පෙරේතයා වහගත්ත වලව්ව
























ඉතින් ඔන්න ඒක්තරා ගමක මීට අව්රුදු ගානකට ඉස්සර සමාජයේ ඉහලින් වැජඹුණ පව්ලක් හිටියා.මුතුන් මිත්තන්ගේ කාලයේ සිට ඔව්නට වතුපිටි දේපල සහ කුල ගව්රවය ඉහලින්ම තිබුණා.
කාලයාගේ ඇවෑමෙන් පව්ලේ ප්‍රධානියා නොහොත් ගෟහමූළිකයා මියයාමත් සමග බිරිද සහ දරු දෙදෙනා පමනක් සුවිසල් දැවැන්ත වලව්වේ හුදෙකලාව වාසය කලා බාහිර සමාජය සමග ඒතරම් ඇසුරකින් තොරව.මව දියණිය සහ පුත්‍රයා කියන තිදෙනා පමණයි දැවැන්ත නිවසේ වාසය කලේ.
ඒක නිවසක් කිව්වට අතිවිෂාල නිවසක් පරණ තාලයට ඉදිකර තිබුණු.ගමේ රටේ ඉහලින් හිටිය වලව් පැලැන්තියේ මිනිස්සුනේ ඉතින්. ඉතින් මේ කියන වලව්වේ හිටපු ලොකු හාමු මියගිය පසුව නොදැනීම මොවුන්ගේ පෙරතිබු බලපුලුවන් කාරකම් නොදැනීම ටිකෙන් ටික හේදිල ගියා.ඔය අතරට මිලමුදල් අතිනුත් අගහික කම් ඇතිවෙන්නට පටන් ගත්තා.

වතුපිටි ආදිය තිබුන නමුත් ඒවා හරිහමන් විදියට පාලනය කරගෙන නිසිලෙස ආදායම් උපයා ගන්නට ඔව්න් අපොහොසත් වූ නිසා දැසි දස්සන් කම්කරුවන් පවා ඔව්න්ව අතහැර යාමත් සමග ඉඩකඩම් වතුපිටි වල්බිහිවී පාලුවී විනාසවී ගියේ නොදැනීමයි.
නමුත් ලොකු හාමු ජීවත්ව සිටින කාලයේදිනම් ඒ ඉඩකඩම් වතුපිටිවලින් ඉපයු ආදායම් අතිවිශාලයි.කෙසේවෙතත් ලොකුහාමුගේ බිරිදට හෝ දරුවන් දෙදෙනාට ඒ හැකියාව දක්ෂතාවය පිහිටා නොතිබු බැවින් නිසිසේ ඒවායෙහි ආදායම් ඉපයීම සහමුලින්ම නතරව අවසානයේ කොටසින් කොටස ඉඩම් විකුණ විකුණා කාබී අවසන ඉතිරිවුයේ ඉන්න හිටින්න තිබුණ දැවැන්ත සුවිසල් වලව්ව විතරයි.වසර ගනනක් ඉක්ම යද්දි සියලුම ඉඩකඩම් විකුණමින් කාබී හමාරකල ඔව්නට අන්තිමට අත්වුයේ අන්ත අසරණ තත්වයක්.කෙසේවුවද ඔව්න්තුල තිබූ කුලමානය නිසා ගමට රටට මේ කිසිවක් දැනගන්නට නොදී රහසක්සේ රැකගන්නට ඉමහත් වෙහෙසක් දැරුවේ කුමක් වුවද තමන්සතු නම්බු නාම ගව්රව ඔව්නට වටිනාම දෙයක්වු නිසාමයි.
ඉතින් ඔහොම කාලයා ගතව යද්දි මේ පව්ලේ සිටිය ඒකම පුතා ගමෙන් නික්ම නගරයේ රැකියාවකට පිටත්ව ගියේ කීයක්හරි හොයාගන තම මව සහ වැඩිමල් සහෝදරිය කුසගින්නේ විදිනා දුක බලා හිදින්නට බැරිකම නිසාමයි.
