මූනක් කියන්න බැරි මස් වැදල්ල






















අඩ්ඩ්... අඩ්ඩ්..අඩ්ඩෝ උබ ඇයි බන් මෙහෙම..

හා හා හා හා උබලග ඉදල මට මොනාද ලැබුනේ... උබ හැමදාම එක මම උබේ හිංචයියෙක් විතරයි.. ඒත් උබව මරල සුපුනා එක්ක ඒකකහු උනාම මමයි ඌයි දෙන්නම එකට ඉන්නව යකෝ .. උබ පලයන් මාරයා ලගටම...

සුපුන්ගේ සහ විශ්මන්තගේ තුවක්කු දෙකම පත්තු උනේ එක පාර.. මට අන්තිමට මතක එච්චරයි . ඒත් එක්කම උන් මන් දිහා බලන් හිනාවෙනව මට මතකයි.. මන් අහසේ පාවෙවී ඒ ඔක්කෝම බලාගෙන හිටියේ...

මගේ නම සහන් .. ගම පුත්තලම.. මගේ දුකට සැපට එකට හිටපු හොදම යාලුවා තමයි විශ්මන්ත. එක වසරේ
ඉදන්ම ඌයි මායි එක කුස උපන් සහෝදරයෝ උනා..

ඔහොම කාලය ගෙවීගෙන ගියා.. අපි දෙන්නගෙම ජීවිත වලට මහා කරුමක්කාර කාලයක් උදා වුනේ අපේ තියෙන දුප්පත් කම නිසාමයි.. අපි දෙන්නාට අවුරුදු 16 වෙද්දි පාසල් ගමන නැවතුනෙත් ඒ නිසයි.. අවුරුදු 20 වෙද්දි අපි මංකොල්ල කන්න පුරුදු වුනේ අපේ දුප්පත් කමටමයි.. මමයි සුපුනුයි එකතු වෙලා පොඩි පොඩි මාල කඩන , පර්ස් උස්සන වැඩ වගේ ඒව කරන්න පටන් ගත්ත..

පොඩි පොඩි හොරකම් කරනකොට ලොකු ප්‍රශ්නයක් උනේ ඒ කඩන මාල උස්සන පර්ස් එහෙම මුලින්ම අපි දෙන්නට හොරකම පුරුදු කරපු ගමේ ලොකු අයියට දෙන්න උන එකයි.... ඌට සීයට හැත්තැවක් දුන්නම අපිට ඉතුරු වුනේ සොච්චමයි.

ඒ සහන් මේ පොඩි ගේම් දිල හරි යන්නේ නෑ දෙමුද ලොකු ගේමක් ...

මොකක්ද බන් ගේම.. විශ්මන්තය.

මෙහෙමයි සීන් එක මම මේ ලගදි නෝට් කරපු ගෙයක් තියෙනව මිනිහ හොද ජොබ් කට්ටක් කරන්නේ.. කෙල්ලගේ කරේ ලොකු මාලයක් තියෙනව.

ඉතින් උබ දැන් ඒක කඩන එකටද ලොකු ගේම කියන්නේ..

තොට සයුකොද බන් ඒක නෙමේ කියන්නේ..
එහෙනම් ..

ඕයි මුලින් කියන එක අහපන් ..

හා හා උබ කියපන්කෝ..

ඒ ගෙදර සල්ලි ඇති මචන් හොදට මුලින්ම ඒ ගෙදරට පනින්න ගේමක් ගහමු...

අඩෝ පුලුවන් වෙයිද බන්..

බැහැයි කියල දෙයක් නෑ බොක්ක .. මම ඒක ප්ලෑන් කරල ගොඩක් කල්.. මිනිහ රෑට නිදියගත්තම ගේට්ටුවෙන් පනිමු උඩ බැල්කනි එකට යන්න ලොකු අඹ අත්තක් තියේ ඒක දිගේ ගිහින් පනිනව බැල්කනියට.. එතන මචන් මම ඊයෙ බලල ආවේ ..

අඩෝ උබ පට්ට ඩයල් එකක්නේ උබ මටත් නොකිය ගියාද?

