පැද්දෙන හාන්සි පුටුවේ මායාව
























"ඩකස් ඩකස්..ඩකස් ඩකස්..."

එක්වරම රාත්‍රියේ මම අවධි වූයේ යාන්තම් ඇසුනු කුමක්දෝ හඬක් හේතුවෙනි. "12:40" දුරකතනය ගෙන වෙලාව පිරික්සූ මම මිමිණුවෙමි..මේ ගෙවෙන්නේ මගේ නව නිවහන තුල ගෙවෙන පළමු රාත්‍රියයි..වෘතියෙන් පුවත්පත් කලාවේදියෙකු වන මම බොහෝ විට රටේ නොයෙක් පලාත්වල සංචාරය කරමින් මගේ ලිපි වලට
කරුණු සොයාගන්නෙක් වීමි..බොහෝ විට මා විසින් පුවත් පත් වලට ලියනු ලැබුවේ සත්‍ය අවතාර සිදුවීම් මුල්කරගත් ලිපි වූවත් ඒවා පිළිබඳ අංශු මාත්‍රයක් හෝ විශ්වාසයක් මා තුල නොවීය..ඒ නිසාමදෝ මේ සුවිසල් පාලු නිවස තුල රාත්‍රිය ගත කිරීම මා හට කිසිසේත්ම අපහසුතාවයක් නොවිනි..කුඩාකල පටන් හුදෙකලාව තුල ජීවත් වීමට ප්‍රිය කල නිසාමදෝ අසල්වාසීන්ගෙන් බොහෝ දුර ඈත පිහිටි මේ පාලු පැරණි නිවස තුල විසීම මට බොහෝ සෙයින් ප්‍රිය උපදවන කටයුත්තක් වීය..

"ඩකස් ඩකස්..ඩකස් ඩකස්..."නැවතත් ඒ හඩම...මෙවර නම් මා තුල නිතැතින්ම ඇති වූයේ සොරෙක් සතුරෙක් හෝ නිවසට ඇතුල්ව ඇත්දෝයි සැකයකි...ක්ශණිකවම ඇඳෙන් බිමට බට මා අසල වූ දොරට හිරකරන පොල්ලත් දෑතින්ම තරකොට අල්වාගෙන හෙමින් සීරුවේ කාමරයෙන් පිටත වන්නෙමි...ගෘහ භාන්ඩවලින් තොර වූ සුවිසල් නිවසේ මා අද දින පදිංචියට එනවිට රැගෙන ආ භාණ්ඩ කීපය හැර අන්කිසිවක් නොවීය...එබැවින් ලී පොලොව මත තබන තබන අඩියක් පාසා නැගුනු සියුම් හඬ වුවත් මහ හඬින් නිවස තුල දෝංකාර දුන්නේ එය මගේ අප්‍රසාදයට හේතු වෙද්දීයි...

සීරුවට කොරිඩෝව හරහා ඇදී ආ මම සාලයට පිවිසුනෙමි..නමුත් භාණඩයකින් තොර මේ හිස් වූ ශාලාව පමණක් මා ඉදිරියේ විය.සොරෙක් තබා කුරා කූඹියෙකුගේවත් සලකුණක් නොමැත.සැනසුම් සුසුමක් හෙලූ මම නැවත මගෙන් ගිලිහුණු සුව නින්දේ අවශ්‍යතාවයෙන් මගේ කාමරයට යාමට පිය එසවූවා පමණි...

"ඩකස් ඩකස්...ඩකස් ඩකස්..."

