හන්තාන සිහිල් සුලගේ පහස ලබන සුලෝචනාගේ සොහොන් කොත

























මා සලිත වෙත එසේ පවසා තුන් වන මහලේ පිහිටි දේශන ශාලාව වෙත දිවගියේ මා මගේ පොත් කීපයක් අමතක වී දමා ආ බව සිහි වීමෙනි.වේලාව හවස හතර පසු වී තිබුණි.දැනටමත් දේශන ශාලාව වසා ඇත්දැයි සිතමින් මා තෙවන මහල වෙත දිව ගියෙමි.දෙවියන්ට පින් සිදු වන්නට එය තවමත් විවෘත ව තිබුණි.මා හිස් වූ සිවිසල් දේශ ශාලාවට ඇතුලු වීමි.නිහැඩියාවේ මද අදුරේ ගිලී තිබූ දේශන ශාලාව තුල මා පෙර අසුන් ගත් අසුන සොයා ගමන් කලෙමි.එය මත මාගේ පොත් නොතිබුණි.මා අසුන යටත් පිරික්සීමි.එය කොහේවත් නොතිබුණි.
මා මීලගට ගියේ දේශන ශාලාව පිටත තබා තිබූ ලොකර් සමූහය සොයාය.මන්ද යත් සිසුන් අතපසු කර යන පොත් පත් දේශන ශාලාව බාර පුද්ගලයා විසින් මෙහි ලොකර් තුල දමා තබන බැව් මා අසා තිබුණි.මා ලොකර් එකින් එක විවෘත කර බැලීමි.ඒ කිසිවක් තුල මාගේ පොත් නොතිබුණි.පහල කෙලවරේ එක් මලකඩ කෑ දොරක් සහිත ලොකරයක් තිබුනි.එය කාලයකින් විවෘත කර නොමැති සෙයකි.මේකේ නම් තියෙන්න විදිහක් නෑ මා මටම කියා ගත්තෙමි.එහෙත් අවසානයේ එයත් විවෘත කර බැලිමට මා හට සිතුණි.බොහෝ දුරට අබලන් වූ එහි දොර මල කෑම නිසා තරමක් විවෘත කිරීමට අපහසු විය.මා මාගේ හැකි වෙර යොද එය විවෘත කලෙමි.මා ඒ තුලට එබී බැලීමි.ඒ තුල දූවිලි බැදුණු පොත් කීපයක් විය.මා ඒව එලියට ගෙන බැලීමි.මෙය නම් වාසනාවකි.පලමු වසර වෛද්‍ය විද්‍යාවට අදාල පොත් කීපයක්ම එහි විය.මා ඒවා මිලදී ගැනීමට මුදල සොයමින් සිටියෙමි.එහි තිබූ දූවිලි ප්‍රමනය අනුව එය කිසිවකු මෑතකදී බාවිතා කල ඒ වා නොවන බව පැහැදිලිය.මා දූවිලි පිස දමා ඒ පොත් කීපය මාගේ බෑගයේ දමා ගෙන පිය ගැට පෙල බසිමින් නේවසිකාගාරය වෙත් පිය නැගීමි.

නේවාසිකාගාරයට පැමින පොත් පත් සියල්ල මේසය මත තබා මා දිය නා ඇද මත දිගා වූයේ ඇගට දැණුණ වෙහෙසකර බව නිසාය.

"මචන් මම අද රෑ එන්නේ නෑ කොල්ලෙක්ගෙ ගෙදර යනවා". ජන්ගම දුරකථනයට ලැබුණ ඇමතුම සලිතගෙනි.

මා එලෙසම ඇද මත වැතිරීමි.

මා බොහෝ වේලා නිදා ගන්නට ඇත.කාමරය හරහා හමා ගිය සීතල සුලග නිසා මා ඉබේම අවදි වීමි.කාමරය අදුරේ ගිලී තිබුණි.ජනේල විවෘතව තිබුණි.ජනේල තිර රෙදි හැමූ සීතල සුලග නිසා ඒ මේ අත සෙලවෙමින් තිබුණි.සද එලිය යන්තම් තිර රෙදි අතරින් මෝදු වෙමින් තිබුණි.කාමරයම දැඩි නිහැඩියාවේ ගිලීතිබුණි.මා ඇද මත එලෙසම සිටියෙමි.