ඉතින් ඔහුගේ උත්සාහය නිසා නගරයේ කාර්යාලයක ලිපිකරු රැකියාවක් සොයාගන්නට හැකිවුනා.හැම සති අන්තයකම නිවසට පැමිනි ඔහු නගරයේ නවාතැනක නතරව සිටයි රැකියාවට ගියේ.
කෙසේහෝ ඔහු රැකියාවට යාමත් සමග වෙන මොනව නැතත් තිදෙනාම කුසගින්නේ නොසිට තුන්වේල කාල බීල හිටියා.
මේ ළෙස කාලය ගතව ගියා වසරක් පමණ ආසන්නව.ඔහු රැකියාව කල ආයතනයේ තරුණියන හා පෙමක් ගොඩනගාගත් ඔහු ටික දිනකින් විවාහවී ඇයගේ නිවසෙහිම පදින්චියට ගිය අතර මෙතෙක් කලක් සති අන්තයේ ගමට ගිය ඔහුගේ ගමනද නතරව ගියේ මවගේ සහ ඒකම අක්කාගේ අවාසනාවටම වගෙයි.කෙසේවුවද මාසෙ අන්තිමට පඩි ගත්පසු කිසියම් මුදලක් මව වෙත යැවිමට ඔහු අමතක කලේ නැහැ.ඒනමුත් පෙරතිබු කැපවීම සහ උනන්දුව ගිලිහීගිය ඔහු වැඩි අවදානයක් යොමුකලේ තම බිරිද වෙතටයි.ඒ හේතුවත් සමග ක්‍රමයෙන් තම මව සහ සොයුරිය ගැන සොයාබැලීම නොදැනීම ඔහුවෙතින් බැහැරවී ගියා.ගමේ යාමද අත්හැරී ගිය අතර ඔහුගේ මවද පුත්‍රයා කෙරෙහි දැක්වුයේ අමනාපයක්ම විය.ඒයට බලපෑ හේතුවද හිතුමතයට තම පව්ලට නොගැලපෙන විවාහයක් කර ගැනීමය.
මේ අතරතුර කෙතරම් ගමෙන් වසන් කරන්නට උත්සාහ කලද මියගිය ලොකුහාමු වලව්වට ආසාවෙන් මියගොස් පෙරේතයකුව පැමිණ වලව්වට අරක්ගෙන බැල්ම දාගෙන සිටිනබව ගමේ නොයෙක් තැන්වල කතා වන්නට පටන් ගැනුනි.
ගමේ තේකඩය සවස් යාමයේ කව්රුත් ඒක්රැස්ව ඔිබදූප කතාබස් කරන තැනක්විය.ගමේ කව්රුත්වාගේ ඒදිනෙදා බඩු ගන්නට යන විල්සන්ගේ තේ කඩයෙහි සිල්ලර බඩු ආදී හැමදේම තිබු බැවින් ගමේ කව්රුත් ඒවෙත යෑම සිරිතක්විය.
කාගේ හෝ ඔිපාදුපයක් රැගෙන විල්සන්ගේ කඩයට ගොඩවදින කන්කානම කලකට ඉහත ලොකුහාමු යටතේ වාල්කම්කල බැලයෙකු වූ අතර පසුව වලව්වේ හතුරෙකු වූවෙකි.
ඒදින සැන්දෑවේ කන්කානම විල්සන්ගේ කඩයට ගොඩවැදුනේ......'
" උඹ දන්නවැයි විල්සන්..... ආන්....' වලව්වෙ මහ ඒකා පෙරේතයා වෙල ඇවිත් වහගෙන.....'. උන්ගෙ පව්ලම සුන්වෙයි මෙදෑසැරේ.......""
කඩපිලේ බංකුව මත වාඩිවී සිටි අය මවි‍තව බලාසිටි අතර..... "" අර මොකෝ බන්..... මොකැයි වෙච්චි හදිය....''" කියා විල්සන් ඇසීය.
