ගොපලු කන්දේ විලාපය




















පිනි වැසි ඇද හැලෙන සීතල උදයේ සිසිලස ඉවසා දරාගෙන මම නාන කාමරය වෙත පියනැගුවේ උදෑසනින්ම දිය නෑමටයි.නාන මලේ සිරවී සිටින දිය බිඳු මා සිප ගැනීමට උවමනාවෙන් බලා සිටියි.රතු පැහැති කරාමයට දිව ගිය මගේ දෑත් ජල බිඳු වලට නිදහස ලබා දුනි.එවිට නාන මලේ සිදුරු ඔස්සේ එලියට පැන ආ දිය බින්දු මගේ නිරුවත් උරතලයේ දැවටුනි.සියුම් ඉඳිකටු තුඩු වලින් අනින්නා සේ දැනුණත් ඒ හැඟීම මම දෙනෙත් පියා විඳගත්තෙමි

"විනූ ඔයා වොශ් රූම් එකේද?මන් තේ ගෙනාවා.ඉක්මන්ට රෙඩි වෙන්න හොඳේ"

ඒ ඇසෙන්නේ අම්මාගේ කටහඬයි.විනෝද චාරිකාව යෑම මටත් වඩා ඇය උනන්දුවක් දක්වයි

"ඕකේ අම්මි"

මම හඬ නගා එසේ කෑගසා සබන් බුබුලු සමඟ මදක් සෙල්ලම් කලෙමි

"අද නම් නියමයි හොඳට විනෝද වෙන්න පුලුවන් යෙහේ අරුන් සෙට් එකත් මග එනව ඇති"

මම එසේ සිතමින් විනාඩි හතලිස් පහකට ආසන්න කාලයක් දිය නා දනහිස තෙක් වැසුණු සායකින් හා මා සතුව තිබූ ලා නිල් පැහැ බ්ලව්සයකින් සැරසුණෙමි.හිස කේ වියලනයකින් වේලා ගත් මගේ කොණ්ඩය කොටසක් උඩු අතට පීරා සමනලයෙකුගේ හැඩය ගත් අලන්කාර කොණ්ඩ කටුවක් හිස් මුදුනේ දවටා ඉතිරිය නිදසේ දමාගත්තෙමි..කැඩපත ඉදිරියේ හැඩ බැලූ මම සුවඳ විලවුන් තවරා නිවෙමින් පවතින කිරි පානය උගුරට දෙකට බී පෙරදා රාත්රියේ සූදානම් කරගත් ඇඳුම් බෑගයද අතට ගත්තෙමි

"මන් යනව පැටියො මන් එනකන් ඉන්න හොඳේ උම්ම්ම්ම්මාහ්"

එලෙසින් මා සතු වූ ටෙඩියාව තුරුලු කරගෙන මදවේලාවක් හිඳ ඉන්පසු පසෙකින් තබා කාමරය අගුලු දැමුවෙමි

"විනූ ඔයා ලේට් පුතේ මෙන්න යාලුවො ඇවිත් ඔයාගෙ"

"අයියෝ මන් ලේට් නෑ මේ එනවා"

-මම එසේ කියමින් පහලට බසින විට මිතුරන් මා වටකර ගත්හ

"වාව් අද විනූෂා ගෙ ලස්සන.යමන් යමන් ලේට් වෙනව"

කවීෂා එසේ පැවසුවේ මගේ අතේ වූ බෑගය ඇගේ සුරතට ගනිමිනි

"ආන්ටි ගිහින් වෑන් එකට නගින්න අපි බෑග්ස් ටික ගන්නම්"

"දෙනුවන් කැමරාවක් ගෙනාවද ඔයා?"

