බිබිලේ අල ගෝනිය


























දැනට අවු 8ට 9ට කලින් සිදුවෙච්ච මේකට සම්බන්ධ වුන හැමෝම නීතියේ රැහැනට අහුවෙලා වන්දි ගෙවපු අයයි.... ඒ අය දඩුවම් වින්දා... සමහරු තාම විඳවනවා ඒ නීතියෙන් නං නෙවෙයි අපි පටන් ගමු කථාව.....

මන්තිලක - මන්තිලක කියන්නේ පට්ට මීටරයක් මන්තිලක අයියව මම දන්නේ මාගේ ඉස්කෝලේ යන කාලේ හිටපු හොඳම යාලුවෙකුගේ අයියා නිසයි. අදටත් මන්තිලක අයියාව දැක්කොත් කථා කරනවා. හැබැයි දැන් මෙහෙ නැ. මෙයා හිටපු ප්‍රසිද්ධ බැංකු කළමනාකරුවෙක් තමන්ගේ ආයතනය ටොප් ලෙවල් ඒකට ගෙන්න අපරිමිත කැපවීම් කරපු කෙනෙක්. මේ ගේම් ප්ලැන් එකේ මාස්ටර් මයින්ඩ් එක පොරගේ තමයී.

අජිත් උක්වැල්ල - අජිත් උක්වැල්ල කියන්නේ මන්තිලක අයියාගේ බොක්කේ ෆිට් ඒක, ඒ කියන්නේ මන්තිලක අයියා අජිත් අයියා නැතුව චු දාන්නවත් යන්නේ නැති ගානටයි තියාගෙන හිටියේ. වැඩේට බැස්සට පස්සේ අජිත් තමයි වැඩේට කොඩිනෙට් පාර දෙන්නේ. ඔය වැඩේට ඕනි කරන ඔක්කම බඩු ටික හොයලා පාක්කලි සර්විස් එක දෙන්නේ අජිත් අයියා. අජීත් අයියා වැඩ කරේ ඉන්ෂුවරන්ස් බ්‍රෝකර් කෙනෙක් විදියට ලොකු විස්තරයක් මම මිනිහා ගැන දන්නේ නං නැ .

ගුරා (කෝන්ගහ මාමා ) - ගුරා නොහොත් කෝන්ගහ මාමා මන් දන්නා විදියට පට්ට කුහකයෙක්, හිත ඇතුලෙන් කාටවත් දියුණු වෙනවාට කැමති නැති එකෙක්.(උට කියලත් දියුණුවක් නං නැ ඉතිං )
අපි අහලා තිබුණු විදියට කෝන්ගහ මාමගේ තාත්තා මැරෙන වෙලාවේ කෝන්ගහ මාමගේ මල්ලිට දීපු මන්තර පොත් ටික හොරකන් කරගෙන තමයි මිනිහාට නොලැබුණ ශාස්ත්‍රය ඉගෙනගෙන තිබුණේ ඒ කියන්නේ නියම ශිල්පෙ ගිහිල්ලා තිබුනේ වැරදි අතකට. මන්තිලක අයියට කෝන්ගහ මාමා සෙට් වෙන්නේ ගොඩක් කාලෙක ඉඳලා බැංකුවට ආපු කස්ටමර් කෙනෙක් විදියට. අමුතුවෙන් කියන්න ඕනි නැනේ දැන් කට්ටඩි වැඩේ කරන්නේ ගුරා නොහොත් කෝන්ගහ මාමා තමයි.

නිශාන්ත- නිශාන්ත කියන්නේ තමන්ගේ ස්වෙචාවෙන් හමුදා සේවයට බැදිලා එයින් විශ්‍රාම ගිහිල්ලා මේසන් වැඩ කුලී වැඩ කරලා ජිවත්වුන කෙනෙක්. එහෙම කලේ එයාට ලොකු ෆන්ඩ් එකක් සේවයෙන් අයින් වෙනකොට නොලැබුන නිසයි. නිශාන්ත අයියව මම දන්නේ පොඩි කාලේ ඉඳලම මොකද එයාලා හිටියේ අපේ ගෙදර ළඟ නිසා. නිශාන්ත අයියා මේ වැඩේට සෙට් වෙනකොට ගුරා ඇරෙන්න අනිත් කිසිම කෙනෙක්ව දැන ගෙන හිටියේ නෑ. නිශාන්ත අයියාව සෙට් කර ගන්නේ ඔතනට සෙට් වුන ගුරාගේ ආවතේව වැඩ වලටයි අනං මනං වැඩ වලටයි, ගතමන්ට් එකකුත් දෙනවා .

දැන් කට්ටිය අදුනා ගත්තනේ මතකයිනේ මන්තිලක,අජිත් උක්වැල්ල ,ගුරා නොහොත් කෝන්ගහ මාමායි නිශාන්තයි.

මේ කට්ටිය මේ වැඩේට අත ගහන්න යෙදුනේ මෙහෙමයි…..
මන්තිලක අයියාගේ ජොබ් ඒක ඉතිං කස්ටමර්ස්ලා විසිට් කරන්න යන එකනේ, මන්තිලක අයියා සුපුරුදු කස්ටමර් විසිට් එකක් දාගෙන තිබුණා බිබිල මැදගම පැත්තේ ඉන්න කස්ටමර් කෙනෙකුගේ ලොකු බිස්නස් ඉන්කවරී එකකට....
හැබැයි එදා ගියේ තනියම, ගිහිල්ලා කස්ටමර් හම්බවෙලා එයාගේ ගෙදරින් කෑමත් කලා බිස්නස් එකත් තලා ගේන ඒ ගෙදර කට්ටියත් එක්කත් බොහම සුහද වෙනවා. ඒ ඉතිං මන්තිලක අයියගේ හැටි, බිස්නස් බැංකුවට ගේනවා කියන්නේ නොතින්. මන්තිලක අයියාට ඒ වගේ පට්ට ටැලන්ට් එකක් තිබුනා. කොහම හරි ඒ ගෙදරින් එන්න පිටත් වෙනකොටම මන්තිලක අයියාගේ තියුණු ඇස් දෙක ඒක තැනක නතර වෙනවා, ඒ නතර වුනේ තමන්ගේ මුළු අනාගතයම නේද කියන ඒක නං නිකමටවත් මන්තිලක අයියාට නොහිතෙන්න ඇති.

