යං හුන් වීදියේහිගන ශාපය...






























යෙං හුවාන් වීදීය වෙනදට වඩා අද කාර්යබහුල වෙලා ... ජෝශුවා තම මෝටර් රථය අනෙක් මෝටර් රථ අභි බවා වේගවත්ව දාවනය කලේ ...තම ගමනාන් තයට ඉක්මනින්ම ලගා වුයේ නැතිනම් තමන්ට රෑකියාවෙන් ඉවත් වීමට වන බව ඉවෙන් මෙන් දත් නිසා......

මාර්ග සංඤාවලට අවනත වෙම්න් ජෝසුවා තිරිංග තද කර මෝටර් රථයේ වේගය පාලනය කර ගනිම්න් අනෙක් වාහන අතර නැවතිල්ලක් ලැබුවා.. ...

"මහත්ත යෝ....කීයක්....හරි....දෙන්න...කො......".

හැර තිබූ වීදුරු වෙන් එබුනූ වැරහැලි පොරවා ගත් එක් ඇසක් සුදෙන් වැහි ගිය මහළු හිගන්නෙක් එසේ
කියම්න් අත දිගු කරන්න වූවා....

"මොන කරදර යක්ද....පලයන්...අහකට....."

"මට කන්න ගන්න නෙවෙයි මහත්ත ....යෝ....මගේ....මේ අසරන ...දරුවට කන්න දෙන්න......"

එසේ කියා ඔහු අත දිගු කලේ ඔහුගේ ඔලුව දෙසටයි........

ජෝසූවාද කලින්ට වඩා පොඩ් විපරමකින් බැලුවේ දරුවෙක් ගැන කියූ නිසායි..

එත් ඔහුට දැක ගත හැකිවුයේ...දරුවෙක් නොව දම් වැල් කිහිපයක් ගෙලට දැමූ වදුරු තඩ් යෙකි.....

හිගන මිනිසාගේ හිස මත සිට වදුරු තඩියා ජෝසූවාට ඌගේ දිගු දත් විලිස්සමින් විරිත් වූයේ ... ජෝසුවාගේ හිතේ කේන්තිය්ක් ඇති කරම්න්...

"මේකද තමුසේගේ පුතා....හ්....හ්...හා...අන්න අරෙහෙට පලයන් මිනිහෝ....මං ගාව සල්ලි නෑ ඔය වදුරු තඩියන්ට කන්න දෙන්න........"

එසේ කියම්න් ජෝසූවා වීදුරුව වසා ගත්තේ...මෙවැනි හිගනන්ගෙන් බේරී යාම පසු කාරනයක් නොවන බව අත්දෑකීමෙන් දත් නිසා......

මාර්ග සංඤා නැවතත් රථවාහ වාලට ගමන් කිරිමේ විදානය නිකුත් කල නිසා ජෝසුවා මෝටර් රථය පන ගන්වාගෙන ඉදිරියට යන්න හදද්දිම නොහිතපු විදිහට හිගන්නා ගේ හිස මත සිටි වදුරු තඩියා මෝටර් රථය ඉදිරියට පනින්නට විය......

ජෝසුවා කලබල වූ නිසා මෝටර් රථයේ පාලනය ඔහුගෙන් ගිලිහි ගොස් වදුරු තඩියා යට කරම්න් ඉදිරියට ඇදිණි....

"අයියෝ.....අර ජරා සතා යට උනා....නේද....අද නම් මහ කාලකණ්ණි දවසක්......."

ජෝසුවා මාර්ගයෙන් පස කට කර මෝටර් රථය නවතා දමා....හිගන්නා අසලට දිව ගියා......

"අයියෝ.....මගේ....දරුවා........මං....කොහොමද මගේ....දරුවා.. .නැතුව ඉන්නේ......ශාප....වෙනවා......ශාප වෙනවා මගේ දරුවා මරා ගත්තට ......."

හිගන්නා වදුරාගේ සිරුරෙන්....බේරි ගලායන උනුසුම් රුධිර අත්වල තවරා ගනිම්න් ශාප තිය තිය ලතෝනි දෙන්නට විය......

"මට සමාවෙන්න ....ඔහේගේ....වදුරු තඩියා නේ මගේ කාර් එක ඉස්සරහට පැන්නේ නැත්තම් මෙහෙම වෙන්නේ නෑ නේ......"

ජෝසූවා හිගන්නා අසලට කිට්ටු වෙම්න් කියන්නට විය .....

" තෝ....මරාගත්තා මගේ...දරුවව .....තොට වදුරු තඩියෙක් උනාට ඒ මගේ....පුතා....අයියෝ.....මගේ...දරුවා........".

එසේ කියමින් හිගන්නා ජෝසුවා ගේ කොලරයේ එල්ලි විලාප නගන්නට විය...

