රුදුරු පිල්ලිය


























ජයසිරි....... පුත්තලම කල්අඩියෙහි පිහිටි සිමෙන්ති කමිහලෙහි සේවයට බැඳුණු මෝටර් කාර්මියෙකි. පත්වීම අලුත් බැවින් නිත්‍ය සාමාජිකයෙකු නොව. දස⁣ දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් පුත්‍රයාය. තමිමැන්නාවැටිය තම ගම කරගත් ඔහු පියාගේ වියෝවෙන් පසු , පවුලේ සියලු බර කරට ගත් වීර චරිතයකි.

වෙිලාව ප:ව 06:00 යි. " ජයේ වැඩ ඉවර නැද්ද. මම ඉවරයි යමු නේද......? මචං මම ටිකක් පරක්කු වෙනවා යං මං එන්නමි.... ජයසිරිගේ ප්‍රතිචාර විය. අඩහෝරාවක් ප්‍රමාද වූ ජයසිරි තම පැරණි මාදිලියේ යතුරැපැදිය පණගන්වාත් සමග වෙනදා නොවුණු මූසල හැඟීමක් හිතට දැණුනි. එය ගාණකට නොගෙන මධ්‍යම වෙිගයෙන් පුත්තලම - ආණමඩුව මාර්ගයේ පැමිණෙන්නේ හුදකලාවය. (එවකට එම මාර්ගයේ දෙපස විශාල කැලෑබද පෙදෙස්ය. දිවා කලයේද තරමක අඳුරු ස්භාවයක් උසුලයි . දිනකට දිවෙන්නේ බස් වාර 3කි.)

පෙර පරිදි සෙමෙන් ගමන් කල ජයසිරි රාත්‍රි 08:00 පමණ වන විට තෝනිගල සීමාවට (ආණමඩුව නගරයට ආසන්න ය.) ඇතුල් වෙද්දී හදිසියේ තම යතුරැපැදියේ පිටුපස ටයරයේ සුලං ගියේ විශ්ම ජනක ලෙසය.
එවකට ජන ශුන්‍ය පෙදෙසක් වූ බැවින් ජයසිරි ට කිසිදෙයක් කරකියා ගත නොහැකිව මදක් අද ගෙදර යාමෙි අපේක්ෂා බංගත්වයෙන් කල්පනා කරන්නට විය. " කමක් නෑ හෙට,අනිද්දා නිවාඩු දවස් නෙ. ඔය හෙමිට ගෙදර යනවා" යනුවෙන් තමා තමාටම මුහුණුනමින් යතුරැපැදිය ටික දුරක් තල්ලු කරේ නොබෝ දුරකින් ආණමඩුව නගරයට යාමට හැකි බැවින්ය.
ටික දුරක් තල්ලු කර යනවිට ජයසිරි ට තහෙටිටු දැනුන නිසාවෙන් තම ඔරලෝසුවෙහි වෙිලාව බැලීය. " මොනවා.... රෑ 09:00 යි....? ඔහු පුදුම විය. දැණුන වෙහෙස හේතුවෙන් ඔහු වටපිට බැලුවෙි විඩාව මදක් නිවා ගැනීමෙි අදහසිනි.
මාර්ගයේ වමිපසහි පඳුරැ අතරින් මදක් දුරකින් ගිනිමැලයක් දුටු හේ සතුටට පත්ව යතුරැපැදිය අයිනක නතර කර ඒ දෙසට ගමන් කරන ලදි. ගිනිමැලය අසල කුඩා පැල්පතකි. එහි ගිනි තපමින් සිටියේ සුදු පැහැති රැවුල හා කෙස්වලින් මුහුණ වසාගත් සුදු ඇදුමින් සැරසී සිටි හින්දු සාදුවරයෙකුගේ පෙනුමැති මහල්ලෙකි.