මන්තිලක දැකපු දේ -
හුරු බුහුටි සමාධි බුදූ පිළිමයකට තුන් පැත්තකින් වැඳගෙන ඉන්න කුඩා වාමන රූප තුනක් සහිත බුදූ රුව දීප්තිමත් රත්තරන් පාටින් වර්ණ ගන්නලා තිබුණ, වාමන රූප සාපේක්ෂව ඊට පැහැයෙන් අඩු රත්තරං පාටිනුත් වර්ණ ගල්වලා තිබුණ, මේ ඔක්කම දාල වහපු කුඩා විදුරු පෙට්ටියක්….

ගෙදර සාලේ තිබුණු ප්‍රධාන බුදූ පිළිමෙත් එක්කම වාගේ තිබුණු මේ පිළිමේ ටිකක් වෙනස් නිසාත් පොඩ්ඩක් ඔය සබ්ජෙට් ඒකට තිබුන උණ නිසාත් මන්තිලක අයියා පිළිමෙ ලඟට ඇවිත් ගෙදර මහත්තයාගෙන් මෙහෙම අහනවා...

"ලියනගේ මත්තයා මොකද්ද මේ බුදු පිළිමේ හරි වෙනස් නේ....?"
"අහ්හ් ඕක මේ අපේ පන්සලේ ඇකිරියේ හාමුදුරුවන්ගේ වැඩක්නේ මත්තයෝ..."
දැනට අවුරුදු දෙක තුනකට කලින් පෝය දවසේ කටිනෙ පින්කමකදී ගත්තේ... ඇකිරියේ හාමුදුරුවෝ තමයි ඕවා හදන්නේ...
පන්සලේ වැඩ කරන්ඩ ආධාර එකතු කර ගන්ඩ කියලා ඔහම එක එක ජාතියේ පිළිම හදලා විකුණනවා...

"ලියනගේ මත්තයා ඇයි මෙහෙම එකක් තොර ගත්තේ...?" මන්තිලක මහත්තයෝ ඇකිරියේ හාමුදුරුවෝ කියන්නේ අපිට සම්පතක් පුරාණ දේවල් ගැන පුදුම දැනුමක් මේ ගමේ පොඩි එඋන්ට දෙන්නේ....!

ඉතින් හාමුදුරුවෝ කියපු විදියට පන්සලේ විශ්‍රාම ශාලාව තියෙන තැනට පහල තියෙන ඉඩම කලින් පන්සල් වත්තට අයිතිවෙලා තිබුන එකක්ලු ඉස්සර එතන පොඩි දාගැබක් තිබිලා තියෙනවා.....

රාජ කාලේ හැටියට ඔතන කථාවක් තියෙනවා දාගැබ තිබ්බ තැනට යටින් මේන් මේ වාගේ දඹ රත්තරං පිළිමයක් තැම්පත් කරලා තියෙනවා කියලා එත් ඒවා දැන් පන්සලේ ඉඩන් නෙවෙයි දැන් මිනිස්සු අල්ලා ගෙනනේ...! හාමුදුරුවන්ටත් මොකුත් කර ගන්ඩ බෑ.

ඔතන නිධානයක් තියෙනවා කියලා කීප දෙනෙක් ඇවිල්ලා හරනොකට පොලිස්සියෙන් අල්ලාගෙන ගිහිං තියෙනවා මහත්තයෝ කලාකන්නියෝනේ...
අපේ සීයලා කියලා තියෙනවා සමහරු මැරුණා කියලත්....
ඉතිං ඇකිරියේ හාමුදුරුවෝ මේ හදලා තියෙන්නේ ඒ තැම්පත් කරලා තියෙනවා කියලා කියන බුදු පිලිමෙක ආකෘතියක් මහත්තයෝ…..”

මන්තිලක අයියා මීක් ගාන්නේ නැතුව ඕක අහගෙන ඉඳලා....

"ෂා මාර විස්තරයක්නෙ" කියාගෙන ඔතනින් අවා... ආයේ ඕක ගැන මොකුත් අහන්ඩ ගියේ නැ, දන්නවනේ මිනිහා පට්ට මීටරේ. මන්තිලක අයියා හෙමිට හෙමිට හිතන්න ගත්තා… අජිත් අයියාව හම්බවෙලා අනිත් පහුවෙනිදම විස්තරේ කිවුවා. මුන් දෙන්නම සල්ලී පෙරේතයෝ තමයි. අලේ කොහමහරි හාර ගමු කියලා ප්ලැන් ඒකට බැස්සා.

