එල්ලී මැරුනු මිතුරියගේ විරූපි ආත්මය























ඇය කාලයක් හෙදියක ලෙස කොලඹට ආසන්න පෙදෙසක පෞද්ගලික රෝහලක සේවය නිරත වූවාය(නම
සදහන් නොකරමි ෆාමසියක් සහිත ලේ,මුත්‍රා චෙක් ඇතුලු සුලු රෝග ප්‍රතිකාර සහ දන්ත සායනයක් ඇතුලත් එකකි).දැනට වසර 4,5කට අතීත කාලයකදීය.ඇයගේ වයසේම මිතුරියක හා එකට සේවයේ බැදුනු මොවුන් දෙදෙනාටම එම ස්තානයේම නවාතැන් ලැබුනේ රාත්‍රී වැඩද යෙදූ තිබූ නිසාවෙනි.මෙය සාමාන්‍ය ප්‍රමාණයේ
රෝහලකි.ලබාදුන් කාමරය කලකින් පාවිච්චියට නොගත් එකකි එයට සාක්ශි ලෙස කාමරය පුරා විහිදුනු මකුලුවන්ගේ අධිරාජ්‍ය මනාවට පැහැදිලි කර දෙන්නක් විය.නානකාමරය පිහිටියේ ඊට ටිකක් නුදුරිනි එය බාගෙට ගරාවැටුනු එකකි.විදුලි බල්බ පවා මාරුකලේ මොවුන් ආ පසුය කලින් ඒවා පිපිරී බිදී ගොස්ය.නානකාමරයට අලලා අනෙක් පස තිබුනේ තදින් දොර වැසූ ඉන්ග්‍රීසියෙන් ගබඩා කාමරය කියා ගැසූ වෙනම එකකි. දූවිලි කා තිබූ එහි දොරේ කොනක කතිර ලකුනු කීපයක් තදින් කොටා ඇත.මෙම නවාතැන් හා අනිකුත් කාමර උඩුම මහලේ වෙනම ඉදි වූ කොටසකි.කාමරය පිරිසිදු කරනවිට පොටෝ ගොන්නක් මේස ලාච්චුවක තිබී හමු විය ඒවාගෙන් වැඩියමක් කාන්තාරූ අතර එක් තැනැත්තියක සෑම එකකම සිටින්නියකි ඇය මේ කාමරයේ කලින් සිටි කාන්තාව යැයි සිතිය හැකිය.විනෝද ගමන් ගිය අවස්තා වල ගත් පොටෝවල පවා ඇයගේ මුහුන යම් ශෝකයෙන් ඇලී ඇත නමුදු ඇය කට පිරෙන්න සිනාසී සිටින පොටෝවක් තිබුනි එහි සිටි අනික් තැනැත්තියගේ මුහුනේ වම්පස ඉතා විරූපි විශාල කැලලකි.

"ඒ බන් නදී මේ බාත්‍ රූම් එකට යන පැසේජ් එකේ ගහපු එකක්නෙ බන්".... මේ පොටෝව ගැන ව්මසූ විට අනිකුත් හෙදියන්ගෙන් ඔවුන් පැවසුවේ කලින් ඉදපු අය දැන් එයාල යන්න ගිහින් යනුවෙනි.අනික් පුහුනු හෙදියන් 4දෙනම බෝඩිම් වල සිට එන්නන් වේ. මෙහි නොනැවතුනේ ඉතා අධික රශ්න බව නිසා යැයි ඔවුන් කී කරුන ඇත්තකි.කාමරය වාසයට සුදුසු පරිදි සකසාගන්නට වරුවක් ගතවිය.අහරක් සාදා ගැනීමට කාමරේම පිටුපස පොඩියට සෑදු කොටසකි එය දෙදෙනෙකුට හොදටම සෑහෙන්නකි.මෙසේ පැමිනි දිනම රාත්‍රීයේ බොහෝ වෙහෙස නිසා ඉතා ඉක්මනින් නා කියාගත් පසු බඩගින්නද අධික නිසා ආහාර පිසීමද වෙලා ගතවන බැවින් පාරෙන් අනික් පස වූ හෝටලයට පැමිනියේ රාත්‍රී ආහාර ගෙනයාමටය.රයිස් සාදන්නා ඉතා අනුකම්පිත සිනාවක් පා ඇසුවේ අලුත් නෝනලදැයි යනුවෙනි.කැසියර් පුටුවේ සිටි පුද්ගලයාද ගත් පාර්සල් වල ඉතිරි මුදල් දී සිනාවෙන් සංග්‍රහ කලේය.