ඔව් බන් මම ඊයෙ එතනට යන්න කලින් යාලුවෙක්ගෙන් ඇහුව බන් යතුරක් කපා ගන්න පුලුවන් කොහොමද කියල .. ඌ කිවුව දොරේ කටේ පොටෝ එකක් ගෙනෙන් කියල.. මම ඒකට ගියේ බන් ... මේ වැඩේට අපිට තව සුපුන් කියල කොල්ලෙක් සෙට් වෙයි .. මේ මගදි පිට්පොකට ගහද්දි අහු වුන එකෙක් ඌව ඔත්තු බලන්න දාමු.
ඒ උබට ඌ ශුවර් නේද ??

ඔව් බන් බය වෙන්න එපා බන් හෙටම මේ වැඩේ කරමු..

හරි බන්..

විශ්මන්ත කියපු දවසත් ආව ..

හන්දියෙන් වීල් එකක් අරන් ඒ ගේ තියෙන පැත්තට 500m විතර මෙහයින් බැහැල මුලින්ම සුපුන් යැවුව ඔත්තු බලන්න කියල.. විනාඩි විස්සකින් විතර ආපු ඌ ඔක්කොම හරි කිවුව..

ගේ ලගට ගියාම දැක්කෙ මේ ගේනම් පට්ට පරණයි.... දැන් වෙලාව 9ටත් ලගයි.. තවම ගෙයි ලයිට් දාල..

ඒ විශ්මන්ත මොකෝ බන් මුන් නිදියන්නෙ නැතුවවත්ද.. වරෙන් අපි ගේම ගහමු ලයිට් තියෙන්නෙ කාමර වලනේ කමක් නෑ බන් අපි මුලින්ම බැල්කනි එකට පනිමුකෝ...

විනාඩි කිහිපයක් පොඩි ගේමකට පස්සේ අපි දෙන්න සුපුන බිම තියල බැල්කනියට නැග්ග.. විනාඩි ගානක් හිටියත් ඇතුලෙ ලයිට් ඕෆ් නෑ..

ඒ සහන් මොකෝ බන් මේ වෙන්නේ...

ඉදපන් මම යතුරු හිලෙන් බලන්නම්...එහෙම කියල යතුරු හිල ගාවට ගිහින් දැකපු දෙයින් මාව ගැස්සිලා ගියා..

කාමරේ ඇතුලෙ ලොකු අයියයි තව එකෙකුයි අරුන් දෙන්නව මරනව.. මම බලද්දිම වගේ ඒ ගෙදර මිනිහගෙ ඇස් මන් හිටිය දොර පැත්තට හැරුන .. ඒත් එක්කම ලොකු අයියගෙ සයිලන් කොකා උගේ ඔලුව කුඩු කරන් බැස්සේ මෙච්චර ගේම් දීපු මාවත් බය කරල..

මගේවෙනස දැකපු විස්මන්තය මාව එහාට කරල ඒ පැත්ත බැලුව..

අඩෝ ලොකු අයිය .. යකෝ ඉක්මනට යමන් ඉක්මනට පැනපන් ඔතනින්... උගේ කතාවට මමත් උගේ පස්සෙන් කඩාගෙන දුවල ගිහින් ගහ්ට පැනල බිමට පැනල දිවුව....

කාමරේට ගියාට පස්සෙත් අපි සුපුනට කිවුවෙත් ඒ ගෙදර උන්ව මරල කියල විතරයි අපි දැක්ක කිවුවෙ නෑ..

ඒත් මම දැකපු දේ කොහොමද අමතක කරන්නේ ...

දවස් කිහිපයක් ගෙවිල ගියත් ඒ මිනී දෙක සම්බන්දයෙන් කාවවත් අතඩංගුවට ගන්න බැරි වුනා... විස්මන්තයටත් නොකියම මට ටවුන් එකට යන්න වුනේ පරන යාලුවෙක් එක්ක සෙට් වෙන්න ..ඒත් ඌ එක්ක සෙට් වෙලා එන්න මෙච්චර වෙලා යයි කියල මම හිතුවෙ නෑ...