මාගේ පොත් මේසය අසල පුටුව අසල සකිසියම් චායාවක් මා අදුරේ දුටුවෙමි.එය කුමක් දැයි කීමට තරම් පැහැදිලි නොමැත.මා වඩාත් විමසිලිමත්ව ඒ දෙස බලාසිටිමි.එය පුටුව මත හිද ගත් මිනිස් රුවක් බව යන්තම් පෙනුනි.සලිතවත් ආවද මා සිතුවෙමි.එත් ඌ කරුවලේ මොකද කරන්නේ.

මා ඇද මත අත පත ගා දුරකතනය සොයා එහි ආලෝකය දල්වා බැලීමි.කවුරුන් හෝ විවෘත වී තිබූ කාමරයේ දොරින් එලියට ගමන් කරණු මා දුටුවෙමි.මා විගස ඇදින් බැස එලියට දිව්වේ කවුරුන්දැයි දැන ගැනීමටය.නේවාසිකාගාරයේ පියගැට පෙල බසිමින් මට පිටුපා ගමන් කරන යුවතියක් මා දුටුවෙමි.කඩා වැටුනු කෙස් කලබක් හිමි ඇය සුදු කබායක් ඇද සිටියාය.එක් අතකින් යමක් ලයටතුරුලු කරගෙන ඇය සෙමින් පිය ගැට පෙල බසී.
මේ වෙලාවේ කොහොමද ගෑනු ලමයෙක් මේකට ආවේ

මා සිතින් සිතමින් ඇය පසු පස ගමන් කලේ ඇය කොහි යනවාදැයි සොයා ගැනීමටය.ඇය නේවාසිකාගාරයේ දොරටුවෙන් නික්මී වෛද්‍ය පීඨ ගිඩනැගිල්ල වෙත ගමන් කරයි.අවට පරිසරය දැඩි නිහැඩියාවේ ගිලී පවතී.හන්තාන සිප එන සීතල සුලග මා ඇග කිලි පොලා යයි.මද අදුර මැදින් ඇය නිසොල්මනේ ගමන් කරයි.මා ඇය පසු පස ගමන් කලෙමි.ඇය ඇද සිටියේ වෛද්‍ය ශිෂ්‍ය යන් අදින සුදු කබායකි.කෙස් වැටිය පහතට කඩා වැටී ඇත.ඇය පාවී යන්නා සේ ගමන් කරයි.දැන් ඇය ගොඩනැගිල්ලක් වෙත ගමන් කරයි.එය අදුරේ ගිලුණු ගොඩනැගිල්ලකි.මා ද ඇය අනුකරනය කලෙමි.මා ගොඩනැගිල්ලේ ඉදිරිපස දොරටුවෙන් ඇතුලු වීමි.
එය විශාල ශාලාවකි.එක පෙලට තබා ඇති මේස සමූහය මත එක බැගින් කිසිවක් තබා ඇත.ඒ කුමක් දැයි අදුරේ මා හට නොපෙනේ.කිසියම් සැර දුර්ගන්දයක් නාස් පුඩු කඩාගෙන මොලය තුලට කා වදියි.ඒය හුරු පුරුදු දුර්ගන්දයකි.ඔව් එය නිසැකයෙන්ම ෆෝර්මලීන් නිසා නැගෙන දුගදකි.මා මේ සිටින්නෙ කොතනකද? මා හා පැමිණි ඇය කොහොද? මා මොහොත්කට සිතුවිලි සයුරේ ගිලුනෙමි.
ශාලාවේ විශාල ජනෙල් අතරින් ගැලූ සද එලිය නිසා අදුර මදක් අඩු වී ගියේය.ජලය බින්දු බින්දු යමකට වැටෙන හඩ ඇසේ.ඒ ඇරුනු කොට සියල්ල නිහඩය.මා මදක් ඉදිරියට ගමන් කලෙමි.මා දෙපස විශාල මේස මත් උඩු පැලි අතට වැතිර සිටින මිනිසුන් සමූහයකි.ඔවුන් සියල්ල නිසොල්මනේ එක එල්ලේ බලා සිටී.මා පැමිණියේ තවත් නේවාසිකාගාරයකටද? ඒත් ඇයි ෆොර්මලින් සුවද?
අහො දෙවියනේ මා සිටින්නේ මිනී පරීක්ශනාගාරයේද? මා දෙපා වෙව්ලීමට පටන් ගත්තේය.හදවත් වේගයෙන් ස්පන්දනය විය.මා අදුරේම ප්‍රදාන දොරටුව වෙත ගමන් ඩිව ගියෙමි.එය වැසී ඇත.මා සියලු වෙර යොදා එය විවෘත කිරීමට උතසාහ කලෙමි.එය වියර්ත විය.මා දොරට පිටුපා සිට ගත්තෙමි.මා කුමක් කල යුතුද්? මා මෙහි සිර වී ඇත.තනිවම නොව මල මිනී ගනනාවක් සමගය.මා සාක්කුවට අත දමා බැලූවේ ජන්ගම දුරකතනය සෙවීමටය.අවාසනවට එයද නොමැත.මා දැන් රැය පහන්කල යුත්තේ මෙහිය.මා වඩාත් දොරට හේත්තු වී විශාල ශාලාව දෙස නෙත් යොමා සිටිමි.මල කදන් පැටවූ මේස එක පෙලට මා ඉදිරියේ ඇත.