එදින රාත්‍රීයේ ඉතා ඉක්මනින් නින්දට වැටුනු පසු අවදි වූයේ පසු දිනය.. "නදී උබ වොශ් එකක් දානකම් මම් දවල්ටත් එක්ක මොනාවහරි හදන්නම් බන්" ..... 'ඒ සෙව් උබ උදේම බාත් රූම් ගියාද බන් ටැප් එකත් බාගෙට වහල තියෙන්නෙ උබ.. "නෑ බන් මම් ගියේ නෑ පරන මගුල් ලීක් ඇති ඕවගේ".... එදින සේවයේ යෙදී සිටි අතර තේ වේලාව රෝහලෙන් ලබදේ හවස් යාමේ ආහාර පිසීම නදීට බාරවිය ඇය එම කාර්යය සදහා ගිය අතර ෆාමසියේ සිටීමට සිදු ඌයේ මටය.7ට පමන හෝටලයේ සිටි අහාර පිසින තරුනයා පැමින යම් ටැබ්ලට් රැසක් අරන් ගියේ වෙනත් හෙදියකට අඩගසාය ඒවා වැඩිමනක් ගතහොත් අදික නින්ද යෑම සිදුවේ.....ටික වෙලාවකින් පැමිනි නදී පැවසූ දෙය මාගේ හිතේ යම් කුකුසක් ඇතිවිය "උබ බාත් රූම් ගියොත් සේරම ටැප් අරින්නෙ ඇයි බන් පැසේජ් එකේ කීපරක් එහෙට මෙහෙට ගියාද මම් කතා කලාම උබ සද්ද නැතිව පහලට ඇවිත්නෙ" නදී ගිය පසු මා සිටියේම මෙතනය වෙනත් කිසිවෙකුද උඩට ගියේම නැත වෛද්‍යවරයිද ඇයගේ රූම් එකේය... යම් කුකුසකි. "ආ බන් මේ කවුරුහරි ගිහින් එන්න ඇති" 'ආ හා එහෙමද මේ එහෙනම් ඔයා ගිහින් වොස් එකක් දාලා කාලා එන්න මම් එතකම් ඉන්නම්.." රාත්‍රීයේදී විවේක ලබාගනිමින් එකිනෙකා සහයෝගයෙන් සේවයෙ යෙදෙයි ඒ අතරින් අපි දෙදෙනාට ඉතාම පහසු මෙහිම නේවාසික නිසාවෙනි.මා ඉතා යුහුසුලුව නානකාමරයට පැනගත්තේ ඉක්මනින් නා ගැනීමටය "දඩස්ස්ස්ස්,,,, ගා කුමක් හෝ වැටුනේ අනික් පස ඌ වැසූ ගබඩා කාමරයෙනි එක්වරම බිය ඌවත් මීයන් එම කාමරේ බොහෝ සිටින් බව පැවසුවේ මෙහි අයිතිකාර තැනැත්තියයි.නාගත් පසු වහා ගොස් කෑම බෙදාගැනීමට බැලූ විට බත් මුට්ටියේ මැදින් හාරා සේ අඩුය.

කෙසේ හෝ කෑම කා ගිය පසු නදීගෙන් කනට තියා ඇසුවේ "උබ ලිපේ තියෙද්දිම කෑවැද බන්... " පිස්සු උබට' ඒ ඇගේ පිලිතුරය.. අද දින රාත්‍රී වැඩමුරය මා සහ තව දෙදෙනෙකු අතර නදීට හෙට රාත්‍රීයේදීය.අලුයම් ඌ පසු ඉතා ඉක්මනින් කාමරයට පැමිනියේ වොස් එකක් දා නිදාගැනීමටය නදී ඇදුම් මදිමින් පැවසුවේ "උබ මහ රෑ ඇවිත් වලන් හූර හූර කනවා ඇහුනෙ බන් හිගන්නෙක්ද බඩේ" "නෑ බන් මීයෝ වෙන්න ඇති"...... උදේ වරුවම නින්ද ගියත් නොගියා සේය කොරගසන්නෙකු ඇවිදින සේ ටොස් ටකොස් ගා ශබ්දය ඇසුනේ උස් පාවහන් පලදින්නිකයගේමය.නිදි විකාරයද හීනයක්ද නොදනිමි. " ඒ ඒ ඇහැරියන් බන් නාපු ගමන් අයේ නිදි නේද උබ ,, මම් තාම නෑවේ නෑ බන්.... එතකොට මේ තෙමුනු අඩිපාරවල් මගෙද ".... තේරුම්ගැනීමට නොහැකි කරුනු රැසකි මාගෙ වැඩ මුරයද ආරම්බ වී හවස කෑම පිසීමද කල පසු නදී නා,කෑ නැවත රාත්‍රී වැඩ මුරයට ආ පසු මම් ආවේ ඉතා කුසගින්නෙනි.නා ගත් පසු කෑම බේදාගැනීමට ගිය පසු දුටු දෙයින් ඉහින් කනින් දාදිය ගැලුවාය.