"අත ඇරපන්මාව....කාලකණ්ණි යා.....වදුරු තඩියෙක් මැරුනට ඔච්චර විලාප තියන්නේ තොට පිස්සු ද කොහෙද......"

ජෝසුවා හිගන්නව පසෙකට තල්ලු කරම්න් එතනින් ඉවත්ව එන්නට විය....

"මං ශාප කරනවා....උබට....මගේ....පුතාගේ...ආත්මයෙන්.....ගැලවිල්ලක්.....නෑ.........."

දින සති ගෙවෙමින් ජෝසුවාගේ දිවිය ගෙවෙන්නට විය ......

"ජෝ.....මං සුභ ආරංචිය යක් කියන්නම් ....හැබැයි මට මොනවා හරි ඕනෑ......"

යං හෙන් ජෝසුවා වාගේ කර බදවටා තම දෙඅත් යවමින් පවසන්නට වූවා ....

"කියන්න කෝ බලන්න ....සුභ ආරංචිය .....ඊට පස්සේ බැරියැයි ඔයා ඉල්ලන දෙයක් අරන් දෙන්න.......".

"ජෝසූ අපි .....දෙමව්පියෝ වෙන්න යනවා ......"

ජෝසුවා සතුට්න් ඉපිලයන්ට වුයේ විවාහයෙන් වසර අටකට පසුව තමන් බලාපොරොත්තු වෙන් බලා සිටි ඒ දිනය උදාවෙලා නිසා.......

'"ඔය ඇත්තමද යෙං......."

"ඔව් ජෝසූ....අද තමයි ඩොක්ටර් සෙන්තෝ හරියටම තහවුරු කරලා කිව්වේ........"

"ඔන්න යෙං දැං ඉතින් පරිස්සම් වෙන්න ඕනෑ........මොනවද දැන් යෙං ට මගෙන් ඕනෑ........"

"මට කෙසෙල් ඕනෑ....හරිම පිරියක් දැනෙනවා කෙසෙල් කන්න......."

"හ්ම්ම් යන්කෝ අපි එහෙනම්.......".

ජෝසුවා සුපිරි වෙලද සැලකට යෙං එක්ක ගොඩ වුනේ යෙන්ගේ ආශාව ඉටු කරන්න.......

එත් ජෝසු නොහිතපු දෙයක් එතන සිද්ද වුනා.....

යෙං කෙසෙල් දුටුව ගමන් අමුතු විදිහට හැසිරෙම්න්....කෙසෙල් ලෙලි ගසමින් තැන තැන ලෙලි විසිකරම්න්...කෑදරව කෙසෙල් කන්නට පටන් ගත්තේ වටපිට අය ගේද අවදානය තමා ගේ පැත්තට හරවා ගනිම්න්....

"යෙං මේ මොන පිස්සුවක්ද. . ....නවත්තන්න ඕක .....අපි යමු මෙතනින්....."

ජෝසුවා යෙං ගේ අතින් අදිම්න් එසෙ කියන්නට වූවා ......

නොහිතපු විදිහට යෙං විරිත්තම්න් ජෝසුවා ගේ අත වැරෙන් අත ඇරියේ තව තවත් කෙසෙල් බුදින්නට පටන් ගනිම්න්...

ජෝසුවා කොපිත වී යෙං ව බොහොම අමාරුවෙන් එතනින් එලියට ඇදන් ආවේ ....තමන්ට මිනිසුන් ඉදිරියේ සිදුවූ අවමානය දරාගත නොහැකිව.......

"අහ්....අව්...මොකද ජෝසූ මේ මාව ඇදන් යන්නේ ආව් ....මට රිදෙනවා....."

"ඇදන් යන්නේ මොකක්ද යෙං අර නටපු නාඩගම....හරියට කෙසෙල් ගෙඩියක් ඇහැකට නොදැක්ක වදුරෙක් වගේ......සුපර් මාර්කට් එකේ තිබ්බ ඔක්කොම කෙසෙල් ටික කාලා දැම්මේ....ලැජ්ජාවේ බෑ.....මට.."

යෙං තම දෑස් කුඩා කරමින් ජෝසුවා දෙස බැළුවේ තමා නොකල වරදකට ජෝසුවා දොස් නගන බව සිතමින්....

"ඔයාට පිස්සුද ජෝසූ මං එහෙම කරනවද....මට ඇතුලේ උනු මුකුත් මතක නෑ.....එත් මට විශ්වාසයි....මං එහෙම දෙයක් කලේ නෑ....කියලා....."

'"අනේ මේ ....යෙං ....එනවා යන්න .. තවත් මාව කේන්ති ගස්සන්නේ නැතුව ........"

ජෝසුවා යෙංවත් එක්කගෙන තම නිවස අසලින් මෝටර් යෙන් බසින කොට දැක්කේ වැරහැලි පොරවා ගත් මිනිසෙක් දොර කඩ ලග සිට තම නිවස දෙස බලා ඉන්නා අයුරැ ..