"ඕහ් ශිට්...මොන මගුලක්ද මේ..."අත මිට මොලවමින් නොයිවසිලිමත් ලෙස මටම මුමුණාගත් මා වේගයෙන් හඬ ආ දෙසට පියවර මනින්නට වීමි..තබන තබන අඩියක් පාසා පොලොව මත මගේ පාද වැදී නැගුනු හඬ හිස් නිවස පුරාම දෝංකාර දුන්නේ මළගිය ආත්මයක දෝංකාරයක් මා පසුපසම හඹා එන්නාක් මෙනි.වේගයෙන් ඇවිද ගිය මා නතර වූයේ නිවසේ එක් කෙලවරක වූ මකුළු දැලින් පිරි කාමරයක් වෙතයි..මේ මා මෙම නිවසේ පරීක්ශා නොකල කොටසයි..හෙට දිනයට පරීක්ශා කිරීමට සිතා සිටි ඒ කාමරය තුලට මේ මහ රෑ ඇතුල් වීමට සිදුවීම මගේ කෝපයට හේතු වීය..අත වූ යතුරු කැරැල්ල වේගයෙන් දොර වෙත ලංකල මා එක් යතුරක් දමා අගුල විවර කිරීමට උත්සාහ කලෙමි...නමුත් දොර විවර වූයේ නැත..ක්‍රමයෙන් දෙවෙනි තුන්වෙනි යතුරුද දමා උත්සාහ කල මගේ කෝපය එහි උච්චතම ස්තානයට නැගුනේ ඒ එකදු යතුරකින්වත් ඒ දොර සෙලවීමටවත් නොහැකි වූ හෙයිනි..

"ඩෑම්න් ඉට්..."යතුරු කැරැල්ල කලබලයටම මගේ අතින් බිමට වැටුනි.."ශිට්"යතුරු කැරැල්ල අහුලාගැනීමට බිමට පාත් වූ මා එක්වරම තිගැස්සී ගියෙමි...දොරට යටින් ක්‍රමයෙන් බිම තිබූ යතුරු කැරැල්ල වෙතට දිගු වන්නට වූයේ අතකි...!!!!දුටු දසුන නිසාම හුස්ම හිරවූවාක් බදු වූ මා වෙව්ලන ඒ සුදුමැලි ඇගිලි ක්‍රමයෙන් යතුරුකැරැල්ල වෙතට ලං වනු බලා හුන්නේ ගල් පිලිමයක් විලසිනි...එක් ක්ශණයකදී යතුරු කැරැල්ල ඩැහැගත් අත විදිල්ලක් බදු වේගයකින් නැවත දොරට යටින් කාමරය තුලට ඇදී ගියේය...

"දෙවියනේ..."දෑස් පියාගත් මම දිගු හුස්මක් උඩටගෙන පාතට දැමුවෙමි.ඉනපසුව නැවත හෙමීට දෑස් විවර කලේ වහාම මෙතනින් පිටවීමටයි...නමුත්...

"ය..යතුරු කැරැල්ල.."නිතැතින්ම මගේ මුවින් ගිලිහුනේ දුටු දසුනෙනි.මොහොතකට පෙර අර අභිරහස් වියපත් අතින් ඇදගත් යතුරු කැරැල්ල මා ඉදිරියේ බිම වැටුණු ලෙසටම තිබුණේ මගේ දෑස් මටම අදහාගත නොහැකි කරවමිනි.

"නිදිමතේ පේන මල විකාර...ශිට්..අරුණෝද උඹ ප්‍රායෝගික මිනිහෙක් නේද ආ.."මම මා තුලම විශ්වාසයක් ගොඩනගාගනු වස් මිමිණුවෙමි..කෙසේ හෝ වේවා ඒ මා දුටුවේ නිදි විකාරයක් යයි සිතමින් මේ වනවිට සිත සනහාගෙන හුන් මා දුරකතනයේ ආලෝකය යතුරු කැරැල්ල වෙතට එල්ලකොට හෙමින් සීරුවේ එය අතින් අල්වාගත්තෙමි..නැවත නැගිටීමට සැරහෙනවාත් සමඟම...

"ඕහ් ශිට්..මොන..."මගේ මුලු සර්වාංගයම සීතල වී ගියේ දොරට යට වූ දූවිලි තට්ටුවේ හැදී තිබුනු මිනිස් ඇගිලි පහරවල් කීපය දිටීමෙනි...විදිල්ලක් සේ නැගීහුන් මා එක් ක්ශනයකදී සිතේ හටගත් සිතුවිල්ල අනුව වහාම එතනින් ඈත්ව මගේ කාමරය තුලට ගමන් කිරීමේ අදහසින් ආපසු හැරුණෙමි..නමුත් යාමට හැකිවූයේ අඩි කීපයකි...