එදා අපි ගිය ගේ ගාවට මම එනකොට රෑ 11 පහුවෙලා.. මටත් වෙරි නිසාම ඒක එච්චර අවුලක් නෑ... මහ රෑ තනියම ඒ ගේ ලගින් යද්දි මොකෙක්දෝ මන්දා කෑ ගහන ශද්දයක් ඇහෙන්න ගත්ත ..

අම්බෝ.... අම්බෝ....

ඒත් හැමතැනම හෙවුවත් මොකෙක්වත් නෑ ඒත් එක්කම මම අර ගේ දිහා බැලුවා නෙමේ බැලුනා.. අපි හිටපු බැල්කනිය උඩ ඉදන් මන් දිහා බලන් හිටපු රූපයක් හීනෙන් වගේ පෙනෙන්න ගත්ත .. දෙවියනේ ඒ එදා මැරෙන මොහොතේ මන් දිහා බලන් ඉදපු එකා නේද ... ඒත් ඒක මට මතක් වෙද්දි ඒ රූපෙත් නැති වෙලා ඉවරයි...

අඩිය ඉක්මන් කරල යන්න කියල හදද්දිම මගේ පස්සෙන් එන කෙනෙක්ගෙ අඩි ශබ්දයක් ඇහෙන්න ගත්‍ත. .
මොන යකෙක්ද මේ මහ රෑ...

එහෙම හිතාගෙනම මම ටිකක් දුර ගිහින් ආපස්සට හැරිල බැලුව ... ඒත් මොකෙක්වත් නෑ.. මොන මගුලක්ද හිතන් ඉස්සරහට හැරුන මගේ මූන ඉස්සරහ තිබුනේ ඔලුව කුඩුවුනු මිනිහෙක්ගේ මූනක් කියන්න බැරි මස් වැදල්ලක් .... ඇස් පිය වුන තත්පරේට ඒ මූන එදා මැරෙන්න කලින් දැක්ක මූන බවට හැරිලා ආයිත් මස් වැදැල්ලක් බවට පත් වුනේ.. මගේ බය සියගුනයක් ඉහ්ල දාලා.. එදා රෑ ගැන මට මතක එච්චරයි ...මොකද මම සිහිඑද්දි හිටියේ මගේ කාමරේ...

මචන් මචන් උබට මොකෝ උනේ බන්..

අඩෝ විශ්මන්ත .. මොකෝ උනේ මට බන් ... දැන් වෙලාව කීයද..

යකෝ දැන් දවල් එකයි .. උබ ඊයෙ රෑ ආපු නැති නිසා අපි උබව හොයන් යද්දි උබ නිකං පිස්සෙක් වගේ පා වෙවී ආව බන් ... අපි ලගදි උබ වැටුනට පස්සේ දැනුයි උබ නැගිට්ටේ...

අඩෝ එහෙමද... මට මොකුත් මතක නෑ බන්...

හරි හරි ඒව ඉවරයි..
මේ බන් සහන් ඊයෙ රෑ ලොකු අයියව මරල බන් දෙකට විතර .. ඌයි උගේ යාලුවයි දෙන්නවම මරල... බන් ..මස් වැදල්ලක් විතරක් මූනට තිබ්බ උබේ සයිස් වගේ ඇගපත තියෙන එකෙක්ලු මරල තියෙන්නේ අනේ මන්දා බන්... මොනව උනත් අපි මරන්න හිටපු එකාව කවුරු හරි මරලනේ එච්චරයි...

මට කියන්න මොකුත් නැති වුනේ මස් වැදල්ලක් තියෙන හොල්මන මමත් දැක්ක නිසා .. ඒ කියන්නේ මේ හොල්මන මං ලව්ව අරුන්ව මරලද... අනේ මන්ද.. මොකුත්ම හිතාගන්න බැරුව කාලෙ ගෙවිලා ගිය..

මෙච්චර කල් අපේ ගෝලය උන සුපුන් දැන් අපේ ලොක්ක වගේ ඇඩ් දාන්නේ.. ඉස්සර හොරකම්විතරක් කරපු අපි දැන් දූශනත් කරමු කියල ඌ ගෙනාපු අදහසට මං කැමති උන් නැති නිසා උන් හිමීට මාව කපන්න ගත්ත ...