මන්තිලක පට්ටම පට්ට ගේමක් ප්ලෑන් කරේ, බිබිලේ යනවා එනවා. මිනිහා එහේ වැඩිපුර බිස්නස් දා ගත්තා අජිත් අයියාත් එයාගේ වාහනෙමයි...
දෙන්නම මාස ගානක් වැඩිපුර හිටියේ බිබිලේ, ගේම ප්ලෑන් කරනවා.....
ඔය අතරේ වැඩේට ගුරෙකුත් ඕනිනේ එතකොට තමයි ඔතනට ගුරා නොහොත් කෝන්ගහ මාමාත්, ආවතේව වැඩේට නිශාන්ත අයියාත් සෙට් වෙන්නේ...
මන්තිලක අයියා වැඩේ හොඳටම ප්ලැන් කර ගත්ත දවස උදා වෙනවා ඒ හරියටම මාස හතරකට විතර පස්සේ.
"ඒ කියන්නේ ලබන සතියේ සිකුරාදා අපි වැඩේට බහිනවා''

හතර දෙනාම ඉරිදා දවසක හවස මන්තිලක අයියාගේ ඔෆිස් ඒක ඇතුලෙම සෙට් වෙලා හොඳට අඩියක් ගහනවා, මන්තිලක අයියා ඒවාට සුපිරියට වියදං කරනවා, බොනවා නෙවෙයි නානවා.
කෝන්ගහ මාමා පට්ට බේබද්දෙක් කියලා මන්තිලක අයියා එදා දැන ගන්නවා.
මන්තිලක අයියා වැඩේ පට්ට විදියට ප්ලැන් කරලා තිබ්බා ඒ කියන්නේ පන්සලේ හාමුදුරුවරු ටික එදා රෑ දුර පිරිතකට වඩම්මන්න විදියටත්,
පන්සල් වත්තේ අල්ලපු නිධානය තියෙනව කියපු ඉඩමේ අයව ඊට දවසකට කලිං ට්‍රිප් එකක් යවන්ඩත්,
එදාට සම්පුර්ණයෙන්ම විශ්‍රාම ශාලාව පන්සලෙන් බූක් කර ගන්ඩත්,
එහා ගමේ මෙහා ගමේ ඔක්කමටම තමන්ගේ ආයතනයෙන් කරන කැම්පයින් එකක් විදියට මියුසිකල් ෂෝ එකක් රෑ එළිවෙනකන් වාසි ගොඩකුත් එක්ක ඔර්ගනයිස් කරන්ඩත් මන්තිලක අයියා පට්ට වැඩ්ඩෙක් වුණා....!
ඒ තරමට සුක්ෂම වුණා.

මෙහෙම ගහපු ගේම් ප්ලෑන් එකේ දවස අද ඒ කියන්නේ සතියක් ගෙවිලා ගිහිල්ලා සිකුරාදා උදා වුණා. මේ සෙට් එක, හොයා ගත්ත ජීප් එකක පාන්දරින්ම බිබිලට පිටත් වුණා. මොකද වැඩේට කුකුලෙක් එක්ක තව රේඩි කර ගන්න බඩු ගොඩක් තිබුන නිසාත්, ප්ලෑන් එකේ විදියට අනිත් වැඩ ටික වෙනවද කියලත් බලන්න ඕනි කම තිබුන නිසාත්.

කෝන්ගහ මාමා මේ වැඩේ නඩේ ගුරා නිසාත් පට්ට බේබද්දා නිසාත් මන්තිලක අයියා ගමනට කලින්ම පොඩි කන්ඩිෂන් එකක් දැම්මා ඒ කියන්නේ වැඩේ ඉවර වෙනකන් ඇල්කොහොල් නැ කියන එකයි.

තම තමන්ගේ වැඩ කොටස හරියට සෙට් කර ගත්ත මේ කට්ටිය උදේ 9.00 වෙනකොටම බිබිල මැදගමට අවා. ඇවිල්ලා අර පන්සලේ විශ්‍රාම ශාලාවේ නැවතුනා. කොහමහරි මේ අය තම තමන්ගේ වැඩ ටික හවස් වෙනකොට සම්පුර්ණ කර ගත්තා....
හවස වැඩේ පටන් ගන්න කලින් කෝකටත් කියලා මන්තිලක අයියා ආපහු වැඩ ටික රි චෙක් කරලා බැලුවා වැඩ ටික ok.
දැන් වේලාව හෙමින් හෙමින් රාත්‍රි 10ය වුණා. කඩිමුඩියේම හතර දෙනාම පන්සල් වත්තෙන් එපිට අලේ තියෙනවා කියපු ඉඩමට තම තමන්ගේ බඩු මුට්ටු ටිකත් වාහනේට දාගෙන එකේම අවා.පයින් එන දුරක උනත් හදිස්සි සින් එකකදී පැනලා යන්ඩයි කියලා හිතලා ජීප් ඒක එතනම හරවල පාර්ක් කරා .
දැන් ගුරා ෆුල් බිසී, වෙලාව රාත්‍රී 11ට විතර ඇති..... ගුරා කලින් ලැහැස්ති කර ගත්ත ගොක්කල අයිටම් ටිකයි දුම්මල පන්දන් ටිකයි තව මල් පහන් අනං මනං ගොඩක් දේවලුත් අර කුකුලවත් අරගෙන නිශාන්ත අයියාගේ හෙල්ප් එකෙන් වැඩේට ඕනි විදියට ලස්සනට රේඩි කර ගත්තා.... වැඩේ තියෙන්නේ ශබ්ද පුජා මොකුත් නැතිවෙන්න ගුරා වැඩේ සෙට් කර ගත්තා....
වැටේ තිබුණු ගිනිසිලියා අතු ටිකක් කපලා ගුරා කලින් හදාගෙන ආපු ගොක්කල තට්ටුව අලෙ තියෙනවා කියපු තැනට උතුරු පැත්තෙන් අටවා ගත්තා,
කලින් ගෙනාපු පොඩි පන්දම් 4ක් ගොක්කල තට්ටුවට හතර දිහාවෙන් පත්තු කරලා ඊට යටින් අමුතුම තෙලක් දාපු පහන් හතරකුත් පත්තු කලා, නිශාන්තගේ රාජ කාරිය වුණේ ඒවා නිවෙන්න දෙන්නේ නැතිව තියාගෙන වැඩේ ඉවර වෙනකං ගුරාගේ පිටිපස්සෙන් ඉන්න එකයි.