"ඩකස් ඩකස්...ඩකස් ඩකස්..."නැවත පෙර හඬම.ගැහෙන හදින් යුතුව මම නැවතත් අර අභිරහස් දොර දෙසට හැරුණෙමි.මගේ හදවතේ හඩ සිය දහස් ගුණයකින් වර්ධනය වී මුලු නිවස පුරාම දෝංකාර දෙන සේයාවකි හැඟෙන්නේ.නලලට නැගුනු සීතල ඩා බිඳු කීපය දකුණතින් පීදාගත් මම වියලුණු උගුර කට තෙමාගනිමින් යාන්තම් කෙල ගිලීමට උත්සාහ කලෙමි..

"බ්‍රාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.........."මා බලා හිදියදීම අර අගුල් දමා තිබූ පැරණි බරැති දොර ඇතුලට විවර වී ගියේ ඇතුලත හුන් කිසිවෙකු එය මා වෙනුවෙන් විවර කලා මෙනි...

"අවූඌඌඌඌ............................"ඈතින් නැගුනි අඳෝනාවක් බඳු වූ උඩුබිරුලුම් හඩින් මගේ සිත තව තවත් තිගැස්සී ගියාක් මෙනි..යාන්තම් විවර වූ දොර වෙතට දුරකතනයේ ආලෝකය අල්වාගෙනම ගමන් ගන්නට වූවත් සිත නම් කීවේ "මෙතනින් පලයාන් මෙතනින් පලයාන් "වැන්නකි..ගැහෙන අතින් දොර තල්ලු කල මා එක්වරම දුරකතනයේ ආලෝකය කාමරය තුලට එල්ල කලෙමි...

"ඩකස් ඩකස්...ඩකස් ඩකස්..." ඉදිකට්ටක් බිමට වැටුනත් ඒ හඩත් පැහැදිලිව ඇසෙන්නාවූ ගැඹුරු නිශ්චලතාවය තුල හිස් කාමරය මද්‍යයේ මට මුහුණලා වූ පැද්දෙන පුටුව පැද්දෙමින් පැවතියේ හෙන හඬක් මෙන් එහි හඬ නංවමිනි.කිසිවෙකුගේ ආදාරයකින් තොරව කොටින්ම කිවහොත් කිඩිවෙකුත් වාඩි වීමකින් හෝ ඇල්වීමකින් තොරවම එය ස්වකීය පැද්දීමක නියලෙයි.මුලු නිවස පුරාම මහ හඬින් දෝංකාර දෙන "ඩකස් ඩකස්..ඩකස් ඩකස් "හඬ මද්‍යයේ මගේ වේගවත් හුස්ම ගැනීම් හඬත් මට පැහැදිලිවම ඇසෙන්නට වූයේ දෝංකාර දෙමිනි...

හුදකලා කාමරය තුල පැද්දෙන හාංසි පුටුවේ හඩ අමාරුවෙන් තැන්පත් කරගත් සිතෙන් ඉවසා දරාගෙන සුදුමැලි මුහුණෙන් යුතුව මම වටපිට බැලීමි...ආහ්...

"ඕහ්..මේ තියෙන්නෙ පැද්දෙන්න හේතුව..ශිට්..අරුණෝද උඹනං " ඇරදමා තිබූ ජනේලය වෙතට ලංවෙමින් මම මිමිණීමි..දඩස් හඬින් වේගයෙන් ජනේලය වසා දැමූ මා නැවත පුටුව අසලට විත් එය අතින් අල්වා නැවැත්වූයේ ජයග්‍රාහී සිනාවක් මුවට නගාගනිමිනි...

