රාත්‍රීයේ තේ බීපු හොල්මන් කඩේ






















මම චමත්කා. මම වැඩකෙරුවේ කවුරුත් පිලිගත් සුප්‍රසිද්ධ office එකක. ගොඩක් වෙලාවට අපේ office එකේ අය office එකේ වැඩවලට පිටපලාත් වලට යනවා.

එදත් ඒ වගේ දවසක්. අපිට එදා යන්න තිබ්බේ කුරුනෑගල. අර office එකේ රාජකාරියත් කරල කුරුණෑගල කිට්ටුව තිබ්බ කවුරුත් ආකාර්ශනය දිනූ තැන් බලන්නත් අපේ ආසාවක් තිබ්බා.

අපි ගියේ අපේ sir ගේ කාරෙකේ. Sir වාහනේ රියදුරත් එක්ක ඉස්සරහ අසුනේ ඉදන් යද්දී මායි මාත් එක්ක
office එකේ වැඩකරපු යෙහෙලියන් දෙන්නෙක් පිටිපස්ස අසුනේ ඉදගෙන ගියා.

මීගමුවේ ඉදල කුරුණෑගල බලා යන ගමනේත් අපි අතරමග නැවතී ගිමන් හරිමින් ගියේ. ඒ අතරමගදී අපිට පුංචි කෝවිලකුත් හම්බවුනා. ඒකත් වැදපුදාගෙනමයි ගියේ.

හවස කාලයේ ගමන පිටත්වුන් නිසාම කුරුණෑගල කිට්ටු වෙන්න කිට්ටු වෙන්න හොදටම රෑවුනා. ඒ වෙද්දි අපි නාත්තන්ඩිය නගරය පහුකරලත් කිලෝමීටර් තුනක් විතට පහු කරල තිබ්බා.

මම ෆෝන් එකෙන් වෙලාව බලද්දී සටහන් වෙලා තිබ්බේ මැදියම් රැයත් පහුවෙලා 12 යි 45 විදිහට. ඇගේ නිදිමත තෙජෙට්ටුවත් එක්කම මගෙ බඩ කෑගසා කිවේ දැන්නම් මොනව හරි බඩට වැටුනොත් හොදා කියලා.

" දැනන්ම් sir මාර බඩගිනී... අඩුම ගානෙ කන්න තියා උනු උනුවේ බොන්නවත් මොනවා හරි තිබ්බනම්"

මට කියවුනේ අර කුසගින්න දරාගෙන ඉන්න බැරි තැන.

" මටත් බඩගිනී ,sir බලන්නකෝ ඔය ලග පාත කඩයක්වත් තියෙනවද කියලා...."

මං ලග උන්නු නදීශා කිව්වා.

" මංනම් හිතන්නේ නෑ ,මේ ලග පාත කඩ ඇති කියලා..... අනික තිබ්බත් මේ රෑ ඒවා ඇරල තියේයිද..."

Sir ඒක කියල කටගන්න හම්බවුනේ නෑ. අපි දැක්ක මහ රෑ ඇරල තිබ්බ කඩයක්.

" නෑ කිව්වට අර තියෙන්නේ කඩයක්....."

මට කියවුනා.

" sir ඩ්‍රයිවර්ට කියන්ඩ එතනින් කාර් එක නවත්තන්ඩ කියල.... වෙලාවට වගේ කඩයක් හම්බවුන එකේ මොනා හරි බඩට දාගෙන යමු නේ..."

නදීශාත් කිව්වම sir ඩ්‍රයිවර්ට කියල කාර් එක නතරකෙරුවා. මම කාර් එකේ දොර ඇරලා ඉස්සරවෙලාම බැස්සා. ඒ ඒක්ක්ම ආපු ඒ සීතල සුලග මේ දැනුත් මට දැනෙනවා වගෙ.

පුංචි කඩයක් වුන ඒ කඩේ තිබ්බේ විශාල මාර ගහක් යට. කඩේ දොර ඇරල තිබ්බ්කත් සිවෙක් කඩේ ඇතුලේ පේනන නැතිනොසාම මම ඉක්මනට ඒ කඩේ පැත්තට ඇවිදගෙන ගියා.

ඒත් කඩේ ලගටම යද්දී මෙච්චර වෙලා හිටිය නැතී වයසක ගැනු කෙනෙක් කඩේ දොරලග හිටගෙන උන්නේ මාව පොඩ්ඩක් පුදුමය්ට පත්කරමින්.කොණ්ඩේ කඩාගෙන හිටිය ඒ වයස කෙනා හිටියේ බිමට ඇස් යොමාගෙන. ඒ නිසාම මට දැනුනේ හරිම අසාමාන්‍ය බවක්. මගේ හිතට අවිනිශ්චිත බියක් ඇතුලු වෙද්දී මම පිටිපස්ස හැරුනේ...