අජිත් අයියා කරේ එයාගේ ෆෝන් එකත් ළඟ තියාගෙන වටේම ඔත්තු බලපු ඒක...
මන්තිලක අයිය කරේ සිගරට් එකක් ගහගෙන එකක් නිවෙනකොට එකක් පත්තු කරගෙන ගොක්කල තට්ට්ටුව ඉස්සරහින් ටිකක් දුරට වෙන්න බිම වාඩි වෙලා ෆෝන් එකත් ළඟ තියාගෙන බලාගෙන හිටපු ඒකයි..... දැන් වේලාව 11.20ට විතර ඇති.... නිශාන්ත අයියා පුළුටු බදිනවා මේ වෙනකොට සුදූ රෙද්දක් පොරවාගෙන පහනක් ඒක අතකින් අල්ලා ගෙන ගුරා මොනවදෝ මතුරන්න ගත්තා....
"කොල්ලෝ මහත්තරුන්ට කියපන් දකින දේවල් වලින් බය වෙන්නේ නැතිව හිත හයිය කරගෙන ඉන්ඩ කියලා..."
නිශාන්ත අයියා ට දීපු කොමාන්ඩ් ඒක කට්ටිය ඔක්කටම දුවලා ගිහිල්ලා නිශාන්තයා කිවුවා....

"ඕං දවරගන ජෝගිනි හනුමා වා වා දිෂ්ටී වා වා ....... ඕං දවරගන ජෝගිනි හනුමා වා වා දිෂ්ටී වා වා....."

ගුරා ගැහි ගැහි තරමක් උස් හඩකින් හනුමා දිෂ්ටියට ආරාධනා කරන්න ගත්තා..... දැන් වෙලාව 11.45 විතර ඇති අර පන්දම් එළිය ඇරෙන්න වෙනත් එළියක් නැ.... අජිත් කාරය නං පොඩ්ඩක් බයෙන් වගේ දඩියකුත් දාගෙන ඇවිල්ලා මන්තලක අයියා ලඟින්ම වාඩි වෙලා සිගරට් එකක් ඉල්ලගෙන බොනවා. මිනිහට ඔත්තු බලන වැඩේ දැන් අමතකයි.

වෙලාව 12.00ට විතර ඇති කට්ටම කට්ට කළුවරයි. උලමෙක් දෙකෙක් කෑගහන මුසල සද්දෙත් එක්ක අමුතුම පාළු වටපිටාවක් ක්රියෙට් වෙලා තිබුණා..... එක පාරටම ඇවිල්ලා යන සීත හුලග වැඩේ තවත් සීරියස් කරා. නිශාන්ත ෆුල් ට්‍රයි එකක් දෙනවා පහන් ටික හුලගින් රැක ගන්ඩ. පන්දම් එළියත් අඩු වෙනවා වැඩි වෙනවා.....

නිශාන්තයාට කියලා මන්තිලක අයියාව ගුරා ලඟට ගෙන්න ගත්තා...
"මහත්තයා මේ වැඩේ හොඳට අහගන්න දැන් හනුමා දිෂ්ටිය අපේ ඉස්සරහ පෙනී ඉන්න ගන්නවා, මහත්තයා හිත හයිය කරගෙන මෙතනින් ඉල්ලන දෙයක් එයාට මහත්තයාගේ අතින්ම දෙන්න ඕනී... එක එක විදියට ස්වරූප මවාගෙන එන්නත් පුළුවනි රිලවෙක්, නයෙක්, වවුලෙක් ,බල්ලෙක් විදියට එන්න පුළුවනි...
එතකොට අපි එන්නේ කවුද කියල බලලා ගැලපෙන දේ දීල අරින්න ඕනි...
ඔතනින් එක ඉවරයි කියන්නේ අපේ වැඩේ 95% ක් ඉවරයි කියන එක. ඊට පස්සේ තියෙන්නේ කුඹියෝ ටිකක් ඇවිල්ලා රවුමට කැරකෙන තැනට මේ බෙහෙත් ටික දා ගන්න විතරයි, පස්සේ අඩියක් විතර හරනකොට බඩු උඩට ඇවිල්ලා ඇති, බඩු ගන්ඩයි තියෙන්නේ, ආයේ ඉතිං පොඩි එකෙක් හිටියත් ඇති ගන්ඩ පුළුවන් සිම්පල් වැඩක්"

මං වැඩේ පටන් ගන්නවා මහත්තයෝ ''
ගුරා ආයෙත් සැරේටම මතුරන්න ගත්තා.... දැන් වේලාව 12.15යි.... හැමෝම හරිම භිතියෙන් බලාගෙන ඉන්නකොටම ගුරාගේ අතක් මන්තිලක අයියා හිටපු තැන මාර ගහක් පැත්තට දික් කරා... මන්තිලක අයියා ගුරා ලඟට දාඩිය දාගෙන දුවගෙන අවා..... අර මුසල හුළඟත් එක්කම මාර ගහ මුදුන හෙලවෙන්නත් ගහේ මුදුන ඉඳලා ලොකු සතෙකු පහලට එනවා වගෙත් පෙන්න ගත්තා....

