පාරමී සොයා ආ කළු දුමාරය



























මේ කතාවත් සත්‍ය කතාවක් නමුත් මේක මට සිද්ද වෙච්ච කතාවක් නම් නෙවෙයි.නමුත් මේක මගේ බිරිදට සිද්ද වෙච්ච කතාවක්.එහෙනම් වැල් වටාරම් නැතුව කතාවට එමු නේද එහෙනම් අවසරයි.

චූටි අම්මි අද අපේගෙදර එනවකො රෑට නවතින්ට..වසන්ත අයිය අද ගෙදර නැහැ මම විතරයිතනියම.
ඇයි ලොකු අක්ක වසන්ත අයිය කොහෙ ගිහින්ද...

එයාගියා අලුත් වැඩ පොලක් බලන්ට.

පුලුවන්නම් අම්මත් එක්කම එනවද..

අම්මා.....ලොකු අක්ක කියනව මටයි අම්මටයි අද රෑට එහෙ එන්ටලු යමුද...
බැහැ මම බාර ගත්ත වැඩ වගයක් තියෙනව ඔයා යන්ට..
ලොකු අක්ක අම්මට බැහැලු.එහෙනම් මම එන්නම්.
එහෙනම් මම තියෙනව රෑවෙන්ට කලින් එන්ට..බුදුසරනයි..
බුදුසරනයි අක්ක...

ඉතින් එදා හවස පාරමී ලොකු අක්කලගෙ ගෙදර ගියා.ලොකු අක්ක ගැන කියනවනම් මේවෙනකොට.බොහොම දුක්විදල භාර හාර වෙලා කුලුදුල් දරුව හම්බ වෙන්න බලාපොරොතුවෙන් තමා හිටියෙ.උපරිම තව සතියකින් තමා දරු ප්‍රසූතිය තිබුනෙ.ඉතින් එදා රෑ කාල බීල කතා බතා බලල දෙන්න නිදාගෙන තියෙනව.ඔහොම ට්ක වෙලාවක් යනකොට.එක පාරට දොරට ගහන සබ්දයක් ඇහුනලු....

අක්කා...අක්කා..දොර අරින්ට ...
ක..ක..කව්ද.ගොහින් උදේට එන්ට ..වසන්ත අයිය ගෙදර නැහැ ...
අනේ අක්ක දොර අරින්ට.මම උඩහ ගෙදර මල්ලි.අපේ අක්කට හොදොටෝම අමාරුයි .සුදු නූලක් ඉල්ලගන්ටයි කියල ආවෙ අක්ක...
හා..හා..ඉන්ට මල්ලි..

අක්කට මොකෝ මල්ලි ..
අක්කට අමාරුයි අක්ක.ඩින්ගිරි කපුව ආව තෙල් සාත්තුවක් කරන්ට.ඒකයි නූලක් ඉල්ලගන්ට ආවෙ.
අමාරුයි නම් මල්ලි ස්පිරිතාලෙ එක්කයන්ටකො එයාට බබා හම්බවෙන්ට දිනලගයි නේද.
ඔව් අක්ක වීල් එකක් හොයන්ට ගියා..පරක්කු වෙනව අක්ක දොර වහාගන්ට අපියනව.චූටි අම්මි අපියනවා...

ඉතින් දොර වහලා ආයෙ නිදාගන්න ගියාට පාරමීට හරියට නින්ද යන්නෙ නැති නිසා ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉදල ඇදේ බිත්‍තිය පැත්තට හැරිල ඉන්නකොට එක පාරට දැක්කලු නිකන් කලුපාට දුමාරයක් වගේ දෙයක් කාමරේට එනව...ඊටපස්සෙ ඒ දුමාරය කාමරේ මුල්ලකට ගියාලු.දැන් පාරමී ගැහි ගැහී ඇදේ ඉදගෙන බලන කොට ඒ කලු දුමාරය බොද්වෙචච රූපයක් වගේ ඇවිදගෙන ඇවිත් ලොකු අක්ක ගාවින් නැවතිලා පැහැදිලි උනාලු..

