දලගිරි අදූන සෑදීමේදි පැමිනි යක්ශ දිශ්ටිය



















අව අටවක පෝයට ඇය මිය යා යුතුය අන්දකාරයේ මූසල සැන්දෑව ක අහස් කුස ලාවට පෑයු සන්ද දෙස බලමින් එලිපත්තේ කවිච්චි පුටුවේ හාන්සිව බන්ඩර ගුරැන්නාස්සේ බර කල්පනාවකය හත්මුතු පරම්පරාවේම එකෙකුවත් නොකල බයානක අඩව්ව ඇල්ලීම ට සියල්ල ලක ලෑස්තිය ඉහල ගමේ පුන්චා ගුරා ද මේම වැඩයට අත ගැසුවේ තම මහ ගුරැගේ අණ අකුරටම පිලිපැදිය යුතු නිසාය මල්හ⁣ාමි තම කුළුදුල් දරැවා බිහිකිරීමේ දින ඇගිලි ගැන්නේ තමාටත් උක්කුවාටත් දාව උපදින කිරිකැටියා දැක ගැන්මටය පුන්චා උඹ අද හෙටම පටන් ගන්න ඕන ගුරැකම හොදමයි ගැරැන්නාස්සෙ හොදමයි කීවට බොල තෝ දැනගිය මේ වැඩේ
අකුරක් එහෙමෙහෙ වෙන්න බෑ බොල සුළු අතපසුවක් උනොත් අපි ඔක්කොම කම්මුතුයි මතක තියාගනින් මේක අපෙ ගුරැකම් පරම්පරාවේ මහ එකාලා තහනම් කරපු කාරියක් උඹ දැනගනින් මේක කොරන්න නම් බන් මේකට ඕනකරන තුන්කුළුදුල් දරැව බඩ දරැ ගෑනි අව අටවකට කලින් ඉබේ මැරෙන්න ඕන අපිට අමාවක රෑකට මිනිය ගොඩගන්න ඉතින් තෝ අදම පල මතකනේ කීවා මන්තරේ නූලට මතුරපිය හ්ම් දැන් පල ඒ බන්ඩර ගුරැන්නාන්සේගේ වචනයයි ඊට පිටින් යෑම කල නොහැකි කරැනකි .....

ගොම්මන් වෙලාවේ සිට මල්හාමිගේ නිවස සමීපයේ වන ලැහබක රිංගා මදුරැවන් තලමින් හුන් පුංචා තම කර්තව්යට වෙලාව පැමිනෙන තුරැ අදුර අතර සැගව ඇත. රෑ දොලහට ආසන්න ඇති බව සිය අතබැදි ඔරලෝසුවේ රේඩියම් කට්ට පෙන්නද්දී ගෙපිලට වැද හේ මතුරන්ට විය ගෙතුල නිදාහුන් මල් හාමිගේ හුස්ම ගැනීමේ වේගය එක් වරව වැඩිවිය ඈ දොර හැර ගෙන එලියට බසී නැවත ඇතුලට යති ගේ වටෙි ඇවිදී ඇය උමතුව හමාරය පුන්චා සිය කාර්ය නිමව සීම⁣ා වැලි මිදුලවට දමා එමතැනින් පිට විය පසුවදා මල්හාමි බලාගත් අත බලා සිටී කිසිදු කෑමක් බීමක් නැත බන්ඩාර ගුරා කැන්දා ඇප නූලක් දැම්මද පලක් නොවීය පුන්චාට බාරදුන් කාර්ය නිමව ඇත. එදින රාත්තිරය උදාවින මල් හාමි කාටත් හොරා නැගිට ලිදවෙත ඇදින ඈ ලිංපතුල දෙස බලා සිනාසී සිය මරැවා වෙත නිහඩව ලගාවුනි ඇයගේ මරණය ගම්මුන්ට එතරම් ගනනක් නූයේ ඇය පිටගම් කාරියක වීම නිසාය එනමුදුගමේ තලතුනා ගැහැනුන් අකම්පාල වූයේ ඇය ට ලැබෙන්නට සිටි දරැවා ගැනය . බණ්ඩර ගුරැන්නාන්සේ ගේ ඉහේ මලක් පිපුනා වැනි සතුටකින් සිටියද පුංචා සිටියේ එතරම්කැමත්තකින් නොව ඒ තමාට අතගැසීමට සිදු වූ පාපකාරී වැඩය ගැනය ...

අහසේ පායා තිබූ අවසන් සද පළුවද ආලෝකය වසන් කර මුළු පරිසරයම අන්දකාරයේ ගිල්වාය අතවැසි කොළුවන්ද පුංචා ගුරාද බන්ඩර ගුරැන්නාන්සේද ⁣පාළු කනත්ත සොයා ඇදුනේ ගොදුරකට ඉව අල්ලන සතුන් ලෙසය එය එසේ වුවද අදුන සකස්කරගන නිම කරගන්නා තුරාවට ජීවිතය සෑම තත්පරයකම අනතුරේ බව බන්ඩර ගුරා මැනවින් දැනසිටියේය. අද හැටවන වියේ පසුවන වෙලේ කඩේ අප්පුහාමි එකල කුඩා කොළු ගැටයෙකි අද ජීවතුන් අතර සිටිනුයේ ඔහු පමනි ...