"හොල්මං අවතාර බොරුවක් කියල මේකෙන්ම පැහැදිලියි...කීයක් නං මිනිස්සු අද මං භය උනා වගේ මෙහෙම බොරුවට භය වෙලා කොච්චර නං රැවටෙනවද..මේ අවිද්‍යාව මේ සමාජෙ පතුරවනවද "හාංසි පුටුව අල්වාගෙනම තනියම සිතූ මා සිහින් සිනාවක් මුවට නගාගෙනම නැවත දොර දෙසට ඇවිද ගියෙමි..නමුත් කිසිවෙකුගේ දැඩි බැල්මක් මාතුලට යොමුව ඇත්තාක් මෙන් අපහසුතාවයකින් මම පෙලෙන්නට වීමි.දොරින් එලියට අඩියක් තබනවාත් සමඟම...

"ඩකස් ඩකස්..ඩකස් ඩකස්...."

ඇගම හිරිවට්ටමින් මෙවරත් අසුණු හඬින් නම් මගේ ඉවසීමේ සීමාව සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි...අඟලෙන් අඟල පිටුපසට හැරුණු මා ජීවිතයේ මෙතෙක් මා ලැබූ භියකරුම අත්දැකීම මගේ දෑසින්ම රස වින්දෙමි...

"බුදු අම්මෝඕඕඕඕඕ................."පාලු නිවස දෙදරවමින් විලාපයක් නැගූ මා ආවේශ වූවෙකු මෙන් වැටෙමින් හැපෙමින් දුවයන්නට වීමි...

"හ්හ්...හ්හ්හ්...හ්හ්හ්..හ්හ්හ්හ්.."නාන කාමරය තුලට වැදුනු මා එය ඇතුලතින් අගුල් දාගෙන බිත්තියට හේත්තු වී හැති අරින්නට වීමි.බිත්තිය දිගේ බිමට රූටා ගිය මා තෙත පොලොව මත වාඩිවී දෙදෙන මත හිස හොවාගත්තේ සිදුවූ සියල්ල යලි යලිත් සිතුවම් පටක් මෙන් මගේ දෑස් ඉදිරියේම මැවීපෙනෙද්දීයි...මා නැවත හැරී බලද්දී ඒ හාංසි පුටුව මත දිග ඇදී හුන් රුව..ඒ මුහුණ..මිනිසෙකුට කිසිදු ලෙසකින් නොගැලපෙන ඒ රුධිරය ගලා යන මුඛය...
නැවත නැවත මගේ දෑස් ඉදිරියේ පෙනෙන්නාක් මෙන් විය...

පැද්දෙන පුටුව ජනේලය වැසුණු පසුත් පැද්දෙනු ඇසුණු පසු හිස හරවා බැලූකල දුටුවේ කිසිකලෙකත් මා දැකීමට අපේක්ශා කල සිදුවීමක් නම් නොවේ...පුටුවේ දිග ඇදී හුන්නේ ඇටසැකිල්ලක් සේ කෙට්ටු මහලු මිනිසෙකි..පැරණි පන්නයේ විශාල දිගු කලිසමකුත් එයට යට කල කොටු කොටු අත්දිග කමීසයකුත් හැදහුන් මිනිසා දෙඋරහිසේ සිට කලිසම දක්වා ඇදී කලිසමට සම්බන්ද වුනු පටිදෙකක්ද පැලද හුන්නේ අතීත සුදු මිනිසෙකුගේ හැදුම් පැලඳුම් මා හට සිහිපත් කරමිනි...සුදුමැලි වූ දෙපා පාවහනින් තොරවූ අතර අසාමාන්‍ය සේ දික්වූ කලු පැහැ උල් නිය ඒ දෑතේත් දෙපයේත් දිගට ඇදී තිබුනේ රාක්ශස පෙනුමක් ඒ අත් පාවලට එක් කරමිනි..නමුත් වඩාත් අසාමාන්‍ය කරුණ වූයේ අසාමාන්‍ය ලෙසින් වම් පාදයත් අතත් ඇබරී අප්‍රාණිකව පුටුවෙන් පහලට එල්ලා වැටීමයි.අංශභාගයට ගොඳුරු වූවෙකුගේ ලක්ශන එලෙසින් දැකීමෙන් මගේ සිත තව තවත් චංචල වූයේ මා ක්‍රමයෙන් ඒ මුහුණ වෙතට මගේ දෑස් ගෙනයත්දීයි.පැත්තකට ගොස් ඇදවී තිබූ මුඛයෙන් රුධිරය ගලාගොස් මුහුණ හරහා සුදු කමීසයට වැටෙමින් හුන් මිනිසා මා දෙස බලා මුව විවර කර යාන්තම් සිනාවක් පෑවේය..නමුත් ඒ මුඛය තුල වූ කහපැහැ අප්‍රසන්න දිගුවූ උල්දත් පෙලත් ගිනිපුපුරු මෙන් දිලිහුනු දෑසත් කිසිසේත්ම ඒ මිත්‍රශීලී සිනාවක් නොවන බවනම් මොනවට කියාපෑවේය..

