වාලුකා තොටුවේ යක්ෂ වියරුව























ක්‍රි.ව. 1973 පමණ කාල වකවානුව තුල සිදු වූවා යැයි පවසන මෙම සිදුවීම මාගේ මිතුරකු වන 'සෙනරත්' මහතා විසින් පවසන ලද්දකි.

කැලණි ගං තෙර ඉස්මත්තේ පිහිටි විශාල භූමි භාගයකට උරුමකම් කියන බණ්ඩාර මහතා එහි මහා පරිමාණයෙන් පවත් වා ගෙන ගිය පෞද්ගලික වැලි තොටුපළක හිමිකරුවා විය.

ඔහු ඉතාමත් ම ධනවත් පුද්ගලයෙකි . උසස් පෙලපතක(වලව් පැලැන්තියක) පුද්ගලයෙකු වූ ඔහු දරුවන්
තිදෙනෙකුගේ පියෙකි.

කම්කරුවන් 40ක් පමණ ඔහු යටතේ වැලි තොටුපළේ සේවය කල බව මා මිතුරා විසින් පැවසීය.

එම ගමේ වාසය කරන්නන් අතර කෲරම ,මිලේච්ඡතම පුද්ගලයා ලෙස කා අතරත් ඔහු නම් දැරීය.

ඔහු තම මිතුරන් සමග ගව වෙලදාම,වල්ලපට්ටා කැපීම,දඩයම වැනි දේද මහත් සේ සිදු කරන අයෙකි.

බණ්ඩාරගේ වැලි දැමීමට ගන්නා වැලි බෝට්ටු 09කි. ඉන් එකක සේවය කරන්නෙකු වූ "විමල්" ඉතාමත්ම කඩවසම් තරුනයෙකි.

ඔහු බණ්ඩාරගේ ලොකු දියනිය වූ "සුනෙත්‍රා"සමග දිගු කලක් තිස්සේ හාද කමක් රහසේ ගෙන ගියහ.

ටික කලක් මෙසේ ගෙන ගිය සම්බන්දය බණ්ඩාරගේ කනට වැටුනේ ඔහුගේ ඔත්තු සපයන්නෙකු ගෙනි.

"විමලයෝ........විමා.....ල්"

"ලොකු මහත්තයා..... මොකෝ මේ තකහනියක් ම තොටුපළේ වාඩියට ආවේ. ගිනි බටයත් අමෝර ගෙන..."

"මන් කරන කියන දේවල් උබට කිය කිය ඉන්න උබ ගමේ හාමු මහත්තයද බොල...."

"සමා අවසර... ඔබතුමා පැමිනි කාරනාව පැවසුවනම් ?..."

"උබ මගේ ලොකු දුව සුනේත්‍රා එක්ක තියෙන සම්බන්දේ මොකක්ද කියාපන් බලන්න.."

"මේ..ම්......මේ... මේකයි... ලොකු ම..හ...ත්....තයා ....."

"ඒකයි මේකයි නෙවෙයි බොල... මගෙ දුවත් එක්ක තියෙන සම්බන්දකම නතර කර ගනින්... නැත්තන් මං නරක මිනිහ කියන එපා...."

"මන් සුනේත්‍රාට මනාපයි.... අපි දෙන්නා..ආලෙ කරනවා...".

"මන් තොට සැරයක් කිව්වා බත් බැලයා...... තොපි වගේ උන්ට දුවලා දෙන්න.... අපි වංශක්කාරයෝ බොලව්....මං ඒකිව තීංදු කරල ඉවරයි පොඩි මුහන්දිරම් ගේ පුතාට."

පොඩි මුහන්දිරම් යනු බණ්ඩාරගේ පාපකර මිතුරෙක් වූ ධනවත් පුද්ගලයකි. කෲර කම් වලින් බණ්ඩාරට නොදෙවෙනි ඔහූ සුනේත්‍රාව තමා සතු කර ගැනීමට මාන බලමින් සිටියේ බොහෝ කලක පටන් ය.

"මන් ඉන්නකල් සුනෙත්‍රාව කාටවත් දෙන්නෑ..... ඒකි මගේ.... මහත්තයා මොන දේ කරත් මන් අත් අරින්නෑ...සුනෙත්‍රාව...".

"පාහර බත් බැලයා.... මං තෝව යහතින් තියන්නෑ ..... මගේ ඉදුල් කාල හැදිච්ච අවලමා... .. ඉදා තොට.......

"ආ....ආ......අම්මෝ.... එ....එපා....."

බණ්ඩාර එල්ල කල වෙඩි පහරින්.... විමල්ගේ සිරුර පසා කලේ ඔහුගේ අවසන් හුස්මත් වාතලයට එක් කරමිනි.

"ඒ... මෙහෙට වරෙව්...... මන් මූව කම්මතු කලා... තොපි එකෙක්වත් කට හෙල්ලුවොත් තොපෙත් අවසානෙ කියලා අමතක නොකර සිටු...."

"සරදියෝ... උබ මේ අවනඩුව භාර ගන්න ඕනි.... මං සලකන්නන් බොල. උබේ පවුලටත් අඩුවක් කරන්නෑ.... උබත් එක්ක තිබ්බ ආරවුලකට මූ එක්ක වාද වෙලා මූට ගිනි පිම්බ කියලා.. මහවුලු ගෙදර යන්න ඕනී.... මං බේරගන්නන් බෝව..."

ආදරය නිසා විමල් ජීවිතයෙන් වන්දි ගෙවීය.එය සිදු කල පාපිෂ්ටයා නිදැල්ලේය.