"" අනේ...''' හැබෑටම බොලා කොහෙද ඉන්නෙ...'' දන්නෙ නැතැයි..... හාමුවගේ දෝනියැන්දට පෙරේතයා වැහිල අන්න අද උදේ දිහාවේ කට්ටඩි උන්දැ යනවා පෙනුනා....'
කන්කානමේ පිලිතුරත් සමග විල්සන් කියන්නට වූයේ....... ""හපොයි දෙයියනේ කොහොමට හිටපු මිනිස්සුද.....'' ඉතින් හැබෑටම ලොකුහාමුගෙ පුතා ගමේ නැතැයි....''???
උපහාසයෙන් හිනැහුනු කන්කානම........' "" උෟ ගමෙන් ගියාට පස්සෙ ඔන් ඔය කොළඹ රටේ සක්කරවට්ටමක් ගරගහගෙන් ඒකිගේ ගුබ්බෑයමේම ලැගල කියන්නෙ......''' මන් හිතන්නෙ ඉන්පස්සෙ අම්මල පුතාල තරහවෙලා වගෙයි..'''
මේලෙස ගමේ හැමතැන වලව්වේ වතගොත කතාබස් වන්නටවූ අතර ඔව්න් මුහුන දී ඇති තත්වය දෙස සානුකම්පිතව බැලූ අය සීමිත පිරිසක්ම විය.
අතීතයේ වලව්වේ අගුපිලේ ලැග බැල මෙහෙවර කල ඉදුල් කා ජීවත්වූ සැවොම කෙලෙහි ගුණ නොදත් දුර්ජනයන් අමනයින්සේ වලව්වේ උදවියට ගර්හා කරමින් හිනැහෙමින් නින්දා කරන්නටවුයේ කාලයක් වලව්වේ බැලයන්ලෙස වැඩකර ජීවත්වු හැටිද අමතකවූවන් ලෙසින්ය. ගුණමකු කන්කානමද ඉන් ඒකෙකි.
වලව්වට බලපෑ ප්‍රේත දෝසය ඉවත්කර ගැනීමට මවත් දියණියත් බොහෝ වෙහෙස දැරීය නිවසේ තිබූ වටිනා බඩුබාන්ඩ ආදියද හොර රහසින් විකුනා දමා මුදල් සොයාගෙන නොයෙක් යකැදුරන් ගෙන්වා වත් පිළිවෙත් කලද අවාසනාවකට ඒවායෙන්ද පලක් නොවු අතර නිකරුනේ මුදල් නාස්තිවී ගියේය.
හිටිගමන් අමුනුස්ස ආත්මයක් වැහෙන දියනිය ලොකුහාමු යැයි කියමින් නොයෙක් දේ විකාරයෙන් කියවන්නටවූ අතර රහසක් සේ තබාගන්නට උත්සාහ දැරුවද ගමපුරා පැතිරයාම ඔව්නට ඉමහත් කනස්සල්ලක් විය.
ඔව්නට සිටි ඒකම ශක්තියවූ පුත්‍රයාද අසරණ මොහොතේ මගහැරයාම ඉවසුම් නොදෙන්නක්හ විය.
මේ අතර කිසියම් හතුරෙකු විසින් වලව්වට විනයක් හූනියමක් සිදුකර ඇතැයිද යන සැකයද ඔව්න්තුල ජනිත වන්නට හේතුවක්ද මේ අතරෙහි අහම්බෙන් සිදුවිය.
ඒක් දිනක මැදියම් රැයෙහි නිවස ඉදිරිපිට කඩුල්ල අසල කිසියම් අද්භුත රුවක් සැරිසරනු දුටු අතර පසුදා උදෑසන ඒම ස්ථානයේ තිබී දැකගත හැකිවුවේ ඇදහිය නොහැක්කකි.


No comments:

Powered by Blogger.