නිල්ගල වලව්වේ මුල් උරුමක්කාරයාගේ පැමිණිම..


























අලූතෙන් වෙන්දේසි කළ වත්තේ එකින් එක නිවෙස් ඉදිවෙමින් පැවතුණි. අක්කර ගණනක් පුරා පැතිරුණු නිල්ගලවත්ත බිම් කොටස් සිය ගණනකට බෙදී වෙන් විය. නිවසේ වැඩ කටයුතු අඩක් නිම කර මුලින්ම නිල්ගලවත්තේ පදිංචියට ආවේ හසිතගේ පවුලේ අයයි. අඩක් නිම කළ ගෙයි සිට ටිකින් ටික වැඩ කටයුතු
ඉවර කර ගැනීම ඔහුගේ බලාපොරොත්තුව විය. එසේම නිල්ගලවත්තේ තැන තැන ඉදිවෙමින් පවතින ගොඩනැගිලි කිහිපයක්ම විය.

ඒ කිසිදු ඉඩමක වේගයෙන් ගොඩනැගිලි ඉදිවන බවක් පෙනෙන්නට නොවිණි. ඉතා මන්දගාමීව කටයුතු කෙරීගෙන ගිය අතර ආරම්භ කර අතරමඟ අතහැර දැමූ ෆවුන්ඬේෂන් දෙකක්ද ඉඩම් කැබලි කිහිපයක විය. හසිත නිවස තැනීම අරඹන විට නිවසේ ඉදිකිරීමට ඇස්තමේන්තු කළ මුදලටත් වඩා මුදලක් අතේ පැවතියේය. එහෙත් තේරුම්ගත නොහැකි ලෙස මුදල් සියල්ල වැය වී ගියේය. ඒ හේතුවෙන්ම ඔවුනට පැමිණීමට සිදුවූයේ නිවස අඩක් නිම කරගෙනය.

කාලය ටිකෙන් ටික ගෙවී ගියත් නිවසේ කිසිදු කටයුත්තක් සම්පූර්ණ කර ගැනීමට ඔවුනට හැකිවූයේ නැත. ඔහු රජයේ ආයතනයක ඉහළ තනතුරක් දැරූ අයෙක් වූ බැවින් හොඳ වැටුපක්ද ලැබීය. එහෙත් නිවසට ගෙනෙන මුදල් බහිරවයන් ගිලින්නා සේ කළේ කුමක් දැයි කියා සිතාගත නොහැකි ලෙස නිමාවට පත් විය. මාසයේ අවසාන සතිය වනවිට වියදමට පවා අතේ මුදල් ඉතිරි වූයේ නැත. තමන්ගේම කියා නිවසක් තනන්නට පෙර කලින් නිවසේ ගත කළ කාලයේදී මෙවන් මුදල් ගැටලූ මතුවූයේ නැත. මෙය හසිතට මහත් හිසරදයක් විය.

නිල්ගලවත්තේ අලූතින් හැ¥ නිවාස සියල්ලටම උරුම වූයේ එකම දසාවකි. ඒ කිසිවක් සාර්ථක ලෙසින් වැඩ අවසන් වූයේ නැත. සමහර නිවාස අතරමඟ අතහැර පාළු වී ගියේය. තවත් සමහර ගෙවල්වල වැඩට එන බාස්ලා දවසෙන් දෙකෙන් යන්නට ගියේ කිසිදු හේතුවකින් තොරවය. මේ සියලූ කාරණාවලට කුමක් හෝ බලපෑමක් ඇති බව වත්තේ අයට සිතුණත් කිසිවෙකුත් ඒ පිළිබ`ද හොර රහසේ පිළියම් කර ගනු විනා ප‍්‍රසිද්ධියේ කතා කළේ නැත.

එක් දිනක් අලූතින් ඉදි කරන නිවසක බාසුන්නැහේලා නතර වීමට ඉදි කර ඇති මඩුවේ එක් අයෙක් ආහාර පිසිමින් සිටියේය. කළු පැහැති ඉටි කොළවලින් ආවරණය කර සෑ¥ මඩුවේ කුඩා කොටසක් ආහාර සාදා ගැනීම උදෙසා වෙන් කර තිබුණි. භූමිතෙල් ළිපේ තෙල් තාච්චියේ කරෝල කැබලි කිහිපයක් බැදෙමින් තිබුණි. ඒ අසල බංකු කැබැල්ලක වාඩි වී සිටි බාසුන්නැහේ ලූනු ගෙඩියක් සුද්ද කරමින් සිටියේය.