" මේ කඩේ හරි නෑ අපි වෙන කඩේකට යමු"

කියල අනිත් අයට කියන්න හිතාගෙන. ඒත් ඒ දේ කියන්න කලින් අර වයසක ගෑනු කෙනා මගේ අතින් අල්ල ගත්තා. මගේ හිත ගැස්සුනේ ඇය මගේ අතින් අල්ලපු නිසානම් නෙමේ. ඒ වය්සක ගෑනු කෙනාගේ අතින් දැනුන ඒ අසාමාන්‍ය දැඩි සීතල ගතියට. බොහෝ වෙලාවල් ශීතකරනයක් ඇතුලේ අත තියාගෙන ඉදල කෙනෙක්ගේ අතින් ඇල්ලුවොත් නම් ඒ වගේ දරුනූ සීතල ගතියක් දැනේවී.

ඒත් ඒ දුප්පත් කඩේ ශීතකරනයක් තියා අඩුම ඉදගන්න හරියට පුටුවක්වත් තිබ්බේ නෑ.....

" එන්න නෝනා ඇතුලට එන්න මහත්තයලා....."

ඇය කතාකෙරුවත් අඩුම අපි දිහා ඔලුව උස්සලවත් බැලුවේ නෑ. කරන්න දෙයක් නැති තැනම අපි ඔක්කොම ඒ කඩේ ඇතුලට ආවා. ගොඩක් දිරාපත්වෙලා වගේ තිබ්බ ඒ කඩේ දිහා මම ඕනෑකමින් විපරම් කලා.

කඩේ පිටිපස්සට වෙන්න වගේ තේ හදන්න ඕනා අඩුම කුඩුම දේවල් තිබ්බා. ලිප තිබ්බේ කඩේ ඉස්සරහ. තවත් විපරම් කරල බලද්දියි මම දැක්කේ කඩේ පිටිපස්සෙන් තවත් පොඩි කොටසක් තියෙන බව. ඒත් ඒ කොටසේ මොනවද තියෙන්නේ කියල මට දැනගන්න බැරිවුනේ කර්ටන් රෙද්දකින් ඒ කොටස පේන්න නැතිවෙන්න වහල තිබ්බ නිසා. මම පොඩ්ඩක් ඒ රෙද්දෙන් එහා පැත්තේ මොනවද තියෙන්නේ කියල ඒ රෙද්ද පොඩ්ඩක් මෑත් කරල කාටත් හොරා බැලුවත් කරුවල ඒ කොටසින් මට මෙලෝ දෙයක් පෙනුනේ නෑ.

" මහත්තයල නෝනලා මොනවද කන්නේ...... ආප්පත් තියෙනවා. ඕනෙනම් බිත්තර ආප්පත් දෙන්න පුලුවන්...."

අමුතු විදිහට කිව්ව වයසක ගෑනු කෙනා එක තප්පරයක් අපි දිහා මූනට මූන බලාගෙන කතා කෙරුවේ නෑ. කොන්ඩේ කඩාගෙන හිටිය ඇය අපිත් එක්ක කතාකලේම මූන බිමට හරවගෙනමයි.

" හා එහෙනම් ,බිත්තර ආප්ප 05 ක් දාන්ඩ ,"

කියපු sir අපි දිහාට හැරුනා....

" ඔයාලටත් ඕනෙද බිත්තර ආප්ප..."

"එපා... අපි එලවලු රොටී කන්නම්.."

මම කියද්දී sir අර වයසක ගෑනු කෙනා දිහාට හැරුනා.

" අපිට එහෙනම් ,බිත්තර ආප්ප 05 ක් දාන්ඩ...."

Sir කියපු දේට හිස සලපු ඒ වයසක ගෑනු කෙනා තප්පරෙන් අර කර්ටන් රෙද්දෙන් වහල තිබ්බ කොටසට ගියා. කිසිම එලියක් තිබ්බේ නැතී ඒ කොටසින් ඒ වයසක ගෑනු කෙනා බිත්තර අරන් තත්පරෙන් වගේ කාලෙකින් ආවේ ම්ම පුදුමෙන් බලන් ඉන්දැද්දී.

