සුද්දීගේ ආත්මය සහ උක්කු බංඩා






















"ඕම්ම නැවතියන් මයෙ අම්ම ඔම්ම නැවතියං..ආන් හරි මයෙ හොද අම්ම...උබට මහන්සි නේ සුද්දියෝ ඉදිං මං උබට වතුර එකක් ගේනකම්...."

උක්කු බංඩා එහෙමත් නැත්නම් උක්කු බංඩා මාම...දෑ අවුරුද්දකට කලියෙන් තම බිරිද මියගියත් හරි කාත් කවුරුවත් නැතිව තනිපංගලමෙ ජීවත් වුන උක්කු බංඩ මාමගෙ එකම හිතවතා එකම නෑදෑය උනේ මේ සුද්දි...උක්කු බංඩ මාම සුද්දිව බලා ගත්තේ රැකගත්තේ හැදුවෙ වැඩුවෙ තමංගෙම දරුවෙක් වගේ...උක්කු බංඩ මාමට දරුමල්ලො නැති නිසාම උක්කු බංඩ මාමගේ සුද්දි කෙරෙ තිබුනු ආදරෙ තවත් වැඩි උනා....

"මේං බීපං මයෙ සුද්දියේ උබේ පිපාසෙ නිවෙනකම්....බීල අපි යමං නාගන්න"

වතුර පිරුනු භාජනේ සුද්දි ලගින් තියපු උක්කු බංඩා මාම කිව්වෙ සුද්දිගෙ ඔලුව ආදරයෙන් පිරිමදින ගමන්....

සුද්දි තෙවරක් හිස සොලවා උක්කු බංඩ මාම දිහා බැලුවෙ හා කියන්න වගේ...

තිරිසන් සතෙක් වුනත් කතාකරන්න බැරි වුනත් උක්කු බංඩා මාම කියන හැම දෙයක්ම වගේ සුද්දිට තේරුනේ
උක්කු බංඩ මාමගෙත් සුද්දිගෙත් තිබුන බැදීම නිසාම වෙන්න ඇති...

විඩාව නිවා අහවර වුනු උක්කු බංඩා මාම සුද්දිවත් කැටිව වැවට යන්න පිටත් වුනේ බිම් කරුවල වැටෙන්න කලියෙන් නැවත තමන්ගෙ පැලට ඒමේ අදහසින්....

"ඕං සුද්දියෝ උබේ හිතේ හැටියට නාපං මයෙ අම්මා...උබ කැමතී නොවෑ වතුරෙ නටන්න...."

උක්කු බංඩා මාම සුද්දිට කිවෙ බුලත් කහට බැදුනු දත් ටික සුද්දිට පෙන්නල හිනාවෙන ගමන්...

"ආ උක්කු බංඩා මාමා වැස්සි නාවනව වගේ...."

වැව්කන්ඩිය පැත්තෙන් ඇහුනු හඩට උක්කු බංඩා මාම ඔලුව උස්සල බැලුවෙ කවුද බලන්න...

බැලුව සැනින් උක්කු බංඩා මාම ආපහු ඔලුව හරවගත්තේ ඇවිත් හිටියෙ ගමෙ ඉන්න නසරානියො දෙන්නෙක් වෙන සෝමෙයි සිරිලයි නිසා....

"බලපංකො සිරිලා උක්කු බංඩ මාමගෙ තියෙන ගනන්...."

උක්කු බංඩ මාම දිහා බලන් සෝමෙ කිවෙ හිනාවෙන ගමන්...

"මේකනෙ සෝමේ උක්කු බංඩ මාමට ඔය වැස්සි තරම කවුරුත් ලොකු නෑනේ හහ්හාහා"

උක්කු බංඩ මාම දිහා බලං සිරිල් හිනා වෙනකොටනම් උක්කු බංඩ මාමට තරමක් කේන්ති ගියා...

"මේ සිරිලෝ සෝමේ උබලට මගෙ සුද්දිව නිකම්ම නිකම් වැස්සියෙක් උනාට මට මේක මගේ දරුවෙක් වගේ..උබල ඕන දෙයක් මට කියපල්ල මයෙ මෙ සුද්දිට මක්කවත් නොකිය..."

උක්කු බංඩා මාම කියන්න උනේ සෝමෙයි සිරිලුයි දිහා තරමක් කෙන්තියෙන් බලන ගමන්...

