නැද්දාගේ දිහාවට ආපු පිදේනිතට්ටුව






















අද මන් ඔයාලට කියන්න යන්නේ මන් අහපු කතාවක්. මේ සිදුවීම උනේ මගේ යාලුවෙක්ගේ අම්මා කෙනෙක්ට.

එතරම් සල්ලි බාගෙ නැති දුප්පත් කෙනෙක් මගේ යාලුවා. එයාලගේ අම්මා පොඩියට කඩයක් කරා එකේ ඉදිආප්ප, ආප්ප වගෙ කෑම ජාති හදලා විකුණුවා. මේ කඩේ තියෙන්නේ වැව ලග. එයාලගේ ගෙදර තිබ්බේ ඊට
ටිකක් එහයින් හතර මං හංදියට වෙන්න. හැමදාම වගේ ටිකක් රෑවෙනකන් මගේ යාලුවයි එයාගෙ අම්මයි මේ පෙට්ටි කඩේට වෙලා ඉන්නවා.

මේ සිද්දිය වෙච්ච දවසෙත් කඩේ ඉදලා තියෙන්නේ යාලුවයි අම්මයි. 9ට විතර ගමේ කෙනෙක් ඇවිත් බිත්තර ආප්ප 10ක් ඕඩර් කරල ගිහින්. කඩේ තිබ්බ බිත්තර මදි වෙලා අම්මා ගිහින් තියෙනවා යාලුවව තියලා ගෙදරට.. බිත්තර අරන් එන්න...

ගෙදරට ගිහින් බිත්තර හතරකුත් මල්ලට දාගෙන ඒ නැන්දා පාරදිගේ ඇවිත්. හතර මං හංදියට ලංවෙද්දිම ඇහෙනවලු බෙර සද්දයක්. එක පාරටම නැන්දා පිටිපස්ස හැරිලා බලලා. කවුරුත් නෑලූ. හිතට මහා අමුත්තක් දැණුන නිසා ඒ නැද්දා බිත්තර මල්ල විසිකරලා.. පුලුවන් උපරිම වේගයෙන් ගිහින්.

කඩේට 30m වගේ දුර තියෙද්දි ආයිත් අර බෙරසද්දේ ඇහිලා. ආපහු පිටිපස්ස හැරිලා බලනකොට ඒ නැද්දාගේ දිහාවට පිදේනිතට්ටුවක් කරේ තියන් ඇගේ නූල් පොටක් වත් නැති සද්දන්ත කලු මිනිහෙක් නට නටා එනවලු. ඒක දැකලා බය උන පාරට නැන්දා එතනම කලන්තේ දාලා වැටිලා.

අම්මා එන්න පරක්කු නිසා යාලුවා ගෙදරට කෝල් කරලා. ගෙදරින් කිව්වලු ආවකියලා. මෙයා නෑ කියලා. කොහොම හරි ගෙදර අය හොයන් ඇවිත්. මගදි බිම තිබ්බ බිත්තර මල්ල හම්බෙලා. කට්ටියට හිතුනලු මොකක් හරි වෙල තමා කියලා. පැය බාගයක් විතර හොයද්දි නැන්දා ඉන්නවලූ වැව පත්තට වෙන්න කජු ගස් වලින් වට වෙච්ච තැනක උඩු බැලි අතට වැටිලා . ඒ හම්බෙනකොටත් සිහිය නෑලු.

කොහොම හරි තොවිල් නටලා ශාන්ති කර්ම කරලා තමා ඒ නැන්දව ගොඩගත්තේ.

සිහිය හොදට ආවම නැන්දන් කියල තියෙන්නේ සිහිය නැති උනේ කඩේ පේන දුරින් කියලා. ඒ උනාට නැන්දව හම්බුනේ නම් කඩේට 300m වැව පැත්තට වෙන්න වැටිලා ඉදලා. ඒ වගේම නැන්දව හම්බෙද්දි ඔලුවේ මැද හරියට වෙන්න රව්මට කෙස් වලල්ලක් උගුල්ලලා අරන් තිබිලා.

ඒ ගැන නම් කවුරුත් මුකුත් කිව්වේ නෑ



No comments:

Powered by Blogger.