තරුණයාගේ කරට නැග්ග මරණ කාරයා




























2011 අවුරුද්දේ මං හිටියේ කොළඹ මගේ ගම වීරකැටිය මම පිටකොටුවෙන් කතරගම බසයක නැගලා තංගල්ල බහිද්දි රෑ 12 හමාරයි මම කවදාවත් තනියම යන්න වත් කළුවරට වත් බය කෙනෙක් නෙවෙයි .. මොකද මං පොඩි කාලේ ඉඳලා රෑට තනියම ගමන් ගියපු කෙනෙක් අපේ ගමේ බොහෝ දෙනෙක් හොල්මන් අවතාර ගැන හොඳින් දන්න අය මොකද අපේ පැත්තෙ මන්තර සාස්තරේ හා හදි හූනියම් වලට ටිකක් ප්‍රසිද්ධයි
තංගල්ලෙ ඉදල වීරකැටියට ගිහින් වීරකැටියෙන් දුර කිලෝමීටර් දෙකක් මම යන්න ඕන මම මේ වගේ රෑට ගෙදර ගියපු හින්දා මට ගමන එච්චර අවුලක් වුණේ නැහැ මම ත්‍රීවීල් lakin වීරකැටියට යන්න පිටත් වුණා දංකැටිය වේල්ල පහුවෙලා ටික දුරක් යද්දි වීල් එක නතර වුණා ඒ අයියයි මායි ගොඩක් වෙලා තල්ලු තල්ලු කරලා දන්න කියන විදියට start කරන්න බැලුවා ඒත් ඉස්ටාට් වුණේ නෑ එතකොට යන්තම් සිලිසිලි පොද වැටෙන්න පටන් ගත්තා ඒ අයෙකුව මල්ලි බය වෙන්න එපා මං වීල් එකට call කරල මල්ලිව ගෙදර යවන්න කියලා

 මට කිසිම බයක් දැනිල තිබුණේ නෑ නෑ ඒ වෙනකොටත් විනාඩි 15ක විතර තවත් අලුත් විල් එකක් අපි ඉන්න තැනට ආවා ඒ අයිය කිව්ව මල්ලි එහෙනම් මේ වීල් එකෙන් යන්න කියලා මම ඒ අයියට රුපියල් දෙසීය කුයි සිගරට් එකකුයි දීලා අර වීල් එකෙන් ගෙදර එන්න ආවා එන ගමනේ අයියයි මමයි තව සිගරට් එකක් බිබී ආවේ weerakatiya rajapaksha ඉස්කෝලේ පාස් කරලා පොඩ්ඩ දුරකදී ආපු අනිත් විල් එකත් නැවතුනා ගොඩක් වෙලා ස්ටාර්ට් කරන්න ට්‍රයි කරා එත් බැරි උනා මම ඒ අයියගෙ ටෙලිෆෝන් නම්බර් එක අරගෙන මම ආවා ගෙදර එන්න මොකද නැවතුණු තැන ඉඳලා ටවුන් එකට එච්චර දුරක් නෑ එකෙන් ඉඳලා ගෙදරට මට හොදට පාර හුරුයි මම ඒ අයියගෙ නම්බරේ අරන් ආවෙ ටවුන් එකේ වීල් එකක් තිබුනොත් ඒ අය්යව තංගල්ලට යවන්න මොකක් හරි උදව්වක් ගන්න මම ටවුන් එකට ආවත් කිසිම ත්‍රීවිල් එකක් තිබුණේ නෑ

මම ටවුන් එක පාස් කරල අපේ ගමට යන පාරට හැරුණා මේ පාර ගැන කිව්වොත් මිනිසුන් දෙන්න තුන්දෙනා එක තැන සමූහ ඝාතනය කරපු රිය අනතුරු වලින් වලින් මිනිසුන් මැරුනු පාරක් පටන් ගත් තැන සිටම කිලෝමීටරයක විතර වෙල් යායක් ඉන්පසු ගෙවල් දෙකක් තුනක් සමඟින් විශාල ඔයක් සොහොන් පිට්ටනි පොල් වතු ඔය සියල්ල paskaran තමයි එන්න ඕන මං වෙල්යායේ ටික දුරක් යද්දි අර අයියගෙන් කෝල් එකක් ආවා මල්ලි වීල් එක ස්ටාට් වුනා මං එන්නද කියලා මං කිව්වා එපා ඔයා යන්න පරිස්සමෙන් මට තව පොඞ්ඩ දුරයි කියලා එහෙම කරල මං ඒ වෙල් යායේ මැද බෝක්කුව හරියට එද්දි ටිකක් හයියෙන් වහින්න පටන් ගත්තා මම සපත්තු ලේස් දෙකක් හොදට තදින් ගැට ගහගෙන ටිකක් හයියෙන් ගමන ඉක්මන් කරා එන්න එන්න ම වැස්ස වැඩි වුණා වටපිටාවේ කිසිම ගෙයක් නෑ මට නිකන් ඇඟට අමුත්තක් දැනුනා සීතල සුළඟයි වැස්සයි එක්ක මගේ පිටුපසින් කවුරු හරි එන වගේ මට දැනුනා