"ක්වුද.....තමුන්...."

ජෝසුවා ආගන්තුකයා අසලට කිට්ටු වෙම්න් ඇහුවා.....

"හ්....හ්....හා...මගේ පුතා....එනවා....මට දැනෙනවා....මගේ දරුවා එන්න යන්නේ.....උබලගේ විනාශේ අරන්....හ්....හ්...හා....."

වැරහැලි පෙරෙන ආගන්තුකයා කහට බැදුණු දත් විලිස්සමින් ජෝසුවා දෙස හැරි දොඩවන්නට විය......

ඒ මුහුණ ජෝසුවාට හුරු ගතියක් දැනුනත්....කවදා කොහේදි දුටුවාද යන්නට නම් ජෝසුවා ට හරි හැටි නිනව්වක් නොවීය.....

"පලයං මිනිහෝ යන්න......එනවා මෙතන බොරු කියාගෙන ගෙවල් වලට රිංගලා හොරකම් කරන්න....."

ජොසුවා හිගන මිනිසාව අකාරුනික ලෙස එලවා දැම්මා....

"මට මේ මිනිහාව කොහෙදි හරි දැකලා පුරුදුයි....එත්....කොහෙදිද???"

ජෝසුවා කෝපි කොප්පයක් හිස් කරන ගමන් කල්පනා කලා.....

"ජෝ....අනේ....ජෝ.....අපේ....කාමරේ.....වදුරෙක්....අනේ...මට...බයයි....."

යෙං කෑගසම්න් ජෝසුවා සිට් තැනට ආවේ...බියෙන් වෙව්ලමින්....

"කාමරේ වදුරෙක්....එහෙම වෙන්නේ කොහොමද යෙං .......ජනෙල් දොරවල් වහලා දාලා තියෙද්දි.....??"

"ඔයා ගිහින් බලන්න කෝ........"

ජොසුවා කාමරයට ඇතුල් වුනත් එහි කිසිවෙක් නොවීය...සැම ජනේලයක්ම වසා තිබූ අයුරින් තිබූ අතර....වදුරෙකුට තියා මැස්සෙකුට වත් එයින් ඇතුල් විය නොහැකි ලෙසයි ....

"කෝ යෙං මොන වදුරෙක් ද......"

"අනේ මේ කාන්නාඩ් යෙන් මං දැක්කා වදුරෙක් විරිත්තනවා........"

"හ්ම්ම්ම්.....එත් දැන් මේ කා මරේ මොකෙක් වත් නෑ......ඔයා ටිකක් විවේක ගන්න යෙං......."

මෙලෙස දින සති ගෙවෙන්න වූ අතර යෙං ගේ කුසද මෝරා වැඩෙන්නට විය...යං ගේ එකම ආහාරය කෙසෙල් වල පමණක් සීමා වුනේ...ජොසුවා ව පුදුමයට පත් කරම්න්......

ඒ වගේම සෑම රාත්‍රී යකම යෙං වදුරෙකු තම කුසට රිංගා ගත් බව කියම්න් හිනෙන් බය වී කෑ ගසන්නට වුයේ ජොසුවා ගේ හිත තවතවත් කඩා වට්ට ම්න්....

මහා වැහි වට්ටම්න් කාල ගුණය එදින පෙරලි කරන්නට වුයේ ...කුණාටුවක ලක්ෂන පහල කරම්න්....

"අහ්....ජෝසු....මට අමාරැ ......අහ්....ආ....."

ජෝසුවා ගැස්සි ඇහැරුනේ යෙං ගේ ව්ලාප හඩින්....යෙං තම කුස අල්ලාගෙන විලි රුදාවෙන් කෑමොර තබන්නට විය....

"පොඩක් ඉවසන්න යෙං.....අපි දැන්නම ම හොස් පිට්ල් යමු....."

ජෝසුවා යෙංව තම අත් අතරට ගනිම්න් මෝටර් රථය යට දිව්වේ....වැස්සෙන් වැටෙන මොර කැට වැනි වැහි බිංදුද නොතකමිනි.....

"අහ්.....මට....බෑ .....ජෝසූ ...
.."

යෙං ගේ විලි රුදාව එන්න එන්නම උත්සන්න වුයේ ජොසුවාව අසරන කරම්න්....

මොරන සූරන වැස්සත් එක්ක ඇති වූ මිහිදුම් තත්වය නිසා ජොසුවා මෝටර් රථය පැදවුයේද අපහසුවෙන්.....

මොටර්රථය යෙං හුවාන් වීදියට දමන විටම කවුදෝ පුද්ගලයෙක් ජොසුවා යන මාර්ගය හරහා පැන්නේ....ජොසුවා ගේ මග අහුරමින්....

