මෝහිනීට බැල්ම හෙලූ තරුණයා


































මුලු පරිසරය සහ මුලින්ම වසාගත් අන්ධකාර රාත්‍රියකි.මිනිස් කටහඩක් ඇසෙන්නේ ම නැත.නිසලතාවය යන්තමින් හෝ බිදෙන්නේ තරමක දුරින් පිහිටි ප්‍රධාන පාරේ ඉදහිට දිවෙන වාහනයක හඩින් සහ රැසියන්ගේ හඩින් පමණි.වරින් වර ඇසෙන බකමූණකුගේ බියකරු නාදය සිත් සසල කරවන සුලුය .මධ්‍යම රාත්‍රිය ලගා වෙමින් තිබුණි.ගම්මානය දෙසට වැටී තිබූ වැලි පාරදිගේ ඉක්මන් ගමනින් ගමන් කරන තරුණයෙකි.හැමදාමත් යන එන පාර හුරුපුරුදු නිසා ඔහු අදුරේම ගමන් කරයි.පාරේ එක් පසෙකින් වෙල්
යායකි.අනෙක් පසින් විශාල පොල්වත්තකි.තරුණයාගේ තනිනොතනියට සිටියේ අන්ධකාරය පමණි.ඔහුගේ නෙත ගැටෙන නොගැටෙන යාමයේ පෙනෙන යම් ආලෝකයක් තිබුනේ නම් ඒ අදුරේ පියෑබූ කනාමැදිරියකුගේ මලානික එලියක් පමණි.

වැඩ ඇරී ගෙදර යමින් සිටි තරුණයා වේගයෙන් ගමන් කරමින් සිටියේය .පුදුමයකි එකවරම සුදු සාරියකින් සැරසුන තරුණියක් ඇගේ ගෑවී නොගෑවී මෙන් ලගින්ම මාරු විය.ඔහු ඈ දුටුවේ ඇසිපිය හෙලනා තරම් සුලු වේලාවකි.ඈ ඉතා පැහැපත් ය.අතිශය රූමත් බව සිතට දැනුනි.ඈ පෙනී නොපෙනී මාරු වූ මොහොතේ තරුණයාට කෝපි මල් සුවදක් දැනුනි.

ඉමහත් කුතුහලයට පත් වූ ඔහු වහා ආපහු හැරී බැලුවේ ය.මේ රාත්‍රියේ තනියම යන කෙල්ල කවුද?කුතුහලය තරුණ සිත පිරී ගියේය .

ආපසු හැරුන තරුණයා ඉක්මන් ගමනින් දුරින් දුරට අඩිය තබමින් මහපාර දක්වාම ආවේය .එහෙත් ඔහුට තරුණිය තබා ඇය ආගිය අතක්වත් සිතා ගැනීමට නොහැකි විය.රාත්‍රි වැඩ මුරය අවසන් කර ගෙදර යමින් සිටි ඔහු ඉමහත් වෙහෙසට පත්ව සිටියේ ය.එසේම යකකු කන්නට තරම් බඩගින්නක්ද විය.ගෙදර ගිය ගමන් සීතල වතුර පොදක් නාගෙන ,කෑම කා නිදාගැනීමට බලාපොරොත්තුව සිටි ඔහුට දැන් කිසිවක් මතක නැත.කවුද ඒ ලස්සන කෙල්ල?,කොහාට ද ගියේ?මේ කලුවරේ නම් ගැහැණියක තබා පිරිමියකුවත් යනවෙලාවක් නොවේ.

"හොදයි මම හොයා ගන්නම්කො"ඔහු සිතට කියා ගත්තේය.තරුණයාගේ සිතට හොද අදහසක් කඩා වැටුනි.ඔහු ආපසු හැරුනි හැකිතරම් වීරිය ගෙන අඩියට දෙකට තම නිවසට දිව ගියේය.ඔහුගේ කාමරය වූයේ ඉස්තෝප්පු කාමරයයි.

ඒ දිනවල මොහුගේ නැන්දා කෙනෙකුගේ පුතකුද රැකියාවේ පහසුව නිසා මෙම ගෙදර නැවතී සිටියේය.ඔහුද නැවතී සිටියේ මෙම කාමරයෙයි.ඔහුද ඇදේ හාන්සි වී සිටියේය.මොවුන් දෙදෙනා නෑදෑකමට වඩා යහලුවන් මෙන් ඇසුරු කරන මස්සිනාවරුන් දෙදෙනෙකු විය.

