මූසල හෝරාවක බීතිය






























මේ සිදුවීම වෙද්දි රාත්‍රී 10ට කිට්ටු කරල ඇති..මම හිටියේ අක්කලාගෙ ගෙදර.අපේ ගෙදර ඉදල ටිකක් දුරින් තියෙන්නෙ.ටිකක් වැහි පොද ගහනව.ගමේ කොහි හරි ගෙදරක තොයිලයක් තියෙනව,මොකද බෙර සද්දෙ ඇහෙනව.වෙනද වගේම අක්කලාගෙ ගෙදරින්

පිටත් උනේ ගෙදර යන්න.
"මල්ලි ගෙදර යන්නෙ තනියම නේද?? අයියට කියන්නද ගිහින් ඇරලවන්න කියල",,එහෙම කිව්වෙ අක්ක. "මොන පිස්සුද,ලැජ්ජ නැති වැඩ කරන්න එපා,මම වෙනදට යන්නෙ..මම යන්නම් " කියල අක්කට කියල ගෙදරින් පිටත් උනා..

මටත් තේරුන වෙනදට වඩා ගොඩක් අද රෑ වෙලා කියල.කලුවර උනාට ටිකක් එලියයි හද එලිය නිසා.කමක් නෑ දැන් ඔන්න ඔහේ යනව..යන්න තියෙන පාර ගැන කිව්වොත් ඉස්සෙලම වෙල පහු කරන්න ඕන..පාර තියෙන්නෙ හරියටම වෙල මැද්දෙන් ටික දුරක්.ඊට පස්සෙ දෙවැටක් දිගේ තමා යන්න තියෙන්නෙ..මහ පාර තියෙනව.ඒකෙන් යනවට වඩා මේ පාර ලගයි. දෙවැට දිගේනම් ලයිට් මුකුත් නෑ.ටෝච් එකත් ගහගෙන තමා යන්නෙ දැන්.ඒකත් හරියට පේන්නෙ නෑ..ඒ දවස් වල ෆෝන් එකක් තිබ්බේ නෑ මට..සතෙක් ආවත් ඌගෙ මූනටම ටෝච් එක ගහන්න ඕන.එතකොට තමා පුලුවන් සතා අදුරගන්න..ඒ තරමට ටෝච් එක ගොඩක් දුර වැදුන.
මොකද කරන්නේ?? දෙවැට දිගේ යනවද?? පාරෙන්ම යනවද?!

දැන් ප්‍රශ්ණ ගොඩයි?? මම දැන් ඉන්නෙත් තුන්මං හන්දියක..දෙවැට දිහා බැලුවම ඒක අදුරු ගුහාවක් වගේ පේන්නෙ,පාර කොනක් පේන්නෙත් නෑ.හැරි හැරි යන්නත් තියෙන්නෙ.ලයිට් මුකුත් නෑනෙ පාරෙ.මම කෙලින් ගියොත් පාරට වැටෙනව,හැබැයි ගෙදරට දුරයි..හැරුනොත් යන්න වෙන්නෙ දෙවැට දිගේ..දෙවැට දිගේ ගියොත් ගෙදරට ලගයි....ඕන එකක් කියල මම හැරුන දෙවැට පැත්තට ඒ පැත්ත වැඩිය බලන්නෙ නැතුව.බෙර සද්දෙ ඇහෙද්දි මට දැනුනෙ නිකන් මහ මූසල ගතියක්,ඇයි පාරත් කලුවරයිනේ...එවෙලෙ මම ගත්ත මෝඩම තීරණේ ඒක ... මොකද මට එවෙලෙ හිතුනේ නෑ හැමදාම යන පාරෙ තවත් කවුරුම හරි මාව බලාපොරොත්තුවෙන් ඇති කියල..

හරි දැන් හිත බය කරගන්නෙ නැතුව යමු කියල මම හිතාගෙන ඉස්සරහට එනව.වැහි පොද ටිකක් වැඩි කරල තිබ්බෙ එවෙලෙ..ඔය පාරෙ එක පැත්තක තනිකරම වෙල තියෙන්නෙ ටිකක් දුර යනකල්.අනිත් පැත්තෙ ටිකක් කැලෑව වගේ.ටිකක් දුර යනකල් විතරයි තියෙන්නෙ ගෙවල් එහෙමත්.මේ දෙවැට දිගේ ටිකක් දුර යනකල් තියෙනව පුළුන් ගස් වගයක්.