අම්මෝ ...(මේ ගැන කියන කොට අදත් බිරිඳ ගැහෙනව) උගේ බෙල්ල නැහැලු උඩට මුකුත් ඇදල නැතිසරමක් දාගෙන ලොකු අක්කදිහා බලන් ඉන්නවලු (දැන් මෝඩයො සෙට් එක අහයි බෙල්ල නැත්තන් කොහොමද බලන් හිටියෙ කියල)පාරමී අඩ අඩා බලන් ඉන්නවලු වචන පිට්වෙන්නෙත් නැහැලු බයටම.මූ ටික වෙලාවක් බලන් ඉදල එක පාරටම..ලොකු අක්කගෙ බඩට අත දැම්මලු.පාරමී එකපරට කෑගහගෙනම අරූගෙ අත අල්ලගත්තලු බඩට අත තියන්න කලින්(ගොන්නු වගේ මගෙන් අහන්න එපා හොල්මන් කොහොමද ඇල්ලුවෙ කියල)

ඊට පස්සෙ උගේ අත අල්ලගෙන මර ලතෝනි දුන්නලු .ලොකු අක්කත් නැගිටල මේ මුකුත් දන්නෙ නැතිව නංගි ලතෝනි දෙන නිසා එයත් ඇරල නැහැ ආයෙද හොදට දීල තියෙනව ගම පැලෙන්න.ඔහොම ටික වෙලාවක් යන කොට අරූ අයෙ දුමක්වෙලා ආපු විදියටම ගොහින් තියෙනව.පස්සෙ අර අපු මල්ලිල ට්ක ආයේ දුවගෙන ඇවිත් තියෙනව.කොහෙමෙන් කොහොම හරි අක්කයි නංන්ගියි දොර ඇර ගෙන එලියට පැනලත් තියෙන්ව කලබලේම.

ඇයි අක්ක මොකද මොකද .....
නැහැ මල්ලි මේ චූටි අම්මි කෑගහනව මොකද දන්නෙ නැහැ මමත් බයටම කෑගැහුන...
ඇයි චූටි අම්මි මොකෝ....
අනේ අක්ක මටනම් බැහැ ගෙට යන්ට වීල් එකක් අරන් ගෙදරයමු අනේ මටනම් බැහැ ඕන්න.
ඇයි මොකද බන් මොකද ..මොකද ....
පාරමි සිද්ද වෙච්ච කතාව අඩ අඩා කිව්වලු...
අපු මල්ලිල ටික එක එකාගෙ මූනවල් බලාගත්‍තලු උනුත් හොදටම බයවෙලාලු.
ඇයි මල්ලි ඔයගොල්ල බය වෙලා...
නැහැ ඇක්ක මු.ම්මුකුත් නැහැ .
මුකුත් නැහැ වෙන්ට බැහැ කියන්ට මොකද උනේ කියල....
හ්ම්ම්ම් අක්ක අපි අර නූල අරන් යන කොටත් අමිලලගෙ අක්ක නැතිවෙලා...
මොනව...
ඔව් අක්ක...

කොහොම හරි ඒකට්ටිය කියන්නෙනම් එදා ඒ ආපු එකා උඩහ ගෙදර බිල්ල අරන්යන ගමන් ලොකු අක්කගෙ දරුවත් අරන් යන්න තමා ඇවිත් තියෙන්නෙ.පාරමී හිටිය නිසා බේරුනා දැන් ඒ පැටිය ලස්සන කෙලි පැටියෙක් පැටියෙක් කිව්වට දැන් A/L කරනව.ඒකෙන් මේකෙන්බෙල්ල නැති එකා නිසා මම තමා අමාරුවේ වැටුනෙ.අදත් රෑවෙනකොට තනියම එලියට වත් යන්නෙ නැහැ .......



4 comments:

Powered by Blogger.