විශ්වාස කරන්න. ඒ වගෙ වයසක් කෙනෙක්ට තියා මං වගේ තරුන කෙනෙක්ටවත් ඒ තරම් ඉක්මනට එහෙම වැඩ කරන්න බෑ. අනික වැඩිපුර මම පුදුම වුනේ කණාමැදිරි එලියක්වත් තරමේ එලියවත් නැතී ඒ කොටසින් කොහොමද අර තරම් ඉක්මනට බිත්තර අරන් එන්නේ කියලා.

" ආච්චී මේ කඩේ තනියමද ඉන්නේ....වෙන කවුරුත්ම නැද්ද "

ආප්ප හදන වයසක ගෑනු කෙනාගෙන් මම ඇහුවේ කඩේ වෙන කිසිම කෙනෙක් පේන්න හිටිය නැති නිසා.

" නෑ මම තනියම නෙමේ ඉන්නේ. සීයා ගියා ඉස්සරහ කඩේකට තව ටික වෙලාවකින් එයි..."

ඇය ආප්ප හදන ගමන්ම කිව්වා.

ඒ වෙද්දී කඩේ ඇතුකට වැහි කාලේ ලංවෙද්දී රෑට එන මෙරියෝ කඩේ ඇතුලට එන්න පටන් අරන් තිබ්බා. ටිකෙන් ටික උන් එන්න වැඩිවෙන්න පටන්ගනිද්දී අපි ඔක්කොම මූන පෑවේ දැඩි අසීරුතාවයකට.

" කොල අත්තක් එල්ලුවොත් මුන් එන එක නතරවෙයි..."

කියපු sir කඩේ ලග තිබ්බ ගහකින් අත්තක් කඩන් ඇවිල්ලා කඩේ ඇතුලේ එල්ලුවා. ඒත් උන එන එකනම් අඩුවුනේ නෑ.

කඩේට අවට පස්සේ මම නොසන්සුන් කල තව සිදුවීමක් වුනේ කඩේට ආපු ඒ සුලග. අපි ආවවෙලාවේ ඉදලම ඉවරයක් වෙන්නේ නැතිව වේගයෙන් ඒ හමපු හුලගේ පවා තිබ්බේ දැඩි සීතල බවක්. මට මේ කඩේදී දැනුන ඒ අමුතු හැගීම මාත් එක්ක ආපු අයටත් දැනිලද මං දන්නේ නෑ. ඒත් නිතර හිනාමුසු මුහුනින් ඉන්න මගේ යෙහෙලිය තිසුරිකාගේ මූනනන් පොඩ්ඩක් අමුතු වෙලා තිබ්බා. නදීශාත් උන්නේ යමකට බයවෙලා කියලයි ඇය දකුද්දී මගේ හිත කිව්වේ.

අර වයසක ගෑනූ කෙනා ආප්ප හදනකම් මම ඔනෑකමින් ආයේ පාරක් කඩේ ඇතුලට ඇස් යැවුවා. කඩේ ගොඩාක පරනයි බව මට තේරුනා. ඒ විතරක් නෙමේ ඒ පරන බවට මහම මහ මුස්පේන්තු බවක් එක්කගෙන කඩේ ඇතුලේ තිබ්බ පුටු මේසවල කාලෙකින් කඩල නැති මකුලු දැල් පිරිලා තිබ්බා. වහලවල් වල පවා මකුලු දැල් පිරිලා. ඒ විතර්ක් නෙමේ කඩේ ඇතුල කාලෙකින් අතුගාල නෑ වගේ දූවිලි අක්‍රමනය කරල තිබ්බා.

කට්ටිය ආපුහාම තේ බොන්නදෙන කෝප්ප පවා ජරාව ගෑවිලා අපිරිසිදු බවක් එක්කරලා තිබ්බේ. ඒ විතරක් නෙමේ අර මූන උස්සල අපිත් ඒක්ක කතාකරන්නේ නැතී වයසක ගෑනු කෙනාගේ වේගවත් බවත් මගේ හිතට එක්කලේ දැඩි ප්‍රෙහේලිකාවක්.

තප්පරෙන් වගේ කඩේ ඉස්සරහ පැත්තේ ඉදල අර රෙද්දකින් වහල තිබ්බ කලුවර කාමරෙන් ඒ වයසක ගෑනු කෙනා බිත්තර අරන් එන්නේ මේ ඉන්නේ මනුස්සයෙක්ද ,එහෙම කෙනෙක් නෙමෙයිද කියල මහේ හිත දෙලොවක් අතර හිර වෙද්දී.

සෑහෙන්න වෙලාව්ක් ගියත් අර කිව්ව සීයානම් කඩේට ආවේ නෑ.