" මාමෙි මගෙ බයිසිකලේ අතර මගදි කැඩුනා මට දැන් ගෙදර යන්න අමාරැයි. මාමට බාධාවක් නැත්නමි අද රෑ මම මෙහෙ ඉන්න ද....? ඇසූ විට මහලු මිනිසා එයට විරැද්ධත්වයක් නොපා.. තම හඬ අවදි කලේය. " දරැව මෙි පැලේ එහා කොටස යෝග්‍යයි මෙි පෙදෙස මට අවැසියි අද රෑට " එය විධානයක ස්වරෑපය ගත්තද තම අභිප්‍රාය ඉටුකර ගැනීමට ප්‍රමාණවත් බැවින් කිසිදු දෙයක් නොපවසා ජයසිරි විඩා මහන්සියට ඇලවුණා පමණක් මතකය.
වෙිලාව රාත්‍රි 12:00 පසුවිය. ...... හදිසියේ ජයසිරි ඇහැරැනි. ඒ මහල්ලා ගේ ඝෝෂාවෙි ප්‍රථිපලයයි. තරමක් ඇලවී පැල වෙන්කරන ලද පොල්අතු සිදුරෙන් ජයසිරි මහල්ලා දෙස බැලුවෙි උදාසීන ලීලාවෙනි. මහල්ලා තමන් පෙර නොඇසු භාෂාවකින් මන්තර ලෙස අනුමාන කලහැකි ගාථාවන් ජපකර කුඩු ජාතියක් ගිනිමැලයට දමා ගසයි. එය දුමිමල යැයි ජයසිරි වටහා ගත්තේ සුවදිනි. ඉන් අනතුරුව කුඩා පෙටිටියක් මහල්ලා විසින් විවෘතකර උසින් අඩු නූල්වලින් බද්ධ කරන ලද ඇටසැකිල්ලක් එලියට ගත්තේ ජයසිරිගේ සර්වාංගය ම සලිත කරමිනි.
මොහොතකින් ඒ ඇටසැකිල්ල ට පණ එනලදි. ඉන් පසු මහල්ලා විසින් කඩුවක් දී ඇට සැකිල්ල ට වෙනත් භාෂාවකින් යමි විධානයක් දීමෙන් පසු ඇටසැකිල්ල අතුරුදන් විය.
ජයසිරි මෙි සිදුවීම නොදුටුවා සේ රංගිකව නින්දකට යොමුවූයේ මහල්ලාගේ විපරම හේතුවෙනි.

හෝරාවකට පසු ඇටසැකිල්ල පැමිණියේ ලේ පෙරෙන කඩුව සහිතය. ක්ෂණිකව ඇටසැකිල්ලේ ප්‍රාණය නිරැද්ධ කරගත් මහල්ලා වහ වහා එය පෙටිටිය තුලට බැහැලීමෙන් පසු පැලෙන් නික්ම ගියේ පස්ස නොබලාය. මෙතැන් සිට ජයසිරි රැය පහන් කලේ භීතියෙන් ඇලී විසඳාගත නොහැකි ගැටලු රාශියක් සිතේ රඳවා ගනිමින් ය.
උදෑසනම පාරට බැසගත් ජයසිරි , තම යතුරැපැදිය තල්ලුකර පැමිණියේ යාබද නගරය වන ආණමඩුවටය. එසේ එන විට සෙනඟ වට කරගෙන ඇසෙන්නේ ගෝෂාවකි. ජයසිරි ද යතුරැපැදිය නවතා සෙනග පීරා සිදුවී ඇති දෙය බලන්න ට විය.
අහෝ..... සිදුව ඇති දෙය ඉතා බහිසුණුය. හදුනාගත නොහැකි මළ සිරැරකි. මාලුකූරියෙකු ⁣කැපුවාක් මෙන් මළ සිරැර පෙති ගසා ඇත. සිදුවූ දේ සැකවින් වටහාගත් ජයසිරි යතුරැපැදිය පිලිසකර කර ⁣තම නිවස බලා යන්නට විය. මෙි මරණයට හේතුව අදද අභිරහසකි. ජයසිරි අද ද ජීවතුන් අතරය..
- නිමි-





No comments:

Powered by Blogger.