කිසිවකු ඉකි ගසන හඩ ඇසී මා හිස ඔසවා බැලීමි.මා හට ඉදිරියේම වූ මේසයක් අසල ඉටි පන්දමක් දැල්වී තිබුණි.ඉන් විහිදී ගියේ මලානික ආලෝකයකි.ඒ එලියෙන් මා දුටුවේ ඒ අසල හිද ගෙන සිටින පෙර දුටු යුවතියයි.ඇය අසල මේසය මත තිබෙන්නේ නිරුවත් ගැහැනු මල සිරුරකි.එය කලු පැහැ ගැන්වී විකෘති වී තිබුණි.එහි කෙස් කල්ලපයද කඩා වැටී තිබුණි.මල සිරුරේ උදරය පලා ඇත.ඉන් ඉවතට ගෙන තිබූ බඩ වැල් මල සිරුර මතම තිබුණි.ඇය ඉකි ගසමින් මුහුන පහත් කරමින් කිසිවක් කරමින් සිටියාය.
මා ඒ දෙසට ගමන් කලෙමි.

ලන්වත්ම ඇයගේ හැඩීම හොදින් ඇසේ.ඇය ඉවතට ගෙන තිබූ බඩ වැල් නැවත මල මිනියේ උදරය තුලට දමමින් නූලකින් විවරය වසමින් සිටී.ඈ අසල පෙරලූ පොතක්ද විය. ඒ මා හවස ලොකරයේ තිබී සොයා ගත් පොත බැව් මා ඇදින ගතිමි.

ඔයා කව්ද මොනවද කරන්නේ

මා විමසීමි.ඈ කිසිත් නොකියා තම කාර්‍යයේ නිරත විය.

හලෝ ඔයා කව්ද

ඇය හිස ඔසවන්නේ නැතිව පෙරලූ පොත දෙස සිය අත දිගු කලාය.මා ඒ දෙස බැලීමි.
සුලෝචනා මිහිරාණී
1990
ලෙස එහි සටහන් විය.
ඊට ආසන්නයේ මල මිනියේ අතේ බැද තිබූ සටහනක්ද මා දුටුවෙමි.

නාමලී සමරවීර
එහි සටහන් විය.

ඇය කරමින් සිටි මැස්ම නවත්වා මල මිනියේ වූ සටහන ඉවත් කර පොතේ තිබූ සුලෝචනා මිහිරාණී නම ඉරා අතේ සවි කලාය.