" ආච්චිට බය නැද්ද මේ වගේ රෑක ,තනියම කඩේකට වෙලා ඉන්ඩ.... අර කිව්ව සීයත් නෑනේ..... "

මම ඇහුවා.

" එහෙම බයක් නෑ... සීයා තව පොඩ්ඩෙන් එයි....."

සුපුරුදු විදිහටම ඒ වයසක ගෑනු කෙනා කිව්වේ මූන බිමට හරවගෙනමයි.

වයසක ගෑනු කෙනාගේ කඩෙන් අපි බිත්තර ආප්පයි ,එලවලු රොටියි කන්න අත හෝදාගත්තේ පැකින් කඩලවත් නැතී වතුර බෝතල් වල වතුරෙන්. කෝප්ප හේදුවෙත් ඒවගෙන්මයි....

මොන දේ හිතුනත් මම ඒ කඩෙන් එලවලු රොටියි, බිත්තර ආප්පයි කාල තේ බිව්වා. අනිත් අයත් එහෙමකලා...

අපි ඒ පාලු කඩේ පැය බාගයක් විතර හිටියා. ඒත් අර වයසක ගෑනු කෙනා කිව්ව සීයනම් ඒ වෙලාව ඇතුලත කඩේට ආවේ නෑ... ඇයි සීයා පරක්කු කියල මම කීපපාරක්ම ඇහුවත් ඒ ගැනු කෙනා කිව්වෙ " තව පොඩ්ඩෙන් සීයා එයි "
කියල ඒ උත්තරේ විතරමයි.

ඒ වයසක ගෑනු කෙනාගේ මූන මොන වගේද කියන්න මට බෑ.. මොකද ඔලුව උස්සල අපිත් එක්ක කතා කෙරුවෙ නැති හින්දා ඒ මූන මම දැක්කේ නෑ.

අපි සල්ලී ගෙවලා ආපහු ඒ කඩේ ලග ඉදන් කාර් එක ලගට ආවා. මම සිතේ තිබ්බ අවිනිශ්චිත බව නිසාම යන ගමන් කඩේ දිහාට පිටිපස්ස හැරිලා බැලුවා.
ඒත් කඩේ පෙනුනට අර වයසක ගෑනු කෙනාගේ චායාවක්වත් දැක්කේ නෑ...
මේවාගේ හරි අද්භූත බව්ක් තිබ්බත් දෙයියන්ගේ පිහිටෙන් අපිට කිසි කරදරයක්වන්ම් වුනේ නෑ.....

" අර කඩේ ගැන ඔයාලට අමුත්තක් දැනුනේ නැද්ද..."

අපි කාරෙකේ නැගල අර කඩේ පහුකරල ගොඩක් දුර ගියාමයි මම ඒක ඇහුවේ.

" ඇත්තටම දැනුන බං ,මං ඒ කඩේට ගියවෙලාවේ ඉදලම බැලුවේ ඉක්මනට ඒකෙන් පිටවෙන්නේ කොහොමද කියල.. අර වයසක ගෑනු කෙනා ,එයා හරි අමුතුයි..."

මං ලග උන්නු නදීශා කිව්වා. ඇත්ත. මට විතරක්ම නෙමේ නදීශාට විතරකුත් නෙමේ අනිත් ඔක්කොම අයත් කිව්වේ ඒ අයටත් ඒ කඩේ ගැන හරි අමුත්තක් දැනුනා කියලයි. මට නොකිව්වට ඒ අයත් ඉදල තියෙන්නේ බයෙන්. මං බයවෙයි කියල ඒ අය මට කියල නෑ.

අපි හවස කොවිලකට ගිය වෙලාවේ ඒකේ හිටපු පූසාරී කෙනෙක්ගෙන් මම විභූතී වගයක් ඉල්ලගත්තා. කෝවිලකට හරි දේවලෙකට හරි ගියාම මම විභූති ඉල්ලගන්න එක ඉස්සර ඉදලම මගේ පුරුද්දක්. ඉතින් මම ඒ විබූතී අරගෙන නලලේ ගාගත්තේ අර අද්භූත සිදිවීම් පෙලෙන් මගේ හිත ගැස්සිලා තිබ්බ හින්දා. මං ඒ විභුති අනිත් අයටත් දුන්නා නලලේ ගාගන්න. ඒ අයත් හිටිය වාතාවරනයත් එක්ක ඒ විභුති වලින් පොඩ්ඩ පොඩ්ඩ අරන් එයාලගේ නලලේ ගාගත්තා.

