අම්මගේ ආත්මය පුතාව මට්ටු කරයි























මොනව උනත් මේක මං දන්න විදියට ඇත්ත සිද්ධියක් මගේ යාලුවෙක් ඉන්නව. (යාලුවෙක් කීවට යාලුවෙක්මත් නෙමේ ඥාති සහෝදරයෙක්) පොර පොඩි කාලෙම තාත්තා stf එකේ ඉදල අතුරුදන් වෙලා තාම හම්බෙලා නෑ. (එතකොට පොරට වයස 12 ක් විතර වෙනවා) පොරයි අම්මයි තමා එයාලගෙ ගෙදර ජීවත් වෙලා තියෙන්නෙ.

එහෙම ඉන්නකොට පොරගෙ අම්ම තව කසාදයක් කරගෙන තියෙනව. ඒ කසාදෙන් දරුවා දැබෙන්න hospital එකට ගෙනිහින් ගැහැනු ළමයෙක් හම්බෙලා ඒත් එක්කම පොරගෙ අම්මත් නැතිවෙලා. එයාගෙ දෙවනි තාත්තා නංගිවත් අරං එයාගෙ ගෙදර ගිහින්. පොර තනියම තමයි හිටියේ. පොරට දැන් තාත්තගෙ පඩිය හම්බෙනව, ඒකෙන් 3විල් එකක් අරනෙ තව bike එකකුත් ගත්තා. තවමත් ඒ පඩිය එනව.

පොර ගමේ කොල්ලො එක්ක එකතු වෙලා බොනව පොරගෙ ගෙදර තමයි කට්ටිය set වෙන්නේ එහෙදි සමහර අය දැකල තියෙනව පොරගෙ අම්ම ඉන්නව. දවස් මාත් එහෙ ගියා කට්ටිය බජව් දාන නිසා පොඩ්ඩක් සින්දුවක් කියල එන්න, එතකොට තමයි මාරම seen එක මට පේනම පොරගෙ ගෙදර main door එකේ යතුරට දාල තියෙන keytag එක හෙල්ලෙනව මන් හිතුවෙ හුලගට වෙන්නැති කියල, මොකද ඔක්කලකාම බීල හිටියෙ උන්ට ගානක් නෑනි. බීපුවාම දන්නවනෙ, අවුල තියෙන්නෙ මං බොන්නෑ, මං හිටියෙ හොද සිහියෙන්. මට ලොකු බයක් දැනුන්නෑ කට්ටිය හිටිය නිසා.

එ්ත් මං බලාගෙන හිටියෙ key එක දිහාමයි. ටිකකින් දොරේ key holl එකේ තිබිබ key එක සලාාාං ගාල tile එක උඩට වැටුණා. මං එ් ක්ෂනික නැගිට්ටා එතකොටම ජරාාාස් ගාන සද්දෙක්තු එක්ක දොර වැහුනා. ඒ වෙලාවෙ තමයි කට්ටියගෙ වෙරි හිදුනෙ. ⁣කලින් කියපු ගෙදර අයිති පොර බිම තිබ්බ key එක අරන් දොර ඇරියා. පොර කීව ගෙදර අරක්කු බීවොත් ඔහොම වෙනවලු. මගේ ඇගෙන් හීන් දාඩිය දානවා මට දැනුනා.

එදයින් පස්ස⁣සෙ කවුරුවත් එහෙ ගිහින් බොන්නෑ. බීවෙත් එදාට එක එක සද්ද ඇහෙනව, stool පෙරලෙනව, lights no වෙනව ⁣වගේ දේවල් වෙනවලු. බෙන්නැතුව නිකන් දවසක් උනත් හිටියට අවුලක් නෑලු මමත් ලගදි එහෙ ගියා එ⁣දා වගේ කිසිම අමුත්තක් නෑ. දැනටත් පොර විතරයි ගෙදර තනියම ඉන්නෙ. දැන් පොර අරක්කුවත් සිකරට් එකක්වත් බොන්නෑ.


No comments:

Powered by Blogger.