අවසන් බත් කට




























"සිරියෝ... සිරියෝ.....කෝ මේ ගෑනී එලියට බැහැපං සිරියෝ.....බොලා නයට සල්ලි ඉල්ලන් එනකොටනම් බඩගාගෙන බිම පෙරලිලා එන්නේ..හැබැයි ආපහු ඒව දෙන වගක්නම් නෑ......"

ගමේ පොලී මුදලාලි උනු බැස්ටියන් උන්නෑහේ සිරියාවතිගේ ගෙ දොරකඩට ඇවිත් බෙරිහන් දෙන්න වුනේ මුලු ගම්ටම ඇහෙන්න වගේ.....

ගමේ උදවියටනම් මෙක ඒ හැටි අරුමයක් නොවුනේ සතියට දවස් තුන හතරක් හෝ වගේ බැස්ටියන් මුදලාලී
ගමේ ගේ දොර පිල්කඩට ඇවිත් මේ විදියට සද්දෙ දාන නිසා....

"මු...මුදලා..ලි..."

සිරියා වෙව්ලන හඩින් ගෙයින් එලියට ආවෙනම් තරමක් බියෙන් වගේ....

"හහ්..මං මුදලාලි තමයි යකෝ නැත්නම් මැදලෑලියැ..."

බැස්ටියන් උන්නැහේ සිරියගෙ ඇගට ගොඩවුනේ එහෙම...

"අනේ..මුදලාලී..."

"අනේ හුනේ නෙවෙ සිරියෝ...උබල මගෙන් ගත්ත සල්ලි දෙනවද නැත්නම් මේ ගේ මට දීල උබල තොලොන්චි වෙනවද...."

බැස්ටියන් මුදලාලි හිතේ කිසි තෙතක් නැතිව සිරියාවතිට කිවෙනම් මහ නපුරු විදියට...

"මෙ..මේ ගේ දීල අපි කොහෙ කියල යන්ටෙයි මුදලාලී...මුදලාලිගෙ සල්ලි දෙන්නම් විගහට කොල්ල හෙට අනිද්ද දොහක ගෙදර එයි...."

"අනේ මේ සිරියෝ මගෙ යකා අවුස්සගන්නැතිව හිටපං..උබ මාස තුනක් තිස්සෙ කියන්නෙ ඕකනේ..කෝ බොගේ කොල්ල ගෙදර ආවයි.....මං මේඋබට හොදින්කියන්නෙ උබට මේ දෙතුන් දොහ විතරයි කල් දෙන්නෙ සල්ලි දෙන්න බැරිනම් ගෙ මට දීල පලයං...මං දැන් යන්නම් හැබැයි මං ආපහු එන්නෙ මෙහෙම නෙවෙ..."

සිරියාවතීට හොදටම දෙහි කපමින් බැස්ටියන් මුදලාලි යන්න ගියේ කේන්තියෙන් පුපුර පුපුර...

"අනේ මයෙ පුතේ විගහට ගෙදර වරෙන් මයෙ පුතේ..."

සිරියාවතී පිල් කන්ඩියෙ ඇන තියාගත්තේ හිතින් හූල්ලමින්..ඒත් සිරියාවතීගේ ඇස්වලින් ගලන කදුලුනම් නවත්වන්න සිරියාවතිගෙ හිත සිරියාවතීට ඉඩ දුන්නෑ....

සිරියට ඉන්නෙ එක පුතයි ඒ සමන්...සමන් රක්ශාවකට කියල ගමෙන් ගිනුත් දැන් මාස තුනකට ලග වුනත් සමන්ගෙන් තොරතුරක්නම් සිරියට දැනගන්න ලැබුන්නෑ...ඒ නිසාම සිරිය හිටියෙනම් තරමක් වික්ශෝපයෙන්...

මහ උන්දෑ කිතුලක් මදින්ට ගින් ගහෙන් බිමට පතබෑවෙනකොට
සමන්ට යන්තම් අවුරුදු දහසය ලැබුව විතරයි...ගහෙන් වැටුන සමන්ගෙ තාත්තගෙ තුනටියෙන් පල්ලෙහා පන නැතිවෙලා ගියා...ඉගනීමට වැඩි කැමත්තක් නොදක්කපු සමන් ගමේ කුලී වැඩ කරල තමයි තාත්තට බෙහෙත් කරේ..බැරිම තැන තමයි සමන්ල ඉන්න ගෙදර බැස්ටියන් මුදලාලිට උකසට දීල සල්ලි අරන් සමන්ගෙ තාත්ත කොලබ ලොකු ස්පිරිතාලෙකට අරන් ආවෙ...ඒත් ඒ කිසිදේකින් පලක් නොවී සමන්ගේ තාත්ත සදහටම මේ ලොකෙන් යන්න ගියේ සමනුත් සිරියත් තනිකරල....

