මිය ගිය මාසේ ලන් වෙනකොට පිරිමින් බිලි ගන්නා රූමතිය
























ඇමරිකාවේ ඇරිසෝනා ප්රාන්තයේ(මට හරියටම මතක නෑ)කොල්ලො 5ස් දෙනෙක් විනෝදචාරිකාවක් ගිහිල්ලා තියනවා හැබැයි ආයෙ ඇවිල්ලා නම් නෑ.පොලිස් මෙහෙයුමකදී ඒ කිට්ටුව තියන කැලයක මේ කියන ජීප් එක තියනවලු දොරවල් සේරම ලොක් කරලා පොලීසිය බොහොම අමාරුවෙන් මේ ලොක් එක කඩල බලලා තියනවා ඒත් ඇතුල හිස්ලු කිසිම වීදුරුවක් බිදිලත් නෑ කිසිම කලබලයක් උනු බවට සලකුනක්වත් නෑ…පොලීසිය වැඩිදුර හොයල බලද්දි ඒ ජීප් එකේ සිකුරුටි කැම් එක හොයාගෙන තියනවා.ඒකෙ රෙකෝඩ් වෙලා තියන දේට මුලු පොලිස් දෙපාර්තුමේන්තුවම හොල්මන් වෙලා තියනවා ඒකෙ තිබිල තියෙන්නේ පාර අයිනේ ඉන්න සුදු ඇඳගත් කාන්තාවක් මේ ජීප් එකට අතදානව ලු එකපාරටම කැමරාව දිහාට බලපු මේ
කෙනාගෙ ඇස්වලින් කදුලු වගේ ලේ ඇවිල්ල තියනවා පැහෙදිලිව පේනවලු.ඉතින් කොහොමහරි මේ කොල්ලො ටික ඒක හරියට දැකල නැතිවද කොහෙද කාර් එක නවත්තලා ඉතින් හිමිහිට මේ ගෑනු කෙනා වාහනයට නැගලා ඒ වහනයට නැගපු වෙලේ ඉදලා මේ වාහනේ තිබුන කැමරාව අරුම පුදුම විදිහට වැඩ කරන්නේ නැතුව ගිහින්.ඉතින් ඔච්චරයි පොලීසියට හොයාගන්න පුලුවන් වෙලා තිබුනේ තාම ඔය සිදුවීම අභිරහසක්…ඔය එක සිදුවීමක් මීට වෙනස්ම සිදුවීමක් ඊට අවුරුද්දකටකට විතර පස්සේ සිදුවෙලා තියනවා…
ව්යාපාරිකයෙක්(මොකාද නම් දන්නේ නෑ)

සමුලුවකට ගිහිල්ලා රෑ 1 ට විතර තනියම ගිහින් තියනවා..වෙනදට ගෙදර යන පාර නැතුව කෙටි පාරක් විදිහට මේ පාර තෝරගෙන තියනවා ඉතින් ඔහොම ටිකදුරක් යනකොට ඔයපාරෙ පාලු කොටසකට වෙන්න ලොකු පාලමක් තියනවලු ඉතින් ඒ පාලමේ මැද හරියටවත් තමන්ගේ කාර් එක එන්න හම්බවුනේ නැතිලු කවුදෝ සුදු ඇදගත්තු ගෑනු කෙනෙක් ඒ පාලම උඩ ඉදලා ගඟට පනිනවා පැහැදිලිවම දැකලා තියනවා ඉතින් මෙයත් ටක්ගාල වාහනයෙන් බහැල ඇවිත් පාලම පහල බලලා තියනවලු ඒ ගෑනු එක්කෙනා බේරුනාද කියලා.මොකද මිනිහට හිතේ කවුරුහරි එක්කෙනෙක් සියදිවි හානි කරන්න හිතාගෙන පාලම පල්ලෙන් ගඟට පැනල කියල.ඉතින් බැලින්නං කවුරුවත්ම නැහැයිලු අඩුම තරමේ වතුරවත් කැලැත්තිලා නැතිලු ඉතින් මිනිහ ටිකක් මේ සිදුවීමට බයවෙලා.ඉක්මනට කාර් එකට නැගලා එතනින් ගියාලු.ඒත් වැඩිදුරක් යන්න හම්බවුනේ නැහැ එකපාරටම පාර මැද්දේ අර පාලම ප්ල්ලෙහාට පැනපු කාන්තාව ඉන්නවලු මේ පාරත් බොහොම පාලුයි ලු.ලයිට්වත් නැහැයිලු.ඉතින් මේයා බයවුන පාර ඒ ගෑනු කෙනා වාහනයට අහුවෙයි කියලා වාහනය වේගයෙන් පාරෙන් පිට පැන්නුව.අවාසනාවට ඉස්සරහ තිබුන ගහේ වාහනය වේගයෙන් හැප්පිලා.හැබැයි මිනිහගෙ වසනාවට පහුවෙනිදා උදේ මුර සංචාරය කරන පොලිස් කාර් එකට මේ වාහනය දැකලා.පොලීසිය එනකොටත් මෙයා අවසිහියෙන් තමයි ඉදල තියෙන්නේ..කොහොමහරි මෙයාව ලඟම තියන රෝහලකට ඇතුලත් කරලා.පොලීසිය මෙයාගෙන් කටඋත්තර අරගෙන.එයා දීපු කටඋත්තරේ තමයි මෙහෙම අරුම පුදුම විදිහට සඳහන් වෙලා තියෙන්නේ…තව සිදුවීම් ගනනාවක්ම තියනවා තව එකක් කියන්නම්.