"හරි හරි උක්කු බංඩා මාමෙ කෙන්තිගන්න දෙයක්කිවෙ නෑනේ නැද්ද සෝමේ.."

"ඒකනේ බං"

සෝමෙත් සිරිලුත් උක්කු බංඩා මාම දිහා බලන් හිනාවෙන්න වුනා...

උක්කු බංඩ මාම හනි හනිකට සුදිදිව නාවල ඉවරකරන්න හැදුවෙ සොමෙත් සිරිලුත් කියනවචන බර වැඩි නිසාවෙන්ම ය...

"ක්‍ර්ර්ක්...තු..හ්...මරු රා ටික බං ආයෙ නෑ එලොව ගියා වගේ"

වැව්කන්ඩියෙ තිබුනු රූස්ස කුබුක් ගහ යට වාඩිවෙලා රා මුට්ටියක් සප්පායං වෙන සිරිල් සෝමෙට කීවේ ලුනු කැටයක් කටේ දාගනිමින්...

"මේකට කොමද කටගැස්මක් තිබුනන් ගෙරිමස් කෑල්ලක් වගෙනම් පංකාදු පහයි නේ බං...."

සොමෙ කිව්වෙ වැවේ නාන උක්කු බංඩ මාමගෙ සුද්දි දිහා බලන ගමන්..

"කියල වැඩක් නෑ බං එහෙමනං හැමදාම ලුනු කැටයක් කටේ උල උල රා බිල මටනම් ඇති වෙලා සොමේ අම්මප....."

තව රා පොල්කට්ටක රහ බලන ගමන් සිරිල් කිව්වෙ සූර් වෙන්න ඔන්න මෙන්න තියල..

"උක්කු බංඩා මාමා සුද්දිත් දැන් නාඹර ගැටිස්සෙනේ හහ්හ්හා...."

සෝමෙ එහෙම කිව්වෙ සුද්දිවත් අරන් වැවෙන් ගොඩවෙන උක්කු බංඩා මාම දිහා බලන්....

උක්කු බංඩා මාම ඇහුන් නෑ වගෙ එතනින් යන්න ගියේ නොරිස්සුන් ස්රූපෙන්...."

"උක්කු බංඩා මාම යනවද...ඔය වැස්සිව මස්කඩේ මුදලාලිට දුන්නනම් හොද ගානක් ගන්න පුලුවන්...කොහෙන් කැපුවත් කිලො එකට වැඩිය තියෙනව හහ්හ්හ්හා...."

බමන මතින් සෝමෙ කිව්ව දේටනම් උක්කු බංඩ මාමට නොසෑහෙන්න කේන්ති ගියා...

"මොකක්ද බොල තෝ ඒ කිව්ව නොසන්ඩාල කතාව....මයෙ සුද්දිව මස් කරන්න....මෙ දරුවෙක් වගෙ ඉන්න එකා....තොපි හිතුවද මාත් තොපි වගේ අසමජ්ජාතියෙක් කියල තොපිට තොපෙ ලමයි වගෙ තමයි බොලව් මට මයෙ සුද්දිව එකි මට දරුවෙක් බොල දරුවෙක්...කාලකන්නි හැත්ත තු..හ් නොදකින්.....මෙන්න මෙ වරෙන් සුද්දියෙ යන්න...තිරිසනා උබ නෙවෙ ආන්න අරුං වගෙ උන්......"

සෝමෙටත් සිරිල්ටත් හොදටම දෙහි කපපු උක්කු බංඩා මාම සුද්දිවත් අරං ගෙදර එන්න ආවෙ කෙන්තියෙන් පුපුර පුපුර කෙන්තියටත් වඩා උක්කු බංඩා මාමට තිබුනෙ සුද්දි ගැන විශාල බයක් හා දුකක්.....

"මට මීට වඩා උබව පරිස්සම් කරන්න වෙයි මයෙ සුද්දියෝ....මෙ මනුස්ස වේසෙන් ඉන්නෙ තිරිසන්නු සුද්දියෝ තිරිසන්නු....උබට මක්කවත් උනොත් මට ඉදල වැඩක් නෑ සුද්දියො....."

"උ.....ම්.....බෑ...හ්......"