ඒ මීට අවුරුදු දෙකකට කලින්..හැමදාම ගමේ අතන මෙතන කුලි වැඩ කරකර ඉදල තේරුමක් නැති වග දැනගත් සමන් සිරියටත් කියල ගමෙන් පිටවුනේ බැස්ටියන් මුදලාලිගෙන් ගේ බේර ගන්න සල්ලි ටිකක් හොයන්න....

"මයෙ අම්මා......"

අතීතයේ අතරමං වෙලා උන්නු සිරියා පියවි සිහියට ආවෙ ඒ කට හඩින්...සිරියගෙ දෑස් අදහ ගන්නට බැරි වුනා...

"මයෙ පුතේ...මයෙ පුතේ උබ ආවයි මයෙ පුතේ....ඉහ්..ඉහ්..කොහෙද මයෙ පුතේ මෙච්චර දොහක් උබ ගිහින් උන්නෙ...ඉහ්...ඉහ්..."

සමන් වැලද ගනිමින් සිරිය කියන්නට වුනේ උතුරා යන මව් සෙනෙහසින් ය...සට සට ගාල සිරියගෙ ඇස්වලින් වැටෙන කදුලු වල උනුසුම සමන්ගෙ අත්වලට දැනෙන්නට වුනා...

"අනේ මයෙ අම්ම අඩන්න එපා..මයෙ අම්මා...මං ආවනේ මයෙ අම්ම බලන්න....මෙච්චර දොහක් මං ඇහැක් කමකට හිටියා නොවේ මයෙ අම්මා...මයෙ අම්ම පෙන්න නැතිව මයෙ අම්මගෙ උනුසුම නැතිව මං හිටියෙ මයෙ මේ පපුව පිච්චි පිච්චි මයෙ අම්මා...."

සිරිය තුරුලු කරගනිමින් සමන් කියන විට හැංගිලා තිබුනු සමන්ගෙ කදුලු එලියට පනින්න වුනේ ඉඩෝරයට අහුවෙලා වෙලිලා තිබුනු දුන්හින්ද ඇල්ල වැස්සට පස්සෙ කඩන් හැලෙනව වගේ....

අම්මගෙත් පුතාගෙත් අතර තියෙන බැදීම කොයිතරම්නම් අපුරුද...මෙ අකුරු කරන මටද මගේ අම්ම තරම් කෙනෙකු වෙන නැත..එය ඔබටද එසේම විය හැක...😓😓

"යමං මයෙ පුතේ ගෙට..."

සමන් අත තිබූ බෑගය අතට ගනිමින් සිරියාවති ඉස්සර විය...

ගෙතුලට ගොඩ වු සමන් ගේ හතරවටෙට ඇස් යොමන්න උනේ වෙදනාවෙන් වගේ...

"ඇයි මයෙ පුතේ...උබ බයවෙලා වගේ....."

සමන්ගෙ මුහුනේ ඉරියව් දුටු සිරියට එය තේරුම් ගිය හ..

"මක්කවත් නෑ මයෙ අම්ම...හුග දොහකින් ආපු නිසාදෝ කොහෙද මයෙ හිතට මහ මොකක්දෝ අමුත්තක් දැනෙනව මයෙ අම්මා...."

වැල් ඉහිරුනු පරන ඇදේ දිග ඇරෙමින් සමන් කිවෙ ඇස් පියාගන්න ගමන්...

"ගමන් මහන්සියට වෙන්න ඇති මයෙ පුතෙ ඉදින් මං තේ කහට එකක් වක්කරන්න කෙතලෙ ලිපට කරල එන්නන්..."

සිරිය කුස්සියට ඇදුනෙ වෙනද නැති සතුටකින් හිත පිරිල යද්දී....

සමන්ට නොදනිම නින්ද ගිහින්

"මයෙ පුතේ...මේ කහට කොප්පේ බීල හිටියනම්...."

