කිලිටි ගමන යක් පහරින් අවසන් වේ






























" අප්පච්චි.... අප්පච්චි...."
"මොකද කෙල්ලෙ මේ දාන්ගලේ"
"අද ලොකු තාත්තලා එනවාලු දේවාලෙ යන්න...."

"අහ්... කමලා... මෙ ඇත්තද මේ දුව කියන්නෙ. අයියලා එනවා කිවුවාද...?"
"ඔවු ඔවු තාත්තෙ. නිරෝශන් අයියා අද උදේ මට කෝල් කලෙ..."

අම්මාගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නම් ගෙදරට ඉන්න එකම පිරිමි දරුවා සදුන්.

"හ්ම්.. එහෙනම් කටට රහට උයන්න වෙයි මොනා හරි. රංජා ගෙ ගෙදෙට්ට ඊයෙ වෙඩි වැදිච්ච ඌරෙක් ගෙනල්ලාය කිවුවා. ඒ පැත්තට ගිහින් එන්නම් කමලා මම.."

"දෙයියනේ... සුමනපාලයො. ඔහෙට පිස්සුවක් ඇතැයි. මේ පොඩි උන්ගෙ අගෝස්තු නිවාඩුව. හිතන් ඉන්නෙ තමුන්නැහැලාගෙ අයියා ගෑනු දරුවො ඔක්කොම එක්ක එන්නෙ ජොලි කරන්න කියලාද. එයාලා එන්නෙ කන්දෙ දේවාලෙට යන්න. දැන් සතියකට උඩදි දේවාල කාලෙ පටන් ගත්තෙ. යන්නෙ එහෙම නෑ මේ දේවාලෙ යන්න ලෑස්ති කොන්න අල්ලපනල්ලෙ කිලිටි අස්සෙ රිංගන්න... කොහෙද උබලා ඉතින් ඕවා දන්න එකක් යෑ..... "

හැන්දකුත් උස්සගෙන ඇවිත් බැනලා ආයෙත් කමලා කුස්සියට ගියෙ හැන්දත් උරුක් කරගෙන කුටු කුටි ගගා බැන බැන.

මේ නෙල්ලිවෙල ගමේ නම ගම ගෑවුන ඕනිම එකෙක් වරද්දන්නෙ නැතුව ගම්බිම් බලා එන නිවාඩුවක් තමා අගෝස්තු නිවාඩුව කියන්නෙ. ඒ අම්මා තාත්තා දකින්න තියෙන අසාවටත් වඩා ඉස්මුදුනින් පිලිගත්තු කන්දෙ දේවාලෙ වැද පුදා ගන්න. කතරගම බන්ඩාර පත්තිනි මේ තුන් දෙවියොම වැඩ ඉන්න පූජ බූමියක් උනුඒ දේවාලය බොහෝ හාස්කම් ඇති තැනක් ය කියන එක කාගෙත් පිලි ගැනීමක්. බොහෝ අයට අත්දෑකීමෙන් ඔප්පු වූවක් බවටත් මති මතාන්තර එමටයි.

කමලා ඇගේ දුව නිපුනිත් අඩගහාගෙන සදුන්ටත් සෙල්ලම් කරන්න වත් ගේන් එලියට යන්ට නොදී වැඩ පවර පවර සූදානම එන අක්කලාව පිලිගන්නයි දේවාලෙ යන්නයි දෙකටම.

"ලමයිනේ පලතුරු වර්ග හතක් ඕනි . වට්ටි හතරකට. උබලැයි ලොකු අම්මා ලමයි දෙන්නාටම බාර වෙලාය කියන්නෙ. මමත් උබෙ සාමාන්‍ය පෙල විබාගෙටයි අයියාගෙ බයික් එකටයි දෙකටම බාර උනා නෙව. දැන් ඒවා ඔප්පු කරන්න ඕනි. හතරක් ලෑස්ති කරන්න ඇහැක් වෙන්න පලතුරු හොයා ගනින්. තව මල් ඕනි පාට 5කින්.."

කමලා ලමයි දෙන්නාටම බරටම වැඩ කියන අතරෙ කහා වතුර එකක් අරන් මුලු ගේ පුරාවටම ඉහිනවා. ඔන්න එතකොට මයි නෑදෑ කට්ටියත් ගෙට ගොඩ උනේ. සුහද පිලිගැනීමකිනුයි පොඩි තේ පැන් සන්ග්‍රහයකිනුයි පස්සෙ එයාලාත් දවල්ට කාලා එහෙම නා ගන්න ගියේ කිලිටි හෝදන්න කහා වතුරත් අරන්.
නා කියාගෙන ඉවර වෙලා කොල්ලො දෙන්නයි කෙල්ලො දෙන්නයි වෙන වෙනම කල්ලි ගැහෙද්දි කමලයි නෑනයි සිරික්කිය දාගෙන කුස්සියෙ කැවිලි ටික්ක් හදනවා. මේ අතරෙ පිරිමි දෙන්නා නම් හොරෙම ගෙදරින් ලිස්සලා ගිහින්.