බත් මුට්ටිය තැනින් තැන ලේ වැගිරී ඇත.පිලී ගද වමනය ගෙනදීමට සමත්ය.. තිගැස්සමට වඩා අප්පිරියාව වැඩිය .කවුරුන් හෝ කරන්ලද්දැක්දැයි සිතේ.. එහෙත් එසේ කවුරුන් කරන්නද... කුමක් සිදුවෙනවාදැයි සිතාගත නොහැක. අන්තිමට සිදු වූයේ කෝපි එකක් බී නිදාගැනීමටයි නින්ද එහෙත් අහලකවත් නැත මොන මොනවාදෝ නරකක් වෙනවා යැයි සිතේ.උදේම නැගිට සේරම අස් පස් කර කිසිවක් නොවුනු සේ සිටියේ නදී බියගැන්වීම් නුසුදුසු නිසාවෙනි.. දවල් පැමිනෙන විට නදී තද නින්දේය.කෑම බෙදාගැනීමට යනවිට දුටුවෙ කුස්සියේ තෙත අඩි සලකුනුය අදික ගදක් සහ බත් මුට්ටියේ බත් සෙවලට නරක්ය.මේ පිලිබද වහාම අයිතිකාර මැඩම්ට කියූ පසු පැවසුවේ ඔය ලමයිට පිස්සු යනුවෙන් පමනි කිසිම සැලකිල්ලක් දයාවක් ඒ තුල නොමැත.දවල් ආහාරය අනිකුත් මිතුරන්ගෙන් ගත් අතර හවස් යනවිට නදී තද උන ගතියකින් සිටී ඇය පවසන්නෙ උදේ නානකාමරයේදි ගබඩා කාමරයෙන් කෙදිරිලි ශබ්ද ඇහුනු බවය නැවත ඇයම පැවසුවේ ඒ මීයන් වෙන්න ඇතියැයි කියාය.... මෙය යම් අනතුරක ලකුනකි යැයි සිතූ නිසාමත් යම් බියක් සිතේ තුබූ නිසාම රැකියව අතැර යාම මිස වෙන යමක් නොමැති බැවිනි නමුදු නදී එයට තදින් විරුද්ධ වී නොයන බවම පැවසුවාය......

කෙසේ හෝ එතනින් ආ පසු මා දන්නා පරිදි වලස්මුල්ල ප්‍රදේශයේ හෙද රැකියාව ආශිතවම රැකියාවක් කර සිටි අතර ඇය ඉතා අසාමාන්‍ය ලෙස ලෙඩ වී එකවරම ශරීරයම වකුටු වීම,කලන්තය,දව්ස තිස්සෙ නිදාගැනීම වැනි රෝග ඇති වීමට පටන් ගෙන ඇත බටහිර ප්‍රතිකාර හා මානසික වෙදුන් ලගට ගියද කිසිදු සහනයක් නොමැති තැන ඇබිලිපිටිය ආසන්න යකැදුරෙකු වෙත ගිය විට පවසා ඇත්තෙ යම් විරූපි ආත්මයක බැල්මක් ඇති බව හා මැයට ක්වරෙකු හෝ තදින් කල කොඩිවිනයක බලපෑමක් ඇති බවයි... පසුව එම යකැදුරා විසින්ම ඒ සියලු දේට අවශ්‍ය ප්‍රතිකාර කර අයින් කෙරූ බව මා සමග ඈ පැවසුවාය. පසු කාලයක ඇගේ සීතාවක ප්‍රදේශයේ මිතුරෙකුගෙන් දැනගන්නට ලැබුනේ එම ස්තානයෙ මාගේ මිතුරියන් නැවතී සිටි තැනම කාන්තාවන් දෙදෙනෙකු සිටි බවත් එක් කාන්තාවක්ගෙ ඉතා විරූපි ලෙස සෑදුනු කලු විශාල කැලලක් මූනේ බාගයක්ම පිරී තිබූ බවද ඔවුන් දෙදෙනාම හෙදියන් වූ බවත් මෙම කැලල සහිත කාන්තාව එහි ගබඩාකමරයේ එල්ලී මැරුනු බවද ඉන් පසු ඈ හා සිටි අනික් කාන්තාවද ඊට දින 14කට පසු නානකාමරයේ රෝගී තත්වයක් නිසා ඇද වැටී ඔලුව බිදී මියගොසිනි පසුව ඇගේ මරන පරීක්ශනයේදී දුටුවේ ඉතා බිහිසුනු අන්දමට ඇගේ කලව,බඩ,පපුව,කොන්ද යන තැන් ගැබුරු ලෙස සීරී ඇති ආකාරයකි...ඒ කාලයේම අනිකුත් සේවකියින් රැසක් මේ ස්තානය හැරගියපසු නැවත සේව්‍යට ගත් සියලුම දෙනා ඈත ප්‍රදේශ වලින් සොයා ගත් උන්‍ ය. මේ කිසිදෙයක් නොදත් නදී හා අනික් හෙදියන්ට එහි අයිතිකාරින් තවමත් මෙය සගවති. නදී දැන් වෙනත් තැනක සේවය කරන බව දැනගන්නට ලැබුනද ඈ තවමත් නිහඩවය.......



No comments:

Powered by Blogger.