මාස දේකට පස්සෙ වගේ මම හොරකම් වලට ගියේම නැති තරම් .. ඒත් මට අරුන් සල්ලි දුන්නේ රහස් ගොඩක් මම ලග තියෙන නිසාමයි...

මචන් සහන් හෙට ගේමක් දෙන්න තියෙනව වරෙන් පාලම ලගට හරිද සුපුන කිවුව නිසාම මායි විස්මන්තයිත් සෙට් උනා.. එකට යන යන තැන ගිය මායි විස්මන්තයි ඌ කියපු තැනට ගියෙත් එකටමයි...

අපි යනකොට ඌ පාර අයිනේ ඉන්නව... උට ලං වෙද්දිම උනේ කවදාවත්ම නොහිතපු දෙයක්...

අඩෝ තොපි දෙන්නම නැවතියන් තොපි දෙන්නවම මරනව අඩියක් ඉස්සරහට තිබ්බොත්....

අඩෝ විශ් සුපුනා මොකද බන් තුවක්කුව අපිට දික් කරන්නේ...
අෆෝ විස්මන්ත් මට උබ එක්ක අවුලක් නෑ මේ සහන්ට අපි මොකටද යකෝ නිකං සල්ලි දෙන්නේ උබ මගේ පැත්තට වරෙන් අපි දෙන්න බෙදාගමු..

යකෝ අපි දෙන්න එකටමයි ඉන්නේ වෙන් වෙන්නෙ නෑ කවදාවත්.. එහෙමම කියාගෙන සාක්කුවෙන් තුවක්කුව ගත්ත විස්මන්ත අඩියක් ඉස්සරහට ගිහින් ... මම ජීවිතේටවත් හිතපු නැති විදියට මගේ පැත්තට තුවක්කුව දික් කලා...

අඩ්ඩ් අඩ්ඩ් අඩ්ඩෝ උබ ඇයි බන් මෙහෙම...

ඒත් එකම මට උන් දෙන්නම වෙඩි තිබ්බ මතකයි.. උඩ පාවෙවී හිටිය මම උන් දෙන්නගෙ කතාවල් ඔක්කම අහන් හිටිය..

අඩෝ විස්මන්ත පව් යකෝ ඌ හිතනව ඇති ඌට අහුවුන හොල්මන ඌ ලව්ව ලොකු අයියව මැරුව කියල...

ඒක සිරා බන් පව් වැඩේ ... හොදවෙලාවට බන් අපිත් ඒ හොල්මන දැක්කේ .. අපි අරූ ලගට යද්දිම ඒ හොල්මන නැති වුනානේ...

ඔව් බන් ඒ සීන් එක්න් තමයි මට ලොකු අයිය මරන්න ප්ලෑන මතක් වුනේ..හොද වෙලාවට බන් විශ් අපි ඉක්මනට ගේම ගැහුවේ...

ඔව් බන් වැඩිය කතා නොකර ඉමු උබයි මමයි විතරනේ මේ රහස දන්නේ...

විස්මන්ත ඒක කියද්දිම හයියෙන් හිනාවුනු සුපුනා උගේ ඔලුවට තියල කොකා ගැස්සුවේ... යකෝ බොක්කෙ යාලුවට ද්‍රෝහි උන උබව කොහොමද මම විශ්වාස කරන්නේ කුහකය කියමින් ...

තුවක්කුවේ උන්ඩේ විස්මන්තගේ ඔලුව කුඩු කරනවත් මම උඩ ඉදන් බලාගෙන... මාව එහෙම්ම තව තවත් උඩට ඇදිලා යන්නට වුනේ . සුපුන් කියපු අන්තිම ටිකත් හිතේ ඉතුරු වෙද්දිමයි....

හොදම යාලුවට ද්‍රෝහි වෙච්චි උබ මට ද්‍රෝහි නොවෙයි කියල මම කොහොමද හිතන්නේ...

නිමී...


1 comment:

Powered by Blogger.