බටණලා ගහන තරුණයා පසුපස ආ තරුණියගේ වියරුව





































මේක මගේ හිතේ ඇදිච්ච දෙයක්ද ඇත්තටම වෙච්ච දෙයක්ද කියලා මට අදටත් තේරෙන්නෑ.ඒක වෙනකොට මට වයස 14 ක් වගේ ඇති.මට හොදට බටණලා වයන්න පුලුවන්.මම විවිධ තරග වලින් බටනලා පිබලා දිනලත් තියනවා.හැබැයි මන් පාඩම් කරන්නන් කැමැත්තක් තිබ්බෙ නෑ.දවසම ගේම් ගගහා,cartoon බලබල තමයි මගෙ දවස ගෙවුනෙ.හරි දැන් කතාවට බහිමු.

මේක සිද්ද උන දවසෙත් මන් හවස කාටුන් බල බල ඉදියෙ.වෙලාව 5.30 ට වගේ ඇති.මන් පොතක් අතින් අල්ලන්නෑ කියලා අම්මා මට බනින්න පටන් ගත්ත.ඊට පස්සෙ ඇවිල්ලා අම්මා tv එක ඕෆ් කලා.ඉතින් ඔය වෙලාවෙ මටත් කේන්ති ගියා.මාත් අම්මත් එක්ක එකට එක කියන්න ගිහින් තාත්තගෙන් ගුටිත් කෑවා.දැන් මට තව අප්සට්.මන් ඔය වගේ වෙලාවට කරන්නෙ කොහේ හරි නිදහස් තැනකට ගිහින් බටණලා ගහන එක.මන් එදත් බැනුම් අහගෙනම බටණලාවත් උස්සන් ගියා වෙලෙන් ටිකක් උඩ තියන පාලු වත්තකට.හොදටම හවස් වෙලා කලු වර වැටීගෙනත් එනවා.ඒත් මන් කේන්තිය නිවෙන්න කියලා හිතාගෙන එතන තිබ්බ ගලක් උඩ වාඩි වෙලා බටණලාව ගහන්න පටන් ගත්තා.

ඔහොම ටික වෙලාවක් ගහගහ ඉන්නකොට මන් දැක්කා ටිකක් ඈතින් ගෑනු කෙනෙක් එනවා.මන් හිතුවෙ අම්මා මාව හොයන්න එනවා ඇති කියලා.ඉතින් මන් ඒ ගැන හිතන්නෙ නැතුව දිගටම බටණලාව ගහන්න පටන් ගත්ත.මට එතකොටයි තේරුනේ ඒ අම්මා නෙවෙයි කියලා.මන් බටණලාව ගහන එක නැවැත්තුවා.එතකොට ඒ ගෑනි මන් දිහා රවලා බැලුවා,මන් ආයි ගහන්න පටන් ගත්තා.ඒ ගෑනි ආයි නට නට ඉස්සරහටම එනවා.මගෙ ඇගේ ලේ වතුර වෙලා හිටියෙ.මන් ඒ විදිහට පැය බාගයක් වගේ බටණලා ගැහුවා නවත්තන්නෙ නැතුවම.අර ගෑනිත් නටනවා.ඊට පස්සෙ මට ඇහුනා ඈතින් තාත්තා 'පුතේ පුතේ' කියලා මාව හොයනවා.ඊට පස්සෙ අර ගෑනි දුවන් ගිහින් අතුරුදන් උනා.මගෙ කකුක් පණත් නෑ ඇවිදගන්න.ගිහින් තාත්තට මන් වෙච්ච දේ කිවුවෙ නෑ බයටම.මට අදටත් හිතා ගන්න බෑ එදා මොකද්ද මන් ඒ දැක්කෙ කියලා



No comments:

Powered by Blogger.