යාලුවක්ගේ පාටියක් ඉවරවෙලා ගෙදර යමින් හිටිය තම පෙම්වතාට කරදරයක් කියලා අලුයම 2 ට පමන පොලිස් ස්ථානයට නාදුරන ඇමතුමක් ලැබී තිබුනා ඒ කතාකරේ බෙරී කියන අවුරුදු 22 පමන වයසැති තරුණයාගේ පෙම්වතියයි.ඇය කර ප්රකාශයට පොලිස් ස්ථානයම අන්ද මන්ද වී තිබුනා ඇය කියා සිටියේ තමගේ පෙම්වතා රාත්රි 1ට පමන තමාට කතාකර පාටියේ විස්තර පවසමින් සතුටෙන් තමාහා පිලිසදරේ යෙදී සිටි බවයි.ටික වෙලාවකින්(මෙතන ඉදන් එයාලගේ බාශාවෙන් දාන්නම්)”බබා කවුද දන්නේ නෑ ගෑනු කෙනෙක් කාර් එකට අත දානව කරදරයක්ද දන්නේ නෑ..මේ වෙලාවෙ කවුද ඔයා ඉක්මනට ඔතනින් යන්න හොරුද දන්නෙ නෑ මම අහල තියනවා පාරෙ රෑට හොරු ඉන්නව කියලා නවත්තන්න එපා දිගටම යන්න,පිස්සුද කාටහරි කරදරයක්ද දන්නෙ නෑ පොඩ්ඩක් ඉන්නා මම තව ටිකකින් ගන්නම්”එහෙම කියලා එයා කට කරන්නේ නැතුව පෝන් එක ශීට් එක් උඩින් තියල කාර් එක නතර කරල..මමත් කෝල් එක කට් උනේ නැතිනිසා අහගෙන හිටියා එයා මොකක්ද පරශ්නේ කියල කාගෙන්ද ඇහුව ඇහුන ඒත් අනෙක් පැත්තෙන් දෙන උත්තරේ ඇහුනේ නෑ මම හිතන්නේ එයා කාර් එකෙන් එලියෙ හිටිය නිසා වෙන්න ඇති ඊට පස්සෙ තව ටිකකින් ආ නගින්න මම ඇරලවන්නම් කියලා දොර අරින සද්දය ඇහුනා ඊටපස්සේ අමුතු සද්දයක් ඇහෙන්න ගත්තා නිකන් කැඩි කැඩි ඇහෙන සද්දයක්,හෝ ගාන ශබ්දයක් තමයි ආවෙ ටික වෙලාවකින් කාර එක ස්ටාට් වෙන ශබ්දයක් ආව..ඒත් එක්කම භයානක විලප තියන ශබ්දයක් එක්කම කෝල් එක කට් වුනා ඒ තමයි ඇය විසින් පොලිසියට දීල තිබුන කට උත්තරය…වහාම ක්රියාත්මක වුන පොලිස් නිලදාරීන් ඒ ප්රදේශයට සෝදිසි මෙහෙයුමක් දියත් කලා උදෑසන වනවිට පාරෙන් ඉවතට පැන තිබූ තරුනයාගේ රථය සොයාගත්තත් ඒ තුල කිසිම අයෙකු සිටි බවට සලකුනක්වත් නැතිලු…මේ නඩුවත් නොවිසඳුණු අභිරහසක් ලෙස පොලිස් පොතේ සටහන් කිරීම හැර වෙන කිසිදු දෙයක් කිරීමට පොලීසියට ප්රමානවත් ශාක්ශි හමු නොවුනි…දිගින් දිගටම මේ සිදුවන අපරාද රැල්ල නිසා පොලීසිය එම මාර්ගය රාත්රි 8 පසු ගමන් කිරීම තහනම් කෙරුවා….

