ගොපලු යකාගේ හෝරාව






















ඔහු කියන හැටියට මෙය සිදුවී ඇත්තේ දැනට අවුරුදු තිහකට පමණ පෙරදීය ඒකාලයේ මේ පුද්ගලයා තරුණයෙක් . ඒ වනවිට ඔහු රියදුරු පුහුණුවක් ලබා තිබුණි. දන්නා හඳුනන වැඩිහිටි පුද්ගලයකුගේ මාර්ගයෙන් මේ තරුණයාට රියදුරු රැකියාවක් ඈත පළාතක අර්ධ නාගරික ප්‍රදේශයක ලොකු බංගලාව කින් ලැබුණේය. ඔහුට ලැබුණේ මෝටර් රථයකි. බංගලාවේ සිටි තම නිවෙසට යෑමට ඒමට නොහැකි කම නිසාත් අනිවාර්යෙන්ම රැකියාව කළ යුතු ස්ථානයේ නැවතී සිටිය යුතුය.

ඔහුට නැවතීමට ලැබුනේ ගරාජයට ම බද්ධ කර සාදා තිබූ කුඩා කාමරයකි ලැබුණු රැකියාවත් බංගලාවත් ඒ පළාතත් ඔහුට හොඳට හිතට ඇල්ලුවේ ය.

රැකියාව භාරගත් පළමු දින හැන්දෑවේ බංගලාවේ සේවකයකු ඔහු සමග කතාවට වැටී සැහෙන යාළුකමක් ගොඩනැගුනේ එම සේවකයා බංගලාවේ වැඩට ආපු අලුත් රියදුරාට මෙහෙම කතාවක් කීවේය වැට අර හරක් කාලා පැත්තෙන් තත්ත්වය බද්ද ඇහෙන්න පුළුවන් තමුසේ ඕවට බය වෙන්න එපා ගණන් ගන්නේ නැතිව බුදිය ගන්න එකයි තියෙන්නේ.
බංගලාවේ පරණ සේවකයා කී කතාව රියදුරු තරුණ තරුණයා එතරම් ගණන් ගත්තේ නැත හරක් කාලා තිබුණේ ගරාජයට ඉතා ආසන්නව ගරාජයට කිට්ටුවෙන්ම හරකුන් ගාල් කර ඇත්තේ නොමිලේම ලැබෙන ආරක්ෂාව නිසාය. බංගලා වල හාම්පුතාලා රියදුරන් සොයාගන්නේ ඈත පළාත්වලින්. දොරින් එන සේවකයන්ට දිනපතා ගෙදර යෑමට නොහැකිය ඔවුන්ට බංගලාවේ නැවතීමට සිදුවනවා මෙය එසේ නැවතී සිටින සේවකයාගෙන් සීමාරහිත සේවයක් ලබා ගැනීමට හැකි බව හාම්පුතාලා දනිති රථගාලේ කාමරයකින් සේවකයාගේ න් ගවගාලේ ආරක්ෂාව ද සැලසේ.

නිරිපොළ වෙනස් වීම නිසාත් පරිසරය නුපුරුදු නිසාත් පළමු දින රාත්‍රියේ රියදුරාට හොඳට නින්ද ගියේ නැත ඔහුට නිදාගැනීමට ලැබී තිබුණේ බූරු ඇඳක බූරු ඇඳක නිදා ගැනීමද ඔහුට තරමක දුෂ්කර කාර්යයක් විය. ගරාජ් වහල සෙවිලි කර තිබුණේ ඇස්බැස්ටස් තහඩු වලිනි.

