මීදුම් අමුත්තා

























දිනය විඩාබරය. සවස් යාමයේ රාජකාරි නිම වූ පසු ගමේ පිරිසක් සමග සෙල්ලම් කර, ආයතනය විසින්ම සපයන ලද මස් බිත්තර වලින් යුක්ත වූ ප්‍රනීත රාත්‍රි ආහාරය ද ගෙන, තවත් ඔබ මොබ ඇවිද කාලය මිඩන්ගු කර ලැගුම්හල කරා යන විට රාත්‍රි එකොලහට ලන්වී තිබිනි. තවත් නොනිදා සිටීමට විඩාබර දෙනෙත් වලින් අවසර නොමැති සේයකි.
" ඒ බං චින්තො නිදිමත නැද්ද බං" නුවන් කටහඩ අවදි කලේය.
" මොකෑ බං , උම්බැයිට නිදිමත හැදිල ද?." උබහැ නිදාගනින් මම යනව ටිකක් නාගෙන එන්ඩ"
මොව්න් දෙදෙනා පෞද්ගලික ආයතනයක සේවකයින් දෙදෙනෙකි. මොව්න් ට මෙම දිනවල රාජකාරි පැවරී තිබුනේ ලන්කාවෙ විශාල මෙන්ම ප්‍රසිද්ද ආයතනයකය. මේ දෙදෙනා ඇතුලුව මෙම කන්ඩායමේ සය දෙනෙක් විය. මොව්න් විගනකවරුන් (ඔඩිට්) ලෙස සේවය ලබා දෙති. මෙම සමාගම තුලට පැමින හතර වන දිනයද ගෙවී ගොස්ය. දෙදෙනාට නවාතැන් ලැබුනේ එම කර්මාන්ත භූමිය තුලම වූ කාමර පෙලකින් එකකි එහි දෙදෙනෙකුට නවාතැන් ගැනීමට පහසුකම් තිබිනි. අනෙක් පිරිස තවත් කාමර දෙකක නැවතී සිටියහ.
නුවන් සුපුරුදු පරිදි දුරකථනයෙන් තම පෙම්වතිය අමතමින් සිටියහ. ඔහුට එක් වරම ඇසුනේ කුමක් හෝ බිම වැටෙන හඩය. ඔහු සිතුයේ ඒ චින්තක බවය. ඔහු නිදිමත නිසා ටික වේලාවක් කතා කොට දුරකථනය විසන්දි කලහ. චින්තක නා අවසන් කොට පැමින කාමරයේ දොරින් ඇතුලු වී පැමිනියේය. චින්තක නුවන් දෙස බලා "ශෝක් වතුර ටික බං කීයේය. නුවන් එවේලේ සිටියේ චින්තක දෙස බලාය. ඒ මුහුනේ භීතිය මුසු බැල්මක් තිබුනේ ය. එහෙත් ඔහු ගල් ගැසී මෙන් සිටියේය. මුහුනේ දහඩිය බේරෙමින් තිබිනි. එක්වරම ඔහු
"ඒ චින්තකය ඔන්න පිටිපස්සෙ"
චින්තක ක්ශනයෙන් පිටිපස හැරී බැලුවේ ය. එහෙත් කිසිවෙකු පෙනෙන්නට නොසිටියේය. ඔහු නැවත නුවන් දෙස බැලීය. ඔහු බයෙන් තාමත් එදෙස බලා සිටී. මුලු සිරුරම දහඩියෙන් නැහැවී තිබිනි.
චින්තක නුවන් ලගට ගොස් වතුර බෝතලය අතට දී කුමක් සිදු ඌවා දැයි විමසීය. එක හුස්මට ඔහු වතුර බෝතලය හිස් කලේය. ඉන්පසු නුවන් එය විස්තර කලේ බිය මුසු ස්වරයකිනි. තැතිගැන්ම එම හඩෙහි ගැබ්ව තිබිනි.
" ඒ චින්තකයො උඹ දැක්කෙ නැද්ද බන් ඇත්තටම. "
" නෑ බං මම මුකුත් දැක්කෙ නෑ . ඇයි? මොකද උනේ. මගෙ පිටිපස්සෙ මොකද වුනේ බං. මොකෑ මේ බය වෙලා."
" උඹ ඇතුලට එද්දි මචන් කව්ද මිනිහෙක් ආව උඹ පස්සෙන්. ඒ මිනිහගෙ තිබ්බෙ හෙන භයානක පෙනුමක් බං නලලෙ හිලකුත් තිබ්බ. හරියට නිකන් වෙඩි පාරක් වගේ. "
" අනෙ බොරු නොකිය හිටාන් බං. උම්බැයිගෙ මනස්ගාත ඔව්ව."