එම සිද්ධිය කීප දෙනෙක් දුටුවත් ඔවුන් කිසිවෙක්ට සත්‍ය නොපැවසුවේ ඔවුන්ටත් එයම සිදුවන නිසාවෙනි.
තවද ඔවුනද බණ්ඩාරට ලැදි වූ ඔහුගේ ගැත්තන් ද නිසාය.

ඒ පවට වන්දි ගෙවීමට සිදු උනේ අහිංසක පුද්ගලයකු උන දුප්පත් සේවකයෙක්‍ටය. ඔහුට නීතියේ වරද කරුවී ජීවිතාන්තය තෙක් සිර දඩුවම් උරුම විය.

එම සිද්දිය සිදු කර ඔවුන්ට යහතින් සිටිිමට හැකි වූයේ මාස 3ක් පමණ සුළු කලක් විය.

මෙ සිදුවීම සිදු වූනේ බණ්ඩාරගේ සේවකයන් දෙදෙනෙකුටය.

එක් දිනකදී සවස් වරුවේ වැලි කඩමින් සිටි ඔවුන් ඒ ඔවුන්ගේ ඉරනමේ අවසන් දිනය බවට කිසිසේත් ම නොසිතන්නට ඇත.

වේලාව රාත්‍රී 07ට පමණ විය.වැලි කඩා බෝට්ටුව පුරවාගත් ඔවුන් නැවතත් මෙගොඩ වෙත පැමිණෙමින් සිටී. නිසලව තිබූ ගං දිය එක් වරම කැලඹීමට පටන් ගත්තේ ඔවුන්ව මදක් කලබල කරමිනි.

"මෝ මොකක්ද මේ වෙන්න යන්නේ"...එකෙක් අනෙකාගෙන් විමසීය.

"අනේ මංදා .... මටත් හිතාගන්න බෑ .... ඕ...ඕන්න....ඕ...ං බෝට්ටුව පෙරලෙන්න වගේ යනවා.....".

එක් විටම විශාල විදිලියක් කොටා ගියේ බෝට්ටුවේ එක් කොනක සිටි පුද්ගලයකු මහත් කලබලයෙන් සිටි ඔවුන් දෙදෙනාටම දර්ශනය වෙමිනි.

ලේ වැගිරෙමින් සිටි ඔහු අනික් පස බලා සිටී.ඔහු කවුරුන් දැයි බැලීමට එක් අයෙක් බෝට්ටුවේ තිබූ ලන්තෑරුම ඒ දෙසට එල්ල කරහ.

එක් වරම ඒ රුව අතුරුදන් උනේ තිදෙනාවම භීතියෙන් මවිතයට පත් කරමිනි.

"ඒ.... ඒ... මොකාද...උබ ඒක දැක්කද?...."

"මටත් හිතාගන්න බෑ බන් කව්ද හිටියා ඒත් දැන් නෑ...."

ජලයේ තිබූ කැලඹීම වේගවත් උනේ ඔවුන් ගේ බිය දෙගුන ,තෙගුන කරමිනි.

එක්වරම ජලයේ විෂාල දිය සුලියක් සෑදුනේ ඔවුන් සිටි වැලි ⛵ බෝට්ටුවද ඒ මතට ඇද ගනිමිනි. දිය සුලිය වේගයෙන් භ්‍රමණය වෙයි. එහි වේගය එන්න එන්නම වැඩි වී යයි.

බෝට්ටුව එක් වරම දිය සුලියට ඇදී ගොස් ඒ මත වේගයෙන් කැරකෙයි.

භීතියෙන් සිටි ඔවුන් දෙදෙනා තව තවත් භිතියටම පත් කරමින් අවටින් ඇසුනේ වියරු,කෝපාන්විත සිනා හඩකි.

එම හඩ ඇසෙන්නේ කුමන දිශාවෙන් ද,කවුරුන් ,කෙසේ කරනවාද යන්න ඔවුන්ට සොයාගත නොහැකි ය. සෑම අතින්ම ඇසෙන එම හඩ පමණක් ය.

"හීහ්..... හිහ් ......හී.......හීහිහී........ හී............පලි ....ගන්නවා.........පලි ගන්න්වා.......කරපු දේට පලි ගන්නවා......"

එලෙස නැගුණු එම හඩත් සමගම බෝට්ටුවේ සිටි එක් අයෙක් ක්ලාන්ත වී මෙන් දියට ඇද වැටුනි.ඔහු බේරා ගැනීමට අනෙකා සැරසෙත් ම ඔහු ඉදිරියෙන් කෙටූ විදිලියත් සමගම ඔහු නෙත ගැටුනේ. මීට තෙ මසකට පෙර ඔවුන්ගේ හාම්පුතුන් විසින් ඔවුන්ගේ නෙත් ඉදිරියේ මරා දැමූ ඒ රුවයි.

"වි.....විම..ම...ල්......"

කුරිරු නෙත් ඔහු දෙසට අයා සිටියේ මියගිය විමල් ය. ඔහුගේ මිතුරාගේ අවසානයේ ඔහුට දිස් වූයේ ඔහුගේ දකුනු හස්තයේ ඇගිලි පමණකි.

"පලි ගන්නවා.......... මේ.... උබේ...... වා....රේ....... හා.....හ්....හා....හ්...හා....".

බෝට්ටුව ඔහුත් සමගම ගං පත්ලේ ගිලී ගියේ අවසානයේ ඔහුවද මරුවා හමුවට ගෙන යමිනි.



No comments:

Powered by Blogger.