සිරියගෙ කටහඩින් සමන් අවදි උනේ ගැස්සිලා වගේ...

"ඇයි මයෙ පුතේ උබට අසනිපයක්වද්ද....."

සමන්ගෙ වෙනසක් දැක්ක සිරිය ඇහුවෙ සමන්ගෙ ඔලුවට අතක් තියන ගමන්...

"න්...නෑ..මයෙ අම්ම එහෙම මුකුත් නෑ...කො දෙන්ට ඔය කහට කොප්පේ...."

සමන් සිරිය අත තිබු කහට කොප්පය ගත්තේ කලබලෙන් වගේ....

"බැස්ටියන් මුදලාලි අදත් ඇවිත් ගෝරනාඩු කරල ගියේ මයෙපුතේ...සල්ලි නොදුන්නොත් අපට මෙ ගෙයින් යන්න කිවෙ...හ්ම්ම්ම්..."

සිරිය ලොකු හුස්මක් ගත්තේ සමන් දිහා බලන ගමන්...

"අපහු මුදලාලිය ගෙදරට ඇවිත් කෑගහන එකක් නෑ මයෙ අම්මා...ගෙයි උගස බෙරගන්න මං සල්ලි අරන් ආවෙ මයෙ අම්මා...."

සමන් කිවෙ සිරියගෙ කහට එකෙ රස බලන ගමන්...

"ඔය ඇත්තෙයි මයෙ පුතේ.....එත් උබට කොහින්දෑ මයෙ පුතේ ඔච්චර ලොකු සල්ලියක් හම්බුනේ..."

ඇස් ලොකු කරගත්ත සිරිය සමන්ගෙන් ඇහුවෙ පුදුමයෙන්..

"මයෙ අම්මා ලක්ස දෙකක් අපිට ලොකු සල්ලියක් උනාට මයෙ අම්මා කොලබ රටේ මහත්තැන්ලට රුපියල් දහයක් වගේ....මයෙ අම්මා...මං ගමෙන් ගිහින් ටික දොහක් යනකම් එක එක තැන්වල වැඩ කරා මුට්ට කර ගැහුවා ලොකු කෑම කඩවල පිගං හේදුවා...ඔම ඉන්නකොට මට ලොකු මහතැන් කෙනෙක් හම්බුනා...ඒ මහත්තය මැනික් තමයි හාරන්නෙ...මගෙන් ඇහුව ඒ මහත්තයගෙ පතලෙ වැඩ කරන්න කැමතිද කියල...මං එක පයින් කැමති උනා මයෙ අම්මා...පහුගිය මාසතුනේම මං එතන හිටියෙ මයෙ අම්මා...ඒ මහත්තයට කියල දවස් තුනහතරකට නිවාඩි ඉල්ලන් ආවෙ මයෙඅම්මා මේ සල්ලි ටික මුදලාලිට දෙන්න...."

සමන් සියලු දේ සිරියට කියන්න වුනේ හුගක් සතුටින්..

"අනේ මයෙ පුතේ උබට තුනුරුවන්ගෙ සරනයි...."

සිරිය සමන්ගෙ හිස අතගෑවෙ චීත්තපොටින් කදුලු පිහිදන ගමන්...

"ඔය ඉතින් මයෙ අම්ම ආයිමත් අඩන්න තියාගත්තනෙ...මයෙ අම්මා මං දැන් ආවනෙ ආයි ඔය මුදලාලි මයෙ අම්මට කරදරකරන්න එන එකක් නෑ මං මෙ සල්ලි දුන්නම...."

සමන් කියන්න වුනේ සිරියගෙ පපුවට ඔලුව තියාගන්න ගමන්...

"ඉදින් මයෙ පුතේ උබට කන්න මං මක්කාවත් රත් කරන්නන්..."

"මයෙ අම්මා....මට කොච්චි දාල සැරට හදන කරවල බැදුමයි පොල් සම්බොලෙකුයි හදල දෙනවද...මයෙ අම්ම හදන ඒකට මං ආසයි මයෙ අම්මා...."

සමන් එහෙම කියද්දි සමන්ගෙ ඇස් ලාවට බොද වුනා...

"අනේ මයෙ පුතේ....ඉදින් මං විගහට හදන්නම්...."

මයෙ අම්මා මං මෙ සල්ලි දීලා වැවට පැනල නාගෙන එන්නම්...."