තරුණයා මස්සිනාගේ කනට කර තමන් අත්විඳි සිදුවීම ඉක්මනින් කීවේය.ආරංචිය කනෙන් ඇතුලු වූ සැනින් අනෙක් තරුණයාද කුලප්පු විය.ඇද පොල්ලක්ද අතට ගත් තරුණයා "යමං"කියමින් ගමන ආරම්භ කලේය.

තරුණයෝ දෙදෙන ඉක්මන් ගමනින් සිද්දිය වූ තැනට ආවේය.

"මෙන්න මෙතන.මගේ ඇගේ ගෑවුන නොගෑවෙන තර්මින් ගියෙ.එයා යද්දි මගේ ඇගේ හුලග කුත් වැදුනා.ඒ හුලගේ ආව සුවද මට තවම දැනෙනවා වගෙයි"ඔහු මස්සිනාට මුමුණා කීවේය.

"හ්ම් යමු එහෙනම් පාර පැත්තට"මස්සිනා හිතට අරන් වැඩට බැස්සේය.දෙදෙනාම මහපාරට ගියේය.

"මෙහාට ගිහින් බලමු"පාරේ දකුණු පසට දිවූහ.බස් නැවතුම්පොළ ආසන්න වෙත්ම එහි කිසිවකු නොදුටු හෙයින් අනෙක් පැත්තේ බස් නැවතුම්පොළ පරීක්ෂා කල මොවුන් කිසිවකු නොදුටු හෙයින් දෙදෙනාම මවිතයට පත් විය.

"කොහේ කියලා හොයන්නද" දෙදෙනාම පාර අයිනේ වූ මාර මුලක් මත හිදගෙන සිදු වූ මාර වැඩය ගැන විග්‍රහ කරන්නට විය.

"උඹට වාතය ඉහට ගහලා.විකාර පේන්ඩ ඇති.අපරාදේ පණ කඩාගෙන දිවුවේ."

"නෑ මිනිහෝ මම මගේ ඇස් දෙකින්ම දැක්කා.විකාරයක් නම් කෝපි සුවද කොහොමද නහයට දැනෙන්නේ."

"උඹට වාගේම උබේ නහයටත් පිස්සු ඇති.ගෙදර ගිහින් කාලා නිදිය ගමු"

ගැටවු දෙදෙන වැඩි කතා බහක් නොමැතිව ගෙදරට නොඇගෙන සේ සිටියේය.

ඉස්තෝප්පු කාමරයේ නින්දට වැටුණු තරුණයන් දෙදෙනා කතා බහ කලේ තමනට සිදුවූ සිදුවීම ගැනය.එකකු තහවුරු කිරීමටත් අනෙකා සවුත්තුවටත් කතා කරන්නට විය.

එලිවන ජාමයේ සිද්දියට මුහුන පෑ තරුනයාට මොලේ පෑදෙන්නට විය."එහෙනම් මේ එයා"ඔහු මස්සිනාටද කාරනාව පැහැදිලි කලේය.

මේ සිදුවීම සිදු වූයේ මීට අවුරුදු 40කට පෙරය.

"කොහොම වුනත් මේක දුර්ලභ සිද්දික්,වාසනාවකට ද කරුමය කටද මං දන්නේ නැහැ.සාමාන්‍යයෙන් සිදුවන්නේ ඔහොම නෙමෙයි.සමහර තරුණයන් ගාවට නින්දේදී ලස්සන ගෑනියෙක් එනවා.රාත්‍රිය ගත කරලා යනවා.මේක බොහොම බලගතු යක්ෂ දෝෂයක්.එන්න පුරුදු වුනොත් දිගටම එනවා.එතකොට හොදට හැදීගෙන එන තරුණයා ලෙඩ වෙනවා.කෙට්ටු වෙනවා"

" හැම තරුණයෙකුටම මෙහෙම වෙන්නේ නෑ නේද?"මම ඇසුවෙමි.

"හැම ඉලන්දාරියා ගාවටම මෝහිනී එන්නෙ නැහැ"

ඒ සුප්‍රසිද්ධ මන්ත්‍රාචාර වරයා එසේ පැවසීය


No comments:

Powered by Blogger.