දැන් ඔය ඔක්කොම මැද්දෙන් මම එනව වගේම ඔය ඔක්කොම මැද්දෙ ඉදල කෙනෙක් මගේ දිහා බලාගෙන ඉන්නව කියල නිකමටවත් මට හිතුනෙ නෑ..
හැමදාම යන පාරනේ බය වෙන්න දෙයක් නෑ කියල අරහෙ මෙහෙ බලන්නෙ නැතුව මම එනව..ටිකක් සීතලත් එක්ක..එක පාරටම ආපු හුලගට සීතල තවත් වැඩි උනා..

සීතලත් ඉවසගෙන මම ඉස්සරහට යනව.දැන් මම කල්පනා කරන්නෙ ඇයි මම මෙච්චර රෑ වෙනකල් අක්කලාගේ ගෙදර හිටියෙ,අපරාදේ මට වෙලාසන එහෙන් එන්න තිබ්බෙ,ඔහොම කල්පනා කරගෙන එද්දි කල්පනා කරපු හැමදේම එක මොහොතටකට නතර උනේ බල්ලෙක්ගේ උඩු බුරන සද්දෙ නිසා,ඒක හෙන මූසල විදියට දුරට වෙන්න ඇහුනෙ බෙර සද්දෙත් එක්ක.ඊට පස්සෙ බල්ලො රංචුවක්ම එක දිගට කාව හරි මරන් කන්න හදන විදියට බුරනව.ඒ සද්දෙ ඇහෙන්නෙ මගේ පිටිපස්සෙන් නෙවේ ඉස්සරහින්.මම දැන් යන්නෙ ඒ පැත්තට.බල්ලො ටික බුරපු විදියට කවුරු හරි එක්කො මේ පැත්තට එන්න ඕන,මේ මහ රෑ මූසල දේවල් හිතට එන්න ගත්තෙ අර උඩු බුරපු සද්දෙ ඇහිච්ච වෙලේ ඉදල.

ඔහොම ඉස්සරහට යද්දි ආවේ ලොකු හුලගක්,ගස් උනත් ටිකක් කලින්ට වඩා වේගෙන් පැද්දුනා.බෙර ගහන විදියත් කලින්ට වඩා ටිකක් වේගවත්.එක පාරටම හුලගත් එක්කම කවුරු හරි කෙනෙක් මගෙ දකුණු උරහිසේ වැදුන.ඒක මට හොදටම තේරුණා.මම නතර වෙලා බැලුව පිටිපස්ස හැරිලත්.මුකුත් නෑ.ගහක අත්තක් වදින්න විදියකුත් නෑ.මම ටිකක් බය උනා.හුලගත් නතර උනා.දැන් ඇහෙන්නෙ රැහියන්ගේ සද්දෙයි,බෙර සද්දෙයි විතරයි,මුලු පරිසරේම මහ මූසල බවක් වගේ විතරයි මට දැනුනෙ.බල්ලොන්ගෙ බුරන සද්දෙත් නතර උනා.මම ගොඩක් බය උනා ඒ වෙච්ච දෙයින්.තාමත් හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා.පාරේ ඉස්සරහ බැලුවම මට පිටිපස්ස නොබලම දුවන්න හිතෙනව.හැබැයි ඒක ඊටත් වඩා බයයි.ආයේ හැරෙන්නත් බෑ.හිත හයිය කරගෙන මම හිතා ගත්ත කෙලින්ම යනව කියල.ඉස්සරහට අඩි දෙක තුනයි තිබ්බෙ,එක බල්ලෙක් ආයෙත් උඩු බුරන්න ගත්ත.මගේ හිතේ හයිය නැති උනා.දැන්නම් ගොඩක් බය වෙලා ඉන්නෙ.