සුද්දි උම්බෑ කිව්වෙ උක්කු බංඩ මාම කිව්ව හැම දෙයක්ම තේරුනා වගේ..උක්කු බංඩ මාමගෙ ඇස්වල විතරක් නෙවෙ සුද්දිගෙ ඇස්වලත් කදුලු...ඒක දැකපු උක්කු බංඩා මාම සුද්දිගෙ ඔලුව බදාගත්තේ තම් දියනියක් ආරක්සා කරන පියෙක් විලසිනි....තිරිසනෙකුට වුවද ආදරය ආරක්ශාව රැකවරනය ඇවසි බව පෙන්විමට උක්කු බංඩා මාමා කදිම උදාහරනයකි....

"සිර්..රි...ලො ඔය උක්...කු බංඩය...ගෙ රැස්පො...ට් එක බස්...සන්න ඕන දැ..දැ..ක්..කද උග්..ගෙ සයිස් එක න්.....නාකියා තු හ්...."

පදමට රා වලින් සප්පායම් උනු සොමෙ සිරිල්ට කිවෙ උක්කු බංඩා මාම ගැනතිබුන තරහත් එක්ක...

"ඕ..ඔ...උබ හ ර් රි සො..මේ...මෙ ගමේ අ..ප්.පිට ක..වු...රු...ත්...ඔ...ම්..ම..ක්..ක..තා ක්..කර්ල නෑනෙ ..බ්..බම්..න්...නෑනේ"

සිරිල්ද සොමෙගෙ යෝජනාව ස්තීරකරන්න වුනා...

"හහ්..සි..රි..ලො...උ..උබ..ආ..ස..යි කි..ව..ව නේහ් ගෙරි ම...ස් ක්...ක..න්න...ක්..කමු...අපි..ක්..කමු..."

සිරිල්ගෙ කරට අතක් දමමින් සොමෙ කියන්න වුනා...

"උ..උ..ම්..බ..හ..ද...න්...නේ...වැ..ස්සිව..උ .ස්...ස..න්..ද ස්..සොමේ...ඈ ..."

සිරිල් ඇහුවෙ සොමෙ දිහා පුදුමයෙන් වගෙ බලන්

"ඔ..ව්..අපි වැස්සිව දක්කමු මස් කඩේට අනික ස්..සිරි.ලො ම්..මේ ද්...දව...ස් වල අපි පුල් කෝඩෙනෙ..."


සෝමෙ සිරිල්ට කිව්වෙ තම මුවගට නැගුනු හිනාවක් සමගින්...

"සුද්දියෝ උබ කෑවද මයෙ අම්මා...මාත් අද උබ ලගින් ඇල වෙනව සුද්දියෝ...උබට මොකක් හරි නපුරක් වෙයිදෝ කියල මගෙ හිත වෙව්ලනව මයෙ සුද්දියෝ...."

උක්කු බංඩා මාම සුද්දි ගෙ ඔලුව අතගානගමන් කිව්වෙ වේදනාවෙන් වගේ..

සුද්දි ගැටගල තිබුනු මඩුවෙ කොනකකින් ඇන තියන් පෙට්ටි සුරුට්‍ටුවක රහ බලමින් උක්කු බංඩ මාම හිස් අහස බලාගෙන ඔහේ කල්පනා කරන්න වුනේ රහ බලන පෙට්ටි සුරුට්ටුවෙ දුම් හද එලියට දිලිහෙන පරිසරෙට යවන ගමන්....

"හ්ම් හ්ම් සුද්දියෙ මං එහෙනම් ඇල වෙනව උබත් නිදාගනින්කො උබෙ නින්ද ආවම....."

උක්කු බංඩ මාම එහෙම කියන් පැදුරු කෑල්ලෙ ඇලවෙන්න ගත්තේ මුවෙ රැදි සුරුට්ටුව මුව අගටම දැල්වී අවසන් කියල දැනුන විට...

උක්කු බංඩ මාම ආපහු වතාවක් සුද්දි දිහා බලල ලොකු හුස්මක් පිටකරල ඇස් පියාගත්තෙ සුව නින්දකට වගේ....
ඒත් උක්කු බංඩ මාමවත් සුද්දිවත් හීනෙන්වත් දැනන් ඉන්නෙ නැතිව ඇති මෙ රෑ උක්කු බංඩ මාගෙත් සුද්දිගෙත් අන්තිම රෑ කියල...


