කොස් අත්තක් කඩන් ගිය යක්ෂ ආත්මය


























ටිකක් නාගරික පැත්තක කොල්ලෝ දෙන්නෙක් ගිහින් තියෙනවා ගමේ නෑයෙක් හම්බවෙන්න.ඉතින් මේ දෙන්නා එදා රෑ මේ ගෙදර නැවතිලා ඉදල තියෙනවා.ඔය ගමේ එදා රෑ තොවිලයක් තිබිල තියෙනවා ආතුරයෙකුට.ඉතින් මේ දෙන්නත් මේ දේවල් දැකල නැති නිසා ගිහින් තියෙනවා මේ තොවිලේ බලන්න.
තොවිල්පොල තියෙන තැනට ගිහින් ඔන්න මේ දෙන්නත් හොදට ඉදගෙන ආවේස වෙලා ඉන්න ළමය දිහා බලාගෙන ඉන්නවලු.යකදුරත් මේ කාර්යය කරගෙන යනවලු,ඔහොම ටික වෙලාවක් යනකොට මැදියම් රාත්ත්රියත් ලං වේගෙන එන්න අරගෙන.මේ යාළුවන් පිටිපස්සේ වාඩිවෙලා හිටපු සෙනගත් ටිකින් ටික ගෙවල් වලට යන්න පටන් අරගෙන.ටික වෙලාවක් යද්දී,,,,,,ඒ කියන්නේ හරියටම රෑ 12ට ඇහිලා තියෙනවා
මහා හඩින් හූ ශබ්දයක්.මේ දෙන්නා පිටිපස්ස හැරිලා බලද්දී මේ දෙන්නට පිටිපස්සේ හිටපු සෙනග කවුරුත්ම නැහැ.ඉතින් තව ටිකකින් මේ තොවිලය ඉවර වෙන නිසා මේ දෙන්නත් ඉදලා තියෙනවා.ඔන්න ඉතින් දැන් ආතුරයාගේ අගේ ඉන්න යකාව යවන වෙලාව.
ඉතින් දැන් යකදුරා මේ යකාට යනකොට කොස් අත්තක් කඩාගෙන යන්න කියුවලු.යාලුවෝ දෙන්නට පෙනිලා තයෙනවා කොස් අත්තක් මහා හඩින් කඩා වැටෙනවා.එත් එක්කම එක යාලුවෙකුට තමන්ගේ අගට ලොකූ කළුගලක් වැටෙනවා වගේ දැනිලා තියෙනවා.මේ යාළුවා අසිහියෙන් වගේ දගලන්න පටන් අරන්.ඉතින් මේ යාළුවාව යකදුරා ගාවට අරන් ගිහින් තියෙනවා,එතකොට මේ යකදුරා අහල තියෙනවා "මහත්තයලා ආරක්ෂාවක් කරගෙන නෙමෙඉද ඉද ගත්තේ කියලා.බලනකොට තොවිලය පටන් ගන්නත් කලින් ඒ එන අය පිරිත් පැන් වලින් ආරක්ෂා වෙලා තමා මෙතනට ඇවිත් තියෙන්නේ.මේ දෙන්නා මොනවත් ඒ ගැන දන්නේ නෑනේ.
වෙලා තියෙන්නේ මොකද දන්නවද ,අර ආතුරයාගෙන් ඉවත් උන යකා මේ යාලුවට වැහිලා.මෙහෙම එක පාරටම වෙනත් කෙනෙකුගේ ඇගට එන බලවේගයකට ශක්තිය ගොඩක් වැඩිලු.මේ නිසා මේ ලෙඩාට ගුරුකම් කරන්න මේ යකදුරාට බැහැලු .ඉතින් ඒ නිසා ගුරුන්නාන්සේ ගාවට (යකදුරාගේ ගුරවරයා )අරන් ගිහින් තියෙනවා.
ඉතින් මේ ලෙඩ යාළුවාව ඒ ගෙදර ඉස්සරහා ඉස්තෝප්පුවේ තිබ්බ ඇද උඩින් තියලා මේ ගුරුන්න්නාන්සේ මතුරන්න පටන් අරන් .අනිත් යාලුවට කියලා තියෙනවා බුලත් කොලේ තෙල් ටික අත ගගා පිටිපස්සෙන් එන්න කියලා.මෙයා එහෙම යනකොට ඇහිලා තියෙනවා වටේ තියෙන හැම පදුරකින්ම කෙදිරි ගැන ශබ්ද.ඔන්න ඉතින් ටික වෙලාවකින් මේ වැඩෙත් ඉවරවෙලා.යාලුවටත් හොදයි.
එත් මේ ගුරුන්නාන්සේ කියල තියෙනවා,
මේක පාලනයක් විතරක් බවත් එකපාරටම ඇතුළුන නිසා(තවත් කෙනෙකුගෙන් ඉවත් කරපු ගමන්ම)ගොඩක් බලසම්පන්න,ඒ වගේම ඉවත් කරන්න බැරි එයාටම ඕනි දවසක ඔබව අතහැර යන්න හරින්න වන බවත්ය.


No comments:

Powered by Blogger.