හොටෙල් කාමරේ අමදවන බූතාත්ම



























ලංකාවෙ ගාමන්ට් එකක ජොබ කරකර ඉන්නගමන් මට පිටරට යන්න අවස්තාවක් ආව.ඒ මාලදිවයිනේ තරු පන්තියේ හෝටලයක පුහුනු සූපවේදී විදියට...

කටුනායක ගුවන්තොට සිට පැයකට ආසන්න ගමනකින් පසු velana ගුවන්තොට වෙත පැමිනි මා. ඊටපසු seaplane එකකින් හෝටලය පිහිටි දූපත වෙත ගමන් කලා... seaplane එකෙනුත් බැහැල doni එකෙ එහෙමත් නැතිනම් බෝට්ටුවෙත් පැයක විතර දුරයි දූපතට. කොහොමහරි නුහුරු අත්දැකීම් සතුටට කරුනුකොට අත්විදගෙන ගියා.... කියන්න අමතක උනා මං එක්ක තව ලංකාවෙ කොල්ලො දෙන්නෙකුයි බංගලි කොල්ලෙකුයි අලුතෙන් ආවා..අපි සේවකයො නිසා අපිට යන්න තියෙන්නෙ දූපත පිටිපස්සෙන්. අහන්ඩ එපා දූපත මොකක්ද කියල මොකද මේකෙ ඉන්නව මා එක්ක ඒකෙ වැඩකරපු යාලුවො.. දෝනිය ජැටියට ගහලා අපි බැහැල ගියා... අපිට Chef හම්බෙලා විස්තර දීලා එහෙම නවතින කාමරවල අංක දුන්නා main chef ලංකාවෙ පොරක්... මට හම්බුන කාමරේ අංකෙ මතක විදියට 56.. ඒ කාමරේ මා එක්ක ආපු ලංකාවෙ කොල්ලො දෙන්නටත් ඉඩ ලැබුනා... අපි කාමරේට ගියා කාලෙකින් කවුරුත් ඉදල නැ. ඒත් පිලිවෙලට තිබුනා... A/C පවා දාල හොදටම තිබුනා...

ගමන් මහන්සියටත් එක්ක ඉතිම් එදා හොදටම නින්ද ගියා.... පහුවදා උදේ 5 ට ඇහැරිලා Main kitchen එකට යනවා මීටර 500 විතර දුර තියෙන්නෙ... අපි තුන්දෙනා දොරත් වහල ගිහිල්ල වැඩ කරල දවල් කෑම ඉවර වෙලා කාමරේට ඇවිල්ල දොර ඇරිනකොට මුලු කාමරේම කනපිට පෙරලලා... දැං පට්ට මල අපිට. අපි හිතුවා පරන උන් රැගක් වත් දෙන්ඩ ඇති කියල... ඔන්න ඉතිම් කාමරේ අස්කරන්න පැයක් ගියා.. ආයෙ main kitchen ගියාම මට එදාම fit උන ලංකාවෙ chef කෙනෙක්ට මම සිද්දිය කිවුවා... මිනිහ කිවුව ඔය පරන උන් වෙන්ඩ ඇති.උබල තුන්දෙනාම මාසෙට ඩොලර් පහ ගානෙ දීලා කාබරේ අස් කරගන්ඩ බංගලියෙක්ව සෙට් කරගනින් කියල...

ඇපල් ගෙඩි දෙකතුනකුයි කිවි(kiwi) ගෙඩි ටිකකුයි අරගෙන අපි රෑ වැඩ ඉවර වෙලා කාමරේට් යනකොටත් අරවිදියමයි.කාමරේ පිස්සං කොටුව වගේ... දැන්නම් උපරිම තරහ ඇවිල්ල අපිට ඇයි යකෝ එකෙක් එක්කවත් කතාකරල නැ මුං කාබරේ විනාස කරනවා...

ආයෙ අස් කරල... තුන්දෙනා එක්ක ගියා බංගලිංගෙ කාබර පැත්තට... ගිහිල්ලා කතාකරා කැඩිච්ච ඉංග්‍රීසි වලින්.. ඩොලර් කිවුවම බංගලි මාර පෙරේතයි... එකෙක් කැමති උනා...ඌට කාබරේ යතුරකුත් දුන්නාඅ ඌ ඇහුවා අපෙ කාබරේ අංකෙ. මං අංකෙ කිවුව විතරයි මෙන්න මූ no no no කියල යතුර දීල ගියා යන්ඩ...

මොනාද තව බංගලියෙක්ටත් කිවුවා ඌත් බෑ කිවුවා.. ඔහොම ඔහොම යනකොට ලංකාවෙ පරන එකෙක් සෙට් උනා ඌට කිවුවා අපි සිද්දිය..
මල්ලි ඔය කාබර පේලියෙ පොඩි පොඩි සිද්දිය තියෙනව බං කවුද උබලට ඔය කාබර දුන්නෙ ඉක්මනට වෙන කාබර ඉල්ලපං... පිරිත් ටිකක් download කරල දාපල්ල.. මොනව හරි උනොත් ඉක්මනට වරෙල්ලා.. ඒවගේමයි මල්ලි මෙහෙ පොඩ්ඩක් හොල්මං 👻 තියෙනව බං මමත් බයවෙලා තියෙනවා....

දැං ඉතිං චූ යන්ඩ ඔන්න මෙන්න ඇයියකෝ මේ ලංකාවත් නෙවේ ඒත් හොල්මං 😱😱😱 .... කොහොම කොහොම හරි ආපහු කාබරේට ඇවිල්ලා දොර ඇරියා............

ගෙනල්ල තිබුන ඇපල් ටිකයි කිවි ටිකයි කෑලි කෑලි කරල හැමතැනම කාමරේ දාලා.... ඒ එක්කම බාතෲම් එකේ වතුර ටැප් එක ඇරුනා... මා එක්ක හිටපු කොල්ලෙක් ගිහිල්ල බැලුවා කවුරුවත් නෑ... ටැප් එක වහල ආපහු කාබරේට ආව විතරයි ආපහු ටැප් එක ඇරිල වතුර යනව....

දැන්නම් තත්වෙ හොදටම තේරුනා අම්මගෙ පදෙන් පටන් අරන් දුවපු දිවිල්ල නතර උනේ guest room එකක් ඇතුලෙ.... හිටපු guest ල බයවෙලා උන්ට වඩා අපි බයවෙලා.. උං එවෙලෙම HR එකට complan කරල ගෙන්නුවා... මොන නීතිද එවෙලෙ..

තොපි අපිව මරන්ඩද ගෙන්නුවෙ කියල main chef ට කියල විස්තරේ කිවුවට පස්සෙ අපිට වෙනම කාමරයක් දුන්නා...
එදායින් පස්සේ සතියක් විතර යනකම් අර කාමර පැත්ත පලාතෙ ගියෙ නෑ.....

තව සිද්දි ටිකක් තියෙනවා ඒවා ඊලග කතාවෙන්....


No comments:

Powered by Blogger.