"එයි සිරිලා...දැන් තමයි වෙලාව...යමන්...."

උක්කු බංඩ මාමගෙ වත්තට මායිම්ව මෙතෙක් වෙලා හැංගිලා හිටපු සෝමේ සිරිල්ට කිවෙ වටපිට බලමින් හිමින් හිමින් අඩිය තියන ගමන්...

"හිමින් යමං සෝමෙ සද්ද කරන්න එපා නාකියට ඇහැරුනොත් දෙන්නම කපෝතී....."

"බය නොවි වරෙන් නාකියට කරන්න ඇහැක් අටමගලයක් නෑ...කොකටත් ඔය කිනිස්ස අතේ තියාගනින්....."

ඉනේ සගවාගෙන සිටී කිනිස්ස සිරිල්ට දෙන ගමන් සෝමෙ කිව්වෙ උක්කු බංඩමාමගෙ වත්තට අඩිය තියන ගමන්....

"ක්‍රාස් ක්‍රාස්...ක්‍රාස්..."

නින්දෙන්ම කහින උක්කුබංඩා මාමා දුටු සෝමේ තම මුවගට දබරගිල්ල තියා සිරිල්ට අතින් සංයා කලේ සැගවෙන ලෙසය....

උක්කු බංඩ මාමගෙන් කිසිම හැල හොල්මනක් නැති තැන සෝමේ හා සිරිල් හිමින් සීරුවේ සුද්දි වෙත ලං වුනි...

"හහ්...මහලොකු සුද්දි යමං එනම්..."

සුද්දි බැද වුන් ලනුව කපමින් සිරිල් කිව්වෙ වීරයෙක් ලෙසෙනි...

සිදුවුයෙ සෝමෙවත් සිරිල්වත් නොහිතපු දෙයකි....එක් වරම සුද්දි වේගෙන් හිස සොලවන්නට වුයෙන් සුද්දී කර බැදි සීනුව හඩනගන්නට වුනි...

"ස්...සිරිලා වැස්සිගෙ ගෙජ්ජිය කපපං ඉක්මනට අර නාකිය ඇහැරෙන්න කලින්...."

සෝමේ සිරිල්ට කියන්න වුනි...

"සු..සු..ද්...දී....මයෙ සුද්දියේ....."

උක්කුබංඩ මාමා කෑගසාගෙනම නැගුටින්නට වුයෙන් සොමෙත් සිරිලුත් තරමක් තැති ගත් හ..

"ස්...සෝමේ ඔක්කොම ඉවරයි උක්කු බංඩා නැගිට්ට නේද....."

"ඔව් ඔව් යකො දැන් කරන්න දෙයක් නෑ වැස්සිවත් ඇදන් යමං විගහට...."

සෝමේ බෙරිහන් දුන්නෙ සුද්දිව අදින ගමන්...

"ඇතෑරපියව් මයෙ සුද්දිව පව් කාරයො නැවතියල්ල...මයෙ සුද්දිව තියල පලයල්ලා...."

උක්කු බංඩා මාමා කෑගන්නට වුනි...
හිත් පිත් නැති සෝමෙත් සිරිලුත් උක්කු බංඩ මාමට කං දුන්නෙ නෑ.

"අසමජ්ජාති තිරිසන්නු තොපිට මං අද........."

උක්කු බංඩ මාම කෝපයෙන් සිරිල් හා සෝමෙ ලගට දිව ගියේ වක් පිහියකුත් අතේ තියාගෙන ය...

"අසමජ්ජාති බල්ලො තොපි මගෙන් මැරුන් කනවද මයෙ සුද්දිව අතාරිනවද....."

වක් පිහිය අමෝරා උක්කු බංඩා මාමා කෑගන්න වුනා......

ස්...ස්..සෝමේ එන පොට හොද නෑ බං...."

සිරිල් බිය විය...

"ඔය කිනිස්සෙන් කපපිය ඕකගෙ උගුරු දන්ඩ..."

සොමෙ කිව්වෙ සිරිල් දිහා බලමින් ය...

"ස්..ස්..සොමේ....."

සිරිල් සෝමේ දෙස බිය වී බලන් සිටුය හ..

"ඔව් යකෝ අපිට,මෙ ගමෙ ඉන්න ඔනම ඕකව ඉවරයක් කරපං..."