"අනෙ මයෙ පුතේ දැන් කරුවට වැටිල නොවෑ හෙට ඔක දෙන්ට බැරිය .අර ලිදෙන් නාගනින්කො..."

සිරිය කිව්වෙ නොරිස්සුම් බැල්මකින් සමන් දිහා බලන්...

"හරි හරි මයෙ අම්මා මට පුරුදු නැති තැන් නෙවෙනේ මං විගහට එන්නම්...."

සමන් එලියට බැස්සෙ පාසල් කරපු කුඩා බෑගයක් අතේ තියාගෙනයි...


"මෙ කොල්ල කොහෙ ගියයි...කැමත් ඇල් ගැහෙනව...පව් කොල්ල එදා ඉදන්ම මනාප නොවෑ කරවල බැදුමටයි පොල්සම්බොලෙටයි...."

පිල්කඩට වෙලා සිරිය කල්පනා කරන්න වුනේ සමන් එන පෙර මග බලාගෙන....

"මයෙ අම්මා මෙතන මක්කයි කරන්නේ"

පිල්කඩ උඩ ඉදගෙන හිටපු සිරිය දිහා බලන් සමන් ඇහුවෙ දුකෙන්

"උබ ආවද මයෙ පුතේ මං මෙ උබ එනකම් බලං හිටියෙ..කොහෙදෑ මෙච්චර වෙලා ගියේ උබ..."

"මං අප්පුච්ච ගෙ වල ලගට ගියා මයෙ අම්මා...එතන රාස්ස කැලෙ වෙලා...."

සමන් කිව්වෙ පිලෙ වාඩිවෙන ගමන්...

"කැලේ වෙන්නැතෑ බං මට ඇහැක් කමක් තිබුනනම් උන්දගෙවල ගාව සුද්ද කරනව..."

සිරිය කිව්වෙ ලොකු හුස්මක් අරන්

"බඩගිනි මයෙ අම්මා...."

සමන් කිව්වෙ සිරිය දිහා බලන්

"අනෙ ඉදින් මයෙ පුතේ මං විගහට බෙදල ගන්නම්..."

සිරිය ඉක්මනින් සමන්ට බත් පිගානක් බෙදල කොච්චි දාපු කරවල බැදුමෙන් බාගයක්ටත් වැඩියෙන් දාල පොල් සම්බලුත් එක්ක ගෙනත් දුන්න...

"ආ මයෙ පුතේ...."

"මයෙ අම්ම මට කවනවද...."

බත් එක දිග් කරන් ඉන්න සිරියගෙන් සමන් ඇහුවෙ අසරන විදියට....

සමන්ගෙ මෙ හැසිරිම සිරියගෙ හිතටත් අමුතු බයක් දැනුනත් සිරිය ඒ ගැන වැඩිය හිතන්න නොගියෙ ගොඩ දවසකින් සමන් ගෙදර ආපු නිසා වෙන්න ඇතිකියල...

"ඇයි මයෙ පුතේමට කවන්න කිවෙ..."

සිරිය බත් කට අනන ගමන් සමගෙන් ඇහුව...

"මට මයෙ අම්මගෙ අතින් කන්න හිතුන මයෙ අම්මා...ආපහු කවද කන්න ලැබෙයිද දන්නෑ මයෙ අම්මා..."

සමන් එහෙම කියද්දිනම් සිරියගෙ පපුව හොස් ගාල ගියා..

"ඇයි මයෙ පුතේ එහෙම කියන්නෙ උබ කොහෙ යන්ටෙයි..."

සිරිය ඇහුවෙ පුදුමයෙන්

"මයෙ අම්ම බයවුනයි...මං ආපහු ගියාම එන්නවෙන්නෙ කවදදදන්නෑනෙ මයෙ අම්ම ඒකයි කිවෙ...."

සිරියගෙ අතේ තිබුන බත් කට කටට දාගනිමින් සමන් කිවෙ හිනා වෙලා...

සිරිය අනල කවන බත් කටක් ගානේ සමන්ගෙ ඇස් වලට කදුලු ආව....

"ඇයි මයෙ පුතේ මේ අඩන්නේ...."

සිරිය ඇහුවෙ සමන්ගෙ ඇස්වලින් වැටෙන කදුලු දැක්ක නිසා...

"මං අඩන්නෑ මයෙ අම්මා...මේ කොච්චි වල සැරට ...."

සමන් කිව්වෙ අතින් කදුලු පිහිදාන ගමන් ......