"ඒ පාර මොන යකෙක්ද......මේ...."

ජෝසුවා කෙතරම් මෝටරථ යේ හොනය හඩවා ආගන්තුකයා යාට ඉවත් වෙන ලෙස ඇගෙව්වත් ඔහු බිදක් වත් එහෙමෙහෙ නොවීය.....

"අහ් ....ජෝසූ......ආ....'

යං ගේ ව්ලිරුදා වෙන් තියන විලාපයද එන්න එන්නම වැඩි විය....

ජෝසුවා මෝටරථ යෙන් බැස ඉදිරියට ගියේ ආගන්තුකයා ව එලවා ගැනීමටයි....

"මගේ පුතා එන්න යන්නේ....මගේ....පුතා....එනවා....තොපෙන් පලි ගන්නවා....."

ජොසුවා දුටුවේ වෙනදාට ඔහු ගේ ගේ දොරකඩ ලගින් ඉදන් ඉන්න හිගන මිනිසා....වියරු වෙන් කෑ ගසම්න් .....මෝටර් රථය ඉදිරියේ ඉන්න ආකාරයයි.....

"එහාට පලයන් මිනිහෝ.."

"මම යන්නේ....නෑ....හ්....හ්...හා...මං යන්නේ මගේ දරුවව අරන්........"

"මොන දරුවෙක්ද..මිනිහෝ.....මට මගේ ගෑනිව අරන් ඉස්පිරිතාලෙ ට යන්න ඉඩ දියන්......"

"හ්....හ්...හා...උබට අමතකයි එහෙනම්....මතක්...කර පන්....එදා ..මගේ...පුතාව ....උබ උබේ...වාහනේට යට කරලා මැරුවා....මෙන්න මෙතන දීම...මතකයිද??????....මතකයිද ...??"

හිගන්නා ජෝසුවා ගේ කොලරයේ එල්ලෙම්න් එසේ ඇසුවා.....

මීට අවුරැදු තුනකට ඈත අතීතයට ජෝසුවාගේ මතකය දිව ගිය අතර .....හිගන්නාගේ මුහුණ සිහිවිය......

"අර...වදුරු ....තඩියා .......ඌ....මැරුනා......මට ....යන්න....දීපං....මගේ...ගැනියි...ලමයයි....මරාගන්නේ නැතුව.....".

"හ්....හ්...හා.....බලපං....උබගේ....ගෑනී....මගේ....දරුවාව.....ගනත්......අර....අර ...බලපං......."

"ජෝසු...
...."

යෙං ගේ මහා විලාපය යංහුන් විදිය පුරා පැතිරුනේ වැස්සේ හඩද පරයම්න්....

ජෝසුවා හිගන්නාව පසෙකට තල්ලු කර මොටර්රථය දෙසට දිව ගිය අතර......දුටු දෙයින්‍ යෙන් හට උන් හිටි තැන් අමතක විය......

යං ගේ ගෙල කුඩා වදුරෙකු හිල් කර ලේ බොම්න් සිටි අතර ......යෙන් ගේ දෑස් මතින් උනු කදුළු ගලා යම්න් තිබින....
.

"යෙං......................"

ජෝසුවා ගේ කෑගැසිමෙන් කලබල වූ වදුරු පැටියා ජෝසුවා දෙස බලා විරිත්තු උනුහුම් රුධිරය වැක්කෙරෙන උල් දත් පෙන්නම්න්....

'"පල....පල...අහකට....මගේ .....යෙං......මගේ දරුවා...."
.
"ජෝ.....ජෝ.....මේ....මේ ...අපේ....දරුවා...."

යෙං අවසන් හුස්ම අදිම්න්....වදුරු පැටියා දෙසට අතක් දිගු කරම්න් එසේ කියන්නට විය.....

"නැ.....නෑ....මූ...අපේ දරුවා....නෙවෙයි ....මූ....යක්ෂයෙක්..........මූ......වදුරෙක්............"

ජෝසුවා ලතෝනී තබන්නට විය....විරිත්තම්න්....සිටි වදුරා .....ජෝසුවා වාගේ....ගෙලට....පැන....ඌගේ උල් දත් වලින් උගුරු දන්ඩ සපා කෑවේ ....කුරිරු යක්ෂ ආත්මයක වේෂයෙන්..........

"දැන් ඇති මගේ පුතා.....අපි....යමු....".

හිගන්නා....ජෝසුවා ගේ ගෙල මත සිට් වදුරු තඩ් යාව සුරතට ගනිම්න්....යං හුන් වීදියේ අදුර තුලින් නොපෙනී ගියේ....අභිරහස් ලෙස මිය ගිය මල සිරුරු දෙකක් යෙං හුන් වීදියේ තනි කරම්න්...

නිම්...


No comments:

Powered by Blogger.