩැහැගෙන
මැදට පැන්නේය බෙර වැයුම නතරවිනි පොඩි ගුරුන්නාන්සේද මැතිරිල්ල නතර කර ලහිලහියෙ නිමලා අල්ලා ගන්න නොදැනෙන්න ලැහැස්ති උනි නිමලා මාරවේසයෙන්
සයිමන් ගුරුන්නාන්සේ වෙත ලග වන්නේය ගුරුන්නන්සෙ සත් පහකට නිමලාව ගනන් නොගෙන හෙමින් නෑසෙනා ගානට හබරල ගොට්ට දෑතින් අල්ල කොදුරන්නෙය
එකවර නිමලා මාරාවෙසයෙන් සයිමන් ගුරුන්නාන්සේ වෙත කඩා පැන්නේය
ගුරුන්නාන්සේ අත තිබූ හබරල ගොට්ටෙන් නිමලගෙ මූනට දමා ගැසුවේය නිමල හූතියමින්
සිහිසුන්ව ඇදවැටුනෙම් මල කුන සමගය පොඩිගුරුන්නාන්සේ ඔහු අල්ල අතැති නූල බෙල්ලේ ගැට ගැසුවේය නිමලා දවස් ගානකට පසු පියවි සිහිය එලැබුවෙ එවිටය . නිමලාව නහවා
මහසෝනාට දොල දී නිමලාව බේරා ගත්තේය .පසුව ඔය අපරාද නොකරන ලෙස පොරොන්දුකරගත් ගුරුන්නාන්සේ සියල්ල නිමා කොට ගමට යන්නේ මිනිසුන්ගේ
මහා ගව්‍රවය මැදය.....................

නිමි
තෙරුවන් සරණයි


No comments:

Powered by Blogger.