ඇයි ඒ නම මරු කලේ ඒක වැරදිනේ

වැරදි වැරදි කලේ මම නොවෙයි වැරදි වුනේ මටයි.ඇය රලු ස්වරයකින් පවසනු ඇසීමෙන් මා අඩි කීපයක් පිටුපසට විසි විය.ඈ හිස ඔසවා බැලීය.සුදු මැලි මුහුනේ වූයේ රුදුරු බැල්මකි.

මේ ඉන්නේ සුලෝචනා මිහිරාණී.ඔව් සුලෝචනා මේ ඉන්නේ මම සුලෝචනා

ඇය මල මිනිය බදාගෙන කෑ ගැසීය.මා මොහිතක් ගල ගැසී සිටියෙමි.

මේ ඉන්නේ සුලෝචනා ඇය යටි ගිරියෙන් කෑ ගසමින් පවසයි.මා බිය වූ තරමට මා කොහෙන් හෝ එම ගොඩනැගිල්ලෙන් එලියට එන්නට ඇත.මා නේවාසිකාරය වෙත එක එල්ලේ ඩිව ඈවෙමි.පාන්දර හතර පසුවී තිබුණි.

උබ අදත් හීනෙන් ඇවිදද? යකෝ ඇවිදනම් අයි ඇවිල්ලා ඇදෙන්ම නිදා ගනින්කො.අපි ඕන ආයි උසලා ගෙනත් දාන්න.
එහා කාමරයේ ජනිත්ගේ හඩින් මා අවදි විය.

මා දනැවතත් සිහිනෙන් ඇවිදේද? නැත හොත් මා මුහුන දුන්නේ සැබෑ සිඩුවීමකටද? මා හට කිසිත් සිතා ගත් නොහැක.

මා පසුදා දේශන සදහා සහබාගීවීමට සූදානම් වීමි.දේශන සදහා වෙනද සහබාගී වූ දේශන ශාලාව වෙනුවට මෙවර යොදා තිබුනේ විශාල ශාලාවකටය.එය හුරු පුරුදු බවක් දැනුනේ නහය විනිවිද යන ෆෝමලින් දුගද නිසාවෙනි.එක පෙලට තබා තිබූ මේස මත උඩුපැලි අතට ගොඩ ගසා තිබූ මලමිනී සියල්ල සිහි කලේ පෙරදින රාත්‍රියේ මා මුහුණ දුන් සිඩුවීමයි.මා විගස මා පෙර දින රාත්‍රියේ දුටු යුවතිය සිටි මේසය වෙත ගමන් කලෙමි.එය මත වූයේ උදරය විවෘත කල බඩ වැල් එලියට ආ නිරුවත් තරුණ මල සිරුරකි.එහි මුහුණ මත වූයේ වටකුරු උපන් ලපයකි.මා එහි අතේ ගැටගසා තිබූ සටහන වෙත නෙත් යොමු කලෙමි.එහි නාමලී සමරවීර ලෙස සටහන්ව තිබුණි.

මා නැවතත් පීඨ කාර්‍යාලය වෙත ගමන් කලෙමි.එහි බිත්ති මත එල්ලා තිබූ ආදි සිසුන්ගේ චායාරූප පෙල මා පිරික්සීමි.එහි 1990 කණ්ඩායමේ සමූහ ජායාරූපය අහලින් වූ සිසුන්ගේ නාම ලේකනය පිරික්සුවේ සුලෝචනා මිහිරාණී නම තිබේදැයි කියාය.එය එහි සටහන්ව තිබුණි.මා මීලගට චායාරූප යේ ඇය සිටී දැයි සොයා බැලීමි.නමුත් එහි ඇය නොසිටියාය.මා පිටුපසින් කිසිවකු උගුර පාදන හඩ ඇසී මා හැරී බැලුවෙමි.සාරියකින් සැරසුණු මැදි වියේ කාන්තවක් මා පිටුපස සිට ගෙන සිටී.