මේ කතාව මා හට පවසන ව්ට දැඩි රෝගාතුරව සිටි බැවින් ඇතම් කොටස් පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීමට මා අපොහොසත් වෙනවා වීමට පුළුවන මුරැතවෙල බෝවල ගම්මානය පාළු සොහොන් පිටියට පැමිනි පිරිස විලක්කු එලියෙන් සොයාගත් මල්හාමිගේ මිනිවල හාරන්නට විය ලෑලි පෙට්ටිය ගොඩට ගෙන මතුරා ගත් කහ දියරෙන් මිනිය නහවා අසල සිටවූ කනුවේ ගැටගැසුවේ හාත්පස ඝන අන්දකාරය දෙසද බලමිනි සෙස්සෝ බියව තැතිගෙන සිටියද බණ්ඩර ගුරැන්නාස්සේ සියල්ලන්ටම මැතිරෑ යම් කුඩක් අතට දුන්නේ හදිසියක් වුවහොත් බාවිතාකිරීමටය මැදියම පසුව ඇත කලමනා ලෑස්තිකර සියල්ල සූදානම්ය අප්පු කොළුවා වීමට යන දේ කුමක්දැයි සැකයත් බියත් අතර හිදිමින් සිටිති. පුංචා උඹ දන්නවනේ හරිය අමුතුවෙන් කියන්න ඕන නෑ මම ඔය මල්ලෙ තියන ඒවා ඒඒ වෙලාවට එන එකාලට දීපිය බියගන්න එපා එහෙම වුනොත් වුනොත් කම්මුතුයි අප්පුවා උඹ මගේ ලග හිටු ගුරැගේ අණ අණමය ඈතින් උලමෙකු කෑගසයි සීතල හුලන් දහර වේගයෙන් හැමුවේ දැල් වූ පන්දම් නිවා දැමීමට මෙන්ය අප්පුවාට පැවරෑ කාර්ය වූයේ වලේ දැප මතුරා දෙන දුම්මල කුඩු ගිනි කඹලට දමා මිනියගේ මූනට ඇල්ලීමය වලේ දැප ගුරා මහ හයියෙන් මන්තර ජපකර දුම්මල කුඩු අප්පුවා අතට දෙයි අප්පුවා ඒ දෙන කුඩු රැගෙන කඹලට දමා මිනියේ මූනට අල්ලයි විටින් විට පැමිනෙන නොපෙනෙන බලවේගයන්ට මැතුරෑ බිත්තර උක්ගස් මකුණුදැල් ආදිය අන්දකාරයේ දිසාවට පුන්චා විසිකරයි වලේ සිට ජපකරනා මන්තර වේගය වැඩිවින පුන්චා ගේ ද සිටි සෙස්සන්ගේද සියොලග දහදියෙන් නැහැව ඇත එක් වරම ෑතිනි මහා ගොරවනා සදිදයක් ඇසින එපා යැයි කීදෙය පුන්චා ට ඉබේම සිදුවුනි හඩ දිසාවට කුකුලා විසිකරනව වෙනුවට හේ එදෙස බැලීය පැමිනි දිස්ටිය පුන්චාබිලිගත්තේ සෙස්සන් හිස් ළු අත දුවන්නට සලසමිනි ගසේ බැද හුන් මිනියේ දිව එලියට ඇදී ඇත බන්ඩර ගුරැ වලට බැසීමට පෙර කී දෙයක් ශනිකව මතක්වින වල අසල තිබූ මැතිරෑ කහ දියර මුට්ටිය හිසේ වත්කරගත් අප්පුවා කලය වලතුලට දැමීය එම හේතුවෙන් බන්ඩර ගුරා ත් අප්පුවාත් බේරින එන මුදු එදා කාර්යට සහබාගී වූ එකදු අයෙකුවත් අදද ආගියතක් නොමැත....

පසුව දින ගනනාවකින් බන්ඩර ගුරා මියගියේ හිටිවනමය ⁣ගම්මානය තුල හදිසියේ එකා දෙන්නා හිටිවනම මියයන්නට විය මියයාමට පරතම වදුරන් බල්ලන් දකිනා මොවුන් අන්න වදුරා යැයි අත දිගහැර පෙන්වයි වදුරකු නැත සෙම දමා මිය ගොස් වැටේ මන්ද ගුරැකම වැරදී ඇත. අදුන සෑදීමේදි පැමිනි යක්ශ දිශ්ටිය ගම්මානයේ රැදී ඇත ආරන්චිය පැතිරගොස් පරසිද්ද ඇදුරන් පැමින වැඩකලද පලක් නොවීය පසුව ගම හතර කොන සීමා කොට දින සතක් එකදිගට පිරිත්කියා ගම උවදුරින්බෙිරාගෙන අැත. මල මිනියේ එලියට ඇදෙනා දිවෙන් වැගිරෙනා මිනී තෙල ගෙන එයට දිශ්ටිකවා එයින් වැඩගැනීමට සිටි අය අකාලයේ මිය ගියහ දලගිරි අදුන අදුන් අතරින් බයානකම අදුන එය බව පැවසේ ගම් දනව්සුනුවිසුනු කල හැකි අයුතු දේ සදහා යොදාගන්නා බයානක දෙයක සැකස්ම එයින් නැවතින .......





1 comment:

Powered by Blogger.