‘බුදු අම්මෝ මාව බේරගනියෝ’

මඩුවේ සිටි අයට කෑ ගසන හ`ඩ ඇසී ඒ දෙස බලන්නටත් පෙර කෑම හදමින් සිටි බාසුන්නැහේ පණ කඩාගෙන දිවවිත් නිදා ගන්නා ලෑල්ල මතට පැන්නේය....
‘මොකද යකෝ මරලතෝනි තියන්නේ....’

‘යකෙක්...... යකෙක්......’

‘මොන මළ යකෙක්වත් මෙතැන නෑ’

‘නැගිටපං බොරු නොකර’

‘නෑ.... ඇත්තටම යකෙක්’

‘මම කරෝල බදින කොට ඉටි කොළය මැදින් අතක් ඇවිත් බැදෙන තෙල් එකෙන් කරෝල ටික ගත්තා. ඒ අත සුදුම සුදු මිනිස් අතක්මයි’

‘පලයන් යන්න බොරු නොකියා’

‘බොරු නම් ගිහින් බලන්ඩ කරෝල ටික’

‘යමං’

‘මට නම් බෑ.....’

සියල්ලෝම ළිප අසලට ගියෝය. කෑම සෑ¥ බාසුන්නැහේද ඔවුන් සමගම ගැහෙමින් පැමිණියේය.

‘තාච්චියේ තියෙන්නේ කරෝල කෑල්ලයි’

‘අනිත් ඒවට මොකද වුණේ’

‘අර ඉටි කොළේ අයිනේ කෑල්ලක් වැටිලා’

‘උඹ කෑලි කීයක් ළිපට දැම්මද’

‘දහයක් විතර දැම්මා’

‘කෑලි දෙකයි තියෙන්නේ....’

කළු ඉටි රෙද්ද දිගේ බේරී ගිය තෙල් පාරක්ද දක්නට ඇත. සියල්ලන්ගේ ඇස් උඩ ගියේය. ඇත්තටම කුමක් හෝ සිදුව ඇත. එදා ඒ සිදුවීමෙන් පසු එවන් සිදුවීම් කිහිපයක්ම වත්තේ වරින්වර සිදුවිය. එක් දිනක් රාත‍්‍රියේ හදිසි වැඩකට දුර ගමනක් ගිය හසිත නිවසට පැමිණෙන විට මධ්‍යම රාත‍්‍රිය කිට්ටු වී තිබුණි. වත්තට ඇතුළු වනවිටම නිවස ඉදිරිපිට සිටගෙන ගෙය දෙස බලා සිටිනා අයකු ඔහු සඳ එළියෙන් දුටුවේය. මොහොතක් නතර වූ හසිත හොරෙක් දැයි කියා ශබ්ද නොකර බලා සිටියේය. ඔහු කිසිදු හැලහොල්මනක් නොමැතිව නිවස දෙස බලා සිටියි. කවුරු දැයි කියා පැහැදිලව නොපෙනුණද ඔහුගේ ඇඳුම්වල අමුත්තක් ඔහුට තේරුණි.

‘කවුද උඹ?’

එතැන සිටි මිනිසා සෙමින් හසිත දෙසට හැරුණේය.

‘බුදු අම්මෝ’

වත්ත දෙවනත් වන්නට හසිත කෑ ගැසූ හඬින් නිවැසියෝ මෙන්ම අහල පහළ ගෙවල්වල සිටි වැඩට පැමිණි අයද දිව ආහ. නිවසේ වත්තේ සිටි හසිත ආපසු හැරී පාර දිගේ දිව ගියේය. නිවැසියන් ඔහුගේ පසුපසින් දිවනොයන්නට ඔහු කොහේ යයි දැයි කියා සිතා ගත නොහැකිය.

‘ඇයි කෑ ගැහුවේ?’