"ක්‍රාආආආස්....."

වෙගෙන් පැමිනි මෝටර් රතයක් සිරියගෙ ගේ ඉස්සරහ නැවතුනෙ ඔය වෙලාවෙ...

"කවුරු හරි අව වගෙ මයෙ අම්ම...."

"කව්ද මෙ අවේලාවෙ මෙහෙට එන්නෙ ඇරත්ලොකු වාහනෙකින් ඉදින් මං බලල එන්න..."

සිරිය එලියට බැස්සෙ කලබලෙන් වගෙ....

"මේ සමං ලොකු බන්ඩාරගෙ ගෙදරද...."

මෝටර් රතයෙන් එලියට ආවෙ පොලිස් නිලදාරියෙක්...

"එ...එහෙමයි...ම..හත්තයෝ..."

සිරිය උත්තර දුන්නෙ බියෙන්

"හ්ම්..කලබල වෙන්න එපා අපි ආවෙ ස...."

"අනේ මහත්තයෝ මගෙ කොල්ල කාටවත් වැරද්දක් කරන එකෙක් නෙවෙ ..."

සිරිය හඩාවැටෙන්න්ට විය්...

"කලබල වෙන්න එපා අම්ම අපි තවම කියල ඉවරනෑනේ....සමන් කියන්නෙ පුතාද තමුන්ගෙ...."

පොලිස් නිලදාරියා සිරියට ලංවෙමින් ඇහුව..

"ඔව් මහත්තයො ඉහ්..."

"කලබල වෙන්නඑපා තමුන්ගෙ පුතා
අද දවල් නැති උනා....."

පොලිස් නිලදාරියා කියන විට සිරියට උන්හිටි තැන් අමතකව්ය.

"මහත්තය මක්කද කියන්නෙ මේ මයෙකොල්ල ගෙදර ඉන්නෙයස අපූරුවට ඌ අදව්දවල් ගෙදර ආවෙ බොරුනම් ගෙට ගොඩ වෙලා බලන්න...."

සිරිය කිව් හතර බීරිකතාවෙන් පොලිස් නිලදාරින් මදක් මවිතයට පත් වුනි...සිරිය කිව් නිසාම ඔවුන් ගෙට ගොඩ වුනේ ඔවුන්ට වැරදිද යන්න සිතමිනි....

"මෙ බලන්න මහත්තයෝ "

සිරිය ගෙට ගොඩ වු සැනින් සමන් හිද සිටී තැන පෙන්වුහ...
එහෙත් සමන් එතන නොවීය...එහෙත් සමන්ට කැවීමට තිබූ අන්තිම බත් කට පිගානේ එලෙසම තිබුන හ...

"මේක වෙන්න බෑ මහත්තයෝ මේ අතන්මයි මයෙ කොල්ලට මං කව කව හිටියෙ....කොල්ල කොහෙට හරි යන්න ඇති...මයෙ පුතේ මයෙ පුතේ උබ කොහාටෙයි ගියේ මෙහෙවරෙන් මයෙ පුතේ ඉහ් ඉහ් "

සිරිය විලාප තබමින් සමන් සොයන්නට වුනත් සමන් නොසිටියහ...

"මැරුන කෙනෙක් කොහොමද අම්ම එන්නෙ... අම්මට ඒත් විස්වාස නැත්නම් මෙ වාහනේ ඇතුලට ඇවිත් බලන්න ඉන්නෙ කව්ද කියල..."

පොලිස් නිලදාරියා කියත්ම සිරියා පිස්සියක් මෙන් දිව ගියේ ගිලන් රතය අසලටය...

"න්...නෑ...වෙන්න බෑ මයෙ කොල්ල නෑ.. මයෙ කොල්ල මැරුනෙ නෑ මට කියල බත් කවාගත්ත අනෙ රත්තරනේ ඉහ් ඉහ්...අනෙ ම..ම ගෙ ප් ප ..පු "

සිරියා සිහි නැති වී ඇද වැටුනහ....

සතියකට පසු....