ඒ විතරක් නෙමේ මගේ හිතට පොඩි සැනසුමක් එක්කරගෙන මම ඒ කෝවිලට ගිය වෙලාවේ ගණ දෙවි දේවාලේ හිටිය කපු මහත්තයෙක්ට කියල ගණ දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන්න කියල අතේ රතු පට නූලකුත් බැදගෙන උන්නේ... මම ඒ දවස්වල ඉදලම ගනේශ් දෙවියන්ගේ හොද බැතිමතිනියක්.

ඒ නිසාම මගේ යටි හිතේ තිබ්බා අර කඩේ හොල්මන් කඩයක් වුනත් නොවුනත් මටවත් අනිත් අයටත් කිසිම කරදරයක් වෙන්නේ නැති වෙයි කියලා.

තෙහෙටුව ,ගමන් මගන්සිය නිසාමයි ඒ අමුතු අද්දැකීම් ලබපු රැයක් වෙලත් මට නින්ද යන්න ඇත්තේ. ඒත් නින්ද ගිහිල්ලා හිටිය මට එකපාරම ඇහරුනේ කාරෙකේ මම ඉදගෙන ගිය තැන තිබ්බ වීදුරුවෙන් යම් කිසි තට්ටුකිරීමක් වගේ හඩක් ඇහුන නිසා. මම ඒ වෙලාවේ දැකපු දේ. ඔයාල විශ්වාස කරයිද නොකරයොද මම දන්නේ නෑ. ඒත් එහෙම දෙයක් මම මගේ ඇස් දෙකටම දැක්කා.

වේගයෙන් යන කාරයේ මම ලග හිටපු තැන වීදුරුවෙ ඇගිලි පහම විහිදුවගෙන හිටිය කාගේ හරි අතක් තිබ්බා. ඒකේ තිබ්බෙත් අල්ල කොටසයි ඇගිලි පහයි විතරයි. වැලමිට හරිය මැනික් කටුව හරිය ඒ මොකුත්ම තිබ්බේ නෑ.

මේ අමුතු අත දැක්කම මම හොදටම බයවුනා. ඒත් වෙව්ලන අතගිලි වලින් මම ඒ අත තිබ්බ විදූරුව දිහාට මගේ අත දික්කෙරුව. මොහොතකින් ඒ අත සලකුන තිබ්බ වීදුරුවේ මගේ අත වැදෙනවාත් ඒක්කම ,අර කොහෙන්දෝ මතුවුන අර අද්භූත අතත් නොපෙනී ගියේ හරියට නිකම් වාශ්ප වෙලා වගේ...

ඊට පස්සේ එදා රෑ වෙන කිසිම අද්භූත දෙයක් මටවට් අනිත් අයටව්ත් අත්විදින්න ලැබුනේ නෑ.......


Office එකේ වැඩකට කුරුණෑගල ගිය අපි ඒ වැඩ ඉවරකරල ආපහු ආවේ එදා වගේ රැයක නෙමේ දහවලක. එදා අපි තේ බීපු කඩේ තියෙන තැන එන ගමනේදී අපි ඔක්කොටම බලන්න ලොකුම ලොකු ඕනෑකමක් තිබ්බේ..

ඒත් ඔයාල විශ්වාස කරයිද නොකරයිද මම දන්නේ නෑ. ඒත් ඒක තමා ඇත්ත. අර අපි තේ බීපු කඩේ තිබ්බ තැන කඩයක් තියෙනවා කියල අංශූමාත්‍රයක්වත් සලකුනක් තිබ්බේ නෑ.... ඒත් ඒ කඩේ ලග තිබ්බ ඒ විශාල මාර ගහනම් එදා රෑ වගේම එතන තිබ්බා.....

ඇත්තටම එදා රෑ අපි තේ එලවලු රොටී, බිත්තර ආප්ප කාල තේ බිව්වේ හොල්මන් කඩේකින්ද... ඒත් ඇයි එහෙම දේවල් වෙලත් අපි කිසිම කෙනෙක්ට කරදරයක් නොවුනේ.... තවමත් එදා රෑ වුන දේ ගැන හරියටම නිශ්චිත පිලිතුරක් දෙන්න බැරිව මම තවමත් ඉන්නවා..............



2 comments:

  1. Boru danda epa colaba idan kurunagala yaddi koheda nattandiya hamba wenne

    ReplyDelete
  2. Boru danda epa colaba idan kurunagala yaddi koheda nattandiya hamba wenne

    ReplyDelete

Powered by Blogger.