එකපාරටම ඇත්තටම මොකද්ද මේ වෙන්නේ කියලවත් ඔක්කටම හිතා ගන්න බෑ.
ගහෙන් බැස්සේ අඩි පහක විතර තඩි රිලවෙක් අනිවාර්යෙන්ම සාමාන්‍ය රිලවෙක් නං නෙවෙයි කියල හැමෝටම තේරුණා... අම්මෝ ඌට කිසිම කලබලයක් නං ගැවිලවත් තිබුනේ නැ.... රිලවෙක් කිවූවට ඇස් දෙක කළු පාට ලොකු රවුමමට දිලිසෙන, නිතරම දත් විලිස්සාගෙන ලොම් ටික උඩට පුම්බාගෙන කුරු ගැහුණු දීග වලිගේ හතර අතේ වනාගෙන හෙමීට ගොරවගෙන ඌ කෙළින්ම ආවෙ අර අටවලා තිබුණ ගොක්කොල ආසනේ ඉස්සරහට, ඇවිත් ඉඳ ගන්නවත් එක්කම ගුරා කෙසෙල් ඇවරියක් මන්තිලක අයියාට දුන්නා ඌට දෙන්න කියලා.... මන්තිලකයා පොඩ්ඩක් බයවෙලා දාඩියත් දානවා.... වෙවුලන ගමන් කෙසෙල් ඇවරිය කොහමහරි අහක බලාගෙන දුන්නා. කෙහෙල් ඇවරිය ගත්ත රිලවා දත් විලිස්සා ගෙන මන්තිලක අයියාගේ ඇඟට පනින්න ඔන්න මෙන්න තියලා නැවතුනා....
මන්තිලකයා බිම ඇදගෙන වැටුනා... මන්තිලකයා වෙවුලනවා සට සට ගලා.... රිලවා මන්තිලක අයියා දිහා තත්පර ගානක් බලාගෙන ඉඳලා ආපු ගිහිල්ලා ආපු ගහටම නැගලා එතැනින් නොපෙනී ගියා...........
මහත්තයා නැගිටින්න ගුරයි නිශාන්ත අයියයි මන්තිලක අයියාව නැගිට්ටවුවා... වතුර ටිකක් ඉල්ලා ගත්ත මන්තිලක අයියා එක හුස්මට වතුර බෝතලේම බිවුවා...
ඔය සීන් ටීක එකක් වත් බලන්නේ නැතුව ජීප් එක ඇතුලට රිංගලා ඇස් දේක වහාගෙන ඉතිපිසෝ ගාථාව කිය කිය හිටපු අජිත් අයියට කතා කරන්ඩ මන්තිලක අයියා ජීප් එක ලඟට ගිහිල්ලා දොර අරිනකන් අජිත් අයියා ඇස් දේක ඇරියේ නැ කියපියකෝ...
''මේ අඩෝ.... මේ මං අවේ මන්තිලක... දැන් තව තියෙන්නේ පොඩ්ඩයි වරෙන් ඉතිං''
දෙයියනේ කියලා අජිත් අයියාගේ හුස්ම වැටුනේ ඊට පස්සේ දැන් ඉතිරි වැඩ ටික කරන්න ගුරයි නිශාන්ත අයියයි ආයෙත් බිසී.... මන්තිලකගේ තීක්ෂණ බුද්ධිය කියන ඒක අඩු පාඩුවක් නැතුවමොන බාධක ආවත් සුපිරියටම වැඩ....
දැන් ගුරාගේත් ලොකුම වැඩේ ඉවරයිනේ පොර කියපු විදියට දැන් ඊළඟට තියෙන්නේ ආපහු මතුරලා කුඹි ටික ආවම මතුරා ගත්ත කුඩු ටික දාන්න විතරයි....

මන්තිලකගේ හිතේ වෙන ප්ලැන් එකක් වැඩ කරනවා......

ඒ කියන්නේ මිනිහාගේ කල්පනාව කලින් කථා කරගෙන මේ අය වැඩේට බහින්නේ අලේ වටිනා කම 4ට බෙදා ගන්නයි, දන්නවනේ ඉතිං කාට උනත් තණ්හාව කියන එකට යට වෙන වෙලාවල්..... මන්තිලක 4ට බෙදා ගන්න තියෙන ප්ලෑන් ඒක වෙනුවට 2ට බෙදා ගන්න ප්ලැන් එකක් හොරෙන්ම ගහගෙන තිබුණා.
ඒ කියන්නේ අලේ ගත්තට පස්සේ ගුරටයි නිශාන්තයා ටයි වෙනම ගේමක් දීලා උන්ව පොලිසියට මාට්ටු වෙන්න ඇරලා කිසිම සාක්ෂියක් ඉතිරි නොකර අජිත් එක්ක ඔතනින් මාරු වෙන එක.

ඇත්තටම ඔය ටික දැන ගෙන හිටියේ මන්තිලක අයියාගේ හිත විතරයි.... ඕකට අවශ්‍ය පොඩි භාණ්ඩයකුත් පොර හොර රහසින්ම ලැහැස්ති කර ගෙන ඇවිත් තිබුණා.
ඔය අතරේ ගුරා සැරටම ආයෙත් මන්තරයක් මුමුණ ගමන් අර නිධානෙ කියපු තැනට කලින් ජීවං කර ගත්ත සුදු වැලි වගයක් ඉහින්න ගත්තා එහෙම ඉහිනකොට ආපහු අර සුපුරුදු මුසල හුළග මදක් හෙමිට හමන්න ගත්තා...
"අල්ලපන් කොල්ලෝ ඔය පන්දම් කිට'' ගුරා නිශාන්ත අයියට ඕඩර් පාරක් දුන්නා... නිශාන්ත අයියා විතරක් නෙවෙයි මන්තිලකයි අජිත් කාරයයි දෙන්නම පන්දම් අල්ලාගෙන දුවගෙන ඔතනට අවා....
නිශාන්ත අයියා පන්දම අල්ලාගෙන හිටියේ වැලි ඉහින පෝට් එකට පොඩ්ඩක් ඉස්සරහින් එතකොටම නිශාන්තයා පොඩ්ඩක් කලබලෙන් "අම්මා කනවෝ'' කියාගෙන කකුල් දෙක පිහදන්න ගත්තා....
ගුරත් එක්ක කට්ටියම එතැනට දුවගෙන අවා.... කට්ටියගෙම පන්දම් එලි වලින් නිශාන්තගේ කකුල් දෙක අවට එළිය වෙනකොට දැක්කේ පුදුම සහගත දෙයක්..... නිශාන්තගේ කකුල් දෙකේ රතු කුඹියෝ (තෙල් කූඹියෝ) නැගලා උන් කලා ඒකයි මිනිහා දැඟලුවේ..... එතනට තව ටිකක් ලං වෙලා බිමට නැමිලා බලපු ගුරා ඇතුළු හැමෝගේම කටට හිනාවක් මතුවුණා.... හරියට නිකන් ඇමතියෙක් ජන්දෙන් දිනුවා වගේ....