"සමන් වැඩකරෙ මගෙපතලෙ හරි හිත හොද කොල්ල අවංකවම මට වැඩ කරා සමන්ගෙ එකම බලාපොරොත්තුව උනේ කොහොම හරි ගෙ උකස බෙර ගන්න සල්ලි හොයාගන්න...සමන් ඒ සල්ලි හෙව්ව මමත් පඩියට අමතරව වෙනම ගානක් දුන්න...මේ සිද්දිය වෙන දවසෙ හොදටම වැස්ස සමන් හිටියෙ පතල ඇතුලෙ එත් වැස්ස වැඩි කමට සමන් ඇතුලෙ ඉද්දිම පතල කඩන් වැටුනා...අපි අමාරුවෙන් සමන්ව ගොඩට ගත්තත් සමන්ව බෙර ගන්න බැරි උනා...මට තවමත් දෝංකාර දෙනව සමන් අන්තිමට කිව දේ...
"අනෙ මහත්තයො මට අම්ම බලන්න යන්න ඔන මෙ සල්ලි අම්මට දෙන්න ඕන"

මැනික් ව්‍යාපාරික
..........සෙනසිංහ..

"මටත් මෙක විස්වාස කරන්න බෑ මහත්තයො...ඔය කියන දවසෙ සමන් අපෙ ගෙදරට ඇවිත් මට සල්ලි දිල ගියා ගත්ත සල්ලි වලට වඩා වැඩියෙන් පනස්දාහකුත් තිබුනා...එත් වැඩේ කියන්නෙ සමන් මැරුන කියල ආරංචි උනාම මං නිකමට සල්ලි තිබ්බ තැන බැලුව ඒත් පුදුමෙ කියන්නෙ ඒ සල්ලි ටික එතන තිබුනෙ නෑ....මං කොච්චර හයි කාරයෙක් උනත් එදා මං බය වුන පාරට මං හරියාකාරව හුස්මක් ගත්තේ දවස් දෙකතුනකට පස්සෙ එකත් අපේ ගුරුන්නාන්සෙට පිංසිද්ද වෙන්න...

බැස්ටියන් මුදලාලි.....

ඒ මැනික් ව්‍යාපාරික හා බැස්ටියන් මුදලාලි පොලිසියට ලබා දුන්න කටඋත්තරයෙ සදහන් වෙලා තිබූ ආකාරයයි...
බැස්ටියන් මුදලාලිට ගෙවිමට තිබු මුදල් එදින මැනික් ව්‍යාපාරික පොලිසිය තුලදිම ගෙවන ලදී...පුදුමයට කරුනනම් එ මුදල්ද බහා තුබුනේ සමන් විසින් මුදලාලිට දුන් කුඩා බෑගයේම වීමයි....

මෙයතව දුරටත් අභිරහසක්ද නැද්දයන වග නිරික්සනය කිරිමට
මලගිය ආත්ම හා සම්බන්ද වන මනෝ වයිද්‍ය ..........මහතා මුන ගැසුනා මේ ඔහු දැක්කු අදහස්

"මැනික් ව්‍යාපරික පවසන පරිදි සමන්ගෙ අවසන් මොහොතේ එකම අරමුන වී තිබෙන්නෙ තමන්ගෙ මව බැලිමත් ඒ නය ගෙවිමත් යන කාරනා දෙක...ඉතින් ඕනෑම පුද්ගලයෙක් මිය යන විට තම මනසෙ තිබෙන දේ ඔහුගෙ ආත්මයෙන් ඉටුකරගන්න බලනව...ඉතින් මේ කාරනෙදි උනත් සිදු වී තිබෙන්නෙ එයයි...."

"එතකොට ඩොක්ටර් මිය් යන සෑම පුද්ගලයෙක්ටම මෙය අදාලද"

මගෙන් අතුරු ප්‍රස්නයක්

"කිසුසේත්ම නෑ....මෙහෙම වෙන්න තියෙන සම්භාව්ඉතාව 9% වගේ...
විසේසෙන්ම සියදිවිනසාගැනිමෙදි මෙය නැති තරම්...."

"එතකොට ඩොක්ටර් ඔය ආත්ම ඇවිත් පලිගන්නව කියන එවගෙ යම් සත්‍යතාවක් තියෙනවද..."

"නැහැ....මැරුන කෙනෙක් කිසි සෙත්ම ආපහු එන්න තියෙන සම්භාවිතව අඩුයි...කෙනෙක්ගෙ සරීරයට මැරුන කෙනෙක් අවයි කියන්නෙ ඒ කෙනාම බලෙන් ඒ මියගිය කෙනා තමන් ඇගට ආරෝපනය කරගන්නව කියන එක.."


No comments:

Powered by Blogger.