වෙන මොනාටවත් නෙමෙයි. දේවාලෙ යන්න වාහනයක් කතා කර ගන්න.
ගෙදරින් කතා කලොත් එහෙම කියමු කියලායි දෙන්නාම කතා කර ගත්තේ. ඒත් දෙන්නාම ඇදුනෙ රංජාගෙ ගෙවල් දිහාට.

"අහ්... සුමනෙ අයියා. කාලෙකින් මෙහෙ මතක් වෙලා තියෙන්නෙ... ආවානං ආවානං ඇතුලට."
එහෙම ගෙට ගොඩවුනු ගොඩවිල්ල එලියට ආවෙ පැය තුනකට විතර පස්සෙ රා අරක්කු දෙකෙන්මයි ඌරූ මස් වලිනුයි හොදටම සප්පායම් වෙලා අඩිය හරහාට තියන ගානට.

"ඒ උබෙ 4න් එකෙ රින්ස් යනවා බ්ං...."
"මගෙ නෙමෙයි උබෙ.."
"නෑ නෑ උබෙ යකෝ..."
"හරිඕ...ඔවු.. මගෙ...හෙලෝ...

ආ අපි මේ මග. ඔයාලා යන්න. අපි වෙලාවට දේවාලෙට එන්නම්. ඔයාලා යන්න නෝනේ...
හා..

බුදු සරණයි ..

ඇති යාන්තම් කියන්නා වගේ හුස්මකුත් පහලට දාපු ජෝඩුව කොහෙන්දෝ හොයා ගත්තු දෙහි ගෙඩියකුත් කපලා ඔලුවෙ ගා ගත්තෙ දේවාලේ ගිහින් එහෙදි ගෑනුන්ගෙන් ගුටි කන්න බැරි නිසායි.
"ඒ බං සුමනෙ. උබ යක්කුන්ට බයයි ද බං."

"පිස්සුද.. ඕනි යකෙක්ට එන්ඩ කියපං මගෙ ඉස්සරහාට. එතකොට තමයි උබලා මේ සුමනෙ කියන්න කවුද කියලා හරියටම දකින්නෙ.. ඕං කිවුවා..."

දෙන්නාත් එක්ක පම්පෝරි ගැහුවත් යන්නෙ දේවාලෙ නිසාත් ,රෑබෝවීම හා සබැදිව පරිසරයේ ඇති ගුප්ත බව නිසාත්, දෙහි වල පිහිටෙන් සූරූ හිදෙන නිසාත් දෙන්නාම උන්නෙ ටිකක් කැලබිලා.
"ඒ ඇත්තද බං සුමනපාලයො ඔය දේවාලේ ට බීපු මිනිස්සුන්ට යන්න බෑ කියන්නෙ. "
"මාත් අහලා තියෙනව. දේවාලෙ රකින යක්ශයෙක් ඉන්නවාය කියන්නෙ."
"ඕවා බොරු කතා"

දෙන්නා දෙපිටට හිටලා දෙන්නාගෙම හිත හදා ගත්තා විනා ගමන නම් නැවැත්තුවෙ නැ..
"ඒ බං. උබට පේනවාද අර ඉස්සරහින් තව මිනිහෙක් යනවා. නෑ. මිනිහෙක් නෙමෙයි පොඩි එකෙක් වගෙ."
" ඔවු ඔවු. පොඩි එකෙක්. පලතුරු වට්ටියකුත් අතේ තියන් මේ වෙලාවෙ එලියෙ ඉන්නෙ දේවාලෙම යනවා ඇති.. මොකටත් අපි බීලා ඉන්න නිසා පාරත් මතක නැති එකේ උගෙ පස්සෙන් යමු... "

දෙන්නා ඒ පොඩි එකාගෙ පස්සෙ ඇදුනේ කිසි හාවක් හූවක් නැති ගානට. හරියට මායාවකට අහු වෙලා වගෙයි. ඒත් සුමනපාලයාගෙ අයියා සෝමපාලට වේලුනු දරකෝටුවක් පෑගිලා බිදිලා ගියේ ඒ දෙදෙනාගේ ඒ මෝහන ගතිය බිදිය හැකි තරම් වූ නාදය කින්.