මම දෙපාරක් තුන් තුන් පාරක් ම පස්සේ බැලුවා ඒත් කිසිම අවුලක් වුනේ නෑ ඔන්න වෙලා ඉවර වෙලා අර ගෙවල් දෙක තුන ළඟට මං ආවා හර ඈ වෙච්ච හින්ද ඒ ගෙවල්වලත් කිසිම සද්දයක් නෑ ඔන්න මං ඔය පාස් කරගෙන ඉදිරියට යද්දී මම කරේ දා ගෙන ආවා පොඩි බෑග් එකක් තව මීටර් සීය කින් ඉස්සරහ තියෙන සොහොන් කනත්ත මට එන්න එන්නම ගොඩක් බය වැඩි වුණා සොහොන් කනත්ත පාස් කරල පොඩ්ඩ දුරකදී අපේ පන්සල මට දැනුන මගේ කරේ තියෙන බෑග් එකෙන් කවුරු හරි අදිනවා වගේ මම වේගෙන් දුවන්න උත්සහ කරා මට දැනුන තදින්ම මාව දුවන්න බැරි වෙන්න කවුරු හරි අල්ලගෙන වගේ ඉන්නවා කියලා මම ගොඩක් හයියෙන් කෑ ගැහුවා මම කොහොම හරි වීරිය දාලා ඉස්සරහට ඇදුනා මම කෑ ගහගෙනම කනත්ත pass කරා මට මගේ කකුල් දෙකට ලොකු බරක් දැනුනා අත් දෙක හොලවගන්න බැරි ගානට උරහිස් දෙක තද වුණා මට මතකයි මං පන්සල් වත්තේ මැදක් හරියට පාර දිගේ ආවා එතකොටම මගේ ඇස් දෙක අත් දෙකින් වැහැවුවා මං බුදු අම්මෝ කියාගෙන වැටුන .....


මට මතකයි පහුවදා මගේ ලග හත් අට දෙනෙක් ඉන්නවා මගේ මුළු ඇඟම ඉදිමිලා මට අත පය උස්ස ගන්න බෑ පාන්දර 3 ට කොළඹ යන බස් එකට මල්ලිව ගිහින් දාන්න ආපු ආමි එකේ අයියා කෙනෙකුට මං පාරේ වැටිලා ඉන්නවා අහු වෙලා මට පුළුවන් විදියට මං කට්ටියට මට වුණ සිද්ධිය කිව්වා අම්මා හොදටම බය වෙලා හිටියේ කටුවන ප්‍රදේශයෙන් කට්ටඩිය ගෙනල්ල මට දවස් තුනක් විතර ශාන්තිකර්ම කරා යන්ත්‍රයක් ජීවම් කළ කරට දැම්ම දවස් හතක් බෝධි පූජා වල් කරා මම කට්ටඩි මාමාගෙන් කෝල් එකක් දීලා ඇහැව්වා මොකද මට වෙලා තිබුනෙ කියල ඒ මම කිව්වෙ මට කවුරුවත් නැති තැනකදි මාව තනි වෙලා ලු මරණ කාරයෙක් මගේ පස්සෙන් ඇවිල්ලලු පන්සල් සීමාවේ වැටුන හින්දා ජීවිතයේ බේරුනාලු කනත්ත හරියෙදි වැටුණා නම් මම ජීවතුන් අතර නැහැ ලු මරණ කාරයා මගේ කරට නැගලලු දැනටත් මට ඉඳහිට උරහිසේ වේදනාව එනව කොපමණ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තත් වැඩක් උනේ නෑ පිලි ගන්නවද නැද්ද කියන එක ඔයාලගෙ තීරණයක් ඒත් මගේ ජීවිතේ අමතක නොවන සිද්ධියක් .......



2 comments:

  1. Me kathawa math ahala thiyenawa.math e hariyemai..oya beruna ekanm loku deyak.

    ReplyDelete
  2. Me kathawa math ahala thiyenawa.math e hariyemai..oya beruna ekanm loku deyak.

    ReplyDelete

Powered by Blogger.