බංගලාවේ පැරණි සේවකයත් කියා දුන් ආකාරයටම එදා රාත්‍රියේදි රියදුරාට නොයෙකුත් ආකාරයේ සද්ද බද්ද විටින් විට ඇසුණු ගරාජය පිටුපස වූ කොට්ටම්බා ගසේ අත්තක් සුළඟට පත්වී වහලෙ ගෑවෙන හඬ තරුණයාට ඒ තරම් කාලයක් නොවීය නිතර නිතර ගොට්ටක් ගෙඩි වහලයට වැටීම ඔහුගේ නින්දට තරමක් බාධා කළේය. මධ්‍යම රාත්‍රිය පසුවී පැය දෙක තුනක් පමණ ඉක්මවූ පසු ගරාජයේ ඇස්බැස්ටෝස් වහලය මතට මිනිසෙකු පනිනවා වැනි හඬකුත් දුවන සත්ත්වයකුගෙ හඩකුත් තරුණයාට ඇසිනි.
එයින් ඔහු බියට පත් නොවුණත් යම් තරමකට ඇති ගැන්වීමකට පත්විය පරිසරයේ කරදරේ නිසා වරින්වර ඇහැරුණත් නිදිමතේ සැර නිසාත් තරුණයාට කොහොම කොහොම හරි නිදා ගැනීමට පුළුවන් විය.
සතියක් පමණ ගත විය රෑට ඇහෙන සද්ද බද්ද හැමදාමත් එක සීරුවට තිබුණේය දින දෙකෙන් තුනෙන් තරුණයා ඒවාට හුරු විය එපමණක් නොව තහඩු වහලය ගැසූ කුඩා කාමරයටත් බූරු ඇඳටත් ඔහු හුරුවිය.

එදා රාත්‍රියේ මැදියම ඉකුත් වී ද තුන් පැයකට පසු රියදුරු නින්දෙන් අවදි විය ඒ මොහොතේද කොට්ටම්බා අතු වහලය මත ඇතිල්ලෙන හඬ අසමින් තිබිණි තරුණයා ඇඳෙන් නැගිට්ටේ එළියට යෑමට පොඩි උවමනාවක් දැනුන නිසයි ඔහු දොර ඇරගෙන එළියට බැස්සේය අපූරුවට හඳ පායා තිබුණු හඳ එළියෙන් වටපිටාව පැහැදිලිව දර්ශනය විය කොට්ටම්බා ගස් වලින් ඉදිරියට යන ගමන් ඔහුට නිකමට මෙන් උඩ බැලුවේය තරුණයා දුටුවේ හීන් දාඩිය දමන දර්ශනයකි අඩි එකහමාරක් පමණ උස මිනිහෙක් අත්ත දිගේ ඇවිත් ගරාජයේ වහලය මතට කඩා පනින අයුරු ඔහු දුටුවේ ය වහලය මතට පැන පුද්ගලයා වන ස්වරූපයකි එක අතක කුඩා බාල්දියක් වැන්නකි අතේ කුඩා රිටක් වැනි යමක් තිබුනි.

රියදුරා ගල්ගැසී බලා ගත් අත මා බලා සිටියේ අතක් පයක් හොර වන්නටත් ඔහුට රුචි නැත තමා මේ රැකියාවට පැමිණි පළමු දිනයේ බංගලාවේ සේවකයකු දුන් අවවාද උපදෙස් ඔහුට මතක් විය.

වහලය මතට බැස ගත් අමුත්තා අඩියක් දෙකක් ඉදිරියට පැමිණ හරක් මඩුවේ වහලේ ට පැමිණියේය. ඊළඟට ඔහු කළේ හොද හුරුපුරුදු කාරයකු ලෙස මඩුවෙ කණුවක දිගෙන් පහළට බැස්සේය.මෙ හරක්ගාල වට කර තිබුණේ කම්බි වැටකින් නිසා ගාල ඇතුල දැකීම ඉතා පහසුය.
අමුත්තා බාල්දියත් මිටක් රැගෙන හොදම තරබාරු කිරි එළදෙන ළඟට ගියේ ඒ පැත්ත වැටී සිටි හා ගෙන සිටි එළදෙන අමුත්තා දුටු විගස නැගිට්ටාය අමුත්තා කිරි දෙන ලඟට ගොස් භාජනය කිරි දෙන යටින් තබා දෙපා ලංකර තද කරගෙන අතේ තිබූ කෙවිට උර මත තබා හිස පැත්තකට කර තදකරගෙන වහාම කිරි දොවන්නට විය කිරි දෙවීම කෙරුණේ ඉතා කඩිසර ලීලාවකිනි මේ අසුනේ ගාල්ලේ සිටි අනෙක් එළදෙනුන් නැගිට බියපත් වූ නාදයකින් මොර ගසන්නට විය. කිරි දෙවීම සිදු වූයේ ඉතාම සුළු වේලාවකි අමුත්තා භාජනය අතකින් ඉල්ලා ගත්තේය කෙවිට අනෙක් අතට ගත්තේය .ගව මඩුවට පැමිණි විදියටම ඒ පාරෙම ආපසු ගියේය.


No comments:

Powered by Blogger.