"ඒව රෙඩී එහෙනම් අපි යමු නේද විනූ"

දෙනුවන් සිනාසෙමින් මා දෙස බැලුවේය.ඉන්පසු සියල්ලෝම වෑන් රථයට ගොඩ වී ගමන පිටත් වීමට සූදානම් උනෝය

මගේ තාත්තාගේ වියෝවෙන් දෑවුරුදුද්දකට පසු මෙවැනි විනෝද චාරිකාවක් යෑමට මම මිතුරන් හා කතිකා කරගත්තේ මගේ අම්මාගේ මානසික සුවය පදනම් කරගෙනය.කොලඹ පරිසරය මා හටත් එපා වී තිබුණි.සුන්දර පරිසරයක නැවුම් ආස්වාදය විඳ ගැනීම මාගේ අරමුණ විය.මේ සඳහා මගේ මිතුරන් හතර දෙනෙක්

මගේ තාත්තාගේ වියෝවෙන් දෑවුරුදුද්දකට පසු මෙවැනි විනෝද චාරිකාවක් යෑමට මම මිතුරන් හා කතිකා කරගත්තේ මගේ අම්මාගේ මානසික සුවය පදනම් කරගෙනය.කොලඹ පරිසරය මා හටත් එපා වී තිබුණි.සුන්දර පරිසරයක නැවුම් ආස්වාදය විඳ ගැනීම මාගේ අරමුණ විය.මේ සඳහා මගේ මිතුරන් හතර දෙනෙක් එක්කාසු විය

දුලාන්,දෙනුවන් කවීෂා සහ මාධවී ඔවුන්ගේ නම්ය. වෑන් රථයේ හිමි කරු දෙනුවන් ගේ පියා අපගේ රියදුරු මහතාද විය කණ්ඩායමේ නායිකාව නැතහොත් නියමුවා වූයේ මමයි..මාධවී ගෙන් ගීත ඇසීමටද, දුලාන් ගේ නිමාවක් නොමැති රස කතා ඇසීමට මම උනන්දුවෙන් බලා සිටිමි.මගේ අම්මාද මොවුන් නිසා සතුටු වනු නොඅනුමානය..

"විනූ හෝටන්තැන්නට ගියාම ලස්සන කඳු පන්ති පේනව ගොඩාක් ආස හිතෙයි ඔයාට නම්?"

වෑන් රථයේ කව්ලුවෙන් අනන්තයේ පැටලී සිටි මගේ නිහඬ බව බිඳ දැමුවේ දුලාන් විසින්ය

"ආ එහෙමද?දුලාන් ඔයා මීට කලින් ගිහින් තියේද?"

"අපෝ ඔව්.එතනට පේන උසම කන්දෙන් රෑට රෑට කව්දෝ කෑගහන හඬ ඇහෙනවලු.ඒ කැලේට ගිය කෙනෙක් ආයෙ පණ පිටින් නම් ඇවිත් නෑ බන්.ඒ විතරක්ද බස්තමක් අතින් ගත්තු සුදු පාට උස මනුස්සයෙකුගෙ චායාක්වක් පේනවලු"

දුලාන් ගේ කතාවට මගේ ලොමු දැහැගත්තේය.ඒ මොහොතේ අම්මා නින්දට ගොස් තිබුණි ඔහුගේ කතාවට බියපත් වු මම උස් හඬින් ඔහුව ඇමතුවෙමි

"යකෝ මුලු ඇඟම හීතල වෙලා ගියා.මොනාද බන් කියවන්නෙ?වෙලාවට අම්ම නිදි"

මා එසේ කී විගස අනිත් සියල්ලෝම ශබ්ද නගා සිනා සුනහ..

එදින සවස් වරුව උදා වන තුරුම විසිතුරු නිස්කලන්ක පරිසරයකට උරුමකම් කියන නුවර එලියේ සුන්දරත්වයෙන් හෙබි ස්තාන රැසක ආස්වාදය විඳ ගත්තෙමු.නිවසේ සිටියදී දුක සේ කල් ගෙවූ මගේ අම්මාද මේ චාරිකාව නිසා බොහෝ සේ සතුටු උනාය.අලන්කාර පුෂ්පයෝ මා සිත වසඟයට ගත් නමුත් රාත්රිය ගත කිරිමට ස්ථානයක් සෙවීමට අපට පිටත් වී යාමට සිදු විය

"ලමායි ඉක්මනට වෑන් එකට නගින්න දැන් අපි යන්න ඕන"

දෙනුවන්ගේ පියා එසේ කෑගැසූ නමුත් අප නෙත් සිත් යා වී තිබුණේ කුඩා කඩ පිලක් දෙසටයි.ඒ දෙසින් නැගෙන තම්බන ලද බඩ ඉරිඟු සුවඳට කෙතරම් කුස පිරී තිබූ නමුත් කුසගිනි ඇතිවනු නොඅනුමානය.මා ඒ දෙසට දුවද්දී මිතුරන් මා ලුහුබැන්දහ.

