තමාව කෙලෙසු තරුනයන්ගෙන් පලිගන්න බලා හිදින යුවතියගේ ආත්මය


















එදා උන සිද්දියෙන් පස්සෙ මම ආපහුනම් රෑට එතනින් කොහේවත් යන්න ගියේ නෑ ඒ දවස් ටිකට එතන කොල්ලො කීප දෙනෙක්ම ඒ කෙල්ල දැකල බය වෙලා තියෙනව මටනම් ඒඋනාට පට්ටම අවුල් ඒකෙල්ල මැරුනෙ කොහොමද කියා පොලීසියටවත් හොයාගන්න බැරි වෙලා අන්තිමටම මම හිතුව මම ඒගැන ඒ කෙල්ලගෙන්ම අහන්න මොකද මටත් නංගි කෙනෙක් ඉන්න නිසා අන්තිමටම කෝකත් එකයි කියල මම යාලුවෙක් එක්ක හොදට බීල රෑ ගියා තනියම ගෙදර ඒ බෝක්කුව ගාවින් 11.00pm වීරය වගේ ආවට
බෝක්කුව ගාවට එනකොට වෙරිත් බාගෙට බැහැල එක පාරම හීතල හුල්න් පාරක් ආව තිබ්බ වෙරි ටික හිටගෙන බැස්සෙ එක පාරම හුලන් පාරත් නැති උනා

මට දුර තියාම පෙනුන අර බෝක්කුව ඒත් එක්කම අර කෙල්ලත් එදාවගේම එතන ඉන්නව මටනම් දෙයියො සිහි උනා දැක් කෝකත් එකයිනෙ බෙල්ලෙ දාගෙන ගිටපු දර්මචක්‍රෙත් අල්ලගෙන මම එතනට ගියා මම ටිකක් දුර තියාම නැවතිල කතා කරා නංගි ඔයා කවුද කියල කිසි සද්දයක් නෑ බලාගත්ත අත බලාගෙන ඉන්නව කොන්ඩෙත් මූනට වැටිල මම ආපහු කතා කරා මම ඔයට උදවු කරන්නම් මටත් ඔයා වගේම නංගි කෙනෙක් ඉන්නව කියල එතකොටම කලින් වගේ සීතල හුලන් පාරක් ආව ඒකනම් බය උනා මම හිතුවෙ ඉවරම තමයි කියල එත කොටම අර කෙල්ල කිවුව මම ඔයාට කරදර කරන්නෙ නෑ ඔයා බය වෙන්න එපා කියල මම කිව්වා ඔයාට මොකද්ද උනේ කියල කියන්න කියල එතකොට තමයි එයා කිවුවෙ "`මගේ නම නදුනි මගේ ගම නාවල ගේවයස අවු20ක් වෙනව

මම එක කොල්ලෙක්ට පනටත් වඩා ආදරේ කරා මම හිතුවෙ එයා ගොඩාක් ගොද කොල්ලෙක් කියල ඒත් එහෙම නෑ මම එයාට ආදරේ කරපු විදිහට එයා මට ආදරේ කරානම් මම මෙහෙම ආත්මයක් වෙලාින්නෙ නෑ මමත් එහෙනම් සතුටින් ජීවත් වෙනව එයා මම හිටපු ජාතියෙ කෙනෙක් නෙවෙයි එයා මහ ජරා කොල්ලෙක් එකදවසක් එයා මට කිවුව අපි දෙන්න කොහේ හරි ඇවිදින්න යමු කියල මම ත් ගොඩක් සතුටින් කැමති වුනා නම ගෙදට්ටත් බොරු කිවුව මම යාලුවෙක් එක්ක ගමනක් යනව කියල මම එහෙම කියල ලස්සනට ඇදගෙන පාරට ආව එයා ආවෙ හැබැයි තනියම නෙවෙයි එයාගෙ යාලුවො දෙන්නෙක් එක්ක බයික් එකේ මට කිවුව එයාගෙ බයික් එකටනගින්න කියල අම බයික් එකට නැගල ඇහුව මොකද යාලුවො එක්ක ආවෙ කියල එයා කිවුව නිකන් උන් ආවෙ කියල මම ත් ඉතිම් වැඩියෙ ගනන් ගත්තෙ නෑ මම එයාගෙන් ඇහුව අපි කොහේදයන්නෙ කියල එයා කිවුව අපි යමුකෝ ගියාම මම කියන්නම් කියල මමත් ඉතිම් සද්ද නැතුව ගියා මම එයාව විස්වාස කරපු නිසා එයා බ්‍යික් එක එක පාරම මහ පාලු පාරකට දැම්ම එක ගෙයක්වත් නෑ ඒ පාරෙ ටික දුරක් ගියයින් පස්සෙ පාලු ගෙයක් ගාවිබ් බයික් එක නැවැත්තුව මම ඇහුව ඇයි බ්‍යික් එක නැවැත්තුවෙ කියල එයාගෙ යාලුවො දෙන්නත් බ්‍යික් එකෙන් බැහැල ආව එක පාරම එයාගෙ යාලුවෙක් මගේ මූනට ලොකු බෑක් එක්ක් දාල බෙල්ල හියකරා මට කෑගහගන්න වත් බැරි වුනා

එයාල මාව උස්සන් ගිහින් අර පාලු ගේ ඇතුලෙ දාල තුන්දෙනත් එක්කම මාව මාව දූශනය කරල මරල දැම්ම අයියේ," මටත් ඇඩුන ඒකතාව අහල මමකිවුව මම ඔයාට කොහොමද උදවු කරන්න ඕන කියල මම එයාලව පොලීසියට අල්ලල දෙන්නද කියල ඇහුව ඒපාර එයා කිව්‍ව මට උන් තුන්දෙනාගෙන් එක්කෙනා එක්කෙනා මරන්න ඕන කියල අයිය කිසි දෙයක් කරන්න ඕන නෑ කියල කිවුව උන් ලගදිම මෙතන්ට මම ගෙන්න ගන්නව කියල හයියෙන් හිනා උනා එක පාරම ඒ කෙල්ල මගේ පැත්තට හැරුන බෙල්ල කපල පිහියකින් ලේ බේරෙනව එයා මගේ දිහා බලල හයියෙන් හිනා උනා මම බයවුන පාර එතනම සිහිය නැතුව ඇදගෙන වැටුන


1 comment:

Powered by Blogger.