දූෂණය කර මැරූ යුවතියගේ ආත්මය
































මේක ඇත්තටම අපේ ජිවිතවලට සිදුවුන සිද්දියක්...

මගේ විවාහය සිද්ද උනේ හදිසියේ.ගෙවල් වලින් අපේ සම්බන්ධයට මුල ඉඳලම තිබ්බ අකමැත්ත නිසා අපි යාලුවන්ගේ උදව්වෙන් හොරෙන් විවාහ උනා.මගේ හස්බන්ඩ් සාලින්ද. එයාගේ හොදම යාලුවෙක්ගේ මාර්ගෙන් අපි නුවරඑළියට කිට්ටුවට ගෙයක් ගත්තා ..
ඒක ටිකක් පරන ගෙයක් ..වටපිටාව හරිම නිස්කලංකයි .අපි දෙන්නම අලුත් අපේ ගෙදරට ගියේ හරිම සතුටින් ..සතියක් විතර යනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවුනා.ඊළග සතියේ ඉරිදා දවසක හවස සාලින්දගේ යාලුවෝ දෙන්නෙක් ආවා අපේ ගෙදර .හස්බන්ඩ් එයාලත් එක්ක චැට් එකේ හිටිය
නිසා මම කුස්සියට එනකොටම මට ආවේ සතෙක් කුණු වෙලා එන ගඳ.නහයත් වහගෙන කෑම භාජන ටික ඇරලා බලද්දී ඒ සේරම පිළිණු වෙලා තිබ්බා ..

හස්බන්ඩ්ට ඒ ගැන එච්චර ගානක් තිබ්බේ නැතත් මගේ හිතේ මොකක්ද පොඩි අමුතු බයක් වගේ එකක් තිබුනා .හේතුවක් නැතුව උනත් මම ඒ ගෙදර හිටියේ බයෙන්.දවසක් පාන්දර දෙකට විතර මට ඇහැරිලා බලනකොට හස්බන්ඩ් ඇඳේ හිටියේ නෑ.නම කියලා කතා කරත් කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නැති නිසා මම එයාව හොයන්න යද්දී මම දැක්කේ ඉස්සරහා දොර ඇරලා එතන බිම වාඩිවෙලා ඉන්න එයාව.
ලගට ගිහින් කතා කරලත් ඇහුනේ නෑ වගේ හිටිය නිසා මම අතින් ඇල්ලුවා.එයාගේ අත සීතල අයිස්කැටයක් වගේ වෙලා.එයා මගේ මූණ දිහා බලද්දී මම දැක්කේ ඒ ඇස් රතුම රතු වෙලා..කිසිම දෙයක් නොකියා මගේ දිහා බලන් හිටිය එයා අමුතු විදියට හිනාවෙලා කාමරේට ගියා.පහුවදා උදේ එයාට වැඩට යන්න මම කතා කරත් එයා ඇහැරුනේ නෑ.මුලු දවසම නිදාගත්තා .රෑට කෑවේ මස් විතරයි .මොනා හරි දෙයක් ඇහුවත් හරියට තරහා ගියා.කතා බහ අඩුඋනා.කම්මැලි විදියට දවසපුරාම නිදාගත්තා .නාන්න මූණ හෝදන්න ගානක් තිබ්බෙම නෑ.

මේ දේවල් බලන් ඉන්න බැරිම තත්වෙට අාවේ ගෙදර පිටිපස්සේ තිබුන ගලට වෙලා එයා කාත් එක්කදෝ කතාකරන්න පටන්ගත්තට පස්සේ .⁣මම එයාගේ හොදම යාලුවට කතා කරලා මේ වෙන හැමදේම කිව්වා .ඒ වෙනකොට මම අපේ නන්ගිටත් මේ හැමදේම කියලා තිබ්බේ .එයාගේ යාලුවා ගෙදර අපිට දුන්න බ්‍රෝකර්ගේ මාර්ගෙන් මේ ගෙදර ඇත්ත අයිතිකාර ගෑනු කෙනා හම්බෙලා කතා කරල විස්තර දැනගෙන තිබුනා .

කියපු දේවල් හැටියට මේ ගෙදරට කලින් ඉදලා තියෙන්නේ අවුරුදු හතලිහක් විතර කසාඳ නොබැදපු ගෑනු කෙනෙකුයි එයාගේ අම්මයි.දවසක් රෑ පිරිමි හතරදෙනෙක් මේ ගෑනු කෙනාව පාන්දර වෙනකම් දූෂණය කරලා.අර අම්මව බෙල්ල මිරිකලා මරලා.පස්සේ අර ගෑනු කෙනත් ගේ පිටිපස්සේ තියෙන ගල ලග ගහේ බෙල්ලේ වැල දාන් මැරිලා ඉදලා .මේකට සම්බන්ධ අර මිනිස්සු හොයාගත්තත් මේ ගෙදර කවුරුත් පදිංචියට ඇවිත් නෑ.පස්සේ කලින් ගෙදර කඩලා තැන තැන අලුත් වැඩියා කරලා අවුරුදු ගානකට පස්සේ තමා අපි අරන් තියෙන්නේ .

ගෙවල් වලිනුත් මේ හැමදේම දැනගෙන මමයි මගේ මහත්තයයි නුවර අපේ ගෙදරට ගිහින් එහේ හිටිය කට්ටඩිමහත්තයෙක් මාර්ගෙන් තමා මහත්තයගේ ඇඟට වැහිලා හිටිය අර ගෑනු කෙනාව යැව්වේ .



No comments:

Powered by Blogger.