"ආන්ටි මේ බඩ ඉරිඟු කීයද?"

"කරලක් රුපියල් 20යි පුතේ"

"අපිට ඉරිඟු කරල් 10ක් දෙන්න.මෙන්න සල්ලි"

මා එසේ පවසමින් ඇය වෙත රුපියල් සීයේ නෝට්ටු 2ක් දිගු කලෙමි.නොඉවසිල්ලෙන් බලා සිටි දුලාන් එක වරම හඬ නැගුවේය

"ඇන්ටි මේ අහල පහලින් අපිට රෑ ගත කරන්න නවතින්න තැනක් එහෙම නැද්ද?"

"චාරිකාවක් ආපු කට්ටියක් නේද ඔයාල?අර පැත්තට යන්න."

"අර පැත්තට කිව්වෙ?"

දෙනුවන් කුතුහලයෙන් මෙන් විමසුවේය

"ඔය ලමයින් ගෙ වැඩිහිටි කෙනෙකුට මෙහෙට එන්න කියමු බලන්න"

කඩ හිමි කාරිය එසේ පවසමින් අමුතු සිනාවක් පෑවාය.එවිට අපි ඇය වෙත කැඳවාගෙන ආවේ දෙනුවන්ගේ පියා වන කමල් මාමාය.ඔහු ඇගෙන් යායුතු මග අසා දැන ගත්තේය

"මහත්තයෝ මේ පාර දිගේම ගියාම දකුණු පැත්තෙ ලෑලි ගෙයක් තියෙනව.ඒ ගෙදරින් විස්තර අහ ගන්නකෝ.හැමෝම යන්නෙ එහෙට තමයි"

ඇය අත දිගු කරමින් එසේ පැවසුවාය

"ආ මේකත් අර ගන්න උවමනා වෙයි"

ඇය ලන්තෑරුමක් කමල් මාමා වෙත දිගු කලත් ඔහු එය ප්රතික්ශේප කලේය

"ඕනි නෑ අක්කේ ලමයි අතේ ටෝච් තියෙනවනෙ.බොහොම ස්තූතී කරපු උදව්වට.අපි ගිහින් එන්නම්"

"හොඳයි මහත්තයෝ සුබ ගමන් එහෙනම්"

ඇය එසේ පවසා නොපෙනී යන තුරුම අප හට අත වැනුවාය

: නිල් පැහැ සලු පැලඳ සිටි නබෝ කුමරියගේ නිල් සලු බැස යන හිරු ගේ ලා රක්ත වර්ණයෙන් හැඩ වැටුණි.එපමණක් නොවේ හිරු වටා සිටි ආරක්ෂකයන් බඳු සුදු වලා වැල් විනිවිද ගොස් සඳ රැජිණිය ගේ සම්ප්රාප්තියට සූදානම් විය.හිරු කුමරු තම කාර්යයන් අවසන් කර නිසල සයුරේ ගිලී නිදන්නට සැරසෙන ඒ හෝරාවේ නිවී තිබුණු තරු මල් එකිනෙක පූදින්නට විය

වේගයෙන් ඉදිරියටම ඇදෙන වෑන් රථයේ කවුලුවෙන් ඒ දසුන් මම මගේ නෙතට හසු කරගත්තේ අපහසුතා මැදය

"ඒ බන් විනූ කෝ උඹල ගත්තු බඩ ඉරිඟු?"

සිතුවිලි දැහැන පලුදු කල මාඪවී ගේ ප්රශ්නය එය විය.

"ඇත්තමයි ගත්තට අපි කෑවෙ නෑනේ"

මම එසේ කියා මගේ බෑගය ඇර පරීක්ෂා කර බැලුවෙමි.නමුත් එහි ඇඳුම් කැඩුම් ඇරෙන්නට වෙන කිසිවක් නොවීය.බඩ ඉරිඟු කවරය අමතක වූවා විය හැකිය.මා එසේ ඔවුනට පවසා සිටියෙමි

"මට අමතක වෙලා වගේ බන් අපරාදෙ"