"ඩොහ්....ඩොහ්.....ඩොහ්.....ඩොහ්....."

නානකාමරයේ බිත්තියට හේත්තු වී අමනුශ්‍ය පෙනුම නැවත නැවත මෙනෙහි කරමින් හුන් මා නැවත වතාවක් පියවි සිහියට ආවේ ඇසුණු සිහින් හඬකිනි.ඒ හඬත් සමඟම යමක් බිම ඇතිල්ලෙන හඬක්ද නැගේ..දැඩි නිශ්ශබ්දතාවය තුල ඇසුනු මේ සිහින් හඬ ක්‍රමයෙන් නාන කාමරයට පිටතින් ආසන්නයෙන්ම ඇසුනේ ක්‍රම ක්‍රමයෙන් මගේ හදගැස්මත් හුස්ම හෙලන වේගයත් වැඩි වෙත්දීයි...හෙමින් සීරුවේ නැගීහුන් මා දොර වෙතට ලංව යතුරු හිලට ඇස තබා පිටත බැලුවෙමි...දුටු දසුනින් මුවට නැගුනු විලාපය මා ආයාසයෙන් දරාගත්තේ මුවට අත් දෙකම තබා තද කරගනිමිනි...කාමරයේ පැද්දෙන පුටුව මත හිඳගෙන හුන් මහලු මිනිසා සැරමිටියක වාරුවෙන් කුමක්දෝ සොයමින් එහාටත් මෙහටත් සිය අප්‍රසන්න මුහුණ හරවමින් ගමන් කරයි...!!!!

අර හඩ නැගෙන්නේ ඔහු සිය හැරමිටිය ලෑලි පොලොව මත තබන හඬෙනුත් ඔහුගේ අප්‍රාණික කකුල ලෑලි මතින් ඇදගෙන යන විටත්ය.ගොඳුරු සොයන තිරිසන් සතෙක් මෙන් වරින් වර ඒ සුදුමැලි මුහුණ හරවමින් ඉව අල්ලන්නාවූ මහල්ලාගේ මුහුණේ නම් වූයේ මනුශ්‍යත්වයට කිසි ලෙස කින්වත් නොගැලපෙන්නා වූ විලාශයකි..අඛණ්ඩවම, ඇදවී ගිය ඒ විරූපී මුකයෙන් ලේ වැල් ගලායද්දී සිය උල්දත් පිටතට විදහාපාමින් ගැඹුරු හුස්මවල් ගැනීමටත් ඔහු උත්සුක වීය..පණ අදින්නාක් මෙන් නිහඬ නිවස තුල දෝංකාර දෙන්නට වූ ඒ හඬ අතරින් ඔහු සිය තට්ට හිස වටා වූ සුදුකහ පැහැ දිගු හිසකෙස් අතරෙන් සිය උල්නිය ගෙනයාමත් අකණ්ඩවම සිදු විය..