මේලෙස පිරිමින් අතුරුදහන් වීමට පටන් ගෙන තියන්නේ 1900 ගනන්වල ඉදලලු හරියටම අවුරුද්දකට එක්තරා මාසයන් කීපයකදීලු මේ අතුරුදහන් වීම් සිදුවෙන්නෙත් මේ කාන්තාව දිස්වෙන්නෙත්.බොහෝ අයගෙ මතය තමයි මේ කාන්තාව මියගිය මාසයත් ඒ ආසන්න මාසයන් අතර තමයිලු මෙහෙම පෙනෙන්නේ… මේ කාන්තාව සුදුපාටින් සැරසිලා ඉන්න නිසා මෙයාට THE WOMAN IN WITE/WITE LADY කියල හදුන්වනවලු..ඉතින් අද ඇමරිකාවේ ජනප්රියම බූතයන් අතරට මේ THE WOMAN IN WITE කියන බූතයත් ඉන්නවලු…තාම උනත් youtube එකේ The woman in wite gost කියල Sarch කරල බලපුවහම වාහනවල සිකුරුටි කැම් වල වැදිල තියන වීඩියෝස් තියනව.මේ හොල්මන සැරිසරනවා කියල වාර්තා වී තියෙන්නේ පාලු පාරක එහෙමත් නැත්තම් පාලමක් ඇති ප්රදේශයක,කනත්තක් කිට්ටුව වැනි ස්ථානවලලු…ඇමරිකාවේ විවිද ප්රාන්තවල මෙයා දර්ශනය වෙනවා ඇසින් දුටු පුද්ගලයින් ඉදල තියනවා..අනියම් සබැඳතා තියන පිරිමින්ට මේ විදිහට මෙයා දර්ශනය වෙනවා/කරදර කරනවා කියල සමහර අය අතර මතයක් තියනවා…මෙයා ගොඩක් වෙලාවට අසරණ වුන තරුණියක් ලෙස එහෙමත් නැත්තම් කාගෙන් හරි ලිෆ්ට් එකක් ඉල්ලගන්න ඉන්න තරුණියක් වගේ ස්වරූපයෙන් මහ මග යන අයට දර්ශනය වෙනවලු. මෙයා ඇමරිකාවේ විතරක් නෙමෙයි එංගලන්තයේ,බ්රසීලය,ඔස්ට්රේලියාව වැනි රටවල පවා විවිද ප්රදේශවල දර්ශනය වෙනවා කියලා වාර්තා වෙලා තියනවා…

මේ හොල්මනගෙ උපත ගැන ගොඩක් මතවාද තියනවා මමදන්න එකක් කියන්නම්…මේරි ඔවු මම හිතේ මේරි මෙයා ජීවත් වුනේ 1900 ගනන් වල (හරියටම වර්ෂයමතක නෑ..)කොහොමහරි මෙයා කසාදත් බැඳලා ලස්සනට හිටපු සුන්දර කාන්තාවක් ඉතින් ඔහොම අවුරුදු 2-3 ජීවත් වෙනකොට තමන්ගේ සැමියා අනියම් සබැඳතා පවත්වනවා කියලා මෙයාට ආරන්චි වුනා ඉතින් මෙයා ඒත් සැමියට තියන ආදරය නිසා ඉවසගෙන ඉදලා.ඒත් එන්න එන්නම සැමියාගෙන් කරදර හිරිහැර වැඩිවෙලා රෑ දෙගොඩහරි ජාමෙ ගෙදර එනවලු සමහර දවසට ඒත් ගෙදරවත් එන්නෙ නැහැයිලු,එයාට බනිනවලු,ගහනවලු,ඔයවගේ විවිද කරදර හිරිහැර කරන්න පටන්ගත්තලු.ඉතින් ඉවසල ඉවසල බැරිම තැන ජීවිතේ කල කිරිලා රාත්රියේම ගෙදරට නුදුරින් තිබුනු පාලමෙන් පල්ලට පල්ලෙහාට පැනලා දිවි තොර කරගත්තලු.එදයින් පස්සේ පාලම් ආශ්රිත ප්රදේශවල,පාලු ප්රදේශවල යන පිරිමින්ගෙන් පලිගන්නවලු මෙයා මැරෙන මොහොතෙ ඇදගෙන හිටිය සුදුපාට ගවුමක්ලු ඒකලු එයා සුදුපාටින් පේන්නේ


No comments:

Powered by Blogger.