"ඒ බං. අ.... අපි.. අපි මේ කොහෙද.... "
"අහ්.. මේක අමු කැලයල් බං. අර පොඩි එකා තාම ඉස්සරහාට යනවා. ඒ අපි ඉන්නෙ කෑලේක බං කැලේක."
"අහ්.... ඒ...ඒබ... අර ... අ
.අර බලපං... අර... "
ඒකාට පුලුවන් උනේ අර අර කිය කියා කෑ ගැසීමට පමනි. ඒ කතාවට ඒදිශාව දෙස නෙත් හෙලූ අනිකාගෙත් සරම තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.
"ඒ.... ඒ මොකෙක්ද... ඒඑ....ඒ...ඒකා ලොකු වෙනව..."
"ද්...දු...දු..දුවපං...."

ඇස් ඉදිරියේ අසාමාන්‍ය ලෙස උසයන ඒ අත්බූත මිනිසා දිහා බලා සිටියදී සිදුවන වැඩේ තේරුම් ගිය නිසාදෝ දෙදෙනාම ආපස්සට හැරී දුවන්නට විය. ඒත් මීටර දහයක් වත් දුවගන්න හයියක් නොවී දෙදෙනාම ඇද වැටුනෙ කොදු හරහා වැදුනු වේදනාත්මක ප්‍රහාරයක් හේතුවෙනි.

බිම වැටී එලෙසම ආපස්සට හෑරී බැලූ ඔවුන්ට දැක ගත හැකි වූයේ මහා බිහිසුනු දර්ශනයකි.
ලේ රතු පැහැ ඇස් ගෙඩි එලියට වැටෙන්න ඔන්න මෙන්න තිබිනි.

කලු පැහැ ගත දිගේ රක්ත පැහැ රුදිරය වෑස්සේ. සුදෝ සුදු දත් වලින් නොකඩවා කෙල බේරේ. කුලප්පු වූ සතෙකු මෙන් නාස් පුඩු වලින් දුම් දමයි. දිගු නියපොතු අතරේ සතෙකු හූරා දැමුවා මෙන් ලේ මස් වැදැලි එල්ලේ...

දුවන්න වත් පන නැති දෙපා අත් දෙකෙන් අල්ලමින් අදිමින් අසාර්තක උත්සහායක යෙදුනු දෙසොයුරෝ ඉහින් කනින් දාඩිය දාගෙන විලාප තබයි.
එත් එක්කම මුලු කැලෑ පරිසරයම දෙදරමින් විලාප මෙන්ම වියරු හිනා හඩවල්ද රැව් පිලි රැව් දෙමින් ඇසෙන්නට විය.

" හාහ් හාහ් හා......හ්.. හා....
උබලා... කිලිටි පිටින් දෙයියො වදින්ඩ.......? කියපං... කිලිටි පිටින් දෙවියො වදින්න යන්න... උබලාගෙ කටවල් ඉරලා බඩ බොකු අදිනවා එලියට..... හාහ්... හාහ්... හාහ්.... හා..."

ඒ බයානක වියරු දෙබස් හිස වටා දෝන්කාර දෙද්දී උමතු බවට පත්ව දෙදෙනාවම සිහි සන් වූවෝය.
"ඒ අන්න අර් කමලාගෙ මිනිහායි මිනිහාගෙ අයියායි බීලා දේවාලෙ යන්න ගිහින් යකා ගහාලාලු. වරෙන් යන්න. අන්න උඩහා කැලේ වැටිලා ඉන්නවාලු..."

ගමේ මිනිස්සු ඔක්කොම උඩහා කැලේට එකතු උනේ දවසේ හොදම ප්‍රවෘත්තිය සවන් වැකුනාමයි. කම්මුලේ අත ගහන් සියක් දෙනා වටේට වී බලා ඉන්න බව නොදන්න දෙසොයුරෝ තවමත් සිහියක් පතක් නැතිව මහා කැලේ කොලාතු ගොඩක් උඩ.

"අන්න ගුරුන්නාන්සෙ එනවා. අයින් වෙයල්ලා අයින් වෙයල්ලා..."
ඒ ආපු ගුරුන්නාන්සෙ දවස් හතක්ම කමලාගෙ ගෙදරම ඉදගෙන සාත්තු කරලා වත් හොද කරගත නොහී දින 28ක් බෝධි පූජා පවත්වා නැවත ශාන්තිකර්ම බල ගන්වා යක්ශබැල්ම ඉවත් කරන ලදි...

සත්‍ය කතාවක් ඇසුරින් නිර්මානය වූවකි...

බුදු සරණයි ...!




No comments:

Powered by Blogger.