‘මෙතැන යකෙක් වගේ මිනිහෙක් හිටියා. ඌ ගේ දිහා බලා හිටියා. මම කතා කෙරුවා. මට එරෙව්වා. අතේ පොල්ලක්ද ලීයක්ද තිබ්බා. පරණ කාලේ වගේ ඇ`දුමක් ඇඳලා හිටියේ. නපුරු පෙනුමක් තිබ්බා’

නිල්ගලවත්තේ හොල්මන් කරන පුද්ගලයකු එදායින් පසු කිහිප දෙනකුටම දක්නට ලැබුණි. මේ සියල්ලටම හේතු වූයේ නිල්ගල බිමේ උරුමය අහිමි වී ගිය ආත්මයන් අවදිවීමයි. එම බිමේ සැබෑ තොරතුරු හසිත දැන ගත්තේ ඉන් අනතුරුවය.

සියවස් කිහිපයක් තිස්සේ විරාජමානව තිබූ නිල්ගල වලව්ව දිනෙන් දින කැලයෙන් වැසී යන්නට විය. ඈත අතීතයේදී ප‍්‍රාදේශීය රජ පෙළපතකට උරුමකම් කී නිල්ගල වලව්ව පිළිබ`ද විවිධ කතා ගම පුරා පැතිර පවතී. එකල සිටි නිල්ගල වලව්වේ මුල් උරුමක්කාරයා වූ වලව්වේ ලොකුහාමු විසින් සැඟවූ මහා නිධානයක් වලව් බිමේ ඇති බව ඈත අතීතයේ සිටම පැතිර එන මතයකි.

වලව්වට වූ බිය නිසාම කිසිවකු වලව් බිමට ඇතුළු වූයේ නැත. එහෙත් අවසානයේ වලව්වේ උරුමක්කාරයා සියල්ල අතහැර විදෙස්ගත විය. වසර විස්සකට පමණ පසු පිටරට සිටම ඉඩම කොටස් කර විකුණන ආයතනයකට පවරා තිබුණි.

පැරැුණි ගෙය ඩෝසර් කර ඉඩම් කැබලි කර විකුණද්දී අවදි වූ මුල් අයිතිකරුවාගේ ආත්මය වත්ත පුරා හොල්මන් කරන්නට විය. එයින් සිදුවූයේ ඉඩම් මිලදී ගත් සිය ගණනකගේ ජීවිත ගැටලූ රැුසකට මැදිවීමය.

පසු සටහන

මෙය සත්‍ය සිදවීමක් වන අතර නම් ගම් පමණක් මනඃකල්පිතය.

මෙහි මා හසිත නමින් හැදුන්වු පුද්ගලයා මා හමුවීමට පැමිණියේ ඔහුගේ නිවසේ වැඩ නිම කරගැනීමට නොහැකි කාරණය පිළිබදව දැනගැනීම උදෙසාය. ඔහුගේ පෙර කර්මයන් පිළිබදව පැහැදිලි කිරීමෙන් පසු මා තෙවන ඇසින් ඔහුගේ භූමිය පරික්‍ෂා කෙරුණි.

නිල්ගල වලව්වේ මුල් උරුමක්කාරයා වූ වලව්වේ ලොකුහාමුගේ ආත්මය සමග සන්නිවේදනය කරන්නට අවස්ථාව උදාවුයේ එලෙසය. ඔහුගේ ආත්මය මිදෙන්නට ඉල්ලා සිටියේ සරල දෙයකි .

ඔහුගේ වත්ත කෙලවර ඇති ගල් තලාව තමාට දෙන ලෙසය.

හසිත පැවසු තොරතුරු මත එවන් ගල් තලාවක් එම භූමියේ ඇති අතර එය ලමා උද්‍යානයේ කෙළවර පැවතුණි. ඒ මත බුදු මැදුරක් තනා දෙන බවට මලගිය ආත්මය එකග කරවා ගත හැකි විය.

හසිතගේ මැදිහක් වීමෙන් එම වත්තේ ඉඩම් ගත් අය එක්වී නිල්ගල වලව්වේ මුල් උරුමක්කාරයා වූ වලව්වේ ලොකුහාමුගේ නමින් බුදු මැදුරක් ඉදිකර පුජා කෙරුණි . ඒය නිමවුයේ මෙතෙක් පිඩා විදි සිය ගණනකගේ ජිවිත වලට සහනයක් උදා කරමිණි.


1 comment:

Powered by Blogger.