"ඒකත් එහෙමද? කොහොමත් ඒ ගෑනු කෙනා හෙන අමුතුයි දැක්කද?බඩ ඉරිඟු තම්බන්න දර වෙනුවට දාල තිබුනෙ මිනී ඇට වගයක්.අනික අපි ඈතටම යද්දි ඒ ගෑනු කෙනාගෙ ඇස් වල කලු ඉන්ගිරියාව සුදු පාටට හැරුණා"

දුලාන් එසේ කියමින් බියමුසු හැඟීම් මුහුණට ආරූඩ කරගෙන සියලු දෙනාවම බිය වද්දයි.ඒ මොහොතේම කවීෂා ඔහුගේ පිටට පහරක් එල්ල කලාය

"උඹ ආන්ටිවත් බය කරනව ප්ලීස් ඕක නවත්තපන් බන්"

කවීෂා එසේ කී නමුත් බඩඉරිඟු විකුනූ කාන්තාව ඉතා අමුතු ගුප්ත තැනැත්තියක් බවද මා හටත් තේරුම් ගියේය.එහෙත් මම කරබා ගෙන සිටියේ දුලාන්ගේ කතා මගේ කතා වලට වඩා රසවත් හෙයිනි

"අන්න පේනව ලෑලි ගේ.එතන නවත්තන්න තාත්ති"

දෙනුවන් එසේ කිව්වේ කූඩාරම් ගැසීමට ඇති උනන්දුව නිසාමය

"ඔයා උඩ පැන්නට වැඩක් නෑ දෙනූ දැන් රෑ වෙලා කූඩාරම් ගහන්න බෑ"

මාධවී සිනාසෙමින් එසේ පවසද්දී දෙනුවන් ඇය දෙස රවා බැලුවේය

"ඔන්න ලමයි දැන් හැමෝම ටෝච් අරන් බැහැ ගන්න.අපි අර පේන ගෙදරට යමු"

කමල් මාමාගේ කීමට අනුව අපි සියල්ලෝම වෑන් රතයෙන් බැස ගත්තෙමු.ඒ මොහොතේ දුලාන් අපහසුවෙන් මෙන් වෑන් රථයෙන් බසිනු මම දුටුවෙමි

"ඇයි බන් මොකක්ද අමාරුව?ඇයි ඇඹරෙන්නෙ?"

"මන් හිතන්නෙ මන් වතුර බිව්ව වැඩී වගේ අද දවසෙ"

ඔහුගේ කාරණාව වැටහුණු මගේ අම්මා එකවරම සිනාසුනාය

"අනේමන්ද පුතේ ඔයාල නම්,හ්ම් තව ටිකක් ඔහොම ඉවසල ඉන්න.දැන් ලඟයි"

නොබෙ වේලාවකින් අප සියලු දෙනා පා ගමනින් ලෑලි නිවස වෙත පැමිණියෙමු.ඒ නිවස වටා පැතිර පවත්නා විශාල කැලය ගණ අන්ධකාරයෙන් ගිලගෙන තිබුණි කර උස්සා රාක්ෂයෙකු මා ගිලගන්නට බලා සිටිනවා

නොබෝ වේලාවකින් අප සියලු දෙනා පා ගමනින් ලෑලි නිවස වෙත පැමිණියෙමු.ඒ නිවස වටා පැතිර පවත්නා විශාල කැලය ගණ අන්ධකාරයෙන් ගිලගෙන තිබුණි කර උස්සා රාක්ෂයෙකු මා ගිලගන්නට බලා සිටිනවා සේ රූස්ස ගසක් මගේ නෙතට හසු විය.ඒ අතරේ කමල් මාම ලෑලි දොරට තට්ටු කලේය

"ගෙදර කවුරුත් ඉන්නවද? අපිව ඇහෙනවද?"

එවිට ලෑලි දොර විවර කලේ වැහැරුණු සම ඇඟට ඇලුනු මිනිස් ඇට සැකිල්ලක් බඳු වියපත් කාන්තාවකි.ඇය අතේ ලන්තෑරුමක්ද තිබුණි.එපමණක් නොවේ කලු පැහැති පූසෙක්ද ඈ සතු විය.පෙනුමෙන් තරමක් භයන්කර වූ ඇය හිස ඔසවා මා දෙස බැලුවාය

"ඔහේලා අතරමන් වෙලාද නැත්තම් සන්චාරේ ආපු උන්දැලද?"


1 comment:

Powered by Blogger.