" අඩේ! බොරු නෙවේ බං. මම ඇත්තටම දැක්කා. උබට කියන්ඩ මචං මට කතා කරගන්ඩ තියා හෙලවෙන්ඩ බැරි උනා බන් සිරාවටම. මම උබට කියන්ඩ ට්‍රයි කරා කරා හරි ගියෙම නෑ. අනේ මන්ද බන් මාව කවුරු හරි හිර කරන් ඉන්නව වගේ දැනුනෙ. ඊට පස්සෙ මම ඉතිපිසෝ ගාථාව හිතෙන් කිව්වට පස්සෙ තමා කතා කර ගන්ඩ පුලුවන් වුනේ. මේ ඇත්තමයි බං, කතා කර ගන්ඩ පුලුවන් උන ගමන් තමා උබට කතා කලේ අඩෙ."
මදක් කල්පනා කල චින්තක නුවන්ව කැදවාගෙන එලියට බැස අවට පිරික්සන්නට විය.
"බලපන් මොකෙක්වත් නෑ, උබැහැ බොරුවටනෙ බය වෙලා තියෙන්නෙ."
"මම දැක්කනෙ බං අම්මෝ මතක් වෙද්දිත් බය හිතෙනව යකෝ."
ඔව්න් අවට අස්සක් මුල්ලක් නෑර පිරික්සා බලා ආපසු ලැගුම්හල කරා පැමින නිදා ගත්තේය එහෙත් නුවන් කරා නම් නින්ද පැමිනියේ නැත.
පසුදින රාජකාරී කරන අතරතුර විවේක කාලයේදී මොව්න්ට ආයත්නයේ පැරනි සුලු සේවිකාවක් වන ලොකු නැන්දා මුන ගැසීය. පෙරදින රාත්‍රීයේ ඔහු දුටු දේ රවිදු ඇයට පැවසීය. ඇය දෑස් හකුලවා මද වේලාවක් බලා සිට බැරෑරුම් බැල්මක් පෑවේය.
" ඕක ගනන් ගන්ඩ එපා මහත්තයො." මුහුනේ තිබූ තැතිගැන්ම සගවා ගැනීමට මහන්සිගන්න අතර ලොකු නැන්දා පැවසීය.
" නැන්දෙ මම දැකපු දේ මොකක් හරි තියනව නේද?" නුවන් පැවසීය. "
"හ්ම්ම්... කාලෙකට පස්සෙ ඔන්න මහත්තයලත් දැකල එහෙනම්. කාටවත් මේ ගැන කියන්ඩ එහෙම එපා. මහත්තය දැකල තියෙන්නෙ අමනුශ්‍යයෙක්."
"ලොකු නැන්ද කොහොමද හරියටම කියන්නෙ චින්තක විමසීය."
"මොකද මහත්තයො මම ඒ කාලෙ ඉදන්නෙ මේකෙ ඉන්නෙ. ඒකයි මම ටක්කෙටම කියන්නෙ. ඔන්න එක කාලයක් තිබ්බ මේ කොම්පැනි එකේ වැඩ කරන උදවිය එන්ඩ එන්ඩ අඩු උනා. ඒකට මුල එක දවසක් හැන්දෑ කරේ එක ගෑනු ලමිස්සියක් බය වෙලා තිබ්බ අමුතු මිනිහෙකුට. කියන අන්දමට නම් මීදුමක් වගෙලු ආවෙ ඒ මිනිහ. අර කෙල්ල හොදටෝම බය වෙලා ඊට පස්සෙ තව දෙතුන් දෙනෙක් දැක්කයි කියන කට කතාවත් එක්ක කට්ටිය වැඩට එන්නෙ නැතුව හිටිය. ඊට පස්සෙ අවුරුද්දක් පතා පිරිතක් කියන්ඩ පටන් ගත්ත එකෙන් තමා මහත්තයො මේ කරදර අඩු උනේ."
"ඉතින් ඇයි ලොකු නැන්දෙ මෙහෙම වෙන්නෙ ඇයි මෙතන මොකක් හරි කනත්තක් වත් ද ඉස්සර."
" හහ් කනත්තක්දත් කියල අහනව මහත්තය. මහත්තයො ජේ.වී.පී කාලෙ මිනිස්සුන්ව ගෙනත් අමු අමුවෙ මරල දාල තියෙන්නෙ මෙහෙ තමා ඒ නිසා මේ හරියෙ ඔය අමනුස්සයො ගැවසෙනව. දැන්නම් ඉස්සර තරම් කට්ටිය දකින්නෙ නෑ. මොකද මනුස්ස වාසෙ වැඩීනෙ."
ඔවුන් දෙදෙනා ලොකු නැන්දාට ස්තූති කොට නැවතත් ඔව්න්ගෙ රාජකාරි වැඩ සදහා පිටත්ව ගියහ. එදායින් පසු නුවන් රාත්‍රීයේ පන්සිල් ගෙන නිදාගැනීමට පුරුදු විය.


No comments:

Powered by Blogger.