සෝමෙ යලි කොප විය...

"මගෙ දරුව ඇතෑරපල්ල තිරිසන්නු...."

උක්කු බංඩ මාම වක් පිහිය අමෝරා සෝමෙ දෙසට පනින්නට වුනි...

උක්කු බංඩා මාමට කලියෙන් ඉස්සර වුනු සිරිල් අතේ රැදි කිනිස්ස උක්කු බංඩ මාමාගෙ උගුරු දන්ඩ කපා දැමීමට තරම් සහසික විය..

"ආ.....හ්.....හ්...ස්...ස්..සු...ද්..දී..."

උක්කු බංඩා මාම කපා දැමූ කෙසෙල් ගහක් වගෙ ඇදන් වැටුනෙ අවසන් හුස්මත් හෙලන ගමන්..
උක්කු බංඩ මාමගෙ ඇස් රැදිල තිබුනෙ සුද්දි වෙතයි...උක්කු බංඩ මාමගෙ ඇස් වල දුක කෝපය ගැබ්ව තිබිනි...උක්කු බංඩ මාමගෙ ඇස් වලින් අවසන් මොහොතෙත් කදුලු කඩා හැලුනේ සුද්දී කෙරෙහි උපන් ස්නේහය නිසාය....

තිරිසනකු වූවද උක්කු බංඩා මාමාට උනු අපරාදය සුද්දිට තෙරුම් ගියහ..එනිසාවෙන්මයි සුද්දිගේ ඇස් වලිනුත් කදුලු උනන්න පටං ගත්තේ..ඒ තිරිසන් හදවතට දැනෙනා වූ වේදනාව දුක ම්නිස් වෙසින්සිටිනා තිරිසනුන් හට තේරුම් නොගිය හ..

"එ..ඒ..සොමේ...උක්කු බංඩ..යා ඉවරයි බං...අ...අපි...මොකද ක්...ක..ර්..රන්න්..නේ...."

උක්කු බංඩ මාමගෙ නිසල දේහය සොලවමින් සිරිල් බියෙන් කියන්න වුනා...

"කරන්න දෙයක් නෑ සිරිලො...ඕකව ඔය පැලටම දාල ගිනි තියමු...."

සොමෙ කිව්වෙ සිරිල් දෙස බලමින්...

සෝමෙගේ අනට කීකරු වු සිරිල් උක්කු බංඩා මාමාගෙ සිරුර සුද්දිගෙ මඩුවට ඇදන් ගොස් උක්කු බංඩා මාමාගෙ සිරුර පිදුරුවලින් වසා ගිනි තියන්නට මේ පාපතරයන් සැහැසික ව්ය...

"සිරිලෝ මෙතනින් ඉක්මනට යමන් මෙ වැස්සිවත් ඇදන් අර රබර් කෑල්ලට ගිහින් මූව මස් කරමු...නානා මුදලාලිය එයි එතනට...."

සෝමේ කියන විට සිරිල්ද සෝමේ අනුගනනය කරමින් සුද්දිව ද ඇදන් කැලේ පනින්නට විය...

"සිරිලෝ මොනව ද උබ කල්පනා කරන්නෙ...උබ බය වෙලා නේද"

සිරිල්ගෙ බිය තේරුම් ගත් සෝමේ ඇහුවා...

"උබට බයක් නැද්ද සෝමේ....අපි උක්කු බංඩව මැරුව එක .."

සිරිල් සොමෙගෙන් ඇහුවෙ තරමක දුකිනි.

"කරන්න දෙයක් නෑ බං අපි ඌ මරන්න හිතන් නෙවෙනෙ ගියෙ අපි ඌව මැරුවෙ නැත්නම් උ අපිව මරනව දැක්කනෙ පිහිය අරන් කොටන්න ආව හැටි....."

සෝමේ එහෙම කියනකොට සිරිල් මුනිවත රැක්කා...

"අනික බං අපි ඌව නොමැරුවනම්.අපිට ගමෙ ඉන්නත් බැරි වෙනව...දැන් කිසිම විදියකින් කාටවත් හොයාගන්න බෑ මොකද උනෙ කියල..උදේ වෙනකොට උක්කු බංඩය අලුවෙලා තියේ...බය නොවි ඉදින්...හහ්හා..."