"දෙවියනේ...මට පිහිටවෙන්න.."ජීවිතයේ පළමු වර මම මිමිණීමි..ඒ ක්ශණයට යතුරු හිලෙන් දෑස් ඉවතට ගත් මා නැවතත් ඒ වෙතට පහත් වීමි....ආහ්...මහල්ලා මගේ දර්ශණ පතයෙන් ඈත්ව ගොසිනි.මගේ දෑස් හාත්පස සිසාරා දිවගියේ භීතියෙන් ඩාබිදු දිය සීරාවකින් මෙන් මගේ සිරුර පුරාම ගලායමිනි...එක් ඇසිල්ලකින්...වියරු සිනාවකින් යුත් මහල්ලාගේ දෑස් යතුරු හිලෙන් මා ඉදිරියේ විය...

"හඃ...හඃ...හඃ හා....ගොට් යූ(got you!! )..."වියරු සිනාව ඒ මුවින් දෝංකාර දෙද්දී ඇතිවූ භිය නිසාම ඉවතට විසිව ගිය මා නතර වූයේ බිත්තියට සවිකර තිබූ කරාමය කැඩීගොස් වතුර මලකින් මෙන් මුලු නානකාමරය පුරාම වතුර ගලායත්දීයි...වැටුණු වහාම මම නැවතත් නැගී සිටියේ භීතියෙන් මුසපත් සිතිනි...සිත පුරාම සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර තිබුනු භියෙන් මගේ දෑස් තෙත් කරමින් කදුලු වැල් රූටා යන්නට විය..දෑස් දල්වාගෙන මා දොර දෙස බලාහිදින්නට වූයේ මාරයා දැන් එතියි දැන් එතියි යන විස්වාසයෙනි..නමුත් තප්පරයෙන් තප්පරය නිහඬව ගෙවී යන්නට වූයේ දෛවය මා සමඟ සෙල්ලම් කරන්නාක් බඳු හැඟීමක් මගේ සිතතුල පතුරවාලමිනි.මදක් සන්සුන් වූ මා අනතුරුව සෙමින් සෙමින් දොර වෙතට ලංව යතුරු හිලෙන් එලිය බැලීමි..සියල්ල සන්සුන් ය.දෑතින්ම හිස අල්වාගනිමින් මම නාන කාමරය තුල එහාටත් මෙහාටත් පිය නගන්නට වූයේ කුමක් කිරීමටදෝයි කල්පනා කරමිනි.කිසිවක් සිතාගත නුහුණු තැන ඇතුලත වූ විශාල කණ්ණාඩිය වෙතට ලංවුනු මා එයට ඉදිරියෙන් සවිකර තිබුණු කොන්ක්‍රීට් බැම්ම මතට බරව හිස පහත හෙලාගත්තෙමි...නමුත් මදින් මද නිහඬ පරිසරය තුල මගේ සිතට නැවත අමුත්තක් දැනෙන්නට වීය..මේ වනවිට නිසලව පැවති වටපිටාවේ හඩකට ඇසුනා නම් ඒ කැඩී ගිය කරාමයෙන් නැගුනු ජල දහරාවේ හඬ පමණි..සෙමින් සෙමින් හිස ඔසවා බැලූ මම කණ්ණාඩියෙන් දුටුවේ........!!!

මගේම ප්‍රතිබිම්බයයි...සැනසුම් සුසුමක් හෙලූ මා ඒ දෙසම බලා හිදින්නට වීමි..නමුත් ටිකෙන් ටික එහි වූ වෙනස මගේ දෑසට හසු වන්නට වීය..අමුත්ත එයයි..මා හිස සෙලවූවත් අතක් පයක් සෙලවූවත් කණ්ණාඩියෙන් පෙනෙන මගේ ප්‍රතිබිම්බය ඒ කිසිවක් නොකරයි..එය කෙලින්ම මා දෙසට දෑස් දල්වා බලා හිදිමින් සීරුවෙන් සිටගෙන හිදී.භයත් පුදුමයත් මිශ්‍ර වූ හැඟීමෙන් මා ඒ දෙස බාලගෙන හින්දදීම ක්‍රමයෙන් එහි නැගෙන්නට වූයේ සිනාවකි ..මදින් මද ඈත්ව ගිය මුඛයෙන් ටිකෙන් ටික නැගෙන්නට වූයේ වියරු සිනාවකි...අවසානයේ එය මුලු නිවසම කම්පා කරවන දෝංකාර දෙන්නා වූ හඬ බවට පත්වූයේ දෑතින්ම කන් වසාගත් මා පිටුපසට අඩියෙන් අඩිය යත්දීයි...