කූඹියෝ රංචුවක් අඩි දෙකක විතර විෂ්කම්බයක් ඇති ඉලිප්සාකාර හැඩයකට එකා පිටිපස්සේ එකා නොනවත්වා ගමන් කරා.... ගුරා ඉක්මනටම තමන්ගේ ඉනේ ගහගෙන හිටපු පිහියකින් කූඹියෝ ගමන් කරන පාර ඒ විදියටම පොළවේ සලකුණු කරා...... දැන් සිමාව පැහැදිලි.

"මහත්තයා දැන් මොකෝ කියන්නේ මේ කුඩු ටික දාල අඩියයි යටට ගහන්ඩ ඕනි බඩු ඇති...."
"ගුරුන්නාන්සේ අපිට ඕකට තව කොච්චර වෙලා යයිද....?" එහෙම ඇහුවේ මන්තිලක අයියා....

ඒ ඇහුවේ හොඳකට නෙවෙයි කියලා ඔතන හිටපු එකෙකුටවත් නිකමටවත් හිතුනේ නැ....

"මහත්තයා හාරන වේලාව විතරයි" දැන් වේලාව හරියටම 1.15යි.....
"ගුරුන්නාන්සේ අපේ වැඩේ ෂුවර් නේද දැන්...?"
"මොනා අහන්නේ මහත්තයා මේ?" මට නං දැන් පෙන නොපෙනෙන ගානේ මහත්තයෝ බඩු ටික ඒ තරමට ෂුවර්"
"හ්ම්ම්ම්... ගුරුන්නාන්සේ මේ තව පොඩ්ඩයි නේ තියෙන්නේ මට නං මහන්සියයි සන්තොසෙයි දෙකම තියෙනවා.... මේක සමරන්ඩම ඕනි...!''

එහෙම කියපු මන්තිලක අයියා ජීප් එක පිටිපස්සට ගිහිල්ලා මිනිහාගේ හිතේ තියෙන ප්ලැන් එක පටන් ගන්නයි මේ හදන්නේ..

අජිත් අයියාවත් ලඟට කථා කර ගත්ත මන්තිලක අයියා....
"මචං පොඩි ගේමක් තියෙනවා මේක කරන්නේ අපි දෙන්නා වෙනුවෙන්.... "
''මන් උඹට පස්සේ විස්තර කියන්නං, මේක උඹ ගහන්ඩ එපා වරෙන් අරුන් දෙන්නාව නිදි කරවමු ''

එහෙම අජිත් අයියාට කියපු මන්තිලක අයියා හංගලා තිබුණ ගල් අරක්ක්කු බෝතලෙකුයි එක බොන්න අවශ්‍ය දේවල් ටිකකුත් වෙනම මල්ලකට දාන ගමන් තව පොඩි මල්ලකින් ගත්ත සිරින්ජරයකින් අරක්කු බෝතෙලේ මුඩිය හරහා එකේ තිබුණු මොකක් හරි බෙහෙතක් බෝතලේ අරක්කු වලට මික්ස් කරා...
මෙහෙම හදා ගත්ත බඩු ටිකත් අරගෙන ගුරයි නිශාන්ත අයියයි ලඟට ආපු මේ දෙන්නා කෙලින්ම ගියේ ජීප් එකේ බොනට් එක ඉස්සරහට.

දන්නවනේ ඉතිං කෝන්ගහ මාමා කයිවාරු ගහගෙන නිශාන්ත අයියාත් එක්ක බෝතලේට සෙට් වුණා.... වැඩේ ඉවර වෙනකන් බොන්ඩ බැ කියලා නීති දාපු මන්තිලකම බෝතලේ කඩලා ගුරාටයි නිශාන්තටයි කෝප්ප පුරවලා දුන්නා.... මන්තිලකයි අජිතුයි නොබී ඉන්න මීටරේ තියා ගත්තා....
ගුරාට වෙරි වීගෙන එනකොටම මන්තිලක අයියා ගුරා ළඟ තිබුණු ෆයිනල් ස්ටෙප් එක විදියට උඩින් ඉහින්ඩ තිබුණු ජීවං කරපු කුඩු සහිත බෝතලේ හෙමිට පන්නා ගත්තා......
දැන් ගුරයි ගෝල වැඩේ කරපු නිශාන්තයයි හොඳ ගානකට ඇවිල්ලා, දන්නවානේ අර අයිටම් එකත් වැඩනේ... දැන් දෙන්නම වැටෙන ගානට ඇවිල්ලා දොයිය බබාලා වෙන්නයි යන්නේ....

