පුහුලක් සහ බිත්තරයකින් කළ වශිය





























එක් පුද්ගලයෙකුගේ ආදර කතන්දරයක් හිටිහැටියෙම අවසාන උන නිසා එයාට ඕන උනා ඒ කෙනාව ආයෙමත් ලගට ගන්න ක්‍රමයක්...එයා තෝර ගත්තේ මන්තර ශාත්‍රය.
ගොඩ තැනකින් කර ගන්න සිතුවත් සල්ලි විතරක් වියදම් උන එක පමණයි වෙලා තියෙන්නේ.
අන්තිමට අපේ තැනට ආවා.එතන ඉදන්👇

මේ වැඩේ ගැන පොඩ්ඩක් අදි මදි කරත් ඒ කෙනාගේ හදිස්සිය නිසා වැඩේට අත ගැව්වා...දවසක් දාගෙන රෑක දේවාලය එලියේ මහසොන් දේවතාවහන්සේට පහන් තියන තැන මම මල් බුලත් තටුවක් හදලා පුහුලක් සහා
බිත්තරයක් තියලා මතුරන්න පමණක් ඉතුරු කරලා අගුරු ටිකකුත් ගෙනල්ලා ලග තියාගෙන හිටියා.

වෙලාව 11ට විතර ඇති.මහත්තයා මහසොන් දේවතාවහන්සේගෙන් අවසර අරන් මතුරන්න පටන් ගත්තා...පැය 2,2 1/2කිට්ටු වෙන්න මතුරලා මට අඩගහලා ඒ මතුරපු බිත්තරය තුන්මංහදිහයක ගහන්න කිව්වා...විශේශයෙන් කවුරු අඩගැහුවත් පස්ස බලන්න එපා (මහත්තයා කතා කරත්) කියලා කිව්වා.

බිත්තරෙත් අරන් එලියට ආවා ඕම එනකොට එක ගෙයක් තියෙනවා ඒ ගෙදර ඒ වෙනකොට පදිංචි කවුරුත් නෑ..පාරේ කෙලින් බලන් යනකොටත් ඒ ඉඩම පේනවා...මගේ ගෙදරට ඉස්සරහා ගේ.ඒ ගෙදරට යන තැන ගෑනූ කෙනෙක් තද රතු පාට සාරියක් වගේ එකක් ඇදගෙන කොන්ඩේ බිමටම ගෑවෙන ගානට විතර..අර ගේ පැත්තට හැරිලා ඉන්නවා.අපේ අහල ගම් හතකවත් ඒම ගෑනූ කෙනෙක් නෑ.සීන් එක දන්න නිසා මොකුත් නොකර දිගටම ගියා.

පල්ලේහාට යද්දී කෙලින්ම හම්බෙන්නේ 3න් මංහන්දිය...බිත්තරෙත් එතන ගහලා යන්න හැරුනා මගේ දකුනු පැත්තට යන පාරෙත් තියෙන්නේ තුංමන්හන්දියක් වම් පැත්ත පාරෙත් තුංමන්හන්දියක් එක දිගටම තුංමන්හන්දි 4ක් තියෙනවා කෙලින්ම.පේන දුරකින්.මන් ඉන්නේ 2නි හංදියේ.බිත්තරේ ගහලා හැරුනා දකුනු පැත්තේ හංදියේ එක පාරක් ගමට යන්න අනිත් පාර ලිදට යන්න අනිත් පාර පිට්ටනියට යන්න තියෙන්නේ.එතන හංදිය ඒමයි.ඒ හංදියේ පොඩි ලමයෙක් හොදට ඇදගෙන ඉන්නවා ලස්සනට මගේ පැත්ත බලන් ඉන්නේ...අනිත් පැත්තේ වම් පැත්තේ සුදු දුමක් වගේ සාමානය වයසක කෙනෙක් සුදු කමිසයක් අත් දිගට වගේ ඇදගෙන මේ පැත්ත බලන් ඉන්නවා.මේ දෙකම දැක්කත් ආයෙම හැරිලා බලන්න ගියේ නෑ.එක පිම්මටම ආවා.එනකොට නම් අර ගෑනූ කෙනාව දැක්කේ නෑ.මේ ඔක්කොම ටික උනේ වි10ක් වගේ කාලෙක.

ආපු ගමන් මට දෙහි ගෙඩි තුනක් කැපුවා.කියන්න අමතක උනා බිත්තරේ ගැවුවට පස්සේ ඒ පලාතෙම ඉන්න බල්ලෝ බුරන්න ගත්තා...ඊට සතියකට වගේ පස්සේ අර කියපු කෙනා "ජොඩුවත්" එක්කම ඇවිල්ලා පුජාවක් ඒම තියලා ගියා.

අර මං දැක්ක අය ගැන මම කියන්න ගියේ නෑ කාටත්.අද කතාවක් දාන්න හිතුන නිසයි ඒ අත්දැකීම දැම්මේ.ඒ අය ගැන හෙව්වා මම.ඒ අයගෙන් අර ගෑනූ කෙනා ගැන විතරක් කියන්නම්.ඒ ගෙදර කාලි අම්මාගේ පිලිමයක් තියලා පහන තියන්න ගත්තා ඒ ගෙදර ගෑනූ කෙනා.ඒම පිලිම තියලා ගෙවල් වල පහන තියනවා නම් දිගටම පරම්පරාවෙන් පරම්පරාවට තියන්න ඕනි.ඒත් අර කෙනා ඒම කරේ නෑ.ටික කාලයක් තියලා නතර කරා.ඒ ගෙදර පරවියෝ හිටියා ගොඩක්.ඒ සත්තූ මැරෙන්න ගත්තා.ප්‍රශ්න ආවා හැමදාම වගේ.ගහගන්න තරමට.ටික කාලෙකින් ඒ ගේ අතෑරලා එයාලා යන්න ගියා අදටත් ඒ ගේ ගරා වැටිලා තියෙන්නේ.මගේ මතය නම් ඒ පහනේ ආලෝකය බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් තමා එතන ඉන්නවා ඇත්තේ...

අනිත් අය ගැන නම් කියන්න බෑ.කාලෙකට කලින් ජිවත් උන අය තමා.ඒ අයගේ පවුල් වල අය fb ඉන්නවා.ඒ නිසයි.
ඒ ගැන සමාව ඉල්ලනවා.

ඉතින් සමුගන්නවා.යකා මහත්තයගෙ වැඩ වලදී ලැබුන තවත් අත්දැකීමකින් හම්බෙමු.


No comments:

Powered by Blogger.