මම දැන් කකුල ඉක්මන් කරල ඉස්සරහට එනව.ඉස්සරහට එද්දි එළවළු කොටුවක් තියෙනව.ටිකක් විතර කැලේ වැදිල.ඕක දවල්ටත් හෙනම පාළුයි.ඒකට පිටිපස්සෙන් තියෙන්නෙ වෙල්යාය.පොල් ගස් දෙකක් තියෙනව ඉස්සරහට වෙන්න.පොඩි ලිදක් වගේ එකක් තියෙනව ඉස්සරහ.එතනට ආව විතරයි ආයෙත් හුලගක් හමද්දිම බල්ලොන්ගෙ උඩු බුරන සද්දෙත් වැඩි උනා,මම දුවන්න හදද්දිම මගේ කකුල් පන නැති උනා මම දැක්ක දෙයින්.එළවළු කොටුව මැද්දෙ එකෙක් ඉන්නව කලුම කලුවට,උගෙ ඇස් දිලිසෙනවා රතු පාටට.ඌ මන් ඉන්න දිහාවට උගෙ ඔලුව හොල්ල හොල්ල එනව බෙරේ තාලෙට,මට මර බය දැනුන.බෙර සද්දෙ ඇහෙනව පැත්තෙකින්,දුවන්න බෑ කකුල් හිර වෙලා,කෑ ගහන්නත් බෑ ගොලු වෙලා.මට හෙල්ලෙන්න බෑ,හදවත ගැහෙනව විතරයි මට දැනෙන්නෙ.දාඩිය දානව හොදටම.ඌ එන්න එන්නම කොටුව මැද්දෙ ඉදන් මන් ඉන්න පාර පැත්තට එනව.මරන බයට මම කකුල් වලට වාරුව අරගෙන පුලුවන් තරම් හයියෙන් දිව්වා.දුවන ගමන් මට පිටි පස්සෙන් ඇහෙනව ගෙජ්ජි සද්දයක්.මම දිව්වට ඒක ලග ලගම ඇහෙන්න ගත්ත.මට බෙර සද්දෙ ඇහෙනව,සිහි විකල් වෙලා වගේ දැන්.එක පාරටම ඉස්සරහින් අර බුරපු බල්ලො බුරන සද්දෙ ඇහෙනව ලගම.කෑගැහුවට එක ගෙයක්වත් නෑ අහල පහල.මම ගිහින් නතර උනේ අර බුරන බල්ලො ටික ඉන්න හරියෙ.උන් මන් ඉන්න පැත්ත බලාගෙන මරන් කන්න වගේ බුරනව.ඒත් උන් බුරන්නෙ මගේ දිහා බලන් නෙවේ,මගෙ පිටිපස්සෙ තියෙන දේකට බුරන්නේ.එක පාරටම බෙර සද්දෙ නතර උනා.බල්ලො බුරන එකත් නතර කලා.රැලේ හිටපු එකම එක කලු බල්ලෙක් අන්තිමට උඩු බිරුව.ගෙජ්ජි සද්දෙ නතර උනා බෙර සද්දෙ නතර වෙද්දිම.පරිසරේ වෙනසක් තේරුනා එවෙලෙ මට.මට තාම හිතාගන්න බෑ මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් මම තාම සිහියෙන් ඉන්නව කියල.බය ටිකක් හරි නැති උනේ අර පාරෙ හිටපු බලු රංචුව නිසා.තවත් පස්ස බැලුවෙ නෑ.එ පිම්ම මම ගෙදර දුවගෙන ආව.කොහොම ගෙදරට ආවද කියන්න දෙයියො තමා දන්නේ.මම ගෙදර ඇවිත් නිකන් උණ විකාරෙන් වගේ කියවල තියෙන්නෙ.උදේ වෙද්දි තමා හරියාකාර

සිහියක් තිබ්බෙ,ඒත් දකුණු උරහිසේ පොඩි වේදනාවක් තිබ්බ.
එදා දවල් වරුවෙ ගෙදර අය එක්ක එකතු වෙලා අර බල්ලොන්ට දවල්ට කන්න කෑම දැම්ම.මිනෙහෙක් නැති එවෙලෙ අසරන වෙච්ච මට තිබ්බ බය නැති උනේ ඒ සත්තු ටික නිසා.
මම එදා දැනගත්ත කෙනෙක් ගොඩක් බය උනාම එක්කො එතනින් ඒ මනුස්සය දුර්වල වෙනවා,නැත්නම් ඒ මනුස්සය එතනින් තව ශක්තිමත් වෙනව කියල....ඒ කාලකන්නි මූසල සිදුවීම මතක් වෙද්දිත් එතන වෙනත් බලවේගයක් මාව ආරක්ශා කලාද කියලත් වෙලාවකට හිතෙනව.මොකද හොල්මන් කියන දේ ගැන මම කලින් ඉදන්ම දන්නව,අහල තියෙනව,ඒ අහන හැමවෙලාවකම මට දැනුනෙ පුදුමාකාර බයක්.නොපෙනෙන බලවේගයක් කියන දේ නැහැයි කියන්න බෑ කියන මතේ මම ඉන්නව දැන්.මොකද මූන දුන්න දේකට.
මේක තමා කතාව,ගොඩක් කල්පනා කරල ලිව්වේ.මතක හැම සිදුවීමක්ම සදහන් කරල තියෙන්නෙ.හොල්මන් කතා කියවන්න කැමති අය වෙනුවෙන්.


2 comments:

Powered by Blogger.