''අජියෝ එල එල... වරෙන් ඕකුන් දෙන්න අල්ලන් එමු"

එහෙම කියලා අජිත් අයියත් එක්ක එකතු වෙලා ගුරාවයි නිශාන්ත අයියවයි උස්සාගෙන ඇවිත් නිධානෙ හාරන තැනට පොඩ්ඩක් එහායින් බිම වැතිරිලා ඉන්නවා වාගේ තිබ්බා...
දැන් ඉක්මනට දෙන්නත් එක්ක වට පිටාව මොකුත් නොවුණු ගානට අස්පස් කලා....

දැන් වේලාව පාන්දර 2ට කිට්ටු වෙලා...
මන්තිලක අයියායි අජිත් අයියයි දෙන්නත් එක්කම අර ජීවං කරපු බෙහෙත් කුඩු ටික රවුමට දාන්න ගත්තා....
ඊට පස්සේ දෙන්නත් එක්කම අලවන්ගුවයි උදැල්ලයි ගෙනැල්ලා නොයිවසිල්ලෙන් කපන්න හාරන්න ගත්තා....

අලවංගු පාරවල් දෙකක් ගහන්න ඇති...... මෙතනින් පස්සේ කථාව හැරෙන්නේ අමුතුම පැත්තකට.....

මන්තිලකයි අජිත් කාරයයි ගුරා ලකුණු කරපු රවුම ඇතුලේ හාරනවා වේලාව පාන්දර 2යි...
හරියටම ලකුණු කරපු රවුම තුං පැත්තකින් එක පාරටම කොන්ඩේ තට්ටේ ගාපු කොටම කොට සරමක්‌ විතරක් ඇඳ ගත්ත තරමක් මහත මිනිස්සු තුන් දෙනෙක් හිට ගන්නවා... කොහෙන් කොහම ආවද හිතා ගන්න බැ.......
උන්ගෙන් එකෙක් එක පාරටම බොහම හීං කට හඬකින් කියනවා....

"අපිවත් උදවුවට ගන්ඩ.... මේ අපි ආවේ ඒකට...මහත්තයෝ.... අපිත් එන්ඩ ද ?"

දැන් මන්තිලක අජිත් දෙන්නම මුණට මුණ බලා ගත්තා....
''ඒ කියන්නේ කෙලවෙලා......"
මන්තිලක අජිත්ට කිවුවා...
ඔය අතරේ අජිත් අයියාගේ ෆෝන් එක තිබුණේ ජීප් එකේ බොනට් ඒක උඩ...
අර එක පාර මතු වෙච්ච උන් තුන් දෙනෙකුගෙන් දෙන්නෙක් රවුම පගන්නෙත් නැතුව කබඩි සෙල්ලං කරනවා වාගේ වටේට දුව දුව මන්තිලකයි අජිත්වයි අල්ලන්ඩ ට්‍රයි කරනවා.....
මන්තිලක අයියට ලොකු අයිඩියා එකක් නැ මොකද්ද මේ වෙන්නේ කියලා....
කොහමහරි මන්තිලක අයියා ඔතනින් එකෙකුට අතේ තිබුන උදැල්ලකින් ගහනවා. එතකොට ඒක මිටී මිනිහෙක් බැලන්ස් නැතුව බිමට වැටෙනවා ඒ චාන්ස් එකෙන් දෙන්නම අතේ තිබුණු ආයුධත් දාල එතනින් පැනලා ජීප් එකට ගොඩ උනා.... අර කලින්ම මිසින්ග් වෙලා හිටපු කොට ඩයල් එක අජිත්ගේ ජීප් ඒක උඩ තිබ්බ ෆෝන් ඒක අරගෙන ඇතට දුවගෙන ගියා......
මන්තිලක අයියා ජීප් ඒක ස්ටාර්ට් කරගෙන ටිකක් දුර පැන්නුවත් අල්ලා ගන්න වුනේ නැ....
"බුරුවො මොන හු%@&)* ද ෆෝන් එක ඔතන තිබ්බේ... බලාපිය දැන් ඔක්කම ඉවරයි..."
මන්තිලක අජිත්ට බැනගෙන බැනගෙන ගියා...
අජිත් අයියා තිබ්බ සිටුවේෂන් එකත් එක්ක මොකුත් කියන්න ගීයෙනැ....
"මචං මොනා හරි කරන්ඩ බලමු මචං.... අපි යමං මචං පාගලා ....!"

මන්තිලක අයියාට එච්චර ගානක් නැ ඒ ආවේ ගමේ මිනිස්සු කවුරු හරි කියලයි හිතුවේ.... ඒ කියන්නේ වැඩේ තව කට්ටිය දැනගෙන.... එතනට අවා කියලයි මන්තිලක අයියා තනියම හිතුවේ....මේ ඔක්කම වෙනකොට වේලාව පාන්දර 3ට කිට්ටුයි. පරාජිත ස්වරුපයෙන් සිගරට් එකකුත් ගහගෙන මන්තිලක අයියාට වාහනේ අරගෙන එන්න ලැබුනේ පන්සලේ අතුරු පාර ඉවර වෙනකන් විතරයි... පොලිස් ජීප් එකකුත් සිවිල් පිට හිටපු පොලිස් මහත්තරු කීප දෙනකුත් මන්තිලක අයියලාව සාදරයෙන් පිළිගත්තා...
කට්ටිය පොලිස් ජීප් එකෙන්ම ආපහු වැඩේ කරපු තැනට ඇවිල්ලා මත්වෙලා නිදාගෙන හිටපු ගුරාවයි නිශාන්තයවයි අඩුම කුඩුම ටිකයි ඔක්කම කුදලා ගත්තා.
අජිත් අයියා හොඳටම වෙවුලනවා දාඩියත් නාල.... එක වචනයක් කටින් පිට වෙන්නෙත් නැ....
දැන් හැමෝටම ඊළඟට වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි මට්ටමක ඉන්නේ....
මොනවා වෙන්නද 4ම ඇතුලේ.... ඇපත් නැ.... ඔය අතරේ ගම පුරා ආරංචිය යන්න වැඩි වෙලාවක් ගියේත් නැ....