සෝමේ හිනාවුනේ සිරිල් ගෙ බය නැතිකරන ගමන්...එත් සෝමෙවත් සිරිල්ලවත් දැන නොසිටින්න ඇති කල පව් මෙලොවෙදිම පල දෙන බැව්...

"වරෙන් වරෙන් මෙ එලිවෙන්න කලියෙන් මූව මස් කරන්න....ඉදා කබ වලින් මෙ වැස්සිගෙ කකුල් හතර ගැටගහපං"

සෝමෙ කිව්වෙ සුද්දි බැද සිටි ලනු පට ගසක ගැට ගසමින් ය..

සෝමෙත් සිරිලුත් සුද්දිගේ කකුල් හතර ගැට ගසා එහින් කොන් ගස් හතරක බදින්නට විය...
සුද්දී හතර ගාතය දමා බිම දිගා විය...කකුල් හතර සිව් දෙසට ඇදෙනා විට සුද්දී වේදනාවෙන් කෑගසන්නට වුනි....

එහෙත් සුද්දි ගේ ඒ වේදනාව මේ පව්කාරයන්ගෙ හිත් උනුකරන්නට තරම් සමත් නොවුනි....

ලොකු කුලු ගෙඩියක් අතින් ගත් සෝමේ සුද්දිගේ හිසමතට වේගෙන් පහරක් එල්ල කරත්ම සුද්දී ද නිහඩ විය....එ ඇස්වල ලියවිලා තිබූ දේ මේ පාපතරයන්ට තේරුන් ගැනීමට අපහසු විය....

සෝමෙත් සිරිලුත් සුද්දිව කෑල්ලෙන් කෑල්ලට කපන්නට විය...

පැයක් දෙකක් යත්ම සම්පුරනයෙන්ම සුද්දී එකම මස් ගොඩක් වී තිබිනි...

හංදියෙ මස් කඩේ නානා මුදලාලි සෝමෙ හා සිරිල් අත දාහේ මුදල් නොට්ටු කිහිපයක් තබමින් සුද්දි ගෙ මස් ටික අරන් ගියේ මහ ගිජු කමකින්....

"ඔන්න සිරිලො ඔක්කොම හරි ...ආයෙ මාසෙකට දෙකකට මෙ සල්ලි ටික ඇති අපට හහ්හ්හා...."

සෝමේ කිවෙ තම අතේ තිබු මුදල් දෙස කෑදර ලෙස බලමින්....

සිරිල්ද සෝමෙගෙ හිනවට හවුල් වූයේ ඔවුන් කල ක්‍රියාව විරකමක් සේ සිතූ නිසාවෙන් ය...

"ට්‍රිං...ට්‍ර්ං..."

සොමෙගෙත් සිරිල්ගෙත් සතුට වැඩි වෙලාවක් තිබුනෙ නෑ.... සුද්දීගේ කර බැදි සීනුව හඩ දෙන්න උනා...

"එ..ඒ මොකක්ද බං සද්දේ...."

සිරිල් බයවෙන්න වුනා

"හුලගට වෙන්න ඇති බං..."

සෝමෙටනම් ඒ හැටි වගක් නොවිනි...

"ට්‍රිං..ට්‍රිං....."

එත් යලි ඒ හඩ රැව් දෙන්න වුනා....එවලෙනම් සෝමෙත් තරමක් බිය වි සිටි ය හ...

"බු...දු...අ...මෝ....."

එක්වරම සිරිල් බෙරිහන් දෙන්න වුනා...සිරිල්ගෙ කෑගැහිල්ලට සොමෙ සිරිල් දෙසට හැරෙනකොට දැක්ක දෙයින් සෝමේ ගේ ඉහ මොල රත් වෙන්නට වුනා....

සෝමේ හා සිරිල් ඉදිරියෙ හිටියෙ උගුරු දන්ඩෙන් ලේ විද විද පිහියක් අමොරාගෙන සිටි උක්කු බංඩා මාමාය....

"උ...උ....උ...ක්.....ක්...."

සොමෙ වෙවලමින් ගොතගසන්නට විය සිරිල් සොමෙද දමා දිව යන්නට විය...

"මගෙ සුද්දිව මරල උබල යහතින් ඉන්න හිතුවද ...ඇයි ඇයි උබල මෙ අපරාදෙ කරෙ මගෙදරුවට ඇයි...."