"බුහාහ්හාහ්හ්හා...ඃ ඃ ඃහ්හ්හ්හාහ්හ්හ්.....හාහ් හාහ් හා...හි හිහි හි හි හීඊඊඊඊ..............." එක්වරම සිනාව අතුරුදහන් වී ඉදිකටුවක් බිම වැටුනත් ඇසෙන තරමින් නිහඬ නිශ්චලතාවක් ඇතිවිය...මගේ වේගවත් හුස්ම හඩ පවා මට පැහැදිලිව හෙණ හඬින් ඇසෙද්දී පිටුපසින් පිටුපසට ගිය මා බිත්තිය හේත්තු වීමි..

"ගොට් යූ" (got you!!)" ප්‍රතිබිම්බය වෙතින් නික්මිනි...අනතුරුව එක් ක්ශණයකදී ඒ කණ්ණාඩියෙන්ම මා දුටුවේ මා පිටදී හුන් බිත්තියේ වූ කවුලුවෙන් මා වෙතට පහත් වන කලු පැහැ දිගු උල් නිය වලින් සමන්විත සුදුමැලි දෑතකි...එයින් එක් අතක් අසාමාන්‍ය ලෙස අප්‍රාණිකව පැවතිනේ මේ කාගේ දෑතද යන්න අවසාන ලෙසින් මට පසක් කරමිනි...!!


"ජර්නලිස්ට් අරුණෝද සම්පත් බණ්ඩාර..." කාමරයේ වූ පැද්දෙන හාංසි පුටුව මත වැතිර තිබූ මළ සිරුර දෙස බලාගෙන පොලිස් සැරයන්වරයා මිමිණීය...

" හොඳ සෞක්‍යමත් ජීවිතයක් ගත කරපු තරුණයෙක් මේ විදිහට අංසභාගෙ හැදිලා තනියම තමන්ගෙම ගෙදර මැරිල යන්නෙ කොහොමද ?"

අරුණෝදගේ විවර වී පැවති හිස් බැල්මෙන් යුතු දෑසත් අප්‍රාණිකව පුටුව පහලට එල්ලා වැටුණු කකුලත් අතත් දෙස බලාගෙනම ඔහු සිතන්නට වීය..නමුත් අරුණෝදගේ ඇදව විකෘතිව පැවති මුවේ වූ භීතියට පත් බැල්ම හඳුනාගැනීමට නම් පොලිස් නිලධාරියා අසමත් විය..වෙනත් කිසිවෙකුත් ඒ බැල්ම හඳුනා නොගන්නවාත් ඇත...

වසර කීපයකට පසු,

"අම්මී..මේ බලන්නකෝ මේ කාමරේ තීන පැද්දෙන පුටුව..හරි ශෝයි මේ..ඒක ඉබේම පැද්දෙනවා..."

"විකාර කියවන්නැතිව මෙහාට ඇවිත් මේ රෙදි අස්කරගන්න උදව් වෙන්න චූටි දූ..අද ආපු පලවෙනි දවසෙම පටංගත්තද දාංගලේ..."

නමුත් කුඩා සයූ පැවසුයේ විකාරයක් හෝ මුසාවක් නොවන වග ඒ හාංසි පුටුවට වී පැද්දෙමින් හුන් අදෘශ්‍යමාන අමුත්තා නම් දැනසිටියේ හේ සිය වියරු සිනාව අඛණ්ඩවම නගන්නට වීය......


No comments:

Powered by Blogger.