පුතා සුලෝචනාව දන්නවාද?

ඇය විමසුවාය.
මා තිගැස්සී ගියේය.

නෑ එයාගේ නම තිබට පොටෝඑකේ නෑනේ.

එයා ග්‍රැඩුවේට් වෙනකන් හිටියේ නෑ .එයාඅතුරුදහන් වුනා.අදටත් එයාට මොකද වුනේ කියලා අපි දන්නේ නෑ.

ඇය දුක් මුසු ස්වරයකින් පැවසුවාය.

එයා තමා මගේ හොදම යාලුවා.එයාට ඒ කාලේ අපෙ කැම්පස් එකේ වැඩ කරපු කෙනෙක් එක්ක එෆ්යර් එකක් තිබ්බා.එත් එයා බැදපු කෙනෙක් කියලා දැන ගත්තාම එයා අයින් වුනා.ඒකට අරයා තරහින් හිටියේ.එයාව තම සැක පිට අතඩන්ගුවට ගත්තේ .එත් සාක්ශි නැතිව නිදහස් වුනා.

ඇය තවදුරටත් පවසුවාය.

මේ ඉන්නේ එයා.ඇය සිය ජන්ගම දුරකතනයේ වූ ජයාරූපයක් පෙන්නුවාය.

එහි වූයේ කම්මුලේ වටකුරු උපන් ලපයක් සහිත් තරුණ යුවතියකගේ රුවකි.

මන් මෙයාව දන්නවා ඩිසෙක්ශන් රෑම් එකේ No 12 ඇදේ තීන බොඩි එක මෙයාගේ.

එය අසනවාත් සමගම ඇය මිනී පරීක්ශනාගාරය වෙත දිව ගියාය.මාද ඇය පසු පස දිව ගියෙමි.මා යන විටත් ඇය no12 මල සිරුර පරීක්ෂා කරමින් සිටියාය.

ඔව් මේ සුලෝචනා තමයි මට පුලුවන් එයාව අදුර ගන්න .ඒත් කොහොමද එයා මෙතනට ආවේ ඇය කදුලු පිරි දෙනෙතින් පැවසුවාය.

ඒ අනුව සුලෝචනගේ මරණය පිලිබඳ වූ නඩුව නැවත විබාගයට ගැණුණි.පීටය සතු සියලු මෘත ශරීර එකිනෙක පරීක්ශා කිරීමේදී නාමලී සමරවීර යන අයගේ මෘත ශරීරය නොමැති බැව් පසක් විය.ඒ අනුව එකල මෘත ශරීරාගාරය බාරව සිටි සුලෝචනාගේ පැරණි පෙම්වතා අතඩන්ගුවට ගන්නා ලදී.වැඩි දුර පරීක්ශන වලදී හෙලි වූයේ එදින සුලෝචනා හා ඔහු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් ඔහු අතින් සුලෝචනාගේ ගෙල සිර කොට මරා දමන් ලද බවත්,එදිනම වෛද්‍ය පීඨ ය වෙත පරිත්‍යාග කල නාමලී සමරවීර වන අයගේ නමින් සුලෝචනගේ මෘත දේහය පීඨ ය වෙත ලබාගෙන නාමලී යන අයගේ මෘත දේහය රහසිගතව වල දමා ඇති බවයි.ඒ අනුව ඔහුට මරනීය දන්ඩනය හිමි වූ අතර සුලෝචනාගේ මෘත දේහය අවසන් කටයුතු සිදු කර බූමදානය කලේය.

අදටත් සුලෝචනා මිහිරාණිගේ සොහොන් කොත හන්තාන සිහිල් සුලගේ පහස ලබමින් නිසොල්මන්ව නැගී සිටියි.ඇයගේ ආත්මයට උදා කල සාධාරණ ය ඒ සොහො කොත දකින සෑම විටකම මා සිත ට අමුතු ගැගීමක් ඇති කිරීමට සමත් වෙයි........
නිමි


No comments:

Powered by Blogger.