උක්කු බංඩ මාමා වියරුවන්නට විය

ඉහෙන් කනින් දාඩිය බෙරුනු සොමෙද පසු පසට දිව යන්න වුනා...

"ද....ඩා.....න්...."

එක්වරම සෝමෙත් සිරිලුත් එකිනෙකාට හැප්පි බිම ඇද වැටෙන්න වුනා....

සෝමෙගෙත් සිරිල්ගෙත් බය දෙගුන තෙගුන වූයේ සුද්දි ද ඔවුන් ඉදිරියෙ දුටුව නිසා වෙනි...

එක් පසක උක්කු බංඩා මමාද අනෙක් පස රක්ත වර්නයෙන්ගිනියම්වු දෑසින් බලා සිටින සුද්දි ය..

සොමෙටත් සිරිල්ටත් කරකියාගැනීමට දෙයක් නොවිනි..ඔවුන්ගෙ බය කොතරම්ද කිවහොත් ඔවින් දෙදෙනාට සුලුදිය පවා පහව ගියා...

"සුද්දි මයෙ අම්මා...."

උක්කු බංඩා මාමා සුද්දි දිහා බලන් කිව්වම...සුද්දී වේගෙන් සිරිල් හා සෝමෙ වෙත දුව ඇවිත් තම අගෙන් වෙගෙන් අනින්නටවුනි...

සුද්දිගෙ එ පහර කොතරම් වෙගවත් ද කිව හොත් සොමෙ හා සිරිල් එක වර අඩි ගානක් විසි වී ගියහ...

සිරිල් වෙත ලං වු උක්කු බංඩා මාමා සිරිල්ගෙ හිස කදෙන් වෙන්කරන්නට වුනෙ සිරිල්ගෙ මරන විලාපයද සමගින්.....

අඩපන වු සෝමෙ බිම දිගෙ ඇදෙන්න වුනා...

එත් සෝමෙට වැඩි දුර යන්න ලැබුනෙ නෑ...සුද්දිගේ පා පහරක් සෝමෙගෙ තුනටිය හරහා වැදුනේ සොමෙගෙ තුනටිය දෙකඩ වෙන ලෙසය...

"ආ...හ්...ම්...ආ...."

සොමෙ වේදනාවෙන් කෙදිරි ගාන්න වුනේ අත් දෙක එකතු කර වදිමින් ය..

"ආආආආආආආ.....හ්..."

යලි වරක් සුද්දිගේ පා පහරක් සෝමේ ගේ පපුව පසාරු කර යන්නට වුනෙ සොමෙගෙ මරහඩ මැදින් ය..

"මගෙ සුද්දි මර හඩ දෙන කොට උබලට රිදුනෙ නැද්ද....ඉදා ඉදා......"

උක්කු බංඩා මමා සෝමෙගෙ ගෙල කපා දමන්නට වුයේ කොපයෙනි....

සොමෙගෙ අවසානයත් එසෙ සනිටුහන් විය.......

"මයෙ සුද්දියෝ....මයෙ අම්මා....මට උබ නැතුව ඉන්න බෑ වගෙම උබටත් මම නැතුව ඉන්න බෑ නෙද මයෙ අම්මා....යමං සුද්දියො අපි යමං මෙ පව්කාර ලොකෙන් මිදිල අපි යමන්....උබට තියෙන හදවතවත් මෙ තිරිසන්නු ලග නෑ මයෙ සුද්දියෙ අපි යමං......මේ ආත්මෙ උබ මගෙ දරුවෙක් නොවුනට ලබන ආත්මෙ උබ මගෙම දරුවෙක් වෙයන් සුද්දීයෙ...

උක්කු බංඩා මාම කිව්වෙ හරි වේදනාවෙන්....

සුද්දිත් එහෙමම හිතන ඇති...ලබන ආත්මයෙ උක්කු බංඩ මාමගෙම දරුවෙක් විදියට ඉපදෙන්න ලැබුනම් කියල....
සුද්දි ඔලුව හොල්ල කං පට සෙලෙව්වෙ එනිසා වෙන්න ඇති...


සුද්දිවත් අල්ලං ඉස්සරහට ගිය උක්කු බංඩ මාම දුමක් වි ඉහලට නැගුනේ සුද්දි එක්කමයි....

නිමි....

No comments:

Powered by Blogger.