නඩු ඇහුවා, අවුරුදු 4ක් බරපතල වැඩ ඇතුව මන්තිලක අයියාට මැගසින් බ්‍රාන්ච් එකට ට්‍රාන්සර් එකක් හම්බුනා. අජිත් අයියාට තමයි ලොකුම අවුල උනේ....

මිනිහට ශෝක් වුණා වගේ බලා ගත්ත අතම බලාගෙන මොනවදෝ දොඩවන්න ගත්තා... මිනිහව බන්ධනාගාර වාටුවටත් පස්සේ මුල්ලෙරියවටත් යවන්න වුණා....

"පල කොටා පලයන් මගෙන් ඇතට" කියලා අජිත් අයියා හයියෙන් කෑ ගැහුවා.... ඩොක්ටර්ස්ලා මිනිහට කොච්චර මෙන්ටල් බෙහෙත් කරත් කරන්ට් ඇල්ලුවත් මිනිහා සනීප කරන්න බැරි වුණා...
අජිත් අයියා තවමත් එහෙමයි, ඒ ජිවිතේ එතනින් නැවතිලා...

කාලය ගත වෙලා යනවත් එක්කම අවුරුද්දකින් වගේ ගුරා එහෙමත් නැත්තන් කෝන්ගහ මාමටත් නිශාන්තටත් දැඩි ඇප කොන්දේසිත් එක්ක නිදහස ලැබුණා.
මන්තිලක අයියාට අවුරුදු 4 ගෙවෙනකොට නැති වෙන්න ඕනි ඔක්කම නැති වෙලා දඩුවම ඉවර වෙලා නිදහස් වුණා...
නිදහස් වුනත් තමන් මුළු ගමක්ම රවටාගෙන කරපු ඩ්‍රාමා එක ගැන හොඳටම කලකිරිලා හිටියේ.

තමන් කරපු වැරැද්ද කියලා හිත හදා ගන්නත් තමං නිසා අමාරුවේ වැටුණු අතී ජාත මිත්‍රයා ගැන කියන්නත් කියලා හිතාගෙනම මන්තිලක අයියා ඇකිරියේ හාමුදුරුවන්ට කෝල් එකක් අරගෙන තමුන්ට හමුවෙලා විස්තරේ කියන්න ඕනි කියලා කිවුවා.....
ඒ වෙනකොට මන්තිලක දැක්ක තැන ගමේ මිනිස්සුන්ගෙන් ගුටී කන සින් එකක් තිබුන නිසා රාත්‍රි කාලයේ හාමුදුරුවෝ හම්බවෙන්න යොදා ගත්තා.

මන්තිලක අයියා යොදා ගත්ත දිනෙක රාත්‍රියක කාටවත් පෙන්නේ නැතුව පන්සලට රිංගලා හාමුදුරුවෝ මුණගැහුණා....

මන්තිලක අයියා අකමැති උනත් හාමුදුරුවෝ මන්තිලකවත් ඇවටිලි කරගෙන සින් ඒක වෙච්ච තැනට පුවකුත් උස්සාගෙන වැඩියා.....

මන්තිලක තමන්ගේ ප්ලැන් එක A - Z ඔක්කම හාමුදුරුවෝ ඉස්සර වමාරවුවා.... හාමුදුරුවෝ සාවදානව ඔක්කම අහගෙන හිටියා.
මන්තිලක අයියා මුලින්ම දැකපු අර ලියනගේ මහත්තයා ළඟ තිබුණු අමුතූ බුදු පිළිම ආකෘතිය ගැනත් කියන්න අමතක කලේ නැ....
හාමුදුරුවෝ අන්තිමට මන්තිලක අයියාට හොඳ නරක අවබෝධ වෙන්න වැදගත් බණක් දේශණා කලා.... ඊට පස්සේ මන්තිලකටත් පැහැදිලි නොවිච්ච මීටි මිනිස්සු තුන්දෙනා ගැන කියන්ඩ පටන් ගත්තා.

"මන්තිලක මත්තයෝ එදා අන්තිමට මහත්තයලාට උදවු කරන්ඩ කියලා ආපු උන් 3 දෙනා මනුස්සයෝ නෙවෙයි.... ඒ තමයි මෙතන තියෙන වස්තුවට අරක් අරගෙන ඉන්න බහිරවයෝ 3 දෙනා''

මොන ජාතියේන් සක්කරයා ආවත් ඕකුන් මේවා ගන්න දෙන්නේ නැ, මහත්තයා ඔය විදියෙන් හරි බේරුනේ මහත්තයා මොනා හරි පිනක් කරලා තියෙන නිසයි....

අපී හෙමිට මහත්තයාගේ මැදිහත් වීමෙන් ඕකුන්ට දානයක් ලැහැස්ති කරමු. එතකොට මහත්තයාගේ යාළුවවත් පුළුවන් උනොත් සනීප කර ගන්න බලමු... බහිරවයෙක් යාළුවට ගහලනං එකත් බෑ."

මන්තිලක අයියා අයෙත් ඔය වාගේ කෙස් වලට ගියේ නැ.... එයා ගෙවල් දොරවල් විකුණලා මෙහෙන් ගියා. ආරංචිය තියෙන්නේ දකුණට ගියා කියලයි.



3 comments:

  1. meeeka elakiri boootha kotuwe nee thibbe

    ReplyDelete
  2. Patta katawane... mata poddak tawa wistara aha ganna barida may